ඔයාලට කොහොමද යාළුවනේ? ඔන්න අදත් “Blue Planet II ” දෙවනි කතා මාලාවේ පස්වැනි කතාංගය අරගෙන ආවා. ඉතින් පහුගිය කොටස නරඹන්න ඇති කියලා හිතනවා. ලිපි වලිනුත් යමක් කියවලා බලලා ඉගෙන ගත්තනම් සෑහෙන්න වටිනවා. අද කතාව නම් කරලා තියෙන්නේ “Green Seas” කියලා. ඉතින් අපේ ලෝකය වටේ තියෙන මේ සාගර නිල් පාටයි කිව්වට, ජීවය ර…

ඔයාලට කොහොමද යාළුවනේ? ඔන්න අදත් “Blue Planet II ” දෙවනි කතා මාලාවේ පස්වැනි කතාංගය අරගෙන ආවා. ඉතින් පහුගිය කොටස නරඹන්න ඇති කියලා හිතනවා. ලිපි වලිනුත් යමක් කියවලා බලලා ඉගෙන ගත්තනම් සෑහෙන්න වටිනවා. අද කතාව නම් කරලා තියෙන්නේ “Green Seas” කියලා. ඉතින් අපේ ලෝකය වටේ තියෙන මේ සාගර නිල් පාටයි කිව්වට, ජීවය රැඳිලා තියෙන්නේ “කොළ පාට මුහුදු” වලයි. හිරුගේ කිරණ වැටෙන කෙල්ප් වනාන්තර, කඩොලාන පරිසර පද්ධති වගේම මුහුදු තෘණ සහිත ප්‍රදේශයන් වල තමයි ජීවය ඉතාම සාරවත් විදියට පැතිරිලා තියෙන්නේ. ඉතින් මේ කෙල්ප් වගේ ජලජ වනාන්තරවල, නිවර්තන කලාපීය වැසි වනාන්තරයක දක්නට ලැබෙන ශාක සහ සත්ත්ව විවිධත්වයම පාහේ බලාගන්න පුලුවන්. නමුත් මෙවැනි සශ්‍රීක ස්ථානයන්, අතිශයයින්ම තරඟකාරී බවකින් යුක්ත වෙනවා. අද ඔයාලට මේ කියපු සෑම විස්තරයක්ම ඉතා අපූරුවට, අඩු නැතුව නරඹන්නට හැකියාව ලැබෙනවා.
ඉතින් කතා මාලාව පුරාවටම ඔයාලට අහන්න ලැබුණු දෙයක් තමයි “නිවර්තන වැසි වනාන්තර, උප නිවර්තන, ධ්‍රැවක අයිස් කලාප” කියන මෙන්න මේ වචන සෙට් එක. සාමාන්‍යයෙන් අපි මේවා හඳුන්වනවා එක එක කලාපයන් විදියට. ඉතින් පොදුවේ අපි මේ කලාප වලට කියන්නේ “බයෝම” එහෙමත් නැත්තම් “බියෝම” (biome) කියලත් කියනවා. ඉතින් නිවැරදි විදියට කිව්වොත් උදාහරණයක් විදියට ” නිවර්තන වර්ෂා වනාන්තර බයෝමය” කියලා අපිට කියන්න පුලුවන්. ඉතින් මොනවද මේ බයෝම කියන්නේ? බයෝම කීයක් තියෙනවද? මොනවද ඒවගේ තියෙන්නේ? ශාක සහ සත්ත්ව අනුවර්තනය කෙසේ වෙලා තියෙනවද? ඉතින් අද මම ඒ ගැන ඔයාලට විස්තර අරගෙන එන්න හිතුවා.
