Watch Trailer

The Bible [E06 – Hope ] | බලාපොරොත්තුව….. [සිංහල උපසිරැසි සමඟ]

[box]හොඳයි කට්ටිය පස්වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. ඒකේ දැකපු විදියටම ඉශ්රායෙල්වරුන්ගේ ඉතිහාසයේ තීරණාත්මක පරිච්ඡේදයක් වෙච්ච බැබිලෝනියානු විප්‍රවාසය හා ක්‍රි.පූ. 539 පමණ බැබිලෝනියාව ආක්‍රමණය කරපු සිරියානු රජවරුන්ගේ අනුග්‍රහයෙන් මේ ජුදා ජනතාව ආපහු ජෙරුසලම බලා ඇවිල්ලා ක්‍රි.පූ 515 දී පමණ දේව මාළිගා…

The BIBLE episode 06හොඳයි කට්ටිය පස්වෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. ඒකේ දැකපු විදියටම ඉශ්රායෙල්වරුන්ගේ ඉතිහාසයේ තීරණාත්මක පරිච්ඡේදයක් වෙච්ච බැබිලෝනියානු විප්‍රවාසය හා ක්‍රි.පූ. 539 පමණ බැබිලෝනියාව ආක්‍රමණය කරපු සිරියානු රජවරුන්ගේ අනුග්‍රහයෙන් මේ ජුදා ජනතාව ආපහු ජෙරුසලම බලා ඇවිල්ලා ක්‍රි.පූ 515 දී පමණ දේව මාළිගාව යළිත් ගොඩනඟා කැප කොට දේව නමස්කාරය නැවත ආරම්භ කරගෙන යනවා. ඔවුන්ව සාමකාමී ලෙස පාලනය වෙන්නේ පර්සියානු අධිරාජ්‍යයේ කොටසක් වශයෙන්. එ වගේම මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යා විසින් ක්‍රි.පූ. 333 දී පර්සියාව යටත් කරගන්නා තාක්ම එහෙම පාලනය වුණා කියලා සමා ඉතිහාසයේ කියවෙන්නේ.

ඊටත් පස්සෙ මේ ජුදා රාජ්‍ය ක්‍රි.පූ. 63 දී විතර රෝම අධිරාජ්‍යට යටත් වෙනවා. ඔවුන්ව පාලනය වන්නේ රෝමය විසින් පත්කරවන ලද හෙරෝද් රාජ වංශය විසිනුයි. හැබැයි මේ රෝම වරුන්ගේ නීතිය. බදු අයකිරීම් නිසා මේ ජුදා ජනතාව නොසෑහෙන්න දුක් විඳිමිනුයි උන්නේ. ඉතින් ඒ නිසාම වගේම කලින් දිවැසිවරුන් අනාවැකි කියපු විදියටම දාවිත් රජුගේ වංශයෙන් පහළ වන ආදර්ශවත් රජ කෙනෙකු නැත්තම් තමුන්ව මේ අයෝමය හස්තයෙන් ගලවා ගන්න එන මෙසියස් (ගැලවුම්කරුවෙක්) කෙනෙක් ගැන් ඔවුන් දෑස් දල්වා බලා සිටියා. අද ඉඳන් ඉතුරු කොටස් පහ තුළ කතා වෙන්නේ ඒ මෙලොවට ආපු ගැලවුම්කාරයාට වෙච්ච කෙරිච්ච දේ ගැනයි.

ඒ කියන්නේ පසුගිය කොටසෙන් පැරණි ගිවිසුමෙන් ගත්තු කතා අවසන් වෙනවා. අද කොටස යන්නේ නව ගිවිසුමේ කතා වලින්. මොකක්ද මේ නව ගිවිසුම කියන්නේ. මම මුල් ලිපියෙනුත් කිව්වා වගේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපතේ සිට ඉදිරියට ගෙවිච්ච ජිවිත කතාව හා ක්‍රිස්තුන් වහන්සේගේ පුනරුජ්ජීවනයෙන් අනතුරුව කතෝලික සභාව ගෙවිච්ච ආකාරය ගැන කියවෙනවා. උන්වහන්සේගේ උත්ථානයෙන් වසර පනහක පමණ කාලයක් තුළ ලේඛකයින් දොළොස් දෙනෙකුගේ පමණ අතින් ලියැවුණු කෘතීන් විසිහතකින් මෙම නව ගිවිසුම සමන්විත වෙනවා. මේ කෘතීන්හී විවිධ සත්‍යයන් හා විස්තර ඇතුළත් වුණත් එක ම තේමාවෙන් ඒ සියල්ල ඒකාබද්ධ ව තියෙනවා.

