ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න දිවා රෑ වෙහෙසකර කර්තව්‍යයක තවත් ප්‍රතිඵලයක් අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා දන්නවනේ මේවා කරන්නන් වාලේ කරලා වැඩක් නැති බව. ඒක නිසා සෑහෙන්න ඉවසීමකින් කරුණු හොයලා බලලා කරන්න ගියාම වෙලාව යනවා දැනෙන්නේ නෑ. ඉතින් The Blue Planet II නරඹන කිහිපදෙනා හරි මේක බලලා, කියවලා යමක්…

ඉතින් කොහොමද යාළුවනේ? ඔන්න දිවා රෑ වෙහෙසකර කර්තව්‍යයක තවත් ප්‍රතිඵලයක් අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. ඔයාලා දන්නවනේ මේවා කරන්නන් වාලේ කරලා වැඩක් නැති බව. ඒක නිසා සෑහෙන්න ඉවසීමකින් කරුණු හොයලා බලලා කරන්න ගියාම වෙලාව යනවා දැනෙන්නේ නෑ. ඉතින් The Blue Planet II නරඹන කිහිපදෙනා හරි මේක බලලා, කියවලා යමක් ඉගෙන ගන්නවනම් සහ අනිත් අයටත් මේක අනිවාර්යයෙන්ම බලන්න කියලා ආරාධනා කරනවනම් ඒක තමයි මගේ සතුට. මොකද මම මේ කරන වැඩේ ප්‍රතිඵලදායක වෙන්නේ එතකොටයි.
හරි එහෙනම්. කළින් කොටස බලන්න ඇති කියලා හිතනවා. “සුන්දර කොරල් පරයන්” තමයි ඒ කොටසින් අපි කතා කළේ. දිග ලිපියකුත් ඔයාලට මං අරගෙන ආවා. ඒකත් ඉතින් අවශ්‍ය අය බලන්න ඇති කියලා හිතනවා. අදත් මම සාගර වැසියන් කිහිප දෙනෙක් ගැන තොරතුරු අරගෙන එනවා. අද කතාංගය නම් කරලා තියෙන්නේ “Big Blue” කියලා. නිල් පැහැති සාගරය ගැන තමයි අද කතා කරන්නේ. ලෝකයේ තිබෙන විශාලතම කාන්තාරය, සාගරය කිව්වොත් ඔයාල පිළිගන්නවද? එය වෙරලේ සිට සැතපුම් ගණනක් විහිදී ඇති අතර තවත් සැතපුම් ගණනාවක්ම ගැඹුරු වෙනවා. ඉතින් අති විශාල වූ මේ සාගරය තුළ ආහාර සොයා ගැනීමට හෝ සැඟවී සිටීම කළ නොහැකියි. ඉතින් සාගරය තුළ සිටින සියළුම ජීවීන් මෙන්න මේ දෙකට යටත් වෙනවා. අනිත් එක තමයි සාගරයට අපි අවුරුද්දකට එකතු කරන අපද්‍රව්‍ය ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙලා තියෙනවා. ප්ලාස්ටික් ටොන් මිලියන අටක් විතර මුදා හරිනවා. මේ නිසා සාගර ජීවීන්ට විඳීමට සිදු වෙලා තියෙන කරදර අද ඔයාලට බලාගන්න පුලුවන් වෙනවා. මේ ඊයේ පෙරේදා නැවකුත් ගිල්ලුවනේ. ඉතින් ඒවගේ විපාක අපිටමයි විඳින්න සිද්ද වෙන්නේ නුදුරු අනාගතයේදීම. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ මුලින්ම අපි අපේ පරිසරය රැකගෙන ඉමු කියලා. ඒවගේම කතාංගය අවසානයේ මෙහි ඇතුළත් දර්ශන රූගත කරන්න මෙහි නිෂ්පාදක කණ්ඩායම දරපු අප්‍රමාණ මහන්සිය ඔයාලට බලාගන්න පුලුවන් වෙනවා. එහෙනම් අදත් කතාංගය නරඹන්නට ආරාධනා කරමින් මම ගිහින් එන්නම්. අවසාන කතාංගයන් තුනෙන් හමුවෙමු. ජයෙන් ජයම වේවා…!
