Watch Trailer

The Batman [S04 : E07] with Sinhala Subtitles |අමරණීය බැට්මෑන් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අදත් සබ් එකක් උස්සන් ආවා. 😛 අද මම හදන්නේ ඔයාලව අනාගතේට අරන් යන්න. හරියටම කිව්වොත්, 3027 අවුරුද්දට. ඒ කියන්නේ අදින් වසර දාහක් විතර ඉදිරියට. ඒ කාලේ වෙනකොට ලෝකය කොහොම වේවිද? බැට්මෑන් කතාවට අදාළව නෙවෙයි, අපි ඇත්තටම ටිකක් හිතුවොත් ඒ වෙද්දි මොන වගේ පරිසරයක් අපිට දකින්න ලැබෙයිද? මේ යන විදිහට සීග්‍ර ද…

The-Batman-TV-4

ඔන්න අදත් සබ් එකක් උස්සන් ආවා. 😛 අද මම හදන්නේ ඔයාලව අනාගතේට අරන් යන්න. හරියටම කිව්වොත්, 3027 අවුරුද්දට. ඒ කියන්නේ අදින් වසර දාහක් විතර ඉදිරියට. ඒ කාලේ වෙනකොට ලෝකය කොහොම වේවිද? බැට්මෑන් කතාවට අදාළව නෙවෙයි, අපි ඇත්තටම ටිකක් හිතුවොත් ඒ වෙද්දි මොන වගේ පරිසරයක් අපිට දකින්න ලැබෙයිද? මේ යන විදිහට සීග්‍ර දියුණුවත් එක්ක ඉතින් අවුරුදු දාහක් අනාගත ලෝකය හරිම පුදුම තැනක් වේවි. සමහරවිට අපි හිතන ලස්සන ලෝකෙට වඩා, පරිසරය විනාශ වුණ, යුද්ධ, න්‍යෂ්ටික අවි නිසා විනාශ වෙලා ගිය ලෝකයක් ඒ වෙනකොට ඉතිරි වේවිද කියලත් අපිට කියන්න බෑ. ඒ කොහොම වුණත් අපිට කවදාවත් ඒ දේවල් දකින්න ලැබෙන්නෙත් නෑ. ඒ නිසා හිත හදාගෙන ඉන්න පුළුවන් 😀

අපි දැන් කතාවට එමු. ගෝතම් නඟරය බැට්මෑන් ගේ ආගමනයෙන් පස්සේ ඉදිරියට වසර දාහක් ගිහින්. බැට්මෑන්, රොබින්, බැට්ගර්ල්, ඇල්ෆ්‍රඩ් කවුරුත් නෑ. (සොහොනේ ගසුත් නැතුව ඇති මොකද අවුරුදු දාහක් කියන්නේ සුළු ගාණක් ද?) අවුරුදු දාහක් ගත වුණත් ගෝතම් නඟරයට බැට්මෑන් අවශ්‍ය වෙයි කියලා හිතෙනවද? උත්තරය :- ඔව්. බැට්මෑන් ගේ අවසාන කාලය ගැන චිත්‍රපට, කතා මාලා ඇවිල්ලා තියෙනවා. නමුත් ඒවා අදාළ කර නොගෙන, අපේ කතා මාලාව ගැන හිතුවොත්, බැට්මෑන් වයසට යන කාලය වෙනකොට රොබින් එයාගේ රොබින් නම අතෑරලා නයිට්වින්ග් වෙලා. (ඒක අනිවාර්යයෙන් වුණ දෙයක්, මොකද ගොඩක් චිත්‍රපට වල ඒ බව කියැවෙනවා.) ඒ වගේම බාබරා ගෝඩ්න් ගේ කකුල් අහිමි වීමත් එක්ක එයා බැට්කේව් එකට වෙලා නයිට්වින්ග්ටත් බැට්මෑන් ටත් උපදෙස් දීම සහ මෙහෙයවීම කරන්නේ. අපේ ඇල්ෆ්‍රඩ් නම් බොහොම වයසයි, යන්නෙත් හැරමිටියෙන්.

ඔය හැම දෙයක් ගැනම බලාගන්න අද එපියෙන් පුළුවන්. අද එපිය තවත් එක එපියකට වඩා වෙනම කතාවක් වගේ තමයි මට නම් දැණුනේ. එතකොට මම මෙච්චර ඒවා කිව්වට තාමත් කිව්වේ නෑ නේ, අවුරුදු දාහක් ගිහිල්ලත් ඇයි බැට්මෑන් ව ඕන වුණේ කියලා. ඒ ඇයි කියලා බලාගන්න පුළුවන් ටිකක් අද එපිය බැලුවොත්. ඒ වගේම කියන්න ඕන. අවුරුදු දාහක් හියත්, ගෝතම් නඟරයේ බැට්මෑන් ජීවමාන බව… එහෙනම් ගිහින් එන්නම්. සුපුරුදු පැතුම, ඔබට ජයම වේවා!

The Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

136 downloadsDownload 407-Artifacts.rar14 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 <<Previous Season                    All Episodes                      Next Episode>>

Subtitles by

ප්‍රභාෂ් ජයවීර

Subtitles

136 downloadsDownload Subtitles14 KB

10 comments

  1. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  2. Chalana Rukshan

    thnx bro...

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. sudda

    direct download link ekk dipnko bn

  5. Dílañkà Héshàñ

    ela

  6. MS

    ස්තූතියි සහෝ

  7. එල්.සී. දමැල්

    THANKSSSS

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Naveen Rangana

    සිංහල උපසිරැසියට ස්තූතියි............ජය වේවා.........!!!!!!!!!!!!!

    1. Maheshan Sandaru

      Supiri