Watch Trailer

Teen Wolf [S06 : E20] with Sinhala Subtitles | වෘකයන්ගේ සංග්‍රාමය [සිංහල උපසිරැසි සමඟ]

1985 වර්ෂයේ විකාශය වූ Teen Wolf චිත්‍රපටය ඇසුරු කරගනිමින් MTV වෙනුවෙන් Jeff Davisගේ සුරතින් නිර්මාණය වූ Teen Wolf කතාමාලාවේ අවසානයි මෙසේ සනිටුහන් කරන්නේ.2011-ජූනි-05 වන දින විකාශනය ආරම්භ කරමින් පුරා වසර හයක් පුරාවට රසික හදවත් අමන්දානන්දයට පත් කළ මේ කතා මාලාව 2017-සැප්තැම්බර්-24 දින මෙසේ නිමාව දකින…

1985 වර්ෂයේ විකාශය වූ Teen Wolf චිත්‍රපටය ඇසුරු කරගනිමින් MTV වෙනුවෙන් Jeff Davisගේ සුරතින් නිර්මාණය වූ Teen Wolf කතාමාලාවේ අවසානයි මෙසේ සනිටුහන් කරන්නේ.2011-ජූනි-05 වන දින විකාශනය ආරම්භ කරමින් පුරා වසර හයක් පුරාවට රසික හදවත් අමන්දානන්දයට පත් කළ මේ කතා මාලාව 2017-සැප්තැම්බර්-24 දින මෙසේ නිමාව දකින මොහොතේ මේ කතා මාලාව පිලිබඳ පුනරාවර්ජනයක් කරමින් කෙටි සටහනක් තබන්නයි සුදානම් වන්නේ.

01 වන කතා සමය.

විකාශන ආරම්භය-2011 ජූනි 05
විකාශන නිමාව– 2011 අගෝස්තු 15
කථාංග ප්‍රමාණය– 12 යි.
ප්‍රධාන සතුරා – පීටර් හේල්
සාරාංශය– අතුරුදහන් වුන මළ සිරුරක් සොයා තමන්ගේ හොඳම මිතුරා වන ස්ටයිල්ස්ගේ ඉල්ලීම මත කැලයට යන ස්කොට් මැකොල්හට වෘක ප්‍රහාරයක් එල්ල වෙනවා.එහි ප්‍රතිපලයක් වශයෙන් ස්කොට් මැකොල් මිනිස් වෘකයෙක් බවට හැරෙනවා.බීකන් හිල්ස් පුරා සිද්ධ වෙන මේ සත්ව ප්‍රහාරය ගැන සොයමින් සිටින විට නගරයට පැමිණෙන්නේ ආජන්ට් පවුලේ පිරිසයි.මිනිස් වෘකයන් දඩයම් කිරීමේ ඉතිහාසයක් ඇති ආජන්ට් පවුලේ ඇලිසන් ආජන්ට් සමග පෙමෙන් බැඳෙන ස්කොට් , “ සත්ව ප්‍රහාරයන්” සැබවින්ම පීටර් හේල් නමැති මිනිස් වෘකගේ ප්‍රහාර බව සොයාගෙන ඩෙරෙක් හේල් සමග එක්ව ඔහුව විනාශකර දමනවා

02 වන කතා සමය

විකාශන ආරම්භය – 2012 ජූනි 03
විකාශන නිමාව– 2012 අගෝස්තු 13
කථාංග ප්‍රමාණය– 12 යි.
ප්‍රධාන සතුරා-ජෙරාඩ්(කැනීමා)
සාරාංශය – පීටර් ඝාතනය කර ඇල්ෆා බවට පත් වූ ඩෙරෙක් තමන් සඳහා රංචුවක් නිර්මාණය කිරීම ආරම්භ කරනවා.මේ අතර වාරයේ නගරයට අලුතින් පැමිණෙන කැනීමා නම් සත්වයෙක් ඝාතනයන් ආරම්භ කරනවා.කැනීමා බවට හැරෙන්නේ ජැක්සන් බවට අනාවරණය කරගැනීමෙන් අනතුරුව කැනීමා යනු ස්වාමියෙක් යටතේ පාලනය වන සතෙක් බවට ලීඩියා විසින් සොයා ගන්නවා.එම ස්වාමියා මරා දමන ජෙරාඩ් කැනීමා ගේ නව ස්වාමියා බවට පත් වෙනවා.අවසානයේ ඩෙරෙක් හා ස්කොට් එකතු වී (ආජන්ට් පවුලේ සහය ඇතුව) කැනීමා පරාජය කර දමන අතර ස්කොට්,ඇලිසන් ආදර කතාව නිමාව දකිනවා.

