ඔන්න මම තවත් උපසිරැසියක් එක්ක නැවතිලා තිබුණ කතා මාලාවක් නැවත ආරම්භ කරගෙනම ආපහු ආවා. ඉතින් අද මම උපසිරැසිය අරන් ආවේ නවකතාවක් විදියට මම ඉතාමත් ආසාවෙන් කියපු ප්‍රසිද්ධ ලස්සන කතාවක්. ඔයගොල්ලොත් මේ ෂර්ලොක් හෝම්ස් කතා කියවලා ඇති කියලා මම හිතනවා. මේක ගැන පොඩි විස්තරයකින්ම පටන්ගත්තොතින් හොඳයි මගෙ හිතේ. රචක…

ඔන්න මම තවත් උපසිරැසියක් එක්ක නැවතිලා තිබුණ කතා මාලාවක් නැවත ආරම්භ කරගෙනම ආපහු ආවා. ඉතින් අද මම උපසිරැසිය අරන් ආවේ නවකතාවක් විදියට මම ඉතාමත් ආසාවෙන් කියපු ප්‍රසිද්ධ ලස්සන කතාවක්. ඔයගොල්ලොත් මේ ෂර්ලොක් හෝම්ස් කතා කියවලා ඇති කියලා මම හිතනවා. මේක ගැන පොඩි විස්තරයකින්ම පටන්ගත්තොතින් හොඳයි මගෙ හිතේ.
රචකයා (ආතර් කොනන් ඩොයිල් මහතා)
ෂර්ලොක් හෝම්ස් කියන මනඃකල්පිත චරිතයට පණ පොවලා අප අතරට එකතු කළේ එංගලන්තයේ වෛද්‍ය වෘත්තියේ නියැලුණු නවකථා රචකයෙකු වන ආතර් කොනන් ඩොයිල් මහතා. වෘත්තියෙන් වෛද්‍යයවරයෙකු වූ ඔහු වෛද්‍ය වෘත්තිය හැරදමා නවකථා ලියන්නට පටන් ගත්තා. ඔහුගේ පළමු නවකතාව වුණේ මේ ෂර්ලොක් හෝම්ස් කතාවයි. ඩොයිල් මේක ඉදිරිපත් කළේ එංගලන්තයේ ස්ට්රෑන්ඩඩ් සඟරාවට. මුලින්ම මේකට වැඩි ප්‍රසිද්ධියක් නොලැබුණත් පස්සේ ඩොයිල් කියන ඕනෑම මුදලක් දී කතා ලියවා ගැනීමට වාර්තාකරුවෝ සූදානම් වෙලා තිබුණා. ෂර්ලොක් හෝම්ස් කථාවේ තමාගේ චරිතය දොස්තර වොට්සන් නම් ඇෆ්ගන් යුද්ධයකදී තුවාල වුණ වෛද්‍යයවරයෙකුගේ චරිතයකට ඔහු පණ පොවා ගන්නවා. මේක ඔහු විසින් ලියූ විශිෂ්ටම කතාවක්.
කතාව
ෂර්ලොක් හෝම්ස් කියන්නේ මනඃකල්පිත චරිතයක්. ඒත් ඩොයිල් පවසන විදියට ඔහු මේ සඳහා උපමාවට අරගෙන තියෙන්නේ වර්ජිනියා විශ්ව විද්යාලයේ මහාචාර්ය ජෝශප් බෙල් කියලා නිරීක්ෂණ මගින් නිගමන වලට එළඹෙන මහාචාර්ය කෙනෙක්. ඩොයිල් මෙම කතා ලියා ඇත්තේ වර්ග 2කට. ඒ දීර්ඝ කතාන්දර හා කෙටි කතාන්දර කියන දෙකයි. ඩොයිල් දීර්ඝ කතාන්දර 4ක් රචනා කළා. ඒවා තමයි,
1. ලෝහිත පරීක්ෂණය 2. සිව්රහස් සලකුණ
3. බිහිසුණු නිම්නය 4. සුනඛ ශාපය
ඊට අමතරව ඩොයිල් කෙටි කතා 56ක් රචනා කළා. දැන් වන විට 56ට වැඩියෙනුත් කෙටි කතා දැක ගන්න පුළුවන්. කෙසේ හෝ ඩොයිල් ප්‍රසිද්ධ කළේ කතා 60යි. දැන් ඔහුගේ ලිපිගොනු වලින් තවත් කතා සොයාගෙන තිබෙනවා. මෙහි තිබෙන්නේ එයින් කෙටි කතාවක් වන ආතර් කොනන් ඩොයිල් රචනා කළ The Copper Beeches හෙවත් කොපර් බීචස් අභිරහස.
