ඔන්න එහෙනම් හයවැනි කතාංගයත් අරගෙන එන්නයි සූදානම් වෙන්නේ. මේ වෙද්දි හත්වෙනි කොටසත් කරල ඉවරයි. ඒත් ලිපි ලියන්න ගියාම නම් අම්මෝ කියලා වැඩක් නෑ. ඒත් ඉතින් කොහොමහරි කරන්න එපැයි. හරි එහෙනම් මෙන්න ඉතුරු බයෝම පහත් අරගෙන ආවා. පසුගිය ලිපියෙන් මම ලෝකයේ ප්‍රධාන බයෝම වර්ග දහයෙන් පහක් අරගෙන ආවා. ඉතින් ඒවා කියවලා…

ඔන්න එහෙනම් හයවැනි කතාංගයත් අරගෙන එන්නයි සූදානම් වෙන්නේ. මේ වෙද්දි හත්වෙනි කොටසත් කරල ඉවරයි. ඒත් ලිපි ලියන්න ගියාම නම් අම්මෝ කියලා වැඩක් නෑ. ඒත් ඉතින් කොහොමහරි කරන්න එපැයි. හරි එහෙනම් මෙන්න ඉතුරු බයෝම පහත් අරගෙන ආවා. පසුගිය ලිපියෙන් මම ලෝකයේ ප්‍රධාන බයෝම වර්ග දහයෙන් පහක් අරගෙන ආවා. ඉතින් ඒවා කියවලා බලන්න ඇති කියලා හිතනවා. ඉතාම සරලව තියෙන නිසා කාටත් තේරුම්ගන්න පුලුවන් විදියට තමයි ලිපිය ලිව්වේ. ඉතින් විශේෂයෙන්ම මම මේ බයෝම ගැන විස්තරයක් ඔයාලට අරගෙන ආවේ මේවගේ හැම වාර්තාමය වැඩසටහනක්ම වගේ කරලා තියෙන්නේ මේ කියන බයෝම අයත් ප්‍රදේශ වලයි. ඉතින් දැනුම වැඩි කරගන්න, කියෙව්වට මදි පාඩුවක් නම් වෙන්නේ නෑ.
හරි. අද කතාංගය නම් කරලා තියෙන්නෙ “Coasts” කියලා. ඉතින් වෙරළ තීරය ගැන කිව්වම මතක් වෙන්නේ ඉතාම සුන්දර අලංකාර වෙරළ තීරයන්. ලෝකයේ මේවගේ අතිශය සුන්දර වෙරළ තීරයන් ගොඩාක් තියෙනවා. වෙරළ තීරය කියන්නේ සාගරයත් ගොඩබිමත් අතර ඇති ප්‍රදේශයයි. ලෝකයේ ක්ෂණිකවම වෙනස් වන කලාපය තමයි මේ වෙරළ තීරය. ඉතින් වර්තමානය වෙන විට මේ වෙරළ තීරය දැඩි ලෙස තර්ජනයකට ලක් වෙලා තියෙනවා. කැළි කසළ එකතු වීම නිසා වෙරළ කලාපය අපිරිසිදු වෙලා තියෙනවා. ලංකාවේ වෙරළ තීරයන් ගැන නම් කතා කරලා වැඩක් නෑනේ. ඉතින් අපි මේවා ඉදිරි අනාගත පරම්පරාවන් වලට ආරක්ෂා කරගන්න ඕනි. අන්න ඒකයි අද කතාංගයෙන් අපි කතා කරන්නේ. එහෙනම් තවත් ලිපිය දික් කරන්නේ නෑ. එහෙනම් අද කතාංගයත් නරඹන්නට ආරාධනා කරනවා. අවසාන කොටසින් මුණගැහෙනකන් ගිහින් එන්නම්. ජයෙන් ජයම වේවා…!
මධ්‍යධරණි බයෝමය (Chaparral Biome)
හැඳින්වීම හා දේශගුණය
මෙය චැපරල් බයෝමය යන නමින්ද හඳුන්වයි. මධ්‍යධරණි බයෝමය ලෙස හැඳින්වීමට විශේෂ හේතුවක් වනුයේ මෙම බයෝමය මධ්‍යධරණී මුහුද ආශ්‍රිත ප්‍රදේශය තුළ වැඩි වශයෙන් දක්නට ලැබෙන බැවිනි. අක්ෂාංශ ගත පිහිටීම ගත විට අංශක 30-40 ත් අතර මෙම කලාපය ව්‍යාප්තව පවතී. මුහුද ආශ්‍රිතව ඇති හෙයින් මෙහි දේශගුණය කෙරෙහි මුහුදෙන් ඇතිවන බලපෑම මත ක්ෂණික වෙනස්වීම් පවා ඇතිවිය හැකිය. සෘතු මගින් ඇතිකරන දේශගුණික වෙනස්වීම් අතර උෂ්ණත්වය විශාල විචලනයක් ඇති නොවීම තවත් වැදගත් ලක්ෂණයකි. වර්ෂාපතනය 200mm-1000mm අතර අගයක් ගනු ලබයි.
