ඔන්න මම ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ තුන්වන කතා සමය ඒ කියන්නේ THE RETURN OF SHERLOCK HOLMES (ෂර්ලොක් හෝම්ස් ආපසු එයි) කතා සමයේ පළවෙනි කතාංගයත් එක්ක ඔයාලව මුණගැහෙන්න ආවා. කලින් කතාවේ වුණ දේ මතක ඇතිනේ. වොට්සන් හිතන්නේ හෝම්ස් මොරියාටිත් එක්ක රයිෂන්බාක් දිය ඇල්ලෙන්පහතට වැටුණා කියලයි. ඒ බව සනාථ කරන හෝම්ස්…

Adventures of Sherlock Holmes

ඔන්න මම ෂර්ලොක් හෝම්ස් කතා මාලාවේ තුන්වන කතා සමය ඒ කියන්නේ THE RETURN OF SHERLOCK HOLMES (ෂර්ලොක් හෝම්ස් ආපසු එයි) කතා සමයේ පළවෙනි කතාංගයත් එක්ක ඔයාලව මුණගැහෙන්න ආවා. කලින් කතාවේ වුණ දේ මතක ඇතිනේ. වොට්සන් හිතන්නේ හෝම්ස්  මොරියාටිත් එක්ක රයිෂන්බාක් දිය ඇල්ලෙන්පහතට වැටුණා කියලයි. ඒ බව සනාථ කරන හෝම්ස් විසින් ලියපු ලියුමක් වොට්සන්ට හම්බවෙනවා. එතනින් ඒ කතාව ඉවරයිනේ.

අද කතාව පටන්ගන්නේ මිනීමැරුමක් එක්ක. ගරු රොනල්ඩ්  ඇඩයාර් නම් තරුණයෙක් අගුලු ලාගත් කාමරයක් ඇතුලේ ඉඳිද්දී වෙඩි කාලා මැරෙනවා. මේ පිළිබඳ පරීක්ෂණ කරන්න බාර වෙන්නේ ලෙස්ට්‍රේඩ්ටයි. මේ කාලෙ වෙනකොට වොට්සන් පොලිසි ශෛල්‍ය වෛද්‍ය කෙනෙක් විදියට වැඩ කරනවා. මේ මරණය පිළිබඳ උසාවි නඩු දිනයේදී ඇඩෙයාර්ගේ විවිධ ඥාතීන්, මිත්‍රයින්, දොස්තර වොට්සන් වගේම ලෙස්ට්‍රේඩ් වගේ අයත් සාක්කි දෙනවා. මේක ඉවර වෙලා එද්දී වොට්සන් අතින් කුදු ගැහිච්ච පොත් වෙළෙන්දෙකුගේ අතේ තියෙන පොත් මිටියක් බිම වැටෙනවා. වොට්සන් මේක අහුලලා දීලා ඔහුගේ චිකිත්සකාගාරයට එනවා. අර පොත් වෙළෙන්දා එතැනටත් එන්නේ වොට්සන් පොත් අහුලලා දීමට ස්තූති කරන්න කියලයි. එතන ඉඳන් කතාව මම කියන්න යන්නේ නෑ. බලලම බලාගන්න.

කොහොමවෙතත් මේ කතා සමයේ පොඩි වෙනසක් වෙලා තියෙනවා. කලින් කතා සමයන්වලදී (1 හා 2) වොට්සන් චරිතයට පණ පෙව්වේ David Burke කියලා කෙනෙක්නේ. මේකෙ ඉඳන් ඉදිරියට ඇති කතා සමයන් වල ඒ චරිතයට පණපොවන්නේ Edward Hardwicke කියලා කෙනෙක්. ඔහු කලින් හිටිය වොට්සන්ගේ තරම් ඔරිජිනල් ගතියක් නෑ. නමුත් කතාවේ රසයට හානි වෙන්නේ නම් නෑ. එහෙනම් මේකෙ දෙවනි කතාංගයත් එක්ක ඉක්මනටම ආයෙත් මුණගැහෙමු!!!!

 

The Adventures of Sherlock Holmes (1984) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (15.8 GB) කොපිය මෙතනින් බාගන්න

9d3943972a296a3c8e53b17209efe876bec002d4 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,408 downloadsDownload Sherlock-Holmes-S03E01.baiscopelk.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/තාමර-දෙනුවන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තාමර දෙනුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

තාමර දෙනුවන්

Subtitles

2,408 downloadsDownload Subtitles33 KB

23 comments

  1. ශාන් විමුක්ති [විමා]

    නියමයි තාමර මල්ලි
    අද මං එකද මන්ද
    ඉක්මනටම මේක අරන් ඇවිත්
    දිගටම කරගෙන යමු
    ජය වේවා

  2. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා …!
    ජයවේවා…… :roll:
    බුදු සරණයි.. !!!

  3. Kulanjana Maduranga

    niayamai…thanks THAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  4. kanchana

    aha ... mamath ikkmatama dekka... sathutuy oya wegawath wela... sthutiy malli sub dunnata ,

    anthima getaluwen passe tikak duken hitiye ...
    sub nethiwa balannath hithuna... eth thawa iwasanna hithuwa..
    oya sub denakan ...

    ithin oya eka dela...

  5. ශාමල් මනෝජන්

    ස්තූතියි සහෝ............ කමෙන්ට් අඩුයි කියලා සැලෙන්න ඒපා. දිගටම කරගෙන යන්න. මේක ඉවරයක් කරන්න. ඩයලොග් ලේට් නයිට් අන්ලිමිටඩ් පැකේජ් ඒකෙන් ෆිල්ම් ඩව්න්ලෝඩ් කරන ගමන් පාන්දර ඔන්න මමත් වචනයකින් දිරිගැන්වූවා!

  6. ජයනන්දන

    ස්තූතියි සහෝ………… කමෙන්ට් අඩුයි කියලා සැලෙන්න ඒපා. දිගටම කරගෙන යන්න. මේක ඉවරයක් කරන්න. අපි ගොඩ අසාවෙන් බලන් ඉන්නවා අනික් කොටස් ටිකත් දෙනකන් ,,, ජය වේවා

  7. ශාමල් මනෝජන්

    කවුද ඩෝ ..........මේ මගේ වචන ටික කොපි කරේ උදේ පාන්දරම.

  8. sajeevi

    thanks

  9. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    ඉක්මනින්ම දීලා තියෙන්නෙ.
    ජය වේවා. !

  10. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. පොඩි මෑන්

    Macho Thanks................................................................ :P

  12. sanjeewa

    thanks

  13. prabhath

    thanks

  14. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි සහෝ.
    ජය...!!!

  15. gayan

    tnx poddo.keep it up..

  16. chinthaka

    patta broo.. anith tika enakm iwasillak ne . keep going brooo. good luck...

  17. රොයිලි

    බොහොම ස්තූතියි තාමර සහෝ සිංහල උපසිරැසියට. දිගටම කරමු. කවුරු නැතත් මම බලනවා මේක. :) ජය෴෴ :P :P

  18. නලින්

    ස්තුතියි තාමර මල්ලි

    ජය වේවා!

  19. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  20. SANKA

    ko bn ithuru ewa..karanna puluwan ekekutawath deepan bn

  21. Prasad Kandamulla

    සබ් එකට ...ගොඩාක්ම ස්තුතියි,,සහෝ'' දිගටම කරගෙන යන්න...
    ඔබට ජය වේවා.....

  22. tharindu

    නියමයි බ්‍රෝ..ජය වේවා

  23. kumarapsp

    Thanks Bro !!!