Spinner dolphin
ස්පිනර් ඩොල්ෆින් මත්ස්‍යයාගේ විද්‍යාත්මක නාමය තමයි Stenella longirostris (ස්ටෙනෙල්ලා ලොන්ගිරොස්ට්‍රිස්) කියන්නේ. මෙම මත්ස්‍යයා නිවර්තන උණුසුම් කලාපයේ වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශවල් වල ජීවත් වෙනවා. මෙයාගේ තියෙන විශේෂත්වය තමන් ජලයෙන් ඉහළට ඇවිල්ලා කැරකැවෙමින් පිනුම් ගැසීමේ හැකියාව. ඒක නිසා තමයි මෙයාට මේ නම හැදිලා තියෙන්නේ. ඒවගේම මෙම මත්ස්‍යයා Delphinidae කුලයට අයත් වන දත් සහිත මත්ස්‍යයෙක්. මොවුන් දැල්ලන්, ඉස්සන්, කුඩා මත්ස්‍ය වර්ග ආහරයට ගන්නවා. මොවුන් රංචු වශයෙන් සිටීම දැකගත හැකි වෙනවා.
Yellowfin tuna
යෙලෝෆින් ටූනා මත්ස්‍යයින්ගේ විද්‍යාත්මක නාමය වෙන්නේ Thunnus albacares. මොවුන් ලෝකය වටා ඇති සමුද්‍ර සන්ධි වල සහ නිවර්තන වගේම උපනිවර්තන ප්‍රදේශවල දැකගත හැකි වෙනවා. මොවුන් 180kg පමණ බරකින් යුක්ත වෙනවා. වාර්තා වෙලා තියෙන අන්දමට මීටර් 2.4 දිග මත්ස්‍යයෙක් හමු වෙලා තියෙනවා. මොවුන් ඉතා විශාල රෑන් ලෙස තමයි දැකගන්න ලැබෙන්නේ. ආහාර විදියට කුඩා මත්ස්‍යයින්, දැල්ලන් ආහරයට ගන්නවා. මොවුන්ගේ ශරීර හැඩය වේගය සඳහා හැඩැහැගිලා තියෙනවා. මෝරුන් තමයි මොවුන්ගේ ප්‍රධාන විලෝපිකයින් වෙන්නේ. මොවුන් ඉතා දක්ෂ පිහිණුම් ශූරයින්. නමුත් ධීවර කර්මාතයේදී ටූනා මත්ස්‍යයින්ට නම් ඉතා වැඩි ඉල්ලුමක් පවතිනවා.
Sailfish
සේල්ෆිෂ් මත්ස්‍යයින් සීත මුහුදු ප්‍රදේශයන් වලින් වාර්තා වෙනවා. ඔවුන් නිල් පැහැයේ සිට අලු පැහය දක්වා වර්ණයන්ගෙන් යුතු වෙනවා. ඔවුන් සතුව කෙලින් සිටවියහැකි වරළක් පවතිනවා. ඒක නිසා තමයි මෙයාට මේ නම ලැබිලා තියෙන්නේ. මොවුන් සාගරයේ වෙසෙන අති දක්ෂ පිහිණුම්කරුවන්. මොවුන් පැයට කිලෝමීටර් 40 ක පමණ වේගයෙන් පිහිනා යනවා. කුඩා මසුන් සහ දැල්ලන් ආහාර ලෙස ගන්නවා. සාමාන්‍යයෙන් සේල්ෆිෂ් මත්ස්‍යයින් මීටර් 3 ට වඩා විශාල වන්නේ නෑ. කලාතුරකින් මොවුන්ගේ බර 90 kg දක්වා වර්ධනය වෙනවා. මොවුන්ගේ ඉදිරිපස පිහිටීම උල් වූ ස්වභාවයක් ගන්නා නිසා ඉතා වේගයෙන් පිහිනා යෑමේ හැකියාව ලැබී තිබෙනවා.
