එහෙනම් ඔන්න තුන් වෙනි එකටත් උපසිරැසිය අරගෙන ආවා. මේක නම් ඉක්මනට කරගන්න පුළුවන් වුණා දෙබස් ප්‍රමාණය එහෙම අඩු නිසා. හැබැයි දෙබස් අඩු වුණාට කතාව නම් රස කතාවක්. එහෙනම් අද කතාව ගැන බලමුකෝ. තුන්වන කොටස මේකේ අපට දකින්න ලැබෙන්නේ ග්‍රීන් ඇරෝ. ග්‍රීන් ඇරෝ රසිකයෝ ඉන්නවා නම් මාතෘකාව දැක්ක ගමන්ම ඒක තේරෙන්න ඇති.…

එහෙනම් ඔන්න තුන් වෙනි එකටත් උපසිරැසිය අරගෙන ආවා. මේක නම් ඉක්මනට කරගන්න පුළුවන් වුණා දෙබස් ප්‍රමාණය එහෙම අඩු නිසා. හැබැයි දෙබස් අඩු වුණාට කතාව නම් රස කතාවක්. එහෙනම් අද කතාව ගැන බලමුකෝ.
තුන්වන කොටස
මේකේ අපට දකින්න ලැබෙන්නේ ග්‍රීන් ඇරෝ. ග්‍රීන් ඇරෝ රසිකයෝ ඉන්නවා නම් මාතෘකාව දැක්ක ගමන්ම ඒක තේරෙන්න ඇති. ඉතින් “වේන් ටෙක්” කියන්නේ බෲස් වේන්ගේ, එහෙමත් නැත්නම් බැට්මෑන්ගේ ආයතනය වග අපි දන්නවනේ. ඉතින් වේන් ටෙක් එක වටේ ඉන්න ළමයි එකපාරට අසනීප වෙන්න ගන්නවා. ඉතින් ග්‍රීන් ඇරෝ හිතන්නේ මේක බෲස් වේන්ගේ වැඩක් කියලා. ඒත් කොහොමහරි එයයි බැට්මෑනුයි හොයාගන්නවා ඒක ඇත්තටම කරන්නේ කවුන්ට් වර්ටිගෝ කියලා (මේකට ග්‍රීන් ඇරෝට් මාර තරහයි මොකද එයාට වර්ටිගෝ එක්ක පොඩි කෝන්තරයක් තියෙන නිසා). එයා ළඟ තියෙන උපකරණයකින් තමයි මේක කරන්නේ. ඒ උපකරණයට බලය තියෙනවා කෙනෙක්ට හිතන්න බැරි තරමට එයාගේ ඔළුව අවුල් කරන්න. ඉතින් හැමදාම වගේ බැට්මෑන්ට, සහ එයත් එක්ක එකතුවුණු ග්‍රීන් ඇරෝට තමයි මේක නවත්තන්න සිද්ධ වෙන්නේ. ඉතින් එයාලට ඒක කරන්නේ පුළුවන් වේවිද? හරියට හිතන්න බැරුව කොහොමද සටන් කරන්නේ? ඒක කිව්වොත් කතාවේ රසේ නැති වෙනවා. ඔයාලම බලලා හොයාගන්නකෝ.
හතරවන කොටස
දැන් ඔයාලා මාතෘකාව දැක්කාම බලනවා ඇති කවුද බොලේ මේ පොස්පරස් කියලා. එයා අලුත් හතුරෙක්ද කියලා. නෑ, නෑ. ෆයර්ෆ්ලයිව මතකද? අන්න එයා තමයි මේ අලුත් නමකින් – ඒවගේම අලුත් රූපෙකින් – ඇවිල්ලා ඉන්නේ.
අපි හැමෝම දන්නවනේ ෆයර්ෆ්ලයිව. එයාව කොච්චර අපහාසවලට ලක් වෙනවද කියලත් දන්නවනේ. අඩු තරමේ ගෝතම්වල මිනිස්සුන්ට එයාගේ නමවත් හරියට මතක නෑනේ. කොහොමහරි එයාට ගෑනු ළමයෙක් හම්බවෙලා. ඉතින් මෙයා හදන්නේ ෆයර්ෆ්ලයිගේ ඇඳුම දියුණු කරලා දෙන්න. ඒ මොකටද? එතකොට එයාට සෑහෙන රත්තරන් ප්‍රමාණයක් මංකොල්ල කාලා, ගෝතම්වලින් පැනලා ගිහිල්ලා, අර ගෑනු ළමයත් එක්ක ලස්සන, සුන්දර ජීව්තයක් ගත කරන්න පුළුවන් වෙන්න. ඒත් ඉතින් මේ කාටුන් නේ. ඉතින් අනිවාරෙන්ම මොකක් හරි වැරදෙන්න එපැයි. ඉතින් ෆයර්ෆ්ලයිගේ සන්නාහය වැඩිදියුණු කරන්න ගත්ත විකිරණශීලී පොස්පරස් බෝලයක් බිඳිලා ඒ ඔක්කොම විකිරණ ටික ෆයර්ෆ්ලයිගේ ඇඟ ඇතුළට යනවා.
එහෙනම් ඊළඟ උපසිරැසියත් ඉක්මනට අරගෙන එන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා. ජය වේවා!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා වලංගු වේ.
1,005 downloadsDownload The-Batman-S05-E03-E04.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
11 comments
Naara
Anonymous
Film eka download karanne kohomada
JonDoe297
අත අරින්න එපා කොල්ලෝ... දිගටම දෙන්න...
Pahasara
Ela saho
Pahasara
Ela saho bohoma sthuuthi
Amila konara
සබ් එකට තෑන්ක්ස් සහෝ
ඉවර වෙනකන්ම ගේන්නNo name
sub එකට තෑන්ක්‍ස්.
webrip වලට sub දෙන්න.dvdrip දැන් හොයා ගන්නත් නෑ.Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Lasantharathnasirirox
ජයවේවා ...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



dvdrip එකට දෙන්න එපා බන්.dvdrip එකට seeders la නෑ.webrip එකට දෙන්න.