කතාමාලාව
ෂර්ලොක් හෝම්ස් චිත්‍රපටි හා කතාමාලා කීපයක් බිහිවුණා. එකක් තමයි 21 වන ශතවර්ෂයේ ෂර්ලොක් හෝම්ස් කතා මාලාව. පැරණිම වගේම ගුණාත්මකභාවය වැඩිම කතාව වෙන්නේ The Adventures Of Sherlock Holmes කියන මේ කතා මාලාව. මීට අමතරව චිත්‍රපටි කිහිපයකුත් නිපදවලා තියෙනවා. The Adventures Of Sherlock Holmes කතා මාලාව ගත්තොත් මේක 1985 ඉඳන් තිරගත වුණ කතා මාලාවක්. දැනට කතා සමයන් හතකට මේක නිපදවලා තියෙනවා. නවකතාවේ තියෙන විදියටම පැරණි පරිසරයක කතාව තිරගත කරලා තියෙනවා. මේ කතා මාලාවට 8.8 ක ඉහළ IMDb අගයක් තියෙනවා. මේකෙ ෂර්ලොක් හෝම්ස් චරිතයට පණ පොවන්නේ Jeremy Brett. වොට්සන් චරිතයට David Bruke පණ පොවනවා. මීට අමතරව ප්‍රධාන චරිත විදියට Natasha Richardson, Joss Ackland, Lottie Ward වගේ අයත් රඟපානවා. පළවෙනි කතා සමයේ කතාංග 7 ඔයාලට දීලා ඉවරයිනේ. මේ ඉදිරිපත් කරන්නේ ඒකෙ දෙවන කතා සමයේ පළමු කතාංගයයි.
මේ තියෙන කොපර් බීචස් අභිරහස සමහරවිට කියවලත් ඇති. තමාට විසඳන්න ගැටලු නොලැබීම නිසා සිත් තැවුලෙන් සිටින ෂර්ලොක් හෝම්ස්ට වයලට් හන්ටර් නම් පාසල් පාලිකාවකගෙන් ලියුමක් ලැබෙනවා. ඇයගෙ රැකියාව පිළිබඳ උපදෙස් ලබාගන්න. මේකෙන් හෝම්ස් තවත් සිත් තැවුලට පත්වෙනවා. නමුත් ඇය එහිදී පවසන කරුණු වලින් කූට අභිරහසක් හෙළි වෙනවා. ඇය කියන්නේ ඇය රැකියා ඒජන්සියක ලියාපදිංචි වී ඇති බවත් ඒ රැකියා ඒජන්සියට ගිය අවසාන වතාවේ එහි සිටි මහත්මයෙක් ඉතා අමුතු කොන්දේසි මත ඉතාමත් වැඩි වැටුපකට රැකියාවකට තරුණියක් සොයන බවයි. හන්ටර් මෙනවිය දුටු ගමන්ම ඔහු ඇය රැකියාවට බඳවා ගැනීමට කැමති වෙනවා. නමුත් ඔහු එහිදී පවසන්නේ ඇය ඇයගේ කොණ්ඩය අනිවාර්යෙන් කැපිය යුතු බවයි. ඇය ඒකට අකමැති වෙනවා. මේ කාරණය හෝම්ස්ට පවසා හෝම්ස්ගෙන් උපදෙස් ගන්නයි හන්ටර් මෙනවිය එන්නේ. ඇය කෙසේ හෝ මෙම රියුකාසල් නම් මහත්මයාගේ ගෙදර රැකියාවට යනවා. එතැන් පටන් තමයි අභිරහස ඇරඹෙන්නේ.
මේකෙ ගොඩක් අමාරු දෙබස් තිබුණා. ඉතින් තේරුමක් ගන්න නම් ඉංග්‍රීසි දෙබස අග ඉඳන් මුලට තමයි සිංහලට පරිවර්තනය කරන්න ඕනා. ඒ නිසා ඉංග්‍රීසියෙන් කියන දේට ගැලපෙන්නැති දෙයක් තමයි උපසිරැසිය වැටෙන්නේ. නමුත් ඉංග්‍රීසි දෙබස විදියට ඒක දැම්මොත් කිසි තේරුමක් නෑ. බැලුවහම තේරේවි. කොහොමහරි ඒක ඔයාලගෙ රසවින්දනයට බාධාවක් වෙන එකක් නැහැ කියලා හිතනවා. ඉතින් මොකක්ද මේ අභිරහස? ඇයි මෙහෙම අමුතු කොන්දේසි දමන්නේ? කවුද මේ රියුකාසල් මහත්මයා? මේවා ඔක්කෝම කතාව බලලම බලාගමුකෝ. මේ කතා සමයේ ඊළඟ කතා කොටසත් එක්ක නැවත හමුවෙමු!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
348 MB (15.8 GB) කොපිය මෙතනින් බාගන්න
9d3943972a296a3c8e53b17209efe876bec002d4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,246 downloadsDownload Sherlock.Holmes.S02E01.baiscopelk.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තාමර දෙනුවන්
Subtitles
38 comments
thiwankaya
Chamoud Dayanpriya
Tnx sub 1ta.........ithuru tikath ikmanata denta.......
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
asiri
pattaa digatama demu mey seyrama iwara karamu
maga nawathila thibana me tv kathwa patan gatta obata bohoma pinkalana
thanks seyrama epi denna machan
hoshan
ela kiri kolla
meyka maga nawatuna aka paduwak
seyrama karala demu ikmnata
kalinga
බොහෝම ස්තූතියි
vz
maxxa machan nawaththanne natuwa meyka iwra
wenak dena hoda koluwa wageheshad
thnks bro godak kalekin.................
ysairumd
maxxxa
ositha
anith kotsuth ikmnata denna yaluwa
sajeevi
thanks for sub.
