පෞරාණික පිටසක්වලයන් කියන්නේ ඇමරිකානු රූපවාහිනි කතා මාලාවක් වගේම වාර්තාමය වැඩසටහන් මාලාවක්. මේක විකාශනය වෙන්නේ හිස්ටරි නාලිකාව තුලයි. මේකෙන් කතාබහ කරන්නේ පෞරාණික ගගනගාමී තර්කයන්, අතීත මිනිසුන් සහ පිටසක්වලයන් අතර සිදුවුණු සබඳතා, හඳුනානොගත් පියාසර වස්තු, විවිධ රජයන් මගින් ගෙනියන කුමන්ත්‍රණකාරී ක්‍රියා…

පෞරාණික පිටසක්වලයන් කියන්නේ ඇමරිකානු රූපවාහිනි කතා මාලාවක් වගේම වාර්තාමය වැඩසටහන් මාලාවක්. මේක විකාශනය වෙන්නේ හිස්ටරි නාලිකාව තුලයි. මේකෙන් කතාබහ කරන්නේ පෞරාණික ගගනගාමී තර්කයන්, අතීත මිනිසුන් සහ පිටසක්වලයන් අතර සිදුවුණු සබඳතා, හඳුනානොගත් පියාසර වස්තු, විවිධ රජයන් මගින් ගෙනියන කුමන්ත්‍රණකාරී ක්‍රියා සහ විවිධ රටවල් වල ඉතිහාසය ගැන සහ විවිධ මාතෘකා ගැනයි. ඒ වගේම මේ කතා මාලාව ආරම්භ වුනු 2009 මාර්තු 8 වෙනිදා සිට මේ දක්වාම කතාසමයන් 17 ක් සහ කොටස් 200 කින් සමන්විත වෙන ආකාරයට නිර්මාණය කර තිබෙනවා.මේ කතා මාලාව පාදක වී තිබෙන්නේ Erich von Däniken සහ Zecharia Sitchin වැනි ප්‍රධාන ගත්කතුවරු කීප දෙනෙක්ගේ ලියවිලි පාදක කරගෙනයි.ඒ වගේම මේ වැඩසටහන් මාලාවේ නිෂ්පාදකයා විදිහට Giorgio Tsoukalos කටයුතු කරනවා වගේම විධායක නිෂ්පාදකයා Kevin Burns විදිහට කටයුතු කරනවා.නිෂ්පාදන දායකත්වය ලබා දී ඇති සමාගම ලෙස සැලකෙන්නේ Prometheus Entertainment ආයතනය වෙන අතර බෙදාහැරිම සිදු කරන්නේ A&E Network ආයතනයයි.ඒ වගේම ලේඛකයෙක් වෙන David Childress ඇතුළු බොහෝ පිරිසක් මේ වැඩසටහන් මාලාව පුරාවටම ගවේෂණ සහ පර්යේෂණ සිදුකරමින් අතීතයේ අපේ මුතුන්මිත්තන් අතරට පිටසක්වලයන් පැමිණෙමින් ඔවුන්ට දැනුම ලබාදුන් බවත් මානව ශිෂ්ටාචාරය පිහිටුවා ගැනීම සඳහා උපකාර කෙරූ බවට තම මතවාදයන් ඉදිරිපත් කරනවා.කතා මාලාවේ පසුබිම් කථිකයා විදිහට Robert Clotworthy කටයුතු කරන අතර කතා මාලාව සඳහා ලැබී ඇති IMDb අගය 7.2/10ක් ලෙස පෙන්වා තිබෙනවා. ඒ වගේම මෙවර 10 වෙනි කතාමාලාව තුල කොටස් 10 ක් අඩංගු වෙනවා.
