Watch Trailer

The Blue Planet II (2018) [ E07] Sinhala Subtitles | විශ්වයේ සොඳුරු නවාතැන…[සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් කොහොමින් කොහොමහරි වැඩේ අවසානය කරා ආවා. කියන්න බැරි තරම් සතුටුයි මොකද පටන් ගත්ත වැඩේ සුපිරියටම නැතත් සාර්ථකව ඉවර කරගන්න ලැබුණා. පළවෙනි කතා සමයට වඩා විශාල වෙහෙසක් දරන්න වුණා මොකද මෙදා පාරනම් ටිකක් වැඩිපුර විස්තරයක් දෙනවා කියලා හිතුව නිසා දිවා රෑ නොබලා වැඩ කරන්න වුණා. ඉතින් “Sir David Atten…

ඔන්න ඉතින් කොහොමින් කොහොමහරි වැඩේ අවසානය කරා ආවා. කියන්න බැරි තරම් සතුටුයි මොකද පටන් ගත්ත වැඩේ සුපිරියටම නැතත් සාර්ථකව ඉවර කරගන්න ලැබුණා. පළවෙනි කතා සමයට වඩා විශාල වෙහෙසක් දරන්න වුණා මොකද මෙදා පාරනම් ටිකක් වැඩිපුර විස්තරයක් දෙනවා කියලා හිතුව නිසා දිවා රෑ නොබලා වැඩ කරන්න වුණා. ඉතින් “Sir David Attenborough” මහත්මයා ඇතුළු “Blue Planet II” කණ්ඩායමේ වසර පහකට ආසන්න කාලයක් තිස්සේ කරන ලද දැවැන්ත කැපකිරීම් මත තමයි මේ කතා මාලාව ගොඩනැගිලා තියෙන්නේ. ඉතින් එයාලට අපේ අවංක ස්තූතිය හිමි වෙනවා මොකද එයාලා මේ වැඩේ කරේ නැත්තම් අපිට ජීවිතේට මේවා අහන්න දකින්න ලැබෙන්නේ නැතිවෙන නිසා. සාගරය ගැන, ගැඹුරු සාගරය ගැන, කොරල් පරයන් ගැන, වෙරළ තීරය ගැන වගේම අපේ සමස්ථ ලෝකය ගැනම මේ කතා මාලාවෙන් අපි ඉතා සුවිශේෂී ස්ථානයන් කරා රැගන යනවා. මම කතා මාලාවේ මුල සඳහන් කළා වගේ අපේ ලෝකයේ මෙවැනි සංවේදී ස්ථාන ගැන මිනිසුන් තුළ නැවත කතිකාවක් ආරම්භ කරන්න තමයි මේ කතා මාලාවේ අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් අපි මේවගේ වටිනා දේවල් අනාගත පරපුර වෙනුවෙන් ඉතුරු කරලා දෙන්න ඕනි. ඒක අපි හැමෝගෙම වගකීමක් වෙනවා. ඉතින් අවසාන කොටස ගැන නම් මම විස්තරයක් කියන්නේ නෑ.

හරි. එහෙනම් වෙනදා වගේම බයිස්කෝප් කණ්ඩායමේ සියළුම සාමාජිකයින්ව දැඩි සහෝදරත්වයෙන් යුතුව මතක් කරනවා මේ වෙලාවේ. ඒවගේම මේවගේ වාර්තාමය වැඩසටහන් නරඹන ඔයාලා හැමෝටමත් ගොඩාක් ස්තූතිවන්ත වෙනවා ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා. මේවගේ වැඩසටහන් හැමෝටම බලන්න කියන්න කියලා කියනවා. ඇත්තටම අපි ෆිල්ම් එකක් ටීවී සීරියස් එකක් බලන්න ආස වුණාට මේවගේ වාර්තාමය වැඩසටහනක් බලනවා කියන්නේ තනිකරම විශාල දැනුම ප්‍රමාණයක් ලැබෙනවා. ඒක සහතිකයි. ඉතින් ඉදිරියේදී වෙලාවක් ලැබුණොත් තවත් මේවගේම වාර්තාමය වැඩසටහන් වලට සිංහල උපසිරසි ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අද අවසාන කතාංගයත් නරඹන්නට ආරාධනා කරනවා. ගිහින් එන්නම් ජයෙන් ජයම වේවා…!

ප.ලි- හයවෙනි කතාංගයේ එක තැනක (El Niño/La Niña) එල් නිනෝ සහ ලා නිනා කියලා කතාබහක් ඇති වුණා. මේකෙන් කියන්නේ ගෝලීය වශයෙන් බලපෑම් ඇති කළ හැකි කාළගුණික තත්ත්වයන් දෙකක් පිළිබඳවයි. ඉතින් මේ ගැන ඉතා සරලව තේරුම්ගන්න පුලුවන් විදියට ලියපු ලිපියක් හම්බවුණා. ඒ ගැන බලන්න ඕනි අය මෙතනින් ගිහින් බලන්න. ජය වේවා…!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.

1,625 downloadsDownload 7.-Our-Blue-Planet.Br_.si_.zip35 KB

 https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/Pradeep-Madusanka.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-12-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

 

Subtitles by

ප්‍රදීප් මධුසංඛ

Subtitles

1,625 downloadsDownload Subtitles35 KB

15 comments

  1. Soori

    බොහෝම ස්තුතියි ප්‍රදීප් සහෝ.....
    මේ වටිනා වාර්තා වැඩසටහන් මාලා දෙකම අප වෙත සමීප කිරීම පිළිබඳව...
    ජය වේවා...!!!

  2. Udara Damith Dissanayaka

    බොහෝම ස්තුතියි
    මේක හදන්ඩ වසර පහක් කැපකළ ඒ යට පින්
    නැවත මුණගැහෙමු

  3. losaka

    බොහෝම ස්තුතියි !!!

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. podda

    thanks bro!!!
    me wage kathawak apita introduce kala ekama supiri wedak. e wagema kiyanna oni oyage lipi tikath maru godak mahansi wela thibba e hama detama thanks!!! godak pin

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ජය

  7. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    තව සුපිරි කතා මාලාවකින් හමුවෙමු....

  8. Isurusky

    Niyamai saho..tv series walta wada mewata gdk asa hithuna.thwath honda 1k set unoth denna.thank you.

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. kushan kalpa

    goodaak thanks meka sub karata brother...

  11. Pasindu Hirushan

    thanks bro.. patta

  12. Mahesh ruwan

    bohoma sthuthi sub 7tama

  13. Nirosha Nirosha

    Thanks

  14. Waruna Kamalawansha

    බලපු සුපිරිම කතාමාලාවක්.... බොහෝම ස්තූතියි මේක සිංහලෙන් ගෙනාවාට....

  15. Dineth Kanishka

    ස්තුතියි සම්පුර්ණ කතා මලාවටම උපසිරැසි දුන්නට