ශාක විවිධත්වය
මෙම බයෝමයට අදාල ශාක ගත් විට මෙහි ශාක කෙටි උසක් අහිත පඳුරු ශාක ඇතaි තර ඉතා විශාල ශාක දැකගැනීමට නොහැකි වුවත් තරමක විශාල ශාක දක්නට ලැබේ. ශාක පත්‍ර ඝනකම බවින් යුතු වේ. ඒ පත්‍ර මගින් සිදුවන උත්ස්වේදනය අවම කරගැනීමත් සීත සමය සඳහා ඔරොත්තු දීමටත්ය. මෙහි ඇති ශාක සඳහා උදාහරණය වන්නේ රෝස්බරි, ඔරිගානෝ ,ලැවැන්ඩර් ආදී ශාකයන්ය.
සත්ත්ව විවිධත්වය
මෙහි ජීවත් වන සතුන් අතර මෙම ප්‍රදේශයට ආවේණික සතුන් දැකගත හැකිය. එම සතුන් මෙම ප්‍රදේශයට ආවේණික ලක්ෂණ අනුව රූපාන්තරණය වීම් පෙන්නුම් කරයි. සෘතු භේදයට අනුව ඔවුන්ගේ ජීවය චක්‍රය වෙනස් කර ගනු ලබයි.
අයත් ප්‍රදේශ
මධ්‍යධරණි මුහුද අවට වෙරළබඩ ප්‍රදේශය, දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් වැනි ප්‍රදේශ වලින් මෙම බයෝමය හමුවේ.
තර්ජන
මෙම බයෝමයේ ක්‍රියාවලියට තර්ජනයක් ලෙස, දැව සඳහා ගස් කැපීම, ගොවිතැන් සඳහා බිම් සැකසීම, ගොඩනැගිලි ඉදි කිරීම ආදී කටයුතු සඳහා යොදා ගැනීම නිසා මෙම පරිසර පද්ධතියට තර්ජනයක් ඇති වී ඇත.
————————————————————————————————————-
කඳුකර වනාන්තර බයෝමය (High Mountains Biome )
හැඳින්වීම හා දේශගුණය
කඳුකර වනාන්තර වලටඅයත් වනුයේ මුහුදු මට්ටමින් 2500m වඩා ඉහළින් පිහිටි වනාන්තරයි. බොහෝ විට මේවා උස් වූ කඳු ප්‍රදේශවල දැකගැනීමට හැකි නිසා මේවා කඳුකර වනාන්තර යන නමින් හඳුන්වයි. වසර පුරා විහිදුණු වර්ෂාපතනයක් දැකිය හැකි අතර වර්ෂාපතනය 3500mm වඩා වැඩිය. උෂ්ණත්වය සෙල්සියස් අංශක 4.5-15.5 අතර අගයක් ගනු ලබයි.
ශාක විවිධත්වය
මෙම බයෝමයේ ශාක වල විශේෂත්වය වන්නේ අධික සීත කාලගුණයකට සහ අධික සුළඟට ඔරොත්තු දීමේ හැකියාවක් පැවතීමයි. එම නිසා වාෂ්පීකරණයෙන් සහ සුළඟින් ආරක්ෂා වීම සඳහා අතු ඇඹරී ගිය ගැට සහිත මිටි ශාක හා ශාක පත්‍ර සිහින් වන අතර ඉටි ආවරණයකින් ඒවා ආවරණය වී ශාක නිර්මාණය වී ඇත. උදාහරණ ලෙස ඕර්කිඩ්, ලයිකන.
සත්ත්ව විවිධත්වය
සත්ත්ව විශේෂ අතර, Mountain Goats, Beetles, Butterflies ආදී ජීවීන් මෙම ප්‍රදේශවල ජීවත් වේ.
අයත් ප්‍රදේශ
ඇලප්ස් කඳු, හිමාලය වැනි ප්‍රදේශ වල මෙම බයෝම දැකගත හැකිය.
