Watch Trailer

The Bible [E01 – In the Beginning ] | ආරම්භය….. [සිංහල උපසිරැසි සමඟ]

[box] අද Revolution එකත් නැති එකේ මම හිතුවා History Channel එකේ පසුගිය මාර්තු 03 වෙනිදා විකාශය වීම ඇරඹූ කොටස් දහයකින් විතරක් සමන්විත miniseries එකක් වුණු මේ කතා මාලාව ඔයාලාට ගේන්න. මුලින්ම කතා මාලාවේ ජනප්‍රියත්වය ගැන කියනවන්ම් එම විකාශය වූ සතිවල ශ්‍රේණීගත කිරීම් වල කවුරුත් නොහිතපු විදියට මුල්තැන රැ…

The bible  E01 අද Revolution එකත් නැති එකේ මම හිතුවා History Channel එකේ පසුගිය මාර්තු 03 වෙනිදා විකාශය වීම ඇරඹූ කොටස් දහයකින් විතරක් සමන්විත miniseries එකක් වුණු මේ කතා මාලාව ඔයාලාට ගේන්න. මුලින්ම කතා මාලාවේ ජනප්‍රියත්වය ගැන කියනවන්ම් එම විකාශය වූ සතිවල ශ්‍රේණීගත කිරීම් වල කවුරුත් නොහිතපු විදියට මුල්තැන රැඳෙන්න මේ කතා මාලාව සමත් වුණා. පළමු කොටස මිලියන 13.1 ක් වගේම අන් හැම කොටසක්ම පාහේ මිලියන 10 සීමාව පන්නන්න සමත් වෙච්ච බව කියවෙනවා. ඒත් මේ කතා මාලාවට එල්ල වෙච්ච විවේචනත් ඒ හා සමඟම වැඩි බව කියන්න ඕනා. ඒත් නිෂ්පාදකයින් පැහැදිලිව කියලා තියනවා මේක කතා අනුසාරයෙන් නිපදවූවක් මිස කතා එලෙසම නිපදවා නැති බව. අනික කියන්න ඕනා මේ කතා මාලාව කියන්නේ ආගමික කතා ටිකක් නම් පෙන්වන එකක් නම් නෙවෙයි කියලා. තවත් එක සාමාන්‍ය TV Series එකක් බලනවා වගේ තමයි.

දැන් බලමු මොකක්ද මේ බයිබලය කියන්නේ. ග්‍රීක භාෂාවෙන් ta biblia (The books) කියන වචනයෙන් ආපු The Bible එහෙම නැත්තම් බයිබලය කියන වචනයේ අරුත තමා “පොත්” කියන එක. එහෙම කියන්න හේතුව තමා බයිබලය තනි පොතක් නොවීම. බයිබලය කියන්නෙ කාලාන්තරයක් තිස්සේ කතුවරු බොහෝ ගණනක් අතින් ලියවුණු පොත් කිහිපයක එකතුවකට. ඉතිහාසඥයන්ගේ සොයාගැනීම් අනුව නම් අඩුම වශයෙන් මීට අවුරුදු 3500කටත් කලින් තමයි බයිබලය ලිවීම ඇරඹිලා තියෙන්නෙ. බයිබලයේ පැරණිම පොත වන ‘උත්පත්ති’ (Genesis) පොත මීට අවුරුදු 3500කටවත් පෙර ලියවෙන්න ඇති. මේ විදිහට කාලයක් තිස්සේ විවිධ කතුවරු අතින් විවිධ කාලවල ලියවුණු පොත්වල එකතුවක් තමයි බයිබලය කියන්නේ.

