Watch Trailer

The Batman [S05 : E11-E12-E13] Sinhala Subtitles | “එකමුතුවේ” ආගමනය [සිංහල උපසිරසි සමඟ]

එකළොස්‌වන කොටස ඉතින් කොහොමද යාළුවනේ? සුපුරුදු පරිදි ඔන්න අරගෙන ආවා The Batman උපසිරැසිය. මේ උපසිරැසි අරගෙන එන්නේ 11 වෙනි එපිසෝඩ් එකටයි. ඉතින් මේ සීසන් එක සහ The Batman කතා මාලාව අවසාන වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ තව එකම එක උපසිරැසියයි. (ඇත්තටම කියනවා නම් එපිසෝඩ් 2යි ඒත් DVD පිටපතේ ඒවා එකක් විදියටනේ ති…

එකළොස්‌වන කොටස

ඉතින් කොහොමද යාළුවනේ? සුපුරුදු පරිදි ඔන්න අරගෙන ආවා The Batman උපසිරැසිය. මේ උපසිරැසි අරගෙන එන්නේ 11 වෙනි එපිසෝඩ් එකටයි. ඉතින් මේ සීසන් එක සහ The Batman කතා මාලාව අවසාන වෙන්න ඉතුරු වෙලා තියෙන්නේ තව එකම එක උපසිරැසියයි. (ඇත්තටම කියනවා නම් එපිසෝඩ් 2යි ඒත් DVD පිටපතේ ඒවා එකක් විදියටනේ තියෙන්නේ).

ඉතින් අද කතාව ගැන කියනවා නම් මේකේ අපට දකින්න ලැබෙනවා හෝක්මෑන්ගේ සහ බැට්මෑන්ගේ එකතු වීම. ඒක වෙන්නේ මෙහෙමයි. බ්ලැක් මාස්ක් හෙවත් කළු වෙස්මූණා හිරෙන් පැනයනවා ෂැඩෝ තීෆ් (හෙවනැලි හොරා)ගේ උදව් ඇතිව. සෙවනැලි හොරාට පුළුවන් හෙවනැල්ලක් බවට පත්වෙන්න (හරි හරි ඉතින්, නමේම තියෙනවා තමයි😑) ඒ කියන්නේ එයා ද්විමානයි. අල්ලන්න බෑ. තව එයාට පුළුවන් එයාගේ ඇඟ ඕනම වෙලාවක ඝන කරන්න. ඒ වෙලාවට තමයි එයාව අල්ලගන්න පුළුවන්.

ඉතින් කොහොමහරි මෙයා වැඩ කරන්නේ කළු වෙස්මූණාට. මෙයාගෙත් උදව් ඇතුව කළු වෙස්මූණාගේ අරමුණ තමයි තැනගාර් තාරකා පද්ධතියෙන් වැටුණු උල්කාවකින් “ඉන්ත් මූලද්‍රව්‍යය” කියලා එකක් අරගෙන මැණික් තැන්පතුව බිඳින්න. ඒ “ඉන්ත් මූලද්‍රව්‍යය”ට පුළුවන් ඕනම දෙයක් පා කරන්න. ඉතින් මේක වෙන්න දෙන්න බෑනේ. ඒක නිසා බැට්මෑනුයි හෝක්මෑනුයි යනවා මේක නවත්තන්න. එයාලට පුළුවන් වෙයිද මේක නවත්තන්න? එයාලා අල්ලන්න බැරි හොරෙක්ව අල්ලගන්නේ කොහොමද? මේවා හොයාගන්න නම් ඉතින් එපිසෝඩ් එක බලන්නම වෙනවා.

අවසානය

ඔන්න අද ගේන්නේ The Batman කතා මාලාවේ අවසාන එපිසෝඩ් එකේ උපසිරැසිය! සතුටක් වගේම දුකකුත් තියෙනවා: සතුට තමයි එක සීසන් එකකට හරි උපසිරැසි දාන්න ලැබුණු එක. දුක තමයි මේ කතා මාලාව මෙතනින් ඉවර වෙන එක.