————————————————————————————————————-
ටයිගා/ කේතුධර වනාන්තර බයෝමය (Taiga Biome)
හැඳින්වීම හා දේශගුණය
මෙය පිහිටා ඇත්තේ උතුරේ සිට පහළට එනවිට හමුවන් තුන්ද්‍රා බයෝමයට පසුවයි. මෙහි දිගු සීත සෘතුවක් සහ මාස තුනක් පමණ කෙටි ගිම්හාන සෘතුවක් දැකගත හැකිය. එම කාලයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 වන අතර එය 20 ක් දක්වා ඉහළ යා හැකිය. අවමය සීත සෘතුවේ ලැබිය හැකි අතර එය සෙල්සියස් අංශක සෘණ 40 ක් පමණය. වර්ෂාපතනය 300mm-900mm වන අතර, බෝහෝ විට එය හිමපතනයෙන් ලැබේ.
ශාක විවිධත්වය
මෙහි සෑම ශාකයකම පොදු ලක්ෂන පෙන්වීම විශේෂ ලක්ෂණයයි. ශාක පත්‍ර සිහින් ඉදිකටු පත්‍ර වන අතර ඉටි ආවරණයකින් නිර්මාණය වී තිබේ. පයිනස් හා ස්පෘස් බහුල වශයෙන් ඇති ශාක වන අතර ඒවා වෙන වෙනම වනාන්තර ලෙස පිහිටයි. මෙම ශාක සීත සෘතුවේදී වර්ධනයක් නොමැති අතර ගිම්හාන සමයේදී ඒවා වර්ධනයක් පෙන්වයි. පෝෂක කොටස් ලබ ගැනීම සහ සුළඟින් ආරක්ෂා වීමට මුල් ඉතා ගැඹුරින් පිහිටා ඇත.
සත්ත්ව විවිධත්වය
සීත සෘතුවේදී සතුන් ලොම් කබායන් වලින් තම ශරීරය වසා ගන්නා අතර අනෙකුත් සතුන් පොළව තුඛ ගුල් හාරාගෙන ජීවත් වේ. සතුන්ගෙන් බොහොමයක් සීත සෘතුවේදී නිදාගැනීමට පුරුදු වී ඇත. පිණි මුවා, කැරිබු මුවා, දිය බල්ලා සහ වෘර්කයින් දක්නට හැකි අතර එම සත්ත්වයින් පවතින දේශගුණයට අනුවර්තනය වීමක් පෙන්වයි.
අයත් ප්‍රදේශ
වැඩි වශයෙන් යුරෝපය තුළ හමුවන අතර උතුරු අක්ෂාංශ අංශක 50-70 අතර ස්වීඩනය, පින්ලන්තය වැනි ප්‍රදේශ වලින් හමු වේ.
——————————————————————————————————–
තුන්ද්‍රා බයෝමය (Thundra Biome)
හැඳින්වීම හා දේශගුණය
උතුරු අර්ධගෝලයේ සිට පහළට එනවිට හමුවන දෙවනි බයෝමයයි. අයිස් වැස්මට පසුව හමුවන මෙහි පිහිටීම උතුරු අක්ෂාංශ අංශක 60-80 ත් අතර පිහිටයි. උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 10 ක් පමණ වන අතර අවම උෂ්ණත්වය සෙලිසියස් අංශක සෘණ 40 දක්වා අඩුවිය හැකිය. වර්ෂාපතනය 150mm-250mm අතර වේ. සීත සමයේ හිමෙන් වැසී ඇති අතර කෙටි ගිම්හානය මාස තුනක් පමණ වේ.
ශාක විවිධත්වය
මෙහි විශාල ශාක නොමැති අතර තෘණ, පන් වර්ග, ලයිකන හ පාසි වර්ග ඇත. ගිම්හාන සමයේ මේවායේ වර්ධනය වීම පෙන්වයි. එම කාලය තුළ මේවායේ මල් පිපී බීජ ව්‍යාප්ත කරයි. සීත සමය වන විට එම ශාක මිය යයි. මෙම තෘණ වර්ග විශාලව නොවැඩෙන අතර සීමිතව ඇති ද්‍රවීය ජලය ලබා ගැනීමට මූල පද්ධතිය අනුවර්තනය වී ඇත.
