අද අරන් ආවේ අට වෙනි එපිසෝඩ් එක, හතර වෙනි සීසන් එක. හොඳයි අද මාතෘකාව කාල තරණය නෙ. කාල තරණය කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇති. කාල තරණය කියන්නේ අතීතයට, අනාගතයට කාලය හරහා ගමන් කිරීමට. ඒක කරන්න බැරි දෙයක් කියලයි කියන්නේ, නමුත් ඒක චිත්‍රපට, නාට්‍ය ලෝකයේ බොහොම ප්‍රසිද්ධ යෙදුමක්. මොකද අපි ඔක්කොම කැමතියි අතී…

අද අරන් ආවේ අට වෙනි එපිසෝඩ් එක, හතර වෙනි සීසන් එක. හොඳයි අද මාතෘකාව කාල තරණය නෙ. කාල තරණය කියන්නේ මොකක්ද කියලා දන්නවා ඇති. කාල තරණය කියන්නේ අතීතයට, අනාගතයට කාලය හරහා ගමන් කිරීමට. ඒක කරන්න බැරි දෙයක් කියලයි කියන්නේ, නමුත් ඒක චිත්‍රපට, නාට්‍ය ලෝකයේ බොහොම ප්‍රසිද්ධ යෙදුමක්. මොකද අපි ඔක්කොම කැමතියි අතීතයට ගිහිල්ලා අපි කරපු වැරදි තියෙනවා නම් ඒවා නිවැරැදි කරන්නත්, අනාගතයට ගිහින් අනාගතය මොන වගේද කියලා බලන්නත්. ඉතින් ඒක පියවි ලෝකයේ කරන්න බැරි දෙයක් නිසා, චිත්‍රපට ලෝකයේ බොහොම ජනප්‍රිය වුණ මාතෘකාවක්.
අද එපිසෝඩ් එකේ තියෙන්නේ ත් එහෙම කාල තරණ කතාවක් තමයි. කතාව ගැන වැඩි විස්තර මේකේ ලියන්න මම කොහොමත් වැඩිය කැමති නෑ, මොකද මේකේ කතාවේ බාගයක්ම කියලා දැම්මම මොකක් බලන්නද එපිය ඩවුන්ලෝඩ් කරන්නෙ, :v කතාව ඔක්කොම කියලා දැම්මා නම් ඉවරනෙ. 😛 ඉතින් කතාව කියන්න යන්නෑ මම. මම පොඩි වට පිටාවක් හදන්නම් කතාව ගැන අවබෝධයක් ලබාගන්න.
මිනිස්සු වැරදි කරන්න පෙළඹෙන හේතු තියෙනවා. ඒවා සාධාරණ හේතු කියලා අපිට කියන්න බෑ, ඒත් ඒ වැරැද්ද කරපු කෙනා පැත්තෙන් බැලුවොත් ඒවට සාධාරණ හේතු නැත්තෙමත් නෑ. දුප්පත්කමින් පීඩා විඳින කෙනෙක්ට යමක් සොරකම් කරන්න අවස්ථාවක් ලැබුණොත් ඒ අවස්ථාව මඟහරින්න හිතෙන එකක් නෑ. අපි ඔක්කොම වගේ පෘතග්ජන මිනිස්සු නෙ, හැමෝම ආසයි සැපවත් ජීවිත ගත කරන්න. ලෝකයේ අපරාධ කාරයෝ, හොරු ඇති වෙන්නේ සමාජයේම වරදින් කියලා තමයි මම හිතන්නේ. මොකද මේ ලෝකේ දරුවෙක් ඉපදෙනකොට එයා උපතින් අපරාධ කාරයෙක් නෙවෙයි. එයාට ලැබෙන අත්දැකීම්, පාඩම් නිසයි එයා අපරාධකාරයෙක් වෙන්නේ. අන්න ඒ අයිඩියා එක හිතේ තියාගෙන මේ එපිය බැලුවොත් බොහෝ දේවල් ඉගෙනගන්න ලැබේවි.
අනිත් දේ තමයි, අපි කරපු වැරදි හදාගන්න අපිට අතීතයට යන්න, කාල තරණය කරන්න බෑ නෙ. අන්න ඒ නිසා වර්තමානයේ වෙන වැරදි උපරිම අවම කරගන්න. එතකොට අනාගතය ලස්සන වේවි. පසු තැවිල්ලක් නැති වේවි. එතකොට කාල තරණයේ අවශ්‍යතාවක් එන්නෑනෙ. ඉතින් එහෙනම් ඔන්න මම යන්නයි හදන්නෙ. ගිහින් එන්නම්. ජයම වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
The Batman DVDrip Xvid Complete Series 2004-2008
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.
144 downloadsDownload 408-Seconds.rar13 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Season All Episodes Next Episode>>
Subtitles by
ප්‍රභාෂ් ජයවීර
Subtitles
11 comments
ඉෂාන් මදුෂ
Chalana Rukshan
thnx bro...
MS
ස්තූතියි සහෝ ........
එල්.සී. දමැල්
උපසිරසට ස්තුතියි ප්‍රභාෂ් සහෝ...
මීළඟ කොටසින් හමුවෙමු...Udara Damith B/K
ස්තුතියි
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Eranga Thushara
Ela
Eranga Thushara
Ela bro..
අශාන්
මට පොඩි උදව්වක් කරන්න.. මේ එපිසෝඩ් එක Download කරන්න හොඳ Link එකක් දෙන්නකෝ... ලොකු උදව්වක්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Naveen Rangana
සිංහල උපසිරැසියට ස්තූතියි............ජය වේවා.........!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි සහෝ සබ් එකට