මේ නව ගිවිසුමේ තියෙන පොත් 27; සුබ අස්න, ඓතිහාසීය කථා, හසුන් පත් හා එළිදරව්ව පොත ලෙස කොටස් හතරකට බෙදින්න පුළුවන්. මුල් කෘතීන් හතර, ලේඛකයින් හතර දෙනෙකු විසින් ලියැවුණු ක්‍රිස්තුන් වහන්සේගේ උපත, සේවා මෙහෙය, ඉගැන්වීම්, මරණය හා පුනරුජ්ජීවනය ඇසුරුකොට ගත් චරිත කථා වස්තු සතරකි. ”ප්‍රේරිතවරුන්ගේ ක්‍රියා පොත” ලෙස හැඳින්වෙනුයේ ශුද්ධ වූ සභාවේ ආරම්භක අවුරුදු තිහක පමණ කාලයක ඉතිහාසයි. කිතුනු සභාව සංවිධානය වී වර්ධනය වූ ආකාරය හා ජෙරුසලමෙන් ආරම්භ වූ කිතු දහම, ප්‍රේරිතවරුන්ගේ නැතහොත් අපෝස්තුලුවරුන්ගේ ධර්මදූත සේවය නිසා ප්‍රතාපවත් රෝම අධිරාජ්‍යයෙහි විවිධ දේශයන්හි ව්‍යාප්ත වූ ආකාරය පිළිබඳ ව වන ඓතිහාසික ව වැදගත් කරුණු මෙම පොතෙහි තියෙනවා. ඉතිරි කෘතීන් විසිදෙකෙන් එකක් හැර සෙසු සියල්ල හසුන්පත්. ඒවායින් සමහරක් විවිධ දේශයන්හී ජීවත් වූ කිතුබැතියන් සඳහා පොදු හසුන්පත් ලෙස ද, තවත් සමහරක් කිතුනු සභාවන් හෝ පුද්ගලයින් සඳහා විශේෂ හසුන්පත් ලෙස ද, හැඳින්විය හැකි අතර මේවා කිතු දහම විස්තර කරනු සඳහාත්, ගැටලු නිරාකරණය කරනු සඳහාත්, අවවාදානුශාසනා ගෙන ඒම සඳහාත්, ලියැවුණු ඒවා වෙනවා. මෙම හසුන්පත්වලින් දහතුනක් ශුද්ධවර පාවුලු තුමන් විසින් ලියනු ලැබූ කෘතීන් සේ පිළිගැන්නවා. ”සාමාන්‍ය හසුන්” ලෙස හැඳින්වෙන ඉතිරි කෘතීන් අටෙන්, හෙබ්‍රෙව්රුන්ට යොමු වුණු හසුන්පත හැර සෙසු කෘතීන් හත ම, කිතු සමිඳුන්ගේ අග්‍රශ්‍රාවකයින් වූ පේදුරු, ජොහන් හා ජාකොබ් යන ශුද්ධවරයින්ගේ කෘතීන් ලෙස හැඳින්වෙන කෙටි හසුන්පත් වෙනවා.

අන්තිම පොත වෙච්ච ”එළිදරව්ව” පොතේ එක විශේෂත්වයක් තියෙනවා. ඒ තමා, දේව රාජ්‍යයේ ජයග්‍රහණය හා ක්‍රිස්තුන් වහන්සේ රාජාතිරාජ හා දේවාතිදේව පරමෝත්තමයාණන් බව දර්ශන, සංකේත හා කාල්පනික රූපක මඟින් දක්වනු ලැබ තිබීම. නව ගිවිසුමේ සියලු පොත් එක ම ඒකකයක් බවට පත් කෙරෙන ක්‍රිස්තුන් වහන්සේ ලෝකයේ විමුක්තිදායකයාණන් වීමේ තේමාව, මෙම අවසන් පොතෙන් පැහැදිලි ව ම ප්‍රකාශ වේ.

