Watch Trailer

Penny Dreadful [S01 : E07] | ස්වාමීත්වය… (18+) [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් කතාවේ අවසානය ළඟට දන්නෙම නැතුව ආවා. අද හත්වෙනි කතාංගය තමයි අපි අරගෙන ආවේ ඔයාලට. තව එක කතාංගයයි පළවෙනි කතාමාලාව ඉවර වෙන්න තියෙන්නේ. වැඩි වැල් වටාරම් නැතුවම ගිය සතියේ මොකද වුනේ කියලා පොඩ්ඩක් දැනගෙනම යමු කතාවට. සර් මැල්කම්, සෙම්බීන් සහ ඊතන්ට නැවතත් ප්‍රාණීන් ටික මුණගැහෙනවා. ඒවගේම වැනේසා, ඩෝරියන්…

penny-dreadful cover5

එහෙනම් කතාවේ අවසානය ළඟට දන්නෙම නැතුව ආවා. අද හත්වෙනි කතාංගය තමයි අපි අරගෙන ආවේ ඔයාලට. තව එක කතාංගයයි පළවෙනි කතාමාලාව ඉවර වෙන්න තියෙන්නේ. වැඩි වැල් වටාරම් නැතුවම ගිය සතියේ මොකද වුනේ කියලා පොඩ්ඩක් දැනගෙනම යමු කතාවට. සර් මැල්කම්, සෙම්බීන් සහ ඊතන්ට නැවතත් ප්‍රාණීන් ටික මුණගැහෙනවා. ඒවගේම වැනේසා, ඩෝරියන් ග්‍රේ එක්ක ඉන්නකොට අමුතු සද්ද වගයක් ඇහුණා. අනිවාර්යයෙන්ම, මිස්ටර් ග්‍රේ ගැනත් ඔයාලට ලොකූ කුතුහලයක් මේ කතාවෙදි ඇතිවෙන්න ඇති. එතකොට කැලිබන් අතින් රුධිර විද්‍යාඥයා මියයනවා. මොවුන් දඩයම් කරන්නේ මොකද්ද කියලත් ඔයාලට අවසානයේ දැනගන්න ලැබුණා. කතාව ඉවර වුනේ වැනේසාට නැවතත් ආරූඪ වීමකින් පසුවයි.

හරි, අද කතාවට යමු. වැනේසාගේ අමුතු හැසිරීම් ආයෙත් මතුවෙයිද? සර් මැල්කම්, ඊතන්ට මොකද්ද කියන්නේ? වැනේසාට, ඇගේ ස්වාමියා කතා කරලා මොකද්ද කියන්නේ? වික්ටර්, ඊතන්ගෙන් උදව් ඉල්ලන්නේ මොනවටද? සෙම්බීන්ගේ අතීතය මොනවගේද? සර් මැල්කම්ගේ සැබෑ චේතනාව මොකද්ද? අද කතාව විකාශනය වුනේ 2014 ජූනි 22 වෙනිදා. 9.0ක ඉහළ IMDB අගයක් ලැබිලා තියනවා.

දැනුමට:

කවුද මේ අමූන්-රා (Amun-ra) කියන්නේ?

ගිය සතියේ කතාවෙන් ඔයාලට “ඇමුනෙට්” එහෙමත් නැත්තම් “සර්ප රැජිණ” ගැන පොඩි විස්තරයක් ගෙනාවා. අද මම ඔයාලට කියන්නේ “අමූන් රා” ගැන. මෙය “ආමෙන්”, “ඊමෙන්” වශයෙන්ද ඇතැම් ප්‍රදේශ වල ව්‍යවහාර කර ඇත. මොහු ඊජිප්තු වැසියන් විසින් සූර්ය දෙවියන් ලෙස හදුන්වනවා. ඊජිප්තුවේ වැදගත්ම දෙවිවරුන්ගෙන් කෙනෙක් වන අමූන් පුරාන ඊජිප්තු ආගමේ ප්‍රධාන දෙවියා බවට පත්වෙලා තියනවා. බොහෝ ඊජිප්තුවන් මොහුව “රජවරුන්ගේ දෙවියා හැටියටත් දෙවිවරුන්ගේ රජුන්” සලකනු ලබයි. මොහු අතීත ඊජිප්තුවේ වයස්ගතම හා වැඩියෙන්ම වන්දනාමානයනට පාත්‍රා වූ දෙවියන්ය. අමූන් රා කියන නමේ සාමාන්‍ය තේරුම, “සැඟවුණු එළිය” යන්නයි. ලෝකයේ දේශපාලන සහ සමාජ සංසිද්ධීන් වලදී, ඊජිප්තුව ලබාගෙන ඇති ස්ථානය නිසා ඔහු “විශ්වීය දෙවියන්” ලෙස විශාල ප්‍රසිද්ධියක් ලබාගෙන තියනවා. ග්‍රීකයේ මුල් ජනාවාස කාලයන් වලදී ඔවුන් විසින් මොහුව “ඊජිප්තුවේ සීයුස්” නමින් හඳුන්වා තියනවා. පුරාණ ඊජිප්තු වැසියන්ට අනුව අමූන් උපත ලබා ඇත්තේ වර්තමාන සුඩානයේ උතුරු පලාතයේ “ගේබල් බාර්කල්” (Gebel Barkal ) යන ස්ථානයේදී. අමූන් රාගේ අගමෙහෙසිය වන්නේ “ඇමුනෙට්” යන දෙවඟනයි.

අද කතාවත් බලන්න කියලා ආරාධනා කරන ගමන්ම අවසාන කතාංගයෙන් මුණගැහෙනකන් ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා…!

 

Penny Dreadful (2014– ) on IMDb

 

 

1.29 GB (Complete Season) මෙතනින් බාගන්න

46A825AF9A9A6182041EC4BAFB64A6033FFD2923 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,588 downloadsDownload Penny-Dreadful-S01E07.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/12/Isuru-Pradeep-e1419256314462.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු නුවන්” හා “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

Subtitles

1,588 downloadsDownload Subtitles27 KB

12 comments

  1. akalanka

    thankz machan

  2. Danu

    thankz, jaya wewa

  3. sajeevi

    thanks

  4. isuru

    thanks bros!

  5. Kulanjana Maduranga

    niayamai…thanks ISURU &amp; PRADEEP mcnla..sub ekata..digatama sub demu.jaya wewa......

  6. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. ලිලංක

    බොහෝම ස්තූතියි ඉසුරු, ප්‍රදීප් දෙන්නටම..!

  8. ඉසු ඩිපි (Isu DP)

    එල ඈ..
    පට්ට. සීසන් 2ත් ආපු ගමන් සමගාමී විකාශයට දෙමු.
    දැනුමට කියලා දාපු කොටසත් අගය කරනවා.
    ජය වේවා. !

  9. Gayan Chinthaka

    meke ithuru tikath danna
    thank's wedeta

  10. sanjeewa

    thanks

  11. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  12. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.