බයෝමයක් නැත්තම් බියෝමයක් (biome) කියන්නේ “සමාන පරිණාම ලක්ෂණ සහිත ජෛව
ප්‍රජාවකින් යුත් විශාල ප්‍රදේශයක ව්‍යාප්ත වූ පරිසර ඒකකයක්” කියලා අපිට ඉතා සරලව කියන්න පුලුවන්. දැනට අධ්‍යයනයේ පහසුව සඳහා ප්‍රධාන වශයෙන් මම බයෝම 10 ක් ගැන තමයි කතා කරන්නේ. ඒවා හැදින්වීම සහ දේශගුණය, ශාක විවිධත්වය, සත්ත්ව විවිධත්වය, අයත් ප්‍රදේශ සහ තර්ජන කියලා මාතෘකා පහක් යටතේ කතා කරනවා.
01. නිවර්තන වර්ෂා වනාන්තර බයෝමය (Tropical Rainforest Biome)
හැඳින්වීම සහ දේශගුණය
සමකය ආසන්න ප්‍රදේශවල මෙම බයෝමය ව්‍යාප්ත වෙලා තියෙනවා. මෙහි වර්ෂාපතනය ඉතා ඉහළ අගයක් ගන්නා අතර එය 2500mm-5000mm ත් අතර විහිදෙනවා. උෂ්ණත්වය සෙල්සියස් අංශක 20-25 අතර වෙනවා. පැහැදිලිව වෙන්කර හඳුනාගත හැකි සමයන් පවතින්නේ නෑ. මතුපිට පාංශු තට්ටුව ඉතා කුඩායි. ඉතා ඉහළ ජෛව විවිධත්වයක් මෙම කලාපයේ පවතිනවා.
ශාක විවිධත්වය
මෙහි ශාක විවිධත්වය ගත් විට එම ප්‍රදේශයටම ආවේණික ශාක විශාල වශයෙන් හඳුනාගත හැකිය. ශාක ඉතා විශාලව වැඩෙන අතර ඒ සඳහා සුදුසු දේශගුණ තත්ත්වයක් මෙහි දක්නට ඇත. හිරුඑළිය සඳහා විශාල තරඟයක් ඇත්තේ මෙමෙ ශාක ඉතා ළඟින් පිහිටා ඇති බැවින්ද හොඳින් වර්ධනය වන නිසාවෙනි. එයට පිළියමක් ලෙස ශාක අතර වියන් ලෙස පිහිටා ඇති ආකාරය හඳුනා ගත හැකිය. අපි ශාක, ශාල වැල් වර්ග තාල වර්ගයේ ශාක හා මීවන වර්ග විශාල වශයෙන් මෙම කලාපයෙන් හමුවේ. ශාකවල මූල පද්ධතිය පසෙහි ගැඹුරට ගමන් නොකරන අතර තිරස් විහිදුමක් දක්නට ඇත.
සත්ත්ව විවිධත්වය
මෙහි සත්ත්ව විශේෂ අතරද විශාල අන්තර් බැඳීමක් සහ ඉහළ ජෛව විවිධත්වයක් දක්නට ලැබේ. තෙතමනය අතින් ඉතා පොහොසත් බැවින් මෙහි මහා ජීවීන්ගේ සිට ක්ෂූද්‍ර ජීවීන් දක්වා හොඳ අන්තර් සබඳතාවයක් ඇත. විලෝපීතාවය, සහජීවනය සහ පරපෝෂීතාවය යන ලක්ෂණ වඩාත් හොදින් නිරීක්ෂණය කළ හැකිය. ඒ අනුව මෙහි වෙසෙන ජීවීන් සියලු දෙනාම මෙම පරිසර පද්ධතියට අනුවර්තනය වී ඇති බව හඳුනාගත හැකිය.
අයත් ප්‍රදේශ
ඔබ දැනටමත් දන්නා සිංහරාජය, ඇමර්සන්, කොංගෝ වර්ෂා වනාන්තර මේ සඳහා ඇති කදිම උදාහරණයි.
තර්ජන
මෙම බයෝමයේ ක්‍රියාවලියට තර්ජනයක් ලෙස දැව සඳහා ගස් කැපීම, ආක්‍රමණශීලී ශාක වල බලපෑම සහ ජාන මංකොල්ලකෑම හඳුනා ගැනීමට පුලුවන්.
