හොදයි එහෙනම් මේ ඉදිරිපත් කරන්න යන්නේ පොඩි කාලයක විරාමයක් එක්ක The Blacklist දෙවෙනි වෙලුමේ නමවෙනි කොටස. ඉතින් ඉක්මනටම ඉතුරු කොටස් ටිකත් ඔයගොල්ලොන්ට ලැබේවි. පසුගිය කොටසින්, අටවෙනි කොටස ආරම්භ වුනේ එලිසබෙත් කීන් ඇගේ සැමියා වන ටොම් කීන්ට වෙඩි තියනවා ඔහු ඇයව මරණ්න හදද්දී. ඒක මතකයක් විදිහටයි පෙන්නුම් කරන්…

හොදයි එහෙනම් මේ ඉදිරිපත් කරන්න යන්නේ පොඩි කාලයක විරාමයක් එක්ක The Blacklist දෙවෙනි වෙලුමේ නමවෙනි කොටස. ඉතින් ඉක්මනටම ඉතුරු කොටස් ටිකත් ඔයගොල්ලොන්ට ලැබේවි.
පසුගිය කොටසින්,
අටවෙනි කොටස ආරම්භ වුනේ එලිසබෙත් කීන් ඇගේ සැමියා වන ටොම් කීන්ට වෙඩි තියනවා ඔහු ඇයව මරණ්න හදද්දී. ඒක මතකයක් විදිහටයි පෙන්නුම් කරන්නේ. ඊටපස්සේ එලිසබෙත් රේමන්ඩ් රෙඩින්ගටන්ට කියනවා එයාට කාමරයෙන් පිටවෙන්න කියලා. මොකද එතකොට ඇයට පුලුවන් ටොම්ව ඉවරයක් කරලාම දාන්න. නමුත් මරණවා වෙනුවට ඇය ටොම්ව පැහැරගෙන බෝට්ටුවක් මඟින් හිරගෙදරකට ගිහින් දානවා. ඊටපස්සේ ටොම් ලවා රෙඩ්ගේ බ්ලැක්ලිස්ට් එකේ ඉන්න කට්ටිය ගැන තොරතුරු කියවාගන්නවා. ඒ සේරම හෙලිදවර් වෙනකම් එලිසබෙත් ටොම්ව මාස හතරක් හිරකරගෙන ඉන්නවා.
රෙඩ්ට බර්ලින්ව හම්බවුනාට පස්සේ එයාට තේරුම් කරලා දෙනවා එයාගේ දුව සෝයි ජීවත් වෙනවා කියලා. ඒවගේම රෙඩ් බර්ලින්ට එයාගේ දුවව බාරදෙනවා. බර්ලින් විශ්වාස කරේ රෙඩ් දුවව මැරුවා කියලනේ. මේ නිසාම රෙඩ් බර්ලින්ගෙන් අහනවා කවුද එයාට ඒ බොරුව කිව්වේ කියලා. බර්ලින් Decembrist කියලා කෙනෙක් ගැන රෙඩ්ට කියනවා. රෙඩ් සහ බර්ලින් එකතුවෙලා ඊටපස්සේ මිනිස්සු කීපදෙනෙක්ව දඬයම් කරනවා. ඒ මේ දෙසෙම්බ්‍රිස්ට් කියන මනුස්සයාගේ ඇත්තම නම හොයාගන්න. කොහොමහරි එයාලා හොයාගන්නවා ඒ මනුස්සයාගේ ඇත්ත නම ඇලන් ෆිට්ච් කියලා. ඒ පුද්ගලයාව හොයාගත්තට පස්සේ බර්ලින් තීරණය කරනවා ඒ මනුස්සයාව හොයාගෙන මරළා දාන්න, හැබැයි යම් දෙයක් නිසා රෙඩ් කැමතිවෙන්නේ නෑ ඒ වැඩේට.
පස්සේ රෙඩ් එලිසබෙත්ට එලිදරවු කරනවා එයා බර්ලින් එක්ක වැඩකරපුවා ගැනත්, එයා ටොම් මැරුණේ නෑ කියලා දන්නවා කියලත්. ඇයට තියෙන තරහා නිසාවම, ඇය මාස ගානක් වැයකරනවා ඔහුව හොයාගන්න. රෙඩ් කියපු දේවල් නිසා ඇයට සැකයක් හිතුනා. මේ නිසාම රෙඩ්ට එලිසබෙත් ටොම් ගැන කිව්වේ නෑ. ආපහු බෝට්ටුවට ආවට පස්සේ ටොම් එලිසබෙත්ට කියනවා ඔයාට මාව මරණ්න ඕන වුනත් මාව මරන්නේ නෑ කියලා. එකපාරටම අදුරන්නේ නැති කෙනෙක් බෝට්ටුවෙන් මතුවෙනවා. එලිසබෙත් ඒ මනුස්සයාව අල්ලාගන්නවා. ඊටපස්සේ ටොම් ඒ මනුස්සයාව මරළා දානවා කිසිම සාක්ෂියක් ඉතුරු නොවෙන්න ඕන නිසා. එලිසබෙත් බර්ලින්ව හොයාගන්නවා. ඒ කරලා කියනවා එයාට යන්න දුන්නොත්, එයා හැම තොරතුරක් ගැනම එලිකරයි කියලා. කොහොමහරි ටොම් නගරයෙන් පැනගන්නවා බර්ලින්ට හොයාගන්නවත් බැරි දිහාවකට. මේකට ඩොනල්ඩ් රෙස්ලරුත් උදව් වෙනවා. හැබැයි ටොම් නගරය අතෑරලා යන්න කලින් රෙස්ලර් ටොම්ට කියනවා එයාව FBI එකෙන් කවදා හරි දැක්කොත් එයාව අත්තඩංගුවට අරගනයි කියලා.