03 වන කතා සමය

විකාශන ආරම්භය– 2013 ජූනි 03
විකාශන නිමාව– 2014 මාර්තු 24
කථාංග ප්‍රමාණය– 24 යි.(මෙය 03A හා 03B ලෙස වර්ග වේ.)
ප්‍රධාන සතුරන්-ජෙනිෆර් (ඩරාක්)-03A/ නොගෙට්සුනේ -03B
සාරාංශය– මෙහි මුල් කොටස් 12 තුල දී සිද්ධ වෙන්නේ පාසලට අලුතින් පැමිණෙන ජෙනිෆර් නම් ගුරුවරියත්,ඇල්ෆා රංචුවත්,එයට මැදිවන ස්කොට්,ඩෙරෙක් ඇතුළු පිරිසේ කතාවයි.ජෙනිෆර්(ඩරාක්) තමන්ට කළ දේවල්වලට කාලි නමැති ඇල්ෆා රංචුවේ සාමාජිකාව ඇතුළු පිරිසෙන් පළිගැනීමේ චේතනාවෙන් බීකන් හිල්ස් වෙත පැමිණෙනවා.මේ අතර වාරයේ ඩියුකේලියන් ඇතුළු ඒ ඇල්ෆා රංචුව බීකන් හිල්ස් කරා එන්නේ නව සාමාජිකයන් බඳවා ගැනීමටයි.කෙසේ හො අවසානයේ කාලි මීය යන අතර ඩියුකේලියන්,ඩේරෙක් හා ස්කොට් එකතු වී ඩරාක්ව පරාජය කරනු ලබයි.එමෙන්ම ස්කොට් සැබෑ ඇල්ෆා කෙනෙක් බවට පත්වන්නේත් මේ සමයේ දී.03A කොටස්හී දී දෙමාපියන් බේරාගැනීමට කළ කැපවීම නිසා එහි අතුරු ප්‍රථිපල විඳීමට ස්කොට්,ඇලිසන් හා ස්ටයිල්ස්ට සිද්ධ වෙනවා.මේහි දී නොගෙට්සුනේ නම් ආත්මයක් ස්ටයිල්ස්ගේ ඇඟ ඇතුලට රිංගා ගන්නවා.මේ නිසාම ස්ටයිල්ස් විකාරී පුද්ගලයෙක් බවට හැරෙනවා.මේ අතරවාරයේ නගරයට අලුතින් දෙපිරිසක් පැමිණෙනවා.ඒ තමා කිරා යුකිමුරා(කිට්සුනේ) හා මලියා (කයෝටි) යන දෙදෙනා.නොගෙට්සුනේ විනාශ කිරීමට කිරාගේ මව නොශිකෝ විසින් ඕනි නම් රාක්ෂයන් ගෙන්වනවා.අවසානයේ ස්කොට්,ලීඩියා හා ඇලිසන් සියල්ලන් පරදා ස්ටයිල්ස්ව බේරගත් නමුත් ඇලිසන්ට තම ජිවිතයෙන් වන්දි ගෙවන්න සිද්ධ වෙනවා.

04 වන කතා සමය

විකාශන ආරම්භය-2014 ජූනි 23
විකාශන නිමාව– 2014 සැප්තැම්බර් 08
කථාංග ප්‍රමාණය– 12 යි.
ප්‍රධාන සතුරා -කේට් ආජන්ට්
සාරාංශය– ඇලිසන්ගේ මරණයෙන් පසුව ස්කොට්,ස්ටයිල්ස්,ලීඩියා හා කිරා යන පිරිස අලුත් යාලුවා වන මලියා හට උදව් කරමින් පාසල් කාලය ගෙවනවා.මේ අතර වාරයේ කේට් ආජන්ට් නැවත වරක් පැමිණෙන්නේ නවතම සතුරෙක් සමගයි.කේට් ආජන්ට් හා ඇයගේ මේ තර්ජනය හා ගනුදෙනු කිරීමට ස්කොට් ඇතුළු පිරිසට සිද්ධ වෙනවා.එමෙන්ම ස්කොට්ගේ පළමු බීටා ,ලියාම්ව නිර්මාණය කරන්නෙත් මේ කතා සමයෙන්.