Sperm whale
මොවුන්ගේ විද්‍යාත්මක නාමය වන්නේ Physeter macrocephalus. මොවුන් සතුව ඉතා විශාල දත් පිහිටා තිබීම නිසා දැඩි විලෝපිකයෙක්ද වෙනවා. දැනට Physeter ගණය තුළ ජීවත් වන එකම තල්මසායි. මොවුන් ලොව වටා සාගර ප්‍රදේශවලින් හමු වෙනවා. එක් එක් සමයන් තුළ ආහාර සහ අභිජනනය කිරීම සඳහා මොවුන් පර්‍යටනය වෙනවා. ගැහැණු මත්ස්‍යයින් සහ පැටවුන් එකට වාසය කරන අතර මුහුකුරා ගිය පිරිමි මත්ස්‍යයින්, ගැහැණු මත්ස්‍යයින් ගැබ්බර අවදියේදී කණ්ඩායමෙන් වෙන්වී සිටිනවා. ගැහැණු මත්ස්‍යයින් ඔවුන්ගේ පැටවුන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ව රැකබලා ගැනීමේ වගකීම දරනවා. මොවුන් සෑම වසර 4-20 දක්වා කාලය තුළ පැටවුන්ට උපත ලබා දෙනවා. මොවුන්ගේ විලෝපිකයින් අතර “orca” තල්මසුන් ප්‍රධාන තැනක් ගන්නවා. වැඩුණු පිරිමි මත්ස්‍යයෙකුගේ සාමන්‍ය දිග මීටර් 16 ක් පමණ වෙනවා. මිනිසුන්ට වඩා පස් ගුණයක් පමණ විශාල මොලයක් පිහිටා තිබෙනවා. ස්පර්ම් තල්මසුන්ට අවුරුදු 60 කට වඩා ජීවත්වීමේ හැකියාව පවතිනවා. මොවුන් මීටර් 300-800 දක්වා කිමිදීමේ හැකියාව පවතිනවා. මොවුන්ගේ ආහාර අතර විශාල දැල්ලන්,බූවල්ලන් ප්‍රධාන තැනක් ගන්නවා. නවසීලන්තයේ ස්ථාන කිහිපයක මෙම sperm whale නැරඹීමේ හැකියාව පවතිනවා.
Silky shark
සිල්කි මෝරා යනු Carcharhinidae ගණයට අයත් අයත් ක්ෂීරපායී මෝරුන් විශේෂයකි. මොවුන්ගේ විද්‍යාත්මක නාමය වන්නේ Carcharhinus falciformis ය. නිවර්තන කලාපීය සාගර වල නොගැඹුරු මුහුදේ මෙම මෝරුන් විශේෂය සුලබ වශයෙන් දක්නට ඇත.ඉතා චංචල ස්වභාවයක් ඇති මෙම මෝරා මහද්වීපික තටකයට මීටර් 50ක් පමණ ගැඹුරු මුහුදේ දී දැක ගත හැකිය. අනාකූල සිහින් සිරුරකට හිමිකම් කියන මෙම මත්ස්‍යයා සාමාන්‍යයෙන් මීටර් 2.5ක් පමණ වර්ධනය වෙනවා. සිරුර පසුපස ඇති වක්‍රාකාර දාරයක් සහිත කුඩා පෘෂ්ඨීය වරල නිසා මොවුන් අනෙක්කුත් මෝරන් අතරින් විශේෂ කොට හදුනා ගත හැකි වෙනවා. මොවුන් වෙසෙන ප්‍රදේශය තුළ ආහාර හිඟ වුවහොත් වේගවත් හා මුරණ්ඩු ස්වභාවයක් සහිත දඩයක්කරුවෙකු වෙනවා. තම ගොදුරු වල ඉව ඔස්සේ හඹා ගොස් ගොදුරු කරගැනීමටද මොවුන් කැමැත්තක් දක්වයි. ඉතා කුඩා ශබ්ද පවා මොහුට දැනෙන අතර තම ආහාර ප්‍රභවයද ඒ ඔස්සේ සොයාගනු ලබයි. වෙරල කලාපයේ සිටින මිනිසුන් හට සහ කිමිදුම් කරුවන්ටද ආක්‍රමණශීලී ප්‍රහාර එල්ල කිරීමට සමත් වෙනවා. ධීවර කර්මාන්තය හේතුවෙන් මොවුන්ගේ ගහණය අඩු වෙමින් පවතින බව වාර්තා වෙනව. 2007 වසරේදී (IUCN) මගින් නිකුත් කර ඇති සංඛ්‍යා දත්ත වලට අනුව මෙම ජීවීන් අවම වැදගත් සිට තර්ජනයට ලක්වීමට ආසන්න ලෙස නම් කර ඇත.