——————————————————————————————–
02. සෞම්‍ය කලාපීය පතනශීලී වනාන්තර බයෝමය (Tmperate Dciduous Forest Biome)
හැඳින්වීම සහ දේශගුණය
මෙම බයෝමයට මෙම නම ලැබී ඇත්තේ මෙහි ශාක සෘතුමය වශයෙන් දක්වන වෙනස්කම් නිසාවෙනි. එනම් මෙහි ඇති ශාක ග්‍රීෂ්ම කාලය අවසන් වෙනවාත් සමඟ ශීත කාලය ආරම්භයේ පත්‍ර හැලී යයි. සමස්ථ ලෝකයේම මෙම බයෝමය උතුරු අක්ෂාංශ 30-50 ත් අතර ප්‍රදේශය තුළ හමුවේ. විශේෂයෙන්ම මෙම වනාන්තර සෞම්‍ය කලාපය තුළ දැකිය හැකි නිස සෞම්‍ය කලාපීය පතනශීලී වනාන්තර නමින් හඳුන්වයි. සෘතුමය වෙනස්කම් නිසා මෙම බයෝමය තුළ උෂ්ණත්වයේ විචලනය සෘතුව සමඟ තීරණය වේ. සිසිර සමයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 30 ක් පමණ වන අතර ගිම්හානයේ එය සෙල්සියස් අංශක 30 ක් දක්වා වර්ධනය වේ.
වර්ෂාපතනය 750mm-1500mm පමණ වේ. වර්ෂාව ආකාර කිහිපයකින්ම මෙම ප්‍රදේශවලට ලැබේ. ඒ ජල බිඳු, අයිස් කැට, මීදුම් සහ හිම වශයෙනි.
ශාක විවිධත්වය
මෙම වනාන්තර බයෝම වල ශාක පත්‍ර පළල් වන අතර තරමක ඝනකමක් පෙන්වයි. නිවර්තන වර්ෂා වනාන්තර වල මෙන් වියන් ස්ථර දැකගත නොහැකි වුවත්, තරමක යටි රෝපණයක් දැකගත හැකිය. මෙහි ඇති ශාක අතර ඕක්, බීච්, මේපල්, විලෝ ආදී ශාක අයත් වේ.
සත්ත්ව විවිධත්වය
මෙම බයෝමය තුළ සත්ත්ව ප්‍රජාව ගත් කල මොවුන්ද සෘතු භේදයට අනුව අනුවර්තනය වී ඇති බව හඳුනාගත හැකිය. විශේෂයෙන්ම ශාක පත්‍ර හලා සීත සමයට සූදානම් වන විට සතුන්ගේ ලෝම තට්ටුවකින් (Winter Coats) සිරුර ආවරණය වීම සිදුවේ. ගිම්හාන සමයේ එම ලෝම තට්ටුව හැලී යයි.
අයත් ප්‍රදේශ
ප්‍රංශය, ජර්මනිය, පෝලන්තය, නෙදර්ලන්තය වැනි ප්‍රදේශ වල මෙම බයෝමයන් දක්නට ඇත.
තර්ජන
මෙම බයෝම ක්‍රියාවලියට තර්ජනයක් ලෙස ප්‍රධානතම සාධකය වන්නේ මිනිසා විසින් සිදුකරන වන විනාශය සහ සතුන් දඩයම් කිරීමයි.