බර්ලින් පස්සේ සෝයිව දවල් කෑමකට එක්කරගෙන යනවා. බර්ලින්ගේ මිනිස්සු බලාගෙන ඉන්න නිසාම සෝයිට එතන ඉන්න බැරිතත්වයක් ඇතිවුනා. ඊටපස්සේ රෙඩ් ඇවිත් බර්ලින්ගේ මිනිස්සු ඇලන්ට කරපු දේවල් ගැන දන්නවා කියනවා. FBI එක ඇලන්ගේ බෙල්ලේ බෝම්බයක් තිබිලා හොයාගන්නවා. ඒ කරලා එයාව FBI හෙඩ්කුවාටර්ස් වලට අරගෙන ගිහිල්ලා දාන්නේ රෙඩ් පලවෙනි කතාවේදී හිටපු හිරකාමරයටමයි. ගොඩක් අය උත්සාහ කරනවා බෝම්බය ක්‍රියා විරහිත කරන්න. එකපාරටම ඇලන් කියනවා මෙච්චර ලේ ගෑවිලා තියෙද්දිත් එයාගේ අත් වලට තවත් ලේ ගාවගන්න ඕන නෑ කියලා. ඊටපස්සේ බෝම්බය නිෂ්ක්‍රීය කරන්න ඇවිත් හිටපු නිළධාරීන්ට කියනවා යන්න කියලා. ඊටපස්සේ ඇලන් මැරෙණ්න කලින් රෙඩ් ගැන අහනවා. රෙඩ් පෙට්ටියෙන් එලියේ ඉන්නවා. ඊටපස්සේ ඇලන් එයාගෙන් අහනවා ෆුල්ක්‍රම් එක ගැන. රෙඩ් කියනවා එයාට බෝම්බය නවත්තන්න බෑ කියලා.
මේ දේවල් ඉවරයක් වුනාට පස්සේ, රෙඩ් බර්ලින්ව හම්බවෙනවා. ඒ වොඩ්කා බෝතල් දෙකකුත් අරගෙනමයි යන්නේ. බර්ලින් බෝතලේ බීලා ඉවර වුනට පස්සේ රෙඩ් එයාට හතර පාරක් වෙඩි තියනවා. ඒ එයා මරන්න. එලිසබත් ආපහු බෝට්ටුවෙන් යනවා ටොම් හිටපු දිහාවට. ඒ දැනගන්න රෙඩ් එයා එනකම් එතන ඇති කියලා.
එදා රෑ, ටොම් රෙඩ්ව ආපනශාලවකදී හම්බවෙනවා. රෙඩ් එයාට ලියුම් කවරයක් දෙනවා. ඒ කරලා එයාට කියනවා ” ඔයා කවදාවත් ආපහු ඇයව හම්බවෙන්න එපා” කියලා. ඔහු යන්න කලින්, ටොම් රෙඩ්ට කියනවා එයාගේ ප්‍රශ්ණ කිරීම් අතරතුර එලිසබෙත්ට ඔවුන් ගැන කිසිම දෙයක් කිව්වේ නෑ, ටොම් රෙඩ් එක්ක මුලු කාලය පුරාවටම වැඩ කරා කියන එක ඇරෙන්න කියලා.
අද එතැන් පටන්… තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!
c348ea7e18a78208351ace441a7b44757baec426 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,988 downloadsDownload The-Blacklist-S02E09.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
25 comments
එල්.සී. දමැල්
weere
මගදී නැවතුන එක ආයේ පටන් ගත්තට පට්ට තැන්ක්ස් බන් :)කොහොමහරි අල්ලගෙන ඉවර වෙනකම් යමු.
සුපුන් බුද්ධික
එහෙනම් එකත් දුන්නා ඈ
එපි 13 ක් ඇවිල්ලා ඒ ටිකටත් ඉක්මණට සබ් දෙමු සහෝ..
මේකට සබ් දෙනකම් මග බලාගෙන හිටියේ..ජය වේවා !!!
devinda
thankz bro.enakal balagena hitiye.kiyanna words na.
R.D
Meka denakal balagena hitiye bro.Bohoma sthuti............
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!akalanka
danakal blan hitiye patta thankz bro
sajeevi
thanks a lot
chandana
පට්ට ස්ටොරියක් තියෙන කතාවක්........
මග හිටින්නෙ නෑතුව දිගටම කරගෙන යමු........ජය වේවා !!!
jabula
අම්මෝ ඇති යන්තම්...තෑන්ක්ස් ලොට් ඔෆ්............lol
Kulanjana Maduranga
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
sandaruwan
හම්මේ මේකේ සබ් දානකන් බලන් හිටියේ තැන්ක්ස්.........
jeewantha
පරක්කුවෙල හරි සබ් දුන්න එකට ස්තුතියි මචන්.
jeewantha
පරක්කුවෙලා හරි සබ් දුන්න එකට ස්තුතියි මචන්.
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ඉක්මනින් සමගාමී විකාශයට එමු.
ජය වේවා. !රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නලින්
ස්තුතියි කිනෝ
ජය වේවා!
r
mchnnnnnn meke ithuru tikath ikmnta diynkooooooooooooooo
RAVINDU
Meka denakam balan unne godaaaaaaak THANKS Broooooo
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Mihan
Thank you !
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........Dushan Tharuka
Thank You !!!
Thanujaya Bandara
එල සහෝ
සබට තුති
ඔබට ජය………..Anonymous
Thnx sub ekta...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Thank you bro!