Watch Trailer

The Batman [S05 : E09-E10] Sinhala Subtitles | භයානක තිදෙනාගේ ප්‍රහාරය [සිංහල උපසිරසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ, ඔන්න අද උපසිරැසි අරගෙන එන්නේ 9 හා 8 වෙනි කොටසට. මේ සීසන් එක ඉවර වෙන්න තව කොටස් 3යි තියෙන්නේ. ඇත්තම කිව්වොත් කොටස් 2යි මොකද අන්තිම එක Two-parter එකක් නිසා. ඉතින් බොහොම සතුටුයි. නවවන කොටස එහෙනම් අපි ඉක්මනට අද කතාව ගැන බලමු. මේක නම් සාමාන්‍ය බැට්මෑන් වික්‍රමයක්. මේකේ ඉන්නේ ළමයි ත…

ඉතින් කොහොමද යාළුවනේ, ඔන්න අද උපසිරැසි අරගෙන එන්නේ 9 හා 8 වෙනි කොටසට. මේ සීසන් එක ඉවර වෙන්න තව කොටස් 3යි තියෙන්නේ. ඇත්තම කිව්වොත් කොටස් 2යි මොකද අන්තිම එක Two-parter එකක් නිසා. ඉතින් බොහොම සතුටුයි.

නවවන කොටස

එහෙනම් අපි ඉක්මනට අද කතාව ගැන බලමු. මේක නම් සාමාන්‍ය බැට්මෑන් වික්‍රමයක්. මේකේ ඉන්නේ ළමයි තුන් දෙනෙක්. එයාලා ඩොක්ටර් ලැන්ග්ස්ට්‍රෝම් (මෑන්-බැට්) ගේ පරිගණකය හැක් කරලා මිනිස්සු සත්තු බවට පත් වීමේ රසායනය හොයා ගන්නවා. ඊට පස්සේ මෙයාලා සත්තු බවට පත් වෙලා නගරේ අයට එක එක කරදර කරන්න ගන්නවා. මේක නිසා එයාලා ඉන්න විශ්වවිද්‍යාලේ විදුහල්පතිතුමා තීරණය කරනවා හැමෝගෙම DNA පරීක්ෂා කරන්න. එතකොට ඒවා පාවිච්චි කරන්නේ කවුද කියන එක හොයාගන්න පුළුවන් නිසා. මේකට බයවෙන මේ ළමයි තුන් දෙනා කරන්නේ මුළු විශ්වවිද්‍යාලේම සත්තු බවට පත් කරන්න හදන එක. සුපුරුදු විදියටම, බැට්මෑන්ට තමයි මෙයාලව නවත්තන්න වෙන්නේ. ඒත් බැට්මෑන් ගිජුලිහිණියෙකුයි, නරියෙකුයි, තඩි මෝරෙක් වගේ මාළුවෙකුයි (හැබැයි එයාට ගොඩබිම ඉන්න පුළුවන්) ආන්බාන් කරගෙන මුළු විශ්වවිද්‍යාලයක්ම සත්තු බවට පත් වෙන එක නවත්තන්නේ කොහොමද? ඒක හොයාගන්න එන එපිසෝඩ් එක බලන්නම වෙනවා.

දහවන කොටස

මේක ගොඩාක් විනෝද වෙන්න පුළුවන් කතාවක්. මේකේ තියෙන්නේ ගෝතම් නගරෙට අලුතින් එන හතුරෝ දෙන්නෙක් ගැන. හැබැයි වැඩේ කියන්නේ මෙයාලත් බැට්මෑන් සහ රොබින් වගේ. පෙනුමින් වෙනස්, ඒත් හැකියා අතින් ගොඩක් දුරට සමානයි. එයාලගේ නම් තමයි ව්‍රැත් සහ ස්කෝන්. මෙයාලගෙ තියෙන එකම අරමුණ තමයි බැට්මෑන්ව විනාශ කරන එක. එයාලට මොකක්වත් මංකොල්ල කන්න වුවමනාවක් නෑ. එයාලා කරන්නේ අනිත් අපරාධකාරයොන්ට උදව් කර කර බැට්මෑන්ව විනාශ කරන්න උත්සහ කරන එක විතරයි. කොහොමහරි අන්තිමේදී මෙයාලා බැට්මෑන්ගේ ඇත්තම අනන්‍යතාවයත් හොයා ගන්නවා! ඉතින් කවුද මේ ව්‍රැත් සහ ස්කෝන්? එයාලා කොහොමද බැට්මෑන්ගේ අනන්‍යතාවය හොයා ගත්තේ? ඒවගේම මේක ඇත්තටම… බැට්මෑන්ගේ අවසානයද?

එහෙනම් හැමදාම කියනවා වගේ අපි ඊළඟ කතාවෙන් හමුවෙමු. ඔබට ජය!

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි DVD පිටපත සඳහා වලංගු වේ.

1,150 downloadsDownload The-Batman-S05-E09-E10.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

1,150 downloadsDownload Subtitles22 KB

4 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  3. Lasantharathnasirirox

    මල් 7 යි..බුදුසරණයි ! දෙවිපිහිටයි !! Baiscope සෙට් එකටම..ජයවේවා !!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P