————————————————————————————————
03. කාන්තාර බයෝම ( Deserts Biome)
හැඳින්වීම සහ දේශගුණය
මේවා ඝර්ම කලාපයේ හා සෞම්‍ය කලාපයේ කාන්තාර වශයෙන් ඇති අතර ඒවා පිළිවෙලින් උෂ්ණ කාන්තාර ලෙස හා සීත කාන්තාර ලෙස හඳුන්වයි. මේවා උතුරු හා දකුණු අක්ෂාංශ 50 ත් අතර කලාපයේ දක්නට ලැබේ. උෂ්ණ කාන්තාර සමකට දෙපසට වන්නටත් සීත කාන්තාර නිවර්තන කලාපයෙන් ඈත් වන්නටත් විහිදී තිබේ. ඝර්ම කලාපයේ කාන්තාර තුළ උෂ්ණත්වය සෙල්සියස් අංශක 29-35 ත් අතර වේ. වර්ෂාපතනය 250mm වඩා අඩු අගයක් ගනු ලබයි. සෞම්‍ය කලාපයේ කාන්තාර තුළ සෙල්සියස් අංශක 29 වන අතර වර්ෂාපතනය 350mm-700mm අතර අගයක් ගනු ලබයි. මෙහි දේශගුණය කෙරෙහි සාගරික බලපෑමද හේතුවක් වී ඇත. (සාගරික දිය වැල් වල බලපෑම) මෙහි උෂ්ණත්ව අන්තර ඉතා ඉහළය. (රාත්‍රී කාලයේ සෘණ අගයක් ගැනීමේ හැකියාව ඇත)
ශාක විවිධත්වය
මෙහි ශාක ගත් විට කටු පඳුරු කෙටි තෘණ හා පතොක් වැනි ශාක වැඩි වශයෙන් දක්නට lලැබේ විශේෂයෙන්ම මෙහි ගස් වැල් වැවීම සඳහා පාංශු ස්ථරයක් නොමැති වීම විශේෂත්වයකි. පස් වෙනුවට ඇත්තේ වැලි ස්ථරයකී. මෙහි ඇති දැඩි සුළඟ සහ අව්ව නිසා මතුපිට ජලය රඳා නොපවතියි. ශාක ලබාගත් ජලය ආරක්ෂා කර ගැනීම නිසා විවිධ අනුවර්තයන් පෙන්වයි.ඒ අතර ශ්ලේෂ්මල කඳන් දැරීම, පත්‍රයන් වෙනුවට කටු පිහිටා තිබීම, පත්‍ර ඉතා කුඩාවට පිහිටා තිබීම හා ඝන අපිචර්මයක් දැරීම ඉන් කිහිපයකී.
සත්ත්ව විවිධත්වය
මෙහි වෙසෙන ජීවීන් ගත් විට සර්ප වර්ග, ගෝනුස්සන්, කුඩා මීයන් දැකිය හැකිය. මොවුන් මෙම දේශගුණික සාධක සඳහා විශේෂයෙන් අනුවර්තනය වී ඇති බව හඳුනාගත හැකිය. ඝන සමක් පිහිටීම දිවා කාලය තුළ සැඟවී සිටීම, ජලය අවම වශයෙන් ගෙන බොහෝ කාලයක් ජීවත් වීමේ හැකියාව සහ සමහර සතුන්ට විශාල කන් පිහිටා තිබීමත් සමහර ජීවීන් ශරීරය තුළ ජලය තැන්පත් කර තබා ගැනීමත් ආදී ලක්ෂණ දැකිය හැකිය.
අයත් ප්‍රදේශ
මෙම බයෝම වර්ගය අප්‍රිකාවේ උතුරු ප්‍රදේශයේ ඊජිප්තුව, ලිබියාව, ඇල්ජීරියාව හා මොරොක්කෝව වැනි ප්‍රදේශ වලින් හමුවේ.
තර්ජන
මනුෂ්‍ය ජනාවාස වර්ධනය වීම, විවිධ කාන්තාර ක්‍රීඩාවන් වාල යෙදීම සහ සමහරු ශාක ගලවා ඉවත් කිරීම වැනි තර්ජන හඳුනාගත හැකිය.