ඒ වගේම බයිබලයේ තියෙන මේ පොත් සමහර ආගමික නිකායන් අනුව අඩු වැඩි වෙනවා. සමහරු පොත් දෙකක් එකතු කරලා තනි පොතක් විදියට ගණන් ගන්නකොට තව අය ඒක පරණ විදියටම දෙකක් විදියට ගණන් ගන්නවා. ඒ වගේම බයිබලයේ කොටස් දෙකක් තියෙනවා. ඒ පරණ ගිවිසුම හා නව ගිවිසුම වශයෙන්. සරලව කිව්වොත් පරණ ගිවිසුමේ ලියවිලා තියෙන්නෙ ආරම්භයේ ජේසුස් වහන්සේගේ පැමිණීමත් අතර කාලය පිළිබඳ විස්තර. නව ගිවිසුමේ තිබෙන්නේ ජේසුස් වහන්සේගේ චරිත කතාව හා උන් වහන්සේගේ මරණින් පසුකාලීනව ගෝලයන්ගේ අතින් කෙරුණු ධර්ම ප්‍රචාරක කටයුතු පිළිබඳව. විශේෂයෙන් ජේසුතුමාව පිළිනොගන්න ජුදෙව් ආගමිකයන් බයිබලය විදියට පිළිගන්නේ පැරණි ගිවිසුම පමණයි.

ඉතින් මේ කලින් කියපු පොත් විවිධාකාරයි. පැරණි ගිවිසුමේ මූලිකවම ඉගැන්වීම් තියෙන පොත්, දිවැස්වැකි ගැන තියෙන පොත්, ආගමික තේමාවන් වගේම අනිකුත් තේමාවන් ඔස්සේ ලියවුණු, දුක, සතුට, ශෘංගාරයෙන් සමන්විත නවකථා, කෙටිකතා, ගීත, කවි, නාට්‍යය ආදිය ලියවුණු පොත් වගේම යම් ආප්තෝපදේශ අඩංගු පොතුත් අඩංගුයි. නව ගිවිසුම ශුභාරංචිය, පාවුලුතුමාගේ හසුන්, වෙනත් හසුන් හා එළිදරව්ව කියන කාණ්ඩ හතරට කැඩෙනවා.

ඉතින් මේ විදිහට පරණ ගිවිසුමත් නව ගිවිසුමත් පමණක් සලකා බැලීමේදී පොත් 73කින් යුතු බයිබලය, ලියවී ඇති කාලයත් බයිබලයට පාදක වෙච්ච සංස්කෘතියත් අපිට ආගන්තුකයිනෙ. ඉතින් සමහර තැන්වලදී නියම අර්ථය දැනගැනීමට නම් ඒ කාලයේ සංස්කෘතිය ගැනත් චුට්ටක් විතර දැනගන්න වෙනවා. ඒ ගැන වැඩිදුර දැනගන්න අවශ්‍ය අයට හොඳ දැනුමක් අපේ සහෘද හරී ගේ අඩවියෙන් දැනගන්න පුළුවන්.

ඉතින් අද මුල් කතාව පටන් ගන්නේ නෝවාගේ නැවෙන්. සමහරු නම් අහලත් ඇති. සමහර චිත්‍රපටි වලත් නෝවාගේ නැව ගැන කතා වෙනවා දැකලත් ඇති. ඒ වගේම එතැන් සිට යුද, සටන්, ආක්‍රමණ මැදින් ආබ්‍රහම් මඟින් බයිබලයේ ලියවී ඇති ඊශ්‍රායෙල් ජාතියේ ආරම්භය ගැන අද කතා වෙනවා. මම කතාව ගැන වැඩියෙ කියන්න යන්නෙ නෑ. බාගෙනම බලන්නකෝ.200

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

සියල්ල අඩංගු කොපිය මෙතනින් බාගන්න

8f352e8368c71a60d8288da2d7ed748062370cb5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

 

3,242 downloadsDownload The.Bible_.2013.E01.zip35 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  Next Episode >>

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

3,242 downloadsDownload Subtitles35 KB

63 comments

  1. -HacKrisH-

    තනිකර අසාදාරනයි රොයිලි... අපිට සබ් ඕන මෙන්න මේ කොපියට...

    The Bible Part1-Part2 HDTV x264

  2. jana

    patta pattaaaaaaaa

  3. සමීර කරුණාරත්න

    මාරයි සහෝ මේ වගේ පට්ට කතා මාලාවක් නිසි ගෞරව දීල කරගෙන යන්න පුලුවන් ඔයාටම තමයි... බොහොම ස්තුතියි මේක බලන්න ඕනෙ කම තිබ්බට බයේ ඉදපු කතාවක් නොතේරෙයි කියල.. දැන් බය වෙන දෙයක් නැහ බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට මේක පුදුම වටින වැඩක්..

