Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E13] with Sinhala Subtitles | මිස්ටර් කබූම්. [සිංහල උපසිරසි සමඟ]

කිව්වත් වගේම ඔන්න මේ සතියේ කතාව මේ සතියේම දෙන්න පුළුවන් වුනා. ආයෙමත් පරණ විදියටම අල්ලගෙන යන්න පුළුවන් තරම් උත්සාහා කරනවා. බැරි වුනත් කොහොමහරි උපසිරැසිය දෙනවා කියලා කවුරුත්ම දන්නවනේ. පෝය නිසා නිවාඩුවේ වැඩේ කරගන්න යන්න අවස්ථාවක් ලැබුනා. කතාව ගැන ටිකක් මතක් කරගෙන ඉඳිමු. අද කියලා ලිපිය දිගු කරන්න සූදාන…

කිව්වත් වගේම ඔන්න මේ සතියේ කතාව මේ සතියේම දෙන්න පුළුවන් වුනා. ආයෙමත් පරණ විදියටම අල්ලගෙන යන්න පුළුවන් තරම් උත්සාහා කරනවා. බැරි වුනත් කොහොමහරි උපසිරැසිය දෙනවා කියලා කවුරුත්ම දන්නවනේ. පෝය නිසා නිවාඩුවේ වැඩේ කරගන්න යන්න අවස්ථාවක් ලැබුනා.

කතාව ගැන ටිකක් මතක් කරගෙන ඉඳිමු. අද කියලා ලිපිය දිගු කරන්න සූදානමක් නෑ. බොහෝම කෙටියන් ලිපිය ඉවරයක් කරන්නයි සූදානම් වෙන්නේ. පසුගිය සතියේදී කේනින්ග් සහෝදරයින්ගෙන් එක් කෙනෙක් පැහැරගත්තා ඩාර්ක්හෝල්ඩ් එක තියෙන තැන හොයා ගන්න. ඉතිං කෝල්සන් මේ අයට තමයි ඩාර්ක්හෝල්ඩ් එක බාර දීලා තිබුනේ හංගන්න කියලා. නමුත් පසුගිය සතියේදී ඩාර්ක්හෝල්ඩ් එක අවසානයෙදී රැඩ්ක්ලිෆ් අතට පත්වුනා.

කතාවට වඩා ලොකු දෙයක් තියෙනවා කියන්න. ඔයාලට පලවෙනි ඇවෙන්ජර්ස් කතාව මතක නම් මුලින්ම කෝල්සන් ටෝනි ස්ටාර්ක් හමුවෙන්න එයාගේ ගොඩනැගිල්ලට යනවා. ඒ අතරේ ටෝනි පෙපර් එක්ක තමයි හිටියේ. මේ අතරේදී කෝල්සන්ට ඇවෙන්ජර්ස් කණ්ඩායම එකට එකතු කරන එක තමයි ෆියුරි විසින් බාරදීලා තිබුනේ. කෝල්සන් ටෝනි මුණගැහුණු අතරේදී ටෝනි කියනවා මේ මම නෙමෙයි මගේ ජීව අනුරුවට අනුව හදපු රොබෝ කෙනෙක් කියලා. ඒ කියන්නේ ටෝනි විහිලුවට වුනත් තමුන්ව හැඳින්වුවේ තමුන් (LMD) එකක් විදියට. නමුත් මේ කාලයේදී MCU එකට අනුව LMD කියන තාක්ශණය එලිදක්වලා තිබුනේ නෑ. ඒත් පසුගිය කතාව අවසානයේදී ඒ නිසා ඇතිවෙන මතභේදාත්මක බව නැති කරලා දැම්මා. ගොඩක් අයට මේක තේරුණේ නැති වුනත් අධ්‍යක්ශක වරු විසින් ඒ ගැන සැකය නැති කරන්න පසුගිය කතාව අවසාන බාගයේදී කේනින්ග් සහෝදරයෝ කලින් ශීල්ඩ් එකෙන් මෙහෙයවන ලද LMD වැඩසටහනේ තාක්ශණික ශිල්පීන් විදියට හඳුන්වා දුන්නා. නමුත් ඒ කාලයේ  LMD වැඩසටහන සාර්ථකත්වයට පත්කරගන්න හැකියාවක් ලැබිලා නෑ. ඒ වගේම ඒ වැඩසටහන රහසිගතව තමයි සිදු කරලා තියෙන්නේ. ඒ කියන්නේ ටෝනි මේ ගැන යමක් කමක් දැනගෙන හිටියා කියලා කියන්න පුළුවන්. මොකද කිව්වොත් ටෝනි හැම වෙලාවකම වගේ ශීල්ඩ් එක හැක් කරලා තොරතුරු ලබාගන්න කෙනෙක් නිසා.