ANJANA
Thanks...
ප්‍රණීත් චින්තක රණසිංහ
කතා පොත්ටික නම් ඔක්කෝම කියවලා ඉවරයි සහෝ. දැන් ඉතිං ෆිල්ම් ටික තමා ඉවරයක් කරන්න තියෙන්නේ.
බොහෝම ස්තුතියි මේකට උපසිරැසි දුන්නට. අභිරහස් විසඳීමේ කතා නම් මගේ අතින් මගහැරෙනවා අඩුයි.
ඉඩ තියෙන වෙලාවක මේකත් ගොඩදානවා.ආයු -බෝ වේවා !!!
Ringo
ගොඩක් ස්තූතියි සහෝ,, මෙච්චර කල් බලන් හිටියා, මීළඟ කොටස එනකල්. නියමෙට සබ් කරලා තියෙනවා. ඔයාට ගොඩාක් ස්තූතියි..
Harshan
tnxxxxx broooo digata yannnn...bs
sachi
malagiya ettho deerga katawak newe..." sunaka shapaya" tamai anit deerga katawa. anika konan doil liwwe kata 60k vitarai..eeta passe kata wena aya liyapu ewa. chandana mendis tamai e boru lipigonu katawa genawe..
jayanandana
suba nawa wasarak wewaa!!! sthuthi machan meka dunnata, ithuru tikath aluth aurudde denna, asawen balagena hitiye meka denakan
Kulanjana Maduranga
niyamai ahhhhhh....atharin nathiwa mekata digatama sub denn.subata thanks THAMARA saho.ohoma ymu.jaya wewa...........
“චූටී මල්ලි”
එල මචන්
1නි සීසන් එක බැලුවා
දිගටම කරමු
සබට තුති
ඔබට ජය....ශාමල් මනෝජන්
වැහිලා තිබුණු මේ කතාමාලාව පටන් ගත්ත ඒක හුගක් හොදයි. හැබැයි ඉවරකරන්න ඔන හොදද? කලින් දිපු Scream 3, Scream 4, Saw v, Saw vi ෆිල්ම් බැලුවා. ඒ්වායේ උපසිරැසි නියමයි. saw කතා ටික තේරුනේ උපසිරැසි ඒක්ක බැලුවම තමයි. නැත්නම් මොන මගුලක්වත් තේරෙන්නේ නෑ. හැබැයි Saw VII - 2010 ෆිල්ම් ඒකට තාම කව්රුවත් සබ් දීලා නැති නිසා ඒ්කත් දෙන්න ඔන හොදද? 2015 වසරේ වැඩි වැඩියෙන් සබ් Horror ෆිල්ම් සබ් කරන්න හැකි වේවා.
වරුණ රංගජිත් (වරූ)
ආසම එකක්...
උපසිරැසියට සුබ පැතුම්..
ජයම වේවා..!!!kanchana
meka nam niyamay wage... sub dunnanta godak sthutjy
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. ඉතුරු ටිකත් දෙමු එහෙනම්. ඔක්කොම බාගෙන තියාගෙන ඉන්නෙ මම නම්. ජය෴෴ :P :P
චන්දිම අමරසිංහ
නියමයි සහෝ….. සුභපැතුම්..!
දිගටම කරගෙන යන්න ශක්තිය . කාලය ලැබේවා..
අපි වෙනුවෙන් කරනා මේ සත්කාර්යයට අපගේ ස්තුතිය.
ජයෙන් ජය..Nalinda
Thanks! For Sinhala Subtitles. Please Continue This Process.
Nilanka Madushan
යලුවනේ...මම බොහෝ කාලෙක ඉඳන් biscope සමඟ රැඳී ඉන්න කෙනෙක්.මම මේ comment එක දාන්නෙ යම් නිවැරදි කිරීමක් කරන්නයි.
sachi
2014 December 31 at 6:14 pm කියපු දේ නිවැරදියි.අනෙක් දීර්ඝ කතාව සුනඛ ශාපය.මම sherlock ගැන ගොඩ කාලෙක් ඉඳන් සොයල eassy එකක් පවා ලියපු කෙනෙක්.ඔහු ගැන සම්පූර්ණ විස්තර,පොත් මා සතුයි. sub කරපු යාලුව,ඔබටත් බොහොම ස්තුතියි.malaka
ela saho sherlock holmes katha nam patta
Sampath
Comment ekaka kalin dawasaka damma. adath ekak onna danawa. e ikmanata anek tikath denna kiyala illannai. thanks jayen jaya wewa..........
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
prabhath
thanks
sanjeewa
thanks
mindika
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!
tharindu
නියමයි බ්‍රෝ..ජය වේවා
Navanjana
Thanks a lot!
Thamoda Dananjaya
Thanks Bro
Anonymous
Thanks Bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ela elaa mama asama kathawak thamai Sherlock Holmes kiyanne thanks sub walata