Watch Trailer

Ruler: Master of the Mask (2017) [EP 31:32] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

වෙස් මුහුණේ පාලකයා, මේ කතාව ටිකෙන් ටික අවසානය කරා ළඟා වෙමින් තිබෙනවා. නමුත් තවමත් ඉදිරිය කෙසේ වේවිද කියලා හිතාගන්නවත් බැහැ. මේ කතාවේ 31 වෙනි කොටස. මෙය හඳුන්වා දෙන්න කළින් පසු ගිය කොටස මතක් කරගෙන යමු. ඩේ මොක් කිරුළ හිමි කුමරු මරා දැමුවා. ඒ බව දැනගන්න හ්වා ගූන් ගොඩක් දුක් වෙනවා. නමුත් ඇයට කිරීමට කිස…

 

වෙස් මුහුණේ පාලකයා, මේ කතාව ටිකෙන් ටික අවසානය කරා ළඟා වෙමින් තිබෙනවා. නමුත් තවමත් ඉදිරිය කෙසේ වේවිද කියලා හිතාගන්නවත් බැහැ. මේ කතාවේ 31 වෙනි කොටස. මෙය හඳුන්වා දෙන්න කළින් පසු ගිය කොටස මතක් කරගෙන යමු.

ඩේ මොක් කිරුළ හිමි කුමරු මරා දැමුවා. ඒ බව දැනගන්න හ්වා ගූන් ගොඩක් දුක් වෙනවා. නමුත් ඇයට කිරීමට කිසිවක් ඉතුරු වී නැහැ. ඒ අතරම රජුගේ විවාහ මංගල්‍යයට දිනයක් නියම වීමේ ප්‍රීතිය වෙනුවෙන් උත්සවයක් පවත්වනවා. එහිදීත් සිදුවන්නේ භයානක දෙයක්. රජු පළමුව කිරුළ හිමි කුමරුට සහය දක්වන වූ බූ ගුරුතුමා සහ සහයකයාව මාරාන්තික මලේ විෂ ලබාදී ඩේ මොක් ට සහය වීමට උත්සහ කරනවා. නමුත් ගුරුතුමාගේ තීක්ෂණ බුද්ධිය නිසා ඔවුන්ට බේරීයාමට හැකි වෙනවා. කිසිවක් නොදන්නා රැජිණිය රජු විසින් දෙන පානය පිළිගන්නවා.එය පානය කළ පසු තමයි ඇය දැනගන්නේ තමා විෂ පානය කළ බව. මෙසේ ඩේ මොක්ට විරුද්ධව සිටි සියළු දෙනාට වස පානය වෙනවා. ඒ වගේම ඩේ මොක්ට පක්ෂපාතී දෙදෙනෙකුට මන්ත්‍රී ධූර පිරිනමනවා.

නමුත් මේ අතර කවුරුත් නොදන්නා දෙයක් සිදු වෙනවා. ඒ කිරුළ හිමි කුමරු මරණයෙන් නැගිටීමයි. ඩේ මොක් ගේ පිරිස තවත් මරණාසන්න ළමයින් කිහිප දෙනෙකු කිරුළ හිමි කුමරු සිටින ස්ථානයටම ගෙනවිත් දමනවා. එහි සිටින එක් දැරියක් කුමරුගේ ජීවිතය බේරාගන්නවා. මේ අතර රැජිණියගේ බලය නැති නිසා ඇගේ ආධාරකරුවන් සියළු දෙනා ඩේ මොක්ගේ කල්ලියට බැඳෙනවා. මේ නිසා රැජිණිය තවත් දුර්වල වෙනවා වගේම තවත් අතකින් ඩේ මොක්ගේ බලය තවත් වැඩි වෙනවා. රජු කිරුළ හිමි කුමරු මරා දැමීමට සහයෝගය ලබාදුන් නිසා ත්‍යාගයක් වශයෙන් ඩේ මොක් රජුගේ පවුල සමඟ ජීවත් වීමට ඔහුට අවස්ථාව ලබා දෙනවා. දැන් හ්වා ගූන්ට කළ හැකි දෙයක් ඉතුරු වී නැහැ . නමුත් ඇගේ එකම අරමුණ තමා ආදරය කළ කුමරු මරා දැමූ සීයාගෙන් පළි ගැනීමයි. ඇය එය කෙසේ කරාවිදැයි කිසිවෙකු දන්නේ නැහැ.

හ්වා ගූන් කිරුළ හිමි කුමරුගේ මරණයේ පළිය කෙසේ ගනීවිද?එසේනම් තවත් කොටසකින් හමුවෙමු.

 

Ruler: Master of the Mask on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,345 downloadsDownload Ruler-Master-of-the-Mask-E31E32.zip125 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

3,345 downloadsDownload Subtitles125 KB

10 comments

  1. Silent$

    Thnxxxxxxxxxxxxxx...Enakam Hitiyeeeee..............

  2. Madhu

    බොහොම තුති සබ් එකට.තව ටිකයි නෙහ්හ් එලම.
    ජයෙන් ජය.........................................................!!!

  3. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  4. Sanindu Lakkitha

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති°|•|•|•|
    ~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~

  5. දිලිප්

    කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
    ඔබ විසින් කරන්නාවූ
    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ………බුදු සරණයි – දෙවි පිහිටයි………!

  6. Udara Damith B/K

    sthuthiyiiiiiiiiiiiiiiiiiiiii

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Chami.S

    Thanks..
    Good Luck..

  9. amchaminda1996

    Kathawa nam niyamai,
    asawel balanawa, upasirasi welata thankas....

  10. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..