[box]හොඳයි කට්ටිය හතරවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. ප්‍රාදේශීය වීරයන්ගෙන් පස්සේ ඔවුන්ට ලැබෙන සාවුල් හා ඊශ්‍රායලයේ විශිෂ්ටතම රජ වෙන දාවිත් රජතුමා ගැනත් බලන්න ඇතිනේ. ඉතින් ඒ කොටසයි අද කොටසයි අතර මේ කොටස් වල නොකියවෙන සම්බන්ධය කියන්න තමා මම දැන් හදන්නේ. දාවිත් රජගේ පුත්‍රයා වෙච්ච සලමොන් රජු කියන්නේ…
හොඳයි කට්ටිය හතරවෙනි කොටස බලන්න ඇති කියලා හිතනවා. ප්‍රාදේශීය වීරයන්ගෙන් පස්සේ ඔවුන්ට ලැබෙන සාවුල් හා ඊශ්‍රායලයේ විශිෂ්ටතම රජ වෙන දාවිත් රජතුමා ගැනත් බලන්න ඇතිනේ. ඉතින් ඒ කොටසයි අද කොටසයි අතර මේ කොටස් වල නොකියවෙන සම්බන්ධය කියන්න තමා මම දැන් හදන්නේ.
දාවිත් රජගේ පුත්‍රයා වෙච්ච සලමොන් රජු කියන්නේ බයිබලයේ සඳහන් වෙන ශුද්ධවන්තම ස්ථානය වෙච්ච දේව මාළිගාව ඊශ්‍රායෙල් වරුන්ට හදලා දීපු රජතුමායි. එහි තමා මෝසෙස් ට දීපු දස පණත පවා තැන්පත් වෙලාතියෙන්නේ. ඒ වගේම එතුමා පාලනය හා විනිශ්චය කිරීම අතින් බොහෝම ඥානවන්ත රජකෙන්ක් කියලා කියවෙනවා. එතුමා ඉල්ලපු එකම දේත් ඒකම තමා කියලා තමා කියවෙන්නේ. ඒත් මේ සලමොන් රජතුමා ක්‍රි.පූ. 931 දී මරණයට පත්වුණාට පස්සේ රජ වෙන්නේ එතුමාගේ පුතා රෙහොබොවාම් රජුයි. ඒත් ඔහුව පිළිගන්න ඊශ්‍රායලයේ ගෝත්‍ර වලින් වැඩි කොටසක් අකමැති වෙනවා. ඒ වගේම ඔහුගේ පියාණන් වෙච්ච සලමොන් රජ පටවලා තිබ්බ බදු බර අහක් කරන්න ඔහු අකමැති වීම නිසාම කැරැල්ලක් හර ගන්නවා.
ඉතින් අවසානයේ මේ ඊශ්‍රායෙල් රාජ්‍ය දෙකට කැඩිලා යනවා. එක් පසක රූබන්, ඉස්සාකර්, සාබුලොන්, දාන්, නප්තලී, ගාද් ,ආෂෙර්, මනස්සේ සහ එප්‍රායිම්, සිමියොන් කියන ගෝත්‍ර 9 හා ලෙවී ගෝත්‍රයේ මේ ප්‍රදේශ වල වාසය කල කොටස(ලෙවී ගෝත්‍රයේ සිටියේ භූමියක් අයිහි නැති එහෙත් අනික් ගෝත්‍රවලින් යැපෙන පූජක පෙළපතට අයිති අයවේ) කැඩිලා ගිහින් උතුරු රාජධානිය (ඊශ්‍රායෙල් රාජධානිය) පිහිටවා ගන්නවා. අනික් කොටසට එනම් දාවිත් රජුගේ පෙළපතට එන රජුව පිළිගන්නා කොටසට අයිති වෙන්නේ ජුදා හා බෙන්ජමින් කියන ගෝත්‍රයි. කලින් වගේම මේ කොටසේ උන්නු ලෙවී ගෝත්‍රයේ අය මේකටම එකතු වුණා. ඔවුන් පිහිටුවා ගන්නා රාජධානිය තමා ජුදා රාජධානිය. (දකුණු රාජධානිය)
ඉතින් මෙතනින් පස්සේ බයිබලයේ වැඩිපුර කතාවෙන්නේ ජුදා රාජධානිය ගැන විතරයි. ඊට හේතුව තමා ක්‍රි.පූ. 732 හා ක්‍රි.පූ 720 දී සිදුවන අසිරියාවේ ආක්‍රමණ වලින් මේ කලින් කියපු කැඩුණු උතුරු(ඊශ්‍රායෙල්_ රාජධානිය අල්ලගෙන එහි ජනතාව එම භූමියෙන් පිටමන් කිරීම.
