Watch Trailer

The Batman [S05 : E05-E06] Sinhala Subtitles | මිරර් මාස්ටර් හා ජෝකර් දුම්රිය [සිංහල උපසිරසි සමඟ]

පස්වන කොටස දැන් ඔයාලා මාතෘකාව දැක්කාම බලනවා ඇති කවුද බොලේ මේ පොස්පරස් කියලා. එයා අලුත් හතුරෙක්ද කියලා. නෑ, නෑ. ෆයර්ෆ්ලයිව මතකද? අන්න එයා තමයි මේ අලුත් නමකින් – ඒවගේම අලුත් රූපෙකින් – ඇවිල්ලා ඉන්නේ. ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න අරගෙන ආවා 04 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරැසිය. ඉතින් හැමදාම වගේ එපිසෝඩ් එක…

පස්වන කොටස

දැන් ඔයාලා මාතෘකාව දැක්කාම බලනවා ඇති කවුද බොලේ මේ පොස්පරස් කියලා. එයා අලුත් හතුරෙක්ද කියලා. නෑ, නෑ. ෆයර්ෆ්ලයිව මතකද? අන්න එයා තමයි මේ අලුත් නමකින් – ඒවගේම අලුත් රූපෙකින් – ඇවිල්ලා ඉන්නේ.

ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න අරගෙන ආවා 04 වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරැසිය. ඉතින් හැමදාම වගේ එපිසෝඩ් එක ගැන පූර්ව කථනයක් දෙන්නයි මේ සූදානම.

අපි හැමෝම දන්නවනේ ෆයර්ෆ්ලයිව. එයාව කොච්චර අපහාසවලට ලක් වෙනවද කියලත් දන්නවනේ. අඩු තරමේ ගෝතම්වල මිනිස්සුන්ට එයාගේ නමවත් හරියට මතක නෑනේ. කොහොමහරි එයාට ගෑනු ළමයෙක් හම්බවෙලා. ඉතින් මෙයා හදන්නේ ෆයර්ෆ්ලයිගේ ඇඳුම දියුණු කරලා දෙන්න. ඒ මොකටද? එතකොට එයාට සෑහෙන රත්තරන් ප්‍රමාණයක් මංකොල්ල කාලා, ගෝතම්වලින් පැනලා ගිහිල්ලා, අර ගෑනු ළමයත් එක්ක ලස්සන, සුන්දර ජීව්තයක් ගත කරන්න පුළුවන් වෙන්න. ඒත් ඉතින් මේ කාටුන් නේ. ඉතින් අනිවාරෙන්ම මොකක් හරි වැරදෙන්න එපැයි. ඉතින් ෆයර්ෆ්ලයිගේ සන්නාහය වැඩිදියුණු කරන්න ගත්ත විකිරණශීලී පොස්පරස් බෝලයක් බිඳිලා ඒ ඔක්කොම විකිරණ ටික ෆයර්ෆ්ලයිගේ ඇඟ ඇතුළට යනවා.

හයවන කොටස

මේකේ ඉන්න හතුරා තමයි ජෝකර්. එයාට මොන විදියකින් හරි පුළුවන් වෙලා තියෙනවා ගෝතම් නගරයේ මිනිස්සුන්ට එයාලටවත් නොදැනෙන්න එයාලගේ ඇතුළට හිනා වායුව දාලා එයාලව තමන්ට ඕන විදියට හසුරවන්න. එයා මේක කරන්නේ කොහොමද? ඒකට ගොදුරු වෙන පුද්ගලයින්ගේ කිසිම සමානතාවයකුත් නෑ. වෙන එකක් තියා බැට්ගර්ල්, බැට්මෑන්, රොබින්, මේ හැමෝටම මේක වෙනවා. අන්තිමට කොහොමහරි බැට්මෑන් මේක තේරුම් අරගෙන ජෝකර්ව හොයාගෙන යනවා. එතකොට එයාට දැනගන්න ලැබෙනවා ජෝකර්ගේ සැලසුම තමයි ගෝතම් නගරය යටින් දුවන උමං ටික පුපුරවලා ගෝතම් විනාස කරලා දාන එක කියලා. ඉතින් බැට්මෑන් ජෝකර්ව නවත්තයිද? ඒ කොහොමද? එහෙනම් මේ එපිසෝඩ් එක බලලා ඒක හොයාගන්නකෝ.

මේ පාර නම් බැට්මෑන්ට ලේසි වෙන්නේ නෑ. එහෙනම් අපි ඊළඟ උපසිරැසියෙන් හමුවෙමු. ඔබට ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා වලංගු වේ.

2,515 downloadsDownload The-Batman-S05-E05-E06.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

2,515 downloadsDownload Subtitles21 KB

4 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Lasantharathnasirirox

    බොහෝම ස්තුතියි මහන්සියට.ජයවේවා !!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P