සත්ත්ව විවිධත්වය
මෙහි ස්ථිර ජීවීන් දැකිය නොහැකි වුවත් වෙනත් ප්‍රදේශ වල සිට ගිම්හාන සමය තුළ පැමිණ සීත සමය වන විට පිටවී යයි. මෙය අධික සීත බවින් යුක්ත නිසා සතුන්ගේ ලෝම දිගට වැඩී තිබීම හා කුඩා කන් විහිටා තිබීම දැකිය හැකි ලක්ෂණයි. ආක්ටික් හාවා, හිම වලසා මෙහි දැකිය හැකි සතුන්ය.
අයත් ප්‍රදේශ
වැඩි වශයෙන් යුරෝපයේ හමු වේ. නැගෙනහිර දේෂාංශ අංශක 10-30 ත් උතුරු අක්ෂාංශ අංශක 60-70 ත් අතර ප්‍රදේශ වල යුරෝපීය ප්‍රදේශ වලින් හමු වේ.
————————————————————————————————
සෞම්‍ය කලාපීය තෘණ භූමි බයෝමය (Temperate Grassland Biome)
හැඳින්වීම හා දේශගුණය
මේවා තැනිතලා භූමි ප්‍රදේශවල පවතින උසට වැඩුණු තෘණ භූමියක් ලෙස හඳුනාගත හැකිය. මේවා උතුරු අර්ධගෝලයේ උතුරු අක්ෂාංශ අංශක 20-30 ත් අතරත් දකුණු අර්ධ ගෝලයේ දකුණු අක්ෂාංශ අංශක 25-40 ත් අතර ප්‍රදේශය තුළ දැකිය හැකිය. ශාක භක්ෂකයන්ගේ ප්‍රධාන මූලස්ථානයකී. මධ්‍ය වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 25-30 ත් අතරද වාර්ෂික වර්ෂාපතනය 500mm-900mm අතර වේ. මෙහි කැපී පෙනෙන වියලි හා වර්ෂා කාලයන් දැකිය හැකිය.
ශාක විවිධත්වය
මෙහි ශාක ගත් විට තෘණ වර්ග බහුවල ඇත. විශාල ශාක වර්ධනයට අවශ්‍ය පමණට හිරු එළිය ලැබුණද ජල හිඟය එයට බලපාන ප්‍රධාන සාධකය වී ඇත.ශාක උලාකන සතුන්ගෙන් ආරක්ෂා වීම සඳහා විවිධ අනුවර්තනයන් දැකගත හැකිය.
සත්ත්ව විවිධත්වය
සත්ත්ව ප්‍රජාව ගත් විට වියලි කාලය තුළ ජලාශ ආශ්‍රිතව වැඩි වශයෙන් ජීවත්වන අතර වැස්සත් සමඟ ඔවුන් ආහාර සොයමින් ඈතට විහිදී යයි. ප්‍රජනන කටයුතු සිදුවන්නේ වර්ෂා කාලයෙන් පසුවයි. මෙයද ශාක භක්ෂකයන්ගේ රජ දහනකි. පූමා, කැළෑ එළුවා, රයිනෝසිරස් ආදී සතුන් දැකගත හැකිය.
අයත් ප්‍රදේශ
දකුණු අප්‍රිකාව, උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව සහ ඕස්ට්‍රේලියාවේ සමහර ප්‍රදේශවල මෙම බයෝමය දක්නට ලැබේ.

Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,588 downloadsDownload 6.-Coasts.Br_.si_.zip25 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/04/Pradeep-Madusanka.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රදීප් මධුසංඛ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-12-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රදීප් මධුසංඛ
Subtitles
11 comments
podda
Udara Damith Dissanayaka
නියමයි
එල
මෙන්න මේක ගැන විස්තරයක් මේ සතියේද කොහෙද මිහිර හරි විජය පත්තරේ හැරී තිබුනාKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Isurusky
thanks bro..sub 1ta wada lipiya gdk watinw..thnks again.
Ravihara564
අකව්න්ට් එක හදලා ටෙස්ට් කරන්න කොමෙන්ට් එකක් දානවා .
losaka
Thank u bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
ලිපිත් සුපිරි....pushpakumara
thanks bro .
Nirosha Nirosha
Thanks
Waruna Kamalawansha
මේක පට්ට...
බොහෝම ස්තූතියි සිංහලෙන් ගෙනාවාට.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Blue Planet II (2018) [ E06] Sinhala Subtitles | සුන්දර වෙරළ තීරයන්…[සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/04/Blue-Planet-II-Featured-Image.jpg)




thanks bro!!!
ah detail tikanam supiri godak mahansi wela thiyenawa.
sub 1 tnx !!!!