————————————————————————————————
04. නිවර්තන තෘණ භූමි බයෝමය (Tropical Grassland Biome)
හැඳින්වීම සහ දේශගුණය
මෙම බයෝමය උතුරු අක්ෂාංශ 20දකුණු අක්ෂාංශ 30ත් අතර නිවර්තන කලාපයේ පිහිටා ඇත. දේශගුණය සලකා බැලීමේදී උෂ්ණත්වය සෙල්සියස් අංශක 25-30 අතර අගයක් ගන්නා අතර වර්ෂාපතනය 750mm-1200mm අගයක් ගනු ලබයි. ඉතා කෙටි වර්ෂා කාලයක් පවතින අතර දුගු වියලි කාලයක් දක්නට ලැබේ.
ශාක විවිධත්වය
මෙම බයෝමය තුළ විශාල වශයෙන් ශාක වර්ධනයට බාධා පමුණුවන අතර පඳුරු සහිත තෘණ සඳහා වැඩො ඉඩක් ලබා දේ. තැන් තැන් වල කඳන් සහිත ශාක දක්නට ලැබෙන අතර ඒවා නිවර්තන වර්ෂා වනාන්තර වල ශාක මෙන් රූස්සව උසට නොවැඩේ එසේම තෘණ වර්ගවල පත්‍ර දාර හා කටු සහිත වීමේන් උලා කන සතුන්ගෙන් ආරක්ෂා ම සඳහා අනුවර්තනය වී ඇත.
සත්ත්ව විවිධත්වය
මෙම බයෝමය තුළ ජීවත් වන් සත්ත්ව විශේෂ අතර පවතින ලක්ෂණ රාශියක් පවතියි. ඒ අතරින් මෙම කලාපයේ පවතින දැඩි උණුසුම ඉහළ බැවින් එයට ඔරොත්තු දෙන පරිදි සතුන්ගේ සම සකස් වී ඇත. ආහර දාමනයන් ඉතා විශාල ප්‍රමාණයක් මෙම තෘණ භූමි කලාපයේ දක්නට ලැබේ. එනම් විලෝපීයතාවය රජයන කලාපයකී. මෙහි වෙසෙන ජීවීන් අතර සීබ්‍රා, ජිරාෆ්, චීට, අප්‍රිකානු අලියා, සිංහයා සහ කුළු හරක් වැනි සතුන් දැකිය හැකිය.
අයත් ප්‍රදේශ
විශේෂයෙන් කොංගෝ වැසි වනාන්තරය වටා ප්‍රදේශ වලදී හමුවේ.
තර්ජන
මෙම බයෝමයේ ක්‍රියාවලියට තර්ජනයක් ලෙස තෘණ භූමි යොදාගෙන මිනිසා විසින් කරනු ලබන සත්ත්ව පාලන කටයුතු උදාහරණ ලෙස එළුවන් වැනි උලා ක්න සතුන්, සතුන් දඩයම සහ ගොවිතැන ප්‍රධාන තැනක් ගනු ලබයි. එමෙන්ම තෘණ භූමි ගිනි තැබීමද හදුනාගත හැකිය.
————————————————————————————————
05. ධ්‍රැවක අයිස් වැස්ම (Polar Desert Biomes)
හැඳින්වීම සහ දේශගුණය
මෙම බයෝමය අනෙක් බයෝම හා සැසඳීමේදී පැහැදිලි වෙනසක් පෙන්නුම් කරයි. ඒ සමස්ථයක් ලෙස මෙම කලාපය අයිස් තට්ටුවක් ලෙස පවතියි. එයට හේතුව වන්නේ මෙම කලාපය තුළ ඇති අඩු උෂ්ණත්වයයි. උෂ්ණත්වය සෙල්සියස් අංශක බින්දුවට වඩා අඩු වන අතර වර්ෂාව 150mm අඩු අගයක් ගනු ලබයි. විශේෂයෙන්ම මෙම ප්‍රදේශයට වර්ෂාව ලෙස ලැබෙනුයේ හිම හෝ අයිස් ය. මෙම කලාපයේ පෘථිවි කබොල ඝන අයිස් තට්ටුවකින් වැසී ඇත. සමහර ඒවා අවුරුදු මිලියන ගණනක් පැරණිය.