තව දෙයක් කියන්න ඕනා. ජේසුස් වහන්සේ කතා කළේ, දේශන හා ඉගැන්වීම් කළේ ද, ජුදෙව්රුන් කතා කළ අරමීය භාෂාවෙනුයි.ඒ හින්දම පැරණි හෙබ්‍රෙව් භාෂාවේ සහ ආගමික සම්ප්‍රදායේ පසුබිම උන් වහන්සේගේ දේශන හා ඉගැන්වීම් තුළ පේන්න තියෙනවා. ඒත් ඒ කාලේ පොදු භාෂාව වශයෙන් පැවතියේ ග්‍රික භාෂාව හින්දත්, ප්‍රචලිත ශිෂ්ටාචාරය ග්‍රික ශිෂ්ටාචාරය වෙච්ච හින්දත්, නව ගිවිසුම මුලින්ම ලියන ලද්දේ එවකට ජාත්‍යන්තර භාෂාව වූ ග්‍රික භාෂාවෙනුයි. කලින් කිව්වා වගේම නව ගිවිසුමේ කෘතීන් පළමු වන ශතවර්ෂය තුළ හෝ එයින් ස්වල්ප කලකට පසුව ලියවෙච්ච ඒවා වගේම ඒවලින් සමහරක් ලියලා තියෙන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ ශ්‍රාවකයින්, එනම්, උන් වහන්සේ ඇසුරු කළ උන් වහන්සේ සමීප ව දැන හැඳින සිටි අයයි.

ලිපියනම් සෑහෙන්න දික් වුණා. ඒත් වැදගත් වේවි කියලා හිතනවා. ඔන්න එහෙනම් අද කතාව බාගෙන බලන්නකෝ.205

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

සියල්ල අඩංගු කොපිය මෙතනින් බාගන්න

8f352e8368c71a60d8288da2d7ed748062370cb5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

 

1,693 downloadsDownload The.Bible_.2013.E06.zip34 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

1,693 downloadsDownload Subtitles34 KB

27 comments

  1. chamath cafe

    එකක් තාම ඩවුන් වෙනවා තවත් එකක් පට්ට

  2. උදාර

    ජයෙන් ජය

  3. prashanna

    wow pissu hadei aiyeee. anika baluweth naha.. tawa ekak maru aaaaaaaaaaaaaaaaaaaaaaa

  4. naleen

    jaya wewa sahota niyamai

  5. hh

    elama thama machan

  6. shann

    බාන්න දැම්ම කලින් ඒවා බැලුවෙත් නෑ තාම :)

  7. quik

    thanks

  8. amilatk

    jayen jayama wewa!

  9. chami

    thxxxxxxxxxx

  10. Isuru

    niyami saho

  11. pubudu

    jaya :D

  12. Ranga

    මු නම් යකෙක් මෙච්චර ඉක්මනට සබ් දේන්න
    බෝහොම ස්තුති සහෝ

  13. wow

    wow.. maru :)

  14. isuraj

    mehemath deemak :D niyamai roye iyya !!!

  15. “චූටී මල්ලි”

    අද තවත් කොටසක්
    වටින එකක් නිසා දුන්නට පාඩු නෑ
    සබට තෑන්ක්ස්
    ඔබට ජය....

  16. රොහාන්

    සම්පුර්ණ කතාවම බාගෙන තියා ගත්තා රොයිලි අයියා දෙනකොට සුපිරි වේගයක් තියෙන්නේ කියලා අත්දැකීමෙන් දන්නවා. ගොඩක් ස්තුතියි මේ කරන කැපවීමට. සමාවෙන්න කමේන්ට් කරන්න පරක්කු වුනාට. මේ වගේ කතාවකට සබ් දෙන්න තීරණය කළාට ස්තුතියි. සැබවින්ම දෙවියන්වහන්සේ ඔබට ආශිර්වාද කරන සේක්වා!

  17. සමීර කරුණාරත්න

    වෙනදා වගේම බොහොම තුතී රොයිලි අයියේ...!

  18. rohan

    මට උදව් කරන්න කව්රුහරි මේ baibel කතා බාගන්න .කියල තියෙන විදයට මට තේ රෙන්නේ නැහැ කොහොමද කරන්නේ කියල .

  19. කේ.යු.ජී.උදාර

    සිංහල සබට බොහොම ස්තූතියි............

  20. mudiya / මුදියා

    ඔය දීල තියෙන්නෙ.ජයවේවා.බොහෝ.....................................ම ස්තූතියි...!

  21. yeshu

    thankZ

  22. Amil

    නියමයි රොයිලි අයියේ.. අද මම 6 වෙනි කොටස බා ගත්තා.. මේ කථාපෙලට සබ් දුන්නට නම් තැන්ක්ස්............

  23. රාම් රාජ්

    මේ කථා සීරීස් එක දුන්නු එක ගැන ස්තූතියි.

  24. DAMER

    එළ එළ.. 8)
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  25. viradaka

    අශිර්වාද වේවා

  26. වරුණ නිරෝෂණ

    නැවතත් ස්තුතිය සහෝ.....

  27. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :P |

    :) උපසිරැසියට තුති……. :)