ඉතිං අද කතාවේදීත් ගොඩක් වැදගත් දේවල් සිද්ධ වෙනවා. නමුත් තාමත් අපට සෙනෙටර් නඩියර්ගේ මලයා ගැන තොරතුරක් දැනගන්න ලැබුනේ නම් නෑ. කොහොම වුනත් The Last Ship එකෙන් සමුගත්තු කවුරුත් ආදරය කරන චරිතයක් මෙදාපාර ශීල්ඩ් එකෙන් දැකගන්න ලැබුනා. ඒත් ඉතිං හොඳ චරිතයක් විදියට නම් නෙමෙයි. කොහොම වුනත් නිකංම මූණ පෙන්නලා මැරිලා යන චරිතයක් විදියට නෙමෙයි මෙදාපාර ඒ චරිතය අරගෙන තියෙන්නේ නම්. ඉදිරියට මෙයා නිසා ශීල්ඩ් වලට ගොඩක් අභියෝග වලට මුහුණ දෙන්න සිද්ධ වේවි මේ කතාව යන විදියට නම්.

එහෙනං මම අදට සමුගන්නවා. මාවල් වලින් තවත් අලුත් කතාවක් පටන් ගත්තානේ Legion කියලා. මේ කතාව වගේම ඒ කතාවත් රසවිඳින්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන්ම, මම අදට සමුගන්නවා.

ආයු – බෝ -වේවා !

.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.!.

Agents of S.H.I.E.L.D. (2013) on IMDb 

 

             

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.

Marvels.Agents.of.S.H.I.E.L.D.S04E13.HDTV.X264-LOL

1,953 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S04E13.baiscopelk.zip59 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

 

Subtitles

1,953 downloadsDownload Subtitles59 KB

25 comments

  1. VisH

    bohoma isthuthiy :)

  2. silent$

    Thanxxxxxxxxxxxxxxxxxxxxx

  3. me

    Thanks

  4. Kasun Widusha

    Tnx praniyaa

  5. SagA

    thanks mchn

  6. හිරුණ ප්‍රබෝධ

    කිව්ව වගේම වැඩේ කරා නේද... ගොඩාක් ස්තූතියි සහො

  7. Bms

    thank you machan

  8. Lasawblpk

    බොහොම ස්තුති සහෝදරයා .⁣⁣ ⁣

  9. PDROX

    tanx bro

  10. Kasun

    බොහොම ස්තුතියි සහෝ......

  11. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. Nirodha uthpala

    Neyamai praniya kalin deela thx for the sub digatama demu obata jaya bro

  13. උදාර දිල්ශාන්

    සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    #ජය වේවා

  14. රයන් ද සිල්වා

    සබ් එකට තුති ප්‍රනීත් සහෝ
    14 වෙනි කොටසෙන් හමු වෙමු

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Thiwanka Mahesh Madusanka

    සබ එනකන් බලාගෙන හිටිය‍ෙ...........ජය වේවා සහෝ..............

  17. නිර්නාමික

    Doctor strange එකේ සබ් එක මොකෝ තාම පරක්කූ.

  18. Hasitha

    එලම සහෝ..ජය වේවා

  19. podda

    sub 1 ස්තූතියි සහෝ!!!!!!!!

  20. Gihan Iddamalgoda

    thanks 4 sub.

  21. Heshara

    14 sub eka latene bro. Ikmnta dennako

  22. Dinesh

    anith ekath ikmanata dennako

  23. lakshan

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  24. Naveen Rangana

    බොහොම ස්තුතිය සබ් එකට.......................

  25. Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.