මිනිසුන් විසින් නිර්මාණය කල දැවැන්ත ගල්ගුහා. හේතු දැක්වීමට නොහැකි පැහැදිලි කිරීමට නොහැකි ව්‍යුහ.. ජලය යටදී කරන ලද සොයාගැනීම් වලින් අතීතය පිලිබඳ අපි දන්නා සියල්ලටම අභියෝගයක් වෙනවා. වසර දහස් ගානකට පෙරදී දියුණු පිටසක්වල ශිෂ්ටාචාරයක් පෘථිවියේ වාසය කරන්න ඇතිද?එහෙම නම්.ඔවුන් මිනිසුන්ද නැත්තං මේ ලොවෙන් පරිබාහිර යමක්ද? නුතන පුරාවිද්‍යාඥයින් මානව ඉතිහාසයේ සාම්ප්‍රදායික කාල සටහන් වලට විරුද්ධව යන කෞතුක වස්තුන් සහ ස්ථාන දිගින් දිගටම සොයාගනිමින් ඉන්නවා. අද්භූත නන්නාඳුනන මුතුන්මිත්තන් ඉදිකරා යැයි සලකන මහාශිලා යුගයට අයත් පාෂාණ ඉදිකිරීම් ලෝකයේ සෑම තැනකින්ම අපිට හමුවෙලා තිබෙනවා. ප්‍රාග් ඓතිහාසික යුගයන් දක්වා ඈත අතීතයක් සහිත මානව රූප ඒ වගේම ඝන පාෂාණ ඇතුලට විදිමින් ඛාදනය කරමින් නිර්මාණය කෙරූ ඉපැරණි භූගත වාසස්ථාන පිලිබඳව ඇති සාක්ෂි හමුවෙලා තිබෙනවා. වසර දහස් ගානකට හෝ වසර දසදහස් ගානකට පෙර නවීන සංස්කෘතියක් පෘථිවිය තුල පවතින්න පුලුවන්ද?ඒ වගේම එක්තරා කාලෙක පෘථිවිය තුල දෙවිවරු සහ පරසක්වල ජීවින් වාසය කරපු බවට පවතින කතන්දර වල මිත්‍යා කතා වලට වඩා එහා ගිය සත්‍යක් තිබෙන්න පුලුවන්ද? ඉතිං Ancient Aliens S10e01 නැත්තං ක්‍රිස්තු පූර්වයට කලින් පැවති ලෝකයේ සිටි පිටසක්වලයන් ගැන ඔවුන් මේ කොටසෙන් කතා බහ කරනවා ඒ වගේම වසර 100000 කට පමණ පෙරදී ඉදිකරා කියලා විශ්වාස කරන ස්ටෝන්හේන්ජ් වලට සමාන පාෂාණ සැකැස්මක් ගැන මේ කතා මාලාවේ සිටින ගවේෂකයන් පරික්ෂා කරනවා වගේම ඈත අතීතයේ සිටි ඉන්කා ශිෂ්ටාචාරය තුල පැවති දියුණු මංමාවත් සැකසීමේ ක්‍රම පිළිබඳවත් මොවුන් මේ කොටසෙන් කතා බහ කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසියට අදාළ වීඩියෝ පිටපත බයිස්කෝප් ඩවුන්ලෝඩ් වෙබ් අඩවියෙන් ලබා ගන්න.
998 downloadsDownload Ancient-Aliens-S10-E01.zip40 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශ්ශංක රුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2014-09-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිශ්ශංක රුවන්
Subtitles
7 comments
Kasun Lakshan
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට පට්ට කාලයක් බලන් හිටිය මේකෙ ඉතුරු ටිකට සබ් දෙනකන් දිගටම සබ් දෙන්න
Anonymous
meka ganna widiyak nadda sub ekat tnx
A r perera
ස්තුතිය බ්‍රෝ සබ් එකට
Nirosha Nirosha
බයිස්කොප් එකටයි රුවන් සහෝ ටයි ගෝඩාක් ස්තූතියි.අපි ගොඩක් කල් බලන් හිටියා රුවන් සහෝ සබ් දෙනකල්.ගොඩාක් ස්තූතියි,දිගටම මෙ සීරිස් එකට සබ් දෙන්න.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


උපසිරසට ගොඩාක් ස්තුතියි