ශාක විවිධත්වය
මෙම බයෝමය තුළ ශාක නොමැති තරම්ය. තැනින් තැන කුඩා පැළෑටි දක්නට ලැබේ .
සත්ත්ව විවිධත්වය
මෙම බයෝමය තුළ ජීවත් වන ජනප්‍රියම සත්ත්වයා අතර හිම වලසාට ප්‍රධාන තැනක් හිමිවේ. මෙහි ජීවත් වන ජීවීන් පවතින අධික සීතල පරිසර සාධක වලට හොදින් අනුවර්තනය වී ඇති බව හඳුනාගත් හැකිය.
අයත් ප්‍රදේශ
නෝර්වේ, රුසියාවේ ඉහළ කොටස් වල දැකගත හැකිය.
තර්ජන
වර්තමානයේ මෙම බයෝමයේ ක්‍රියාවලියට විශල තර්ජනයක් ලෙස හරිතාගාර ආචරණය හඳුනා ගත හැකිය. මේ හේතුවෙන් හිම දිය වීමට ලක්වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස සතුන් හා ශාක වල ක්‍රියාවලියට බාධා පමුනුවයි.
ලිපිය ගොඩාක් දිග නිසා ඉතුරු බයෝම පහ ඊළග දවසේ අරගෙන එන්නම්. ඉතාම සරලව තමයි අරගෙන ආවේ. මීට වඩා ගොඩාක් විස්තර බලාගන්න පුලුවන් අන්තර්ජාලය මගින්. ලිපියෙහි කරුණු අන්තර්ජාලයෙන් සහ දේශන වලින් ලද වාර්තා වලින් තමයි අරගෙන ආවේ. එහෙනම් ඊළග කොටසින් මුණගැහෙනකන් ගිහින් එන්නම්. ජයෙන් ජයම වේවා…!

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,822 downloadsDownload 5.-Green-Seas.Br_.si_.zip24 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/Pradeep-Madusanka.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-12-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රදීප් මධුසංඛ
Subtitles
17 comments
s.s.m
දමිත් රත්නායක
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි ප්‍රදීප් සහෝ.
නියම විස්තරාත්මක ලිපියක්.
මම ආසාවෙන් බලන ඩොකියුමන්ටරි එකක්.
ජයෙන් ජය.ajith00129
දැනුමට godak වැදගත් වැඩසටහනක් , thanks bro
Udara Damith Dissanayaka
එල
මන් බුගෝල විද්දියාවට මේවා ඉගන ගත්තාඊලග කොටසෙන් සෙට් වෙමු
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rasindu Perera
නියමයි..සබ් එකටයි, ලිපියටයි දෙකටම තැන්ක්ස්....
පට්ට ලිපි ලියන්නේ වැදගත් වෙන....jeewantha
ඉතාම හරවත් ලිපියක් සමගින් සබ් ගෙන එන ඔබට බොහොම ස්තුතියි.
Isurusky
thanks for sub & letter.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයlosaka
Thank u bro hamadamat wagewama watina lipiyak sub akatat thank u
WKM
ade machan mata meke copy eka hoyaganna bane sub ekata galapena plz link
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thejan_mac
Tnx.
AsithaDilruwan
ela saho thanks
thusithaltr
සයුරේ අසිරිය වෙනුවෙන් මල් මිටක්.
Nirosha Nirosha
Thanks
Waruna Kamalawansha
බලපු සුපිරිම කතා මාලාවක්... බොහෝම ස්තූතියි සිංහලෙන් ගෙනාවාට....
Advertisement
![The Blue Planet II (2018) [ E05] Sinhala Subtitles | කොළ පැහැති මුහුදු… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/Blue-Planet-II-Featured-Image.jpg)




tz sub ekata....