දැන් ඔයාලා බලනවා ඇති මොකක්ද මේ “එකමුතුව” කියන්නේ කියලා. ඒ “එකමුතුව” කියලා මම නම වෙනස් කළාට මේ ඉන්නේ අපට 4 වෙනි සීසන් එකේ හම්බවුණු The Joining (ජොයිනින්) එකම තමයි. ප්‍රභාෂ් නදීශාන් සහෝදරයා ඒක පරිවර්තනය කරලා තිබුණේ “ඒකරාශී වීම” කියලනේ. මම ඒක ටිකක් වෙනස් කළා. ප්‍රභාෂ් සහෝදරයා ඒක ගැන අමනාපයක් නැතියි කියල හිතනවා. හැබැයි දැන් ඉතින් “යුක්ති එකමුතුව” (Justice League) එක්ක පටලවා ගන්න එහෙම එපා හොඳේ. ඒක එන තැන්වල මම “ලීග්” කියලා විතරක් කිව්වත් “යුක්ති එකමුතුව” කියන සම්පූර්ණ වචනෙම දාල ඇති. ඊට අමතරම “එකමුතුව” කියන එක මේ වගේ පෙරළි කොමා ඇතුලේ දාල ඇති.

එහෙම නම් අපි අද කතාව ගැන බලමුකෝ. මේක Two-parter එකක්. මේක නම් කරලා තියෙන්නේ “නැතිවුණු වීරයෝ” කියලා. සුපර්මෑන්, හෝක්මෑන්, ෆ්ලෑෂ්, මාර්ෂන් මෑන්හන්ටර්, ග්‍රීන් ලැන්ටර්න් කියන මේ අයව පැහැරගැනීමට ලක් වෙනවා. පැහැරගැනීමට ලක් වෙන්නේ නැත්තේ ග්‍රීන් ඇරෝ සහ බැට්මෑන් විතරයි. ඒ මොකද එයාලට බලයන් නැති නිසා. අන්තිමට බැට්මෑන් හොයා ගන්නවා මේක කරන්නේ “එකමුතුව” කියලා. එයාලා හිතන්න ඇති බලයන් නැති නිසා බැට්මෑන්ට මොනවත් කරන්න බෑයි කියලා 😏. කොහොමහරි එයාලා අනිත් අයව අරගෙන තියෙන්නේ එයාලාගේ බලයන් අරගෙන ඒවා රොබෝලාට ආරෝපණය කරන්න. ඉතින් දැන් යුක්ති එකමුතුවේ එක්කෙනෙක්ටවත් සුපිරි බල නෑ. ඒවගේම අපට දැනගන්න ලැබෙනවා ඒ සුපිරි රොබෝලා කියන්නේ ‘කටගැස්ම’ විතරයි කියලා. ඒ මදිවට “එකමුතුවේ” මව්යානයත් ඇවිල්ලා පෘථිවියට පියාඹන රොබෝලා එවනවා! ඉතින් යුක්ති එකමුතුව කොහොමද මේකෙන් ලෝකේ බේරගන්නේ? එයාලා කොහොමද “එකමුතුව” පරද්දන්නේ? එයාලට ඒක කරන්න පුළුවන් වේවිද? එහෙනම් මේක බලලම හොයාගන්නකෝ.

ඉතින් මේක තමයි සීසන් 5හේ වගේම The Batman කතා මාලාවේ අවසානය. ඉතින් මේකේ සීසන් 4 වෙනකන් උපසිරැසි අරගෙන ආව ප්‍රභාෂ් නදීශාන් සහෝදරයාට ස්තුති කරනවා. එහෙනම්, ගිහින් එන්නම්. ඔබට ජය!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා වලංගු වේ.

2,264 downloadsDownload The-Batman-S05-E11-E12-E13.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

2,264 downloadsDownload Subtitles26 KB

9 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. JonDoe297

    ස්තූතියි

    1. Amila konara

      තෑන්ක්ස් සහෝ මග නැවතිලා තිබ්බ එක දුන්නට දිගටම වැඩේ කරගෙන යන්න

  3. Amila konara

    තෑන්ක්ස් සහෝ සබ් එකට දිගටම සබ් දාගෙන යමු

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. එල්. සී. ‎දමැල්

    මේ සීරිස් එක කම්ප්ලීට් කළාට තෑන්ක්ස් මල්ලි. ඔයා සයිටෙ තිබිච්ච එක අඩුවක් පිරෙව්වා. <3

  6. Lasantharathnasirirox

    නියමයි නියමයි..එහෙනම් ඒකත් අහවරක් කලා නේද ?? Good luck !!ජයවේවා *!!*

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Sumith Kumara

    කොටස් සියල්ලට ම උපසිරැසි ලබාදුන් සියලු දෙනා ට ස්තුතිය