05 වන කතා සමය

විකාශන ආරම්භය- 2015 ජූනි 29
විකාශන නිමාව– 2016 මාර්තු 08
කථාංග ප්‍රමාණය– 20 යි.
ප්‍රධාන සතුරන් -රෞද්‍ර වෙදදුරන් හා ජෙවුඩන්හි මෘගයා
සාරාංශය – මෙම කතා සමයේ දී ප්‍රධාන සතුරන් දෙපිරිසක් දැකීමට හැක.මුල් කොටස් 10 තුළ දී අස්වාභාවික ක්‍රමවලින් සත්වයින් නිර්මාණය කරන රෞද්‍ර වෙදදුරන් හා ස්කොට්ගේ පිරිස අතර ගැටුමක් දැකිය හැකියි.මෙහි දී තියෝ නම් අලුත් චරිතයක් පැමිණෙනවා.ඒ ස්කොට්ගේ සතුරෙක් විදියටයි.අවසානයේ රෞද්‍ර වෙදදුරන් ඔවුන්ගේ ප්‍රබලම අපේක්ෂකයා ස්කොට් ඇතුළු පිරිසට විරුද්ධව සටනට අවතීර්ණ කරනවා.ඒ ජෙවුඩන්හි මෘගයායි.අවසාන කොටස් 10 තුල දිවෙන්නේ මෘගයා හා ස්කොට් ඇතුළු පිරිසේ කතාවයි.මෘගයාගේ අතීතය හා වර්තමානයේ දී මෘගයා ආවේශ වී සිටින පුද්ගලයාත් මෙහි දී දැකගත හැකියි.එමෙන්ම අවසානයේ දී ඒ පුද්ගලයා බේරාගෙන,මෘගයා විනාශ කිරීමට ස්කොට්,පැරිශ් ඇතුළු පිරිස සමත් වෙනවා.

06 වන කතා සමය

විකාශන ආරම්භය-2016 නොවැම්බර් 15
විකාශන නිමාව– 2017 සැප්තැම්බර් 24
කථාංග ප්‍රමාණය– 20 යි.
ප්‍රධාන සතුරන් -භූත අශ්වාරෝහකයෝ හා ජෙරාඩ් ඇතුළු දඩයක්කාරයෝ
සාරාංශය – මෙම කතා සමයත් එක කාර්තුවකට කොටස් 10 බැගින් කාර්තු දෙකකින් සමන්විතයි.පළමුවන කාර්තු වේ දී කුනාටුව තුලින් පැමිණෙන අශ්වාරෝහකයන් හා සටනක් දකින්න පුළුවන්.මෙසේ කුනාටුව තුලින් පැමිණ මිනිසුන් පැහැරගෙන යාම ඔවුන්ගේ කාර්යයි.ඉතින් මෙම පැහැර ගැනීමට ස්ටයිල්ස් අහුවෙන නිසාවෙන් ස්ටයිල්ස් බේරාගැනීමට ස්කොට් ඇතුළු පිරිස වෙහෙසෙනවා.
දෙවන කාර්තුව ගෙවී යන්නේ අනුක්-ඊටේ නිසා හටගත් දැඩි භිය තම වාසියක් කරගනිමින් ජෙරාඩ් අස්වාභාවික සත්වයින් දඩයම් කිරීමට හමුදාවක් ගොඩ නැගීමත්,එම හමුදාව හා ස්කොට් ඇතුළු අස්වාභාවික සත්වයින්ගේ සටන පිළිබඳවයි.

මේ ආදී වශයෙන් පුරා වසර හයක් මුළුල්ලේ සම්පුර්ණ කොටස් 100න් සමන්විත වූ මේ කතා මාලාව සඳහා නොකඩවාම උපසිරස්කරණයෙන් දායක වූ චලිඳු දේශාන්(24),යශෝධ ශ්‍රීමාල්(20),සුධීර මාලන්(19),ප්‍රනීත්(01),දිනුවන්(01) යන සියලු දෙනාට මාගේ (අනුරුද්ධ(35) ) කෘතඥතා පුර්ව ස්තුතිය පුදකරමින්,එදා මෙදාතුර සහයෝගය දැක්වූ ,මේ කාර්‍ය ඇගැයීමකට ලක්කළ සියළු දෙනාටත් ස්තුතිවන්ත වෙමින් ටීන් වුල්ෆ් කතා මාලාවේ උපසිරස්කරණය මෙසේ හමාර කරනවා.

හැමෝටම ජය ශ්‍රී!!!