  4. lasidu

    මචං සුපිරි

  5. ranga

    loweth na machan

  6. tharanga

    සුපිරිම වැඩක් මචං පට්ට

  7. ccnp

    Thanks

  8. geeth

    thxxxxx saho jaya

  9. mihin ලංකා

    පට්ට පට්ට පට්ට මචං නියමයි

  10. zumo man

    elazzz thnxzzzzz

  11. ositha

    niyami saho.... digatama demu :D

  12. zoniczz

    torrent eka download wenne nahane :(

  13. ranu

    හොද කතාවක් වගේ... ස්තූතියි සහෝ...

  14. nadika

    elane mchan

  15. krish

    Niyamai

  16. elakiri

    එල මචං

  17. vee

    niyama tv kathawak patta

  18. was

    මේක පට්ට මචං ජය වේවා!!!!!!!!

  19. lakshitha

    elama thama bro digatama subs denna

  20. vernie

    balamu kohomada kiyalaa

  21. “චූටී මල්ලි”

    මේක දුන්නට තෑන්ක්ස්
    සහෝ ඔබට ජය........

    ඇයි අද රෙවොලුෂන් නැත්තෙ?

  22. sadayangy

    niyama wedak honda deyak godak thank s jayaweva.....

  23. Kolla

    tnx

  24. ශාන් විමුක්ති [වීමා]

    අයියෝ.....
    මැදැයි බලන් හිටිය රෙවොලූෂන් එනකම් :(

    මේකත්න් නරක නෑ වගේ..
    බලමුකෝ එහෙනම්
    රොයිලිය දෙනවනම් නරක දෙයක් වෙන්න බෑ නොව
    ආගම් ජාති බේදයක් නෑ සහෝ බයිස්කෝප් එකකේ කොල්ලන්ට..... ;)
    ජය වේවා! :D

  25. Sisira Hegoda

    Thanks

  26. uda

    විශිෂ්ටයි මචං! ඉදලා ඉදලා මේ ගෙනැත් තියෙන්නේ නියමම කතාවක්. එක්තරා ආගමක මූලික පාඨ ග්‍රන්ථය බවට පත් වන්නට කලින්, මෙවන් ග්‍රන්ථවල තියෙන්නේ කතාන්තර තමයි! බුදු දගමේත් එහෙමයි! හින්දු දහමත් එහෙමයි! අනෙක් බොහෝ දහම්වලත් එහෙමයි! එක් එක් කාලවල එක්වුණු, ලියැවුණු කතාන්තරවල එකතුවකින් තමයි ඒ ඒ ආගම්වලට අදාල විවිධ උප්පත්ති කතා, පහළවීම් ගැන කතා එක්කාසු වෙලා තමයි ඒ ඒ ආගම්වලට අදාල පදනම සකස් වෙලා තියෙන්නේ. මේක ලෝක සත්‍යයක්.

    ඉතින් ඒ වගේ එක්තරා ආගමක්; ආගමක් බවට පත්වන්නට පෙර එය ලෝක ව්‍යාප්ත ආගමක් බවට පත්වන්නට පදනම සකස් කළ කතාන්තර ගොන්නක් අතරින් කිහිපයක් මේ විදිහට අප වෙනුවෙන් ගෙනෙන එක හරිම අගේ ඇති වැඩක්! ආගමකින් ඔබ්බට ගිහින් මේවායේ පදනම දැක බලාගන්නට වගේම අපට ලොකු අවබෝධයක් ලබා ගන්නටත් මේවා බෙහෙවින් ඉවහල් වෙනවා. ජයෙන් ජය මචන්! අනිවා බලනවා.

    දිගටම දෙමු. මෙහෙව් ඒවා ලොවෙත් වටිනවා... :D

  27. d2dinu

    මේ පැත්තට ගොඩ දවසකින් ගොඩවුනේ.රෝයිලි ආපහු වැඩ අල්ලලා තියෙන්නේ. රෝයිලි දෙන දෙයක් නොබල කොහොමද? මේකේ හොද පිටපතකුත් දුන්නොත් තවත් පට්ට.එහෙනම් රෝයිලි ජයවේවා!