කාලය ඔහොම ගෙවිගෙන ගියාට පස්සේ ක්‍රි.පූ. හත් වන සිය වසෙහි අවසාන බාගයේත් හය වන සිය වසෙහි මුල් බාගයේත් අතර කාලයේ ජීවත් වෙච්ච දිවැසිවර ජෙරමියා විසින් ජුදා සෙනඟගේ පාප සහ මිථ්‍යා ඇදහිලි හා විශ්වාස නිසා ජාතියට පැමිණෙන්නට යන මහා විපත්තිය ගැන ඔහු අනතුරු ඇඟවීමක් කරනවා. ජෙරුසලම, බබිලෝනියේ රජු වූ නෙබුකද්නෙශර්ට යටත් වීමත්, ශුද්ධ නගරය හා දේව මාළිගාව විනාශ වීමත් ජුදාවේ රජු හා සෙනඟ බොහෝ දෙනෙකු බබිලෝනියේ විප්‍රවාසගත වීමත් එයට අයිතියි. කොටින්ම ජෙරුසලම විනාශ කිරීම සහ ජුදාහි සෙනඟ අවුරුදු ගණනාවක් විප්‍රවාසගත වීම ඉශ්රායෙල්වරුන්ගේ ඉතිහාසයේ තීරණාත්මක පරිච්ඡේදයක් වුණා.
ඉතින් හතර වෙනි කොටසත් මේ කොටසත් අතර අවුරුදු ගණනාවක සිදුවෙච්ච සිදුවීම් තමා ඔය මම සැකවින් කිව්වේ. ඒ වගේම මේ කොටසෙන් පස්සේ පරණ ගිවිසුමේ කොටස් අවසාන වෙනවා. හයවෙනි කොටසෙ ඉඳන් යන්නේ ජේසුතුමාගේ පැමිණිමෙන් පස්සෙ සිදුවෙන නව ගිවිසුමේ කතාවයි. එහෙනම් ඔන්න දැන් අද කොටස බලන්න මම ඉඩ දෙනවා.204
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
සියල්ල අඩංගු කොපිය මෙතනින් බාගන්න
8f352e8368c71a60d8288da2d7ed748062370cb5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,722 downloadsDownload The.Bible_.2013.E05.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/රොයිලි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode Next Episode >>
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
26 comments
hh
rusuru | රුසිරු
ජය වේවා මේක සුපිරි
prashanna
maru mama mekata mara kamathi.. e wagema ikmanata sub dena ekatanam godak pin
quik
thanks
Isuru
ela ela machan
උදාර
නියමයි
shann
බාන්න දැම්ම තුති
දිනිඳු සම්පත්
එකක් බලලා ඉවරවෙන්නත් කලින් තව එකකට සබ් දීලනෙ.. බොහොම ස්තූතියි රොයිලි සහෝ.. ජයවේවා!!!
mudiya / මුදියා
මාරයිනෙ.රොයිලි අයියා අද කොටසත් වෙඩි වගේ දීලනෙ.නියමයි හොඳේ.ජයවේවා.බොහෝ...................................ම ස්තූතියි...!
chamath cafe
බොහොම පින්
ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
ගින්දර හොදේ...මැක්සා.....
wow
wow.. maru :D
“චූටී මල්ලි”
මේක මන් ඉතාම වටිනා එකක් සහෝ
ඇත්තටම පට්ට පහරක්
සබට තෑන්ක්ස්
ඔබට ජය....dinesh
niyamai kollo maru mewage dewal thamai dan balanna ona oyata godak pin wade lassanai elakiri
සමීර කරුණාරත්න
වෙනදා වගේම බොහොම තුතී රොයිලි අයියේ...!
කේ.යු.ජී.උදාර
සිංහල සබට බොහොම ස්තූතියි............
mudiya / මුදියා
නියමයි රොයිලි අයියා.ජයවේවා.බොහෝ.............................................ම ස්තූතියි...!
yeshu
thankZ
Amil
නියමයි.... අද නිකන් වෙඩි වගේ සබ් දෙනවා... බොහෝම ස්තුතියි බයිස්කෝප් සෙට් එකටම..
මේ ෆිල්ම් එකනම් පට්ට ෆිල්ම් එකක්.. මම මේක ගැන අහලා තිබුනට සිංහල සබ් නැති නිසා වැඩිය බලන්න උනන්දුවක් කරේ නැ... සිංහල සබ් දුන්නට තැන්ක්ස්... නැද්ද මිට වඩා අඩු ධාරිතාවේ කොපියක් එහෙම.රාම් රාජ්
ස්තූතියි රොයිලි
mindika
Thanks !!!!!!!!!!!!!!!
DAMER
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍charuka.93
අයියේ ගොඩක් ස්තූතියි....මම මේක බාලා අපේ පල්ලියෙත් පෙන්නුවා,කට්ටිය අහනවා කොහෙන්ද කියලා මං ඉතින් baiscope එක ගැන කිව්වා,ගොඩාක් thnxxxxxxxxxx
viradaka
ගොඩාක් පින්
වරුණ නිරෝෂණ
උපසිරැසියට ගොඩාක් ස්තුතියි සහෝ
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Advertisement
පට්ට