You’re their leader, and even when a leader thinks they have nothing left to give, there’s still one thing. Hope. Give them hope.

 

Teen Wolf (2011) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Teen.Wolf.S06E20.720p.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.

23,207 downloadsDownload Teen-Wolf-S06E20.zip27 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-22
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<< Previous Episode                  All Episodes                      Next Episode >>

Subtitles by

අනුරුද්ධ (ලියෝ)

Subtitles

23,207 downloadsDownload Subtitles27 KB

123 comments

  1. mihiran

    sub ekata thanx saho.

  2. Dilshan

    elama bro.. anthima eka nisa pattama dukai.. but thanks machan sub ekata..

  3. Sana Bro

    ela bro elaaaaa

  4. Sana Bro

    uba anm deiyek bro

  5. nimesh

    enakal blan hitiye...thanxx saho

  6. Eranga

    Thank you bro

  7. Razor

    Eka digata awurudu ganama sub dunnata thanks bro!

  8. Sasitha Asaranga

    hmm thank you wewa mechchara kal me series ekata sub dunna mahansi una hamotama.. ela ela..

    1. Harshana lakshan

      Sub wlta tnx broo

  9. Ravin Laksitha

    ටීන් වුල්ෆ් කථා මාලාවේ කොටස් 100 යම අප වෙත සිංහල උපසිරසි සමග ලබා දීමට අප්රඅමාණ වූ මහන්සියක් වෙමින් වි විශාල කාලයක් වැය කල චලිඳු දේශාන්,යශෝධ ශ්රීසමාල්,සුධීර මාලන්,ප්රෙනීත්,දිනුවන් අනුරැද්ධ ලියෝ යන සහෝදරයන් වෙත මාගේ ගෞරවපූරක ස්තූතිය පුද කරමි.වසර 6ක් පුරාවට ඉතාමත් ආසාවෙන් නැරඹූ කථා මාලාවක් අවසන් වීම ඇත්තටම දුකයි.ජය වේවා ...............

    1. sankeath

      s7 ena seen akak thiyenne bro

  10. supun madushanka

    Sub ekata godakma thanks bro..

  11. Kaushan_P_Herath

    බලපු සුපිරිම සීරිස් එකක් ඉවරයි කියල හිතෙද්දි පට්ට අවුල්.මෙච්චර කල් සබ් දුන්න හැම සහෝ ටම රොම්බ තෑන්ක්ස්.තවත් මේ වගේ පහරකට සබ් දෙමු.ජය!!!!

  12. kushani sanjula

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
    දිගටම කරගෙන යමු…
    සුපිරියි සුභපැතුම්..
    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
    සුබපැතුම්
    ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා .
    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්ර්ණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!

  13. lakmal

    වෙන කතා වලට වඩා අසාවෙන් බලපු කතාවක් තම මේක ඉවර වෙනවා කියනකොට පට්ටම අවුල් එත් 2020 දී reboot එකක් එනවලු බලාගෙන ඉමුකෝ උපසිරසි කරපු ඔක්කටම ගොඩක් පින්

  14. asanka

    Godak thax baiscope eke set ekata. We are always with u &amp; wish to develop ...

  15. charinda

    මෙතෙක් කාලයක් පුරාවට කිසිදු ලාබයක් බලාපොරොත්තු නොවී සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා.....

  16. Sana Bro

    ela bro ela thawa tv serirous tikak karapan ela ela

  17. Sana Bro

    ado tenn wolf aka mehema ewarawela hari yanne na bn

    thwa season 1 k wth thiyenna ony avunata season aka avasanenam dukai broos

  18. anuhas

    iwara wenawa kiyala deneddi marama aul. thanks sub ekata

  19. sachithra

    බොක්කල ඔක්කොටම පට්ට තෑන්ක්ස් මේකට සබ් එක දුන්නට. ආසාවෙන් බලපු කතාවක් සබ් එකත් ඉක්මනටම හම්බුන.

  20. Kasun Widusha

    Tnx mchoo............ayeth tv series ekkatama sub karanna time ekak tibboth. Grimm.., Onece upon a time wagenam patta...tnx aa

  21. danuska

    සුපිිරි කථාව ඉවර වුන ඵකට ගොඩක් දුකයි.
    මුල ඉදලම උපසිරිසි දුන් හැමෝටම ගොඩාක් ස්තුතියි.

    thank you very much.........................

  22. Randika Madushani

    Thanj you.. soo much. Meka iwara una akatanam godak dukai.