  28. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පට්ටයි හොදේ...රොයිලි ගෙනාව කියන්නේ ඉතින් ආයේ අහන්න දෙයක් යැ..
    අනිවා බෑමක් තමයි...හැබැයි අද නෙවේ හොදේ.....මොකද මේ දවස් වල ගමෙන් පිට ඉන්නේ ඒකයි....ගෙදර ගිය ගමන් බානවා...

  29. sw

    Episode 14 mokada une yaluwa? next week ayda?

  30. me

    Thanks

  31. දීනු

    මුලින්ම කියන්න ඕනේ රොයිලියාට ස්තුතියි කියලා තමයි. දැන් ඉතින් ආයෙත් මේක මුල ඉදලා බලන්න වෙනවා. මම මේ සීරීස් එක බලන්න ගත්තේ පටන් ගත්ත දවසේ ඉදලාම තමයි. මොකද මම බලන චැනල් තුන හතරෙන් පළවෙනියටම තියෙන්නේ History Channel එක නිසා. සමහර තැන් මට නම් අපහැදිලි වුනාට දැන් ඒවාත් පැහැදිලිව බලන්න පුළුවන් රොයිලි සබ් තියෙන නිසා.

    එහෙනම් ආයෙත් ස්තුති කිව්වා. ඊළග කොටස් ටිකත් ඉක්මනින් දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

  32. Dilshan

    Niyamai......
    Godak sthuthi:-)

  33. Amil

    ඔය දිලා තියෙන්නේ රොයිලි අයියා නියම කථා මාලාවකට සබ් එකක්. මම බලාපොරොත්තු උනා අනිවාර්්‍යයෙන් මේ සිරියස් එකට සබ් ලැබේවි කියලා. රොයිලි අයියට ගොඩාක් ස්තුතියි.
    මම අහලා තියෙන විදියට මේ කථාමාලාවේ සාතන්ට (යක්ෂයාට) ඉන්න නලුවා ඔබාමගේ හැඩරුවට ගොඩාක් සමිපලු...

  34. suranga

    niyamai kollaaa,,,,,,,,,,,,, niyama wedak tama meka ...api aniwa balanawa mekanam

  35. ravi70

    meka nam aniwaryen supirima athi balanna deyak,na,,oyata godak pin jayen jaya ayyyye

  36. Nimesh

    marlin tv seris ekatath sinhala sub ekka dannako

  37. කේ.යු.ජී.උදාර

    විග විගහට දෙමු එහෙනම් මේකත්.
    මේ වැඩේට බොහොම ස්තූතියි සහෝ.

  38. බිරි සිරිස්

    guru මෙක හෙදම FILME එකක් මෙකේ සබි නැහැ පුලුවන්නමි අපිට මෙක ලබා දෙන්න දියුණුවෙන්න කැමති කටිටියට හෙදයි

  39. yeshu

    thankZ kotas okkoma denna

  40. KriSh*

    Meka Godak watinawa..Onna hadawathinma sthuthi kiyamin mamath baagannawa ayye

  41. DAMER

    එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! 👍

  42. HASHAN

    ayyo........... agili gena gena hitiye arka balanta kamak ne godak aya kiyanawane mekath hodai kiyala balama balamuko thnx saho..................

  43. දිනිඳු සම්පත්

    බොහොම ස්තූතියි රොයිලි සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!

  44. Shira

    502 Bad Gateway... error ekak denawa...torrent link eka click unama.

  45. Thiliya

    patta wedak bn thanxz aa but mage sub weda ne kotu kotu yanne

  46. රාම් රාජ්

    ස්තූතියි රොයිලි.මේ වගේ කථා තවත් තියේ නම් තව දෙන්න.

  47. mindika

    Thanks !!!!!!!!!!!!!!!

  48. sinhalaya

    well done

  49. Alexis

    Thanks Royly.

  50. charuka.93

    අයියේ ගොඩක් ස්තූතියි....මම මේක බාලා අපේ පල්ලියෙත් පෙන්නුවා,කට්ටිය අහනවා කොහෙන්ද කියලා මං ඉතින් baiscope එක ගැන කිව්වා,ගොඩාක් thnxxxxxxxxxx

Load more comments