Blue shark
බ්ලූ ශාර්ක් මත්ස්‍යයාගේ විද්‍යාත්මක නාමය වෙන්නේ Prionace glauca යි. නිවර්තන සහ උපනිවර්තන සාගරික කලාපයන් තුළ මොවුන් දක්නට ලැබෙනවා. සීත ජලය තුළ වාසය කිරීමට ප්‍රියතාවයක් දක්වනවා. මෙම මත්ස්‍යයින් ඉතා දිගු දුරක් පර්‍යටනය වෙනවා. (IUCN) මගින් නිකුත් කර ඇති වාර්තාවන්ට අනුව මෙම මත්ස්‍යා වඳ වී යෑමට ආසන්න ලෙස නම් කර තිබෙනවා. මොවුන්ට ඉතා ඉක්මනින් පිහිනා යෑමේ හැකියාව තිබෙනවා. කුඩා මත්ස්‍යයින්, දැල්ලන්, කකුළුවන් වගේම විශාල ගොදුරු තම ආහාරය ලෙස යොදාගන්නවා. මොවුන්ගේ වැඩිම ආයුකාලය තවමත් නොදන්නා අතර අවුරුදු 20 ක් පමණ ජීවත්වීමේ හැකියාව පවතින බව අනුමාන කරනවා. මොවුන්ගේ කුඩා පැටවුන් සහ තරුණ වයසේ පසුවන මත්ස්‍යයින් අනෙකුත් මෝරුන්ගේ ආහාරයන් බවට පත්වන අවස්ථාවන් තිබෙනවා. ධීවර කර්මාන්තය නිසා වසරකට මොවුන් මීලියන ගණනක් මියයනවා. ඔවුන්ගේ සම ලෙදර් සඳහා භාවිත කරනවා.
Whale shark
වේල් ශාර්ක් මත්ස්‍යයින්ගේ විද්‍යාත්මක නාමය වන්නේ Rhincodon typus ය. මෙම මත්ස්‍යයින් සෙමෙන් පිහිනා (slow-moving) යන අය වේ. මෙඔවුන් තම ආහාර (filter feeder) පෙරා බුදින්නන් වේ. මොවුන් ක්‍රිල්, කුඩා මත්ස්‍ය බිත්තර සහ දැල්ලන් ආහරයට ගන්නවා. දැනට ජීවත්ව සිටි විශාලතම වේල් ශාර්ක් මත්ස්‍යයා මීටර් 12.65 දිගින් යුක්තය. බරින් ටොන් 21 පමණ වෙනවා. දැනට ජීවත් වන ක්ෂීරපායි නොවන පෘෂ්ඨවංශියා තමයි මේ වේල් ශාර්ක් කියන්නේ. මොවුන් නිවර්තන කලාපීය සාගර ප්‍රදේශවල ජීවත්වන අතර, සෙල්සියස් අංශක 21 පහළ ජලයේ ඉතා කලාතුරකින් හමු වී ඇත. ආයුකාලය අවුරුදු 70 ක් පමණ වන අතර එය තවමත් නිස්චිතවම සොයාගෙන නැත. මොවුන් හට ඉතා ගැඹුරු ජලයේ පිහිනීමේ හැකියාව පවතින අතර එය මීටර් 1.800 ක් පමන වන බව වාර්තා වේ. ඒවගේම වේල් ශාර්ක් කියන්නේ මුහුදේ වාසය කරන විශාලතම මත්ස්‍යායි.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,311 downloadsDownload 4.-Big-Blue.Br_.si_.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/Pradeep-Madusanka.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-12-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රදීප් මධුසංඛ
Subtitles
8 comments
Vinod Isuru
Fathishafy
Thank you so much.
Ep 3 eke sub eka miss wela
Please ekath dannajeewantha
සබ් එකට බොහොම ස්තුතීයි. සෑහෙන මහන්සිවෙලා හොඳ විස්තරාත්මක ලිපියකුත් දාලා තියෙනවා. 3 වන එපිසෝඩ් එක දාලා නෑ නේද?
losaka
සබි එක වගේම ලිපියත් වටිනවා සහෝ ස්තුතීයි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
AsithaDilruwan
bohma pin jaya wewa!!
Nirosha Nirosha
Thanks
Waruna Kamalawansha
සුපිරියි...... බොහෝම ස්තූතියි උපසිරැසියට
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Blue Planet II (2018) [ E04] Sinhala Subtitles | ලොව විශාලතම කාන්තාරය…[සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/Blue-Planet-II-Featured-Image.jpg)




machan meke epi 3 sub dala na neda