  23. kavindu mihiranga

    Thanks mchn.. me series eka purwatam sub dunnu okkotama thankzzzz

  24. Pradeep M Gamlath

    මෙච්චර කාලයක් කතාවට සබ් දුන්න හැමොටම බොහොම ස්තුතියි ජයෙන් ජය...***"""!!!

  25. janithhashan

    අඩෝ නියමයි මචං සබ් දුන්න සෙට් එකට
    පට්ට බ්‍රෝ.........

  26. Madhu

    බොහොම තුති මේ කතා මාලාවට උපසිරැසි කර සහෝදර සියලු දෙනාටම.ඔබ සියලු දෙනා නිසා තමයි teen wolf කියන කතා මාලාව අපට බලන්නට හැකි උනේ.බයිස්කෝප් සයිඩ් එකටත් අපගේ කෘත වේදී ස්තුතිය. ජයෙන් ජය........................................!!!

  27. ays

    thanx mcnla sub ekata. den ethin me wage balana aluth ekk gemu neda... :-(

  28. Gathsara Umesh Kumara

    Ayys upsresiye smudeem sthn krl thyn wdht duk hogk wdi una...
    Mnw unth bhom sthuthiyi ayye......
    2019 alithm teen wolf kthwen bmuwemu
    .

  29. Madura J. Kawshalya

    පුරා වසර හයක් පුරාවට,
    කතා මාලා 6ක් පුරාවට ,
    කතාංග 100ක් වෙනුවෙන්
    කිසිදු ලාභ ප්‍රයෝජනයකින් තොරව ,
    වෙහෙස මහන්සිය , කාලය කැප කරමින් ,
    සුවහසක් ටීන් වුල්ෆ් රසික රසිකාවියන්ගේ පිපාසාව සංසිඳුවමින්
    සිංහල උපසිරැසි සැපයූ උපසිරැසිකරුවනි....සහෘදයිනි ..
    ඔබ සැමදා දිනේවා... !!
    බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට සදා ජය ...

  30. chalitha

    ස්තූතියි සහෝ සබ් එකට ජය

  31. Amalka Himeshan

    Thanks machan sub ekata

  32. Malinda

    HAMME, MEKATH IWARAI EHENAM.

  33. SithiJa PraDeepa

    සබට බොහෝම ස්තුතියි !
    සිසින් 6 පුරා සිංහල සබ් එක දීපු බයිස්කෝප් වීරයන්ට මගේ ප්‍රණාමය !!

  34. DBM

    sub ekata thanks bro
    me vage supiri series ekak iwara una eka gananm dukai

  35. VisH

    බොහොම ස්තුතියි මචං..... ඉදිරියටත් මේ වගේ සුපිරි සීරියස් එකකින් හමුවෙමු.. ජය වේවා...........

  36. Paradox

    වසර 6 ක් පුරාවට teen wolf කතා මාලාවට සිංහල උපසිරැසිකරණය කල අපේ බයිස්කොප් සහොදරයින්ට බොහොම සිතුතියි!!!

  37. geeth

    tnz mchn sub dunnata. me series eka mma balanna gaththeth baiscope ake thiyenwa dakalai. mula edalama asawen balapu series ekak. ewara una eka nm pattama dukai. mona unath me wage supiri series walata digatama sub denda plwn wenda kyla mma wish krnwa...

  38. PRADEEP

    thx machan pin ubala okktma dukai lassana kathawak iwara una eka....

  39. Ccc

    Thnx bro jayawewa

  40. Chamod98

    Thanks bn..

  41. Thisal Lakpura

    බොහොම සිතුතියි!!!

  42. yumal

    thankZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  43. Eranda madusanka

    thanks

  44. pawan

    Thanks sub akata bro

  45. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  46. Malka Jayathilina Rulz

    පට්ට දුකයි බම්....
    කොහොම උනත්
    මෙම කතාමාලවා පුරාවටම සිංහල උපසිරසි ලබා දුන් ඔබ සියලු දෙනාමට තුති.

  47. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    සුපිරි කතාවක්...
    ඉවරයි කියද්දී දුකේ බැ...
    Tv series බලන්න පටන් ගත්තෙත් මේකෙන්..

  48. Mahima Induwara

    Bohoma sthhthi sahoo.. sub ekta.

  49. Hima Benaragama

    sub ekata godaaa...k sthuthii...

  50. Nirodhauthpala

    Mechhara kalayak teen wolf valata sub dunnata godak pin bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya

Load more comments