ඔන්න එහෙනම් දෙවෙනි කතා සමයෙ අන්තිම කොටස තමයි මේ අරගෙන එන්නේ. කලින් කොටස ඔයාලට යුරාන් සහෝ ගෙනාවනේ. එහෙනම් මේ කොටස ගැන මතක් කළොත්, මේ කොටස නිකුත් වෙන්නේ 2020 ඔක්තෝබර් 08 වෙනිදා සහ IMDb දර්ශකේ 9.4 ඉහල අගයක් ගන්න සමත් වෙනවා. දැනට මේ සීසන් තුනෙන්ම දෙවෙනියට වැඩිම රේට් එකක් ගන්නේ මේ කොටසට. ඉතින් ඔයාලට මේ…

ඔන්න එහෙනම් දෙවෙනි කතා සමයෙ අන්තිම කොටස තමයි මේ අරගෙන එන්නේ. කලින් කොටස ඔයාලට යුරාන් සහෝ ගෙනාවනේ. එහෙනම් මේ කොටස ගැන මතක් කළොත්, මේ කොටස නිකුත් වෙන්නේ 2020 ඔක්තෝබර් 08 වෙනිදා සහ IMDb දර්ශකේ 9.4 ඉහල අගයක් ගන්න සමත් වෙනවා. දැනට මේ සීසන් තුනෙන්ම දෙවෙනියට වැඩිම රේට් එකක් ගන්නේ මේ කොටසට. ඉතින් ඔයාලට මේ කොටසෙදි සූප්ලගේ නියම ක්‍රියාදාම ටිකක් බලාගන්න හැකි වෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,
ස්ටෝම්ෆ්‍රන්ට්ගේ සහ හෝම්ලෑන්ඩර්ගෙ අමනාපකම් නැති වෙලා දෙන්න පෙම්වතුන් වෙනවා. ජනතාව මේ දෙපලට බොහෝ සෙයින් ආදරේ කරන්න ගන්නවා. ඒක වෝට් සමාගමටත් වාසියක් වෙනවා. කොහොමත් ස්ටෝම්ෆ්‍රන්ට් දක්ෂයිනෙ මිනිසුන්ට දේවල් ඒත්තුගන්වන්න ඒකෙන් කොම්පවුන්ඩ් වී වලට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඒකෙන් වෝට් එක සැරසෙනවා තව සමාගම් වලට කම්පවුන්ඩ් වී බෙදාහරින්න. මේ අතරෙදි වුණ සිදුවීම් නිසා ස්ටාලයිට්ව හෝම්ලෑන්ඩර් හිරකරනවා සහ එයින් බේරෙන්න මේව් සහ හියුඊ දෙන්න උදව් කරනවා. තවද හෝම්ලෑන්ඩර්ගෙ පුතා වුණ රයන්ගේ විශ්වාසය දිනා ගන්න අන්තිමේදි හෝම්ලෑන්ඩර්ට හැකි වෙනවා ඒ ස්ටෝම්ෆ්‍රන්ට්ගේ උදව්වෙන්. ඒ විතරක් නෙවේ ස්ටෝම්ෆ්‍රන්ට්ගෙත් ඇත්ත තත්වෙ දැං කට්ටිය දන්නවනේ ඇය නාසියෙක් කළින් ලීබර්ටි නමින් සූප් කෙනෙක් වුණ ඇය කළු මිනිසුන්ව බොහෝ සෙයින් මරා දැමුවා. ඉතින් ඇගේ ජාතිවාදීකම් කෙසේ බලපෑවද කියලා ඔයාල දැක්කනේ.
මේ කොටසෙදි ඒ-ට්‍රේන් ස්ටෝම්ෆ්‍රන්ට්ගේ ලිපිගොණු ටිකක් පල්ලියෙන් හොරකම් කරලා ස්ටාලයිට් සහ හියුඊ අතට දෙනවා. මොකද ඒ-ට්‍රේන්ට ආපහු සෙවන් එකට යන්න තියෙන ලොකුම බාදකේ තමා ස්ටෝම්ෆ්‍රන්ට් කියන්නේ. තවද රයන්ව හෝම්ලෑන්ඩර් අරන් ගියාට පසු බෙකා කෙසේ හෝ බුචර් සිටින තැනට ගොස් බුචර් ගෙන් උදව් ඉල්ලනවා. ඒකෙන් බුචර් ප්‍රයෝජන ගන්න හිතන් එඩ්ගර් එක්ක ගිවිසුමකට එනවා. ඒ තමා බුචර් හෝම්ලෑන්ඩර්ගෙන් කොහොමහරි රයන්ව වෙන් කරලා එඩ්ගර්ට දෙන්නම් කියනවා පසුව එඩ්ගර්ට පුළුවන් රයන්ව හෝම්ලෑන්ඩර්ට විරුද්දව පාවිච්චි කරන්න. බෙකාව බුචර් තියාගන්නවා සහ එඩ්ගර් කෙසේ හෝ බෙකාගෙන් රයන්ව වෙන් කරන්න ඕනෙ. ඒක තමයි බුචර් සහ එඩ්ගර් දාන ගිවිසුම. ඒකට එඩ්ගර් කැමති වෙනවා. ඉතින් ඔයාලට මේ කොටසින් ස්ටාලයිට් ස්ටෝම්ෆ්‍රන්ගේ ඇත්ත තොරතුරු මාධ්‍යට නිකුත් කරයිද, නිකුත් කළොත් ස්ටෝම්ෆ්‍රන්ට් මොනවගේ දෙයක් කරයිද, බුචර් සහ එඩ්ගර්ගේ ගිවිසුමට කුමක් සිදුවෙයිද? රයන්ගේ සහ බෙකාගේ ඉරණම කෙසේ විසදෙයිද කියලා බලලාම දැනගන්න වෙයි.
මීට වඩා දෙයක් කිව්වොත් රසය නැතිවෙන නිසා මෙතනින් නවතින්නම්. එහෙනම් දෙවෙනි කතා සමය මෙතනින් ඉවරයි නැවත තුන්වෙනි කතා සමයෙන් හමුවෙමු. ජයවේවා!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
10,011 downloadsDownload The.Boys_.S02E08.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
![]()
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
8 comments
Imesh Perera
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Thilinda Randeera
ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න
Dewadithya
Thanks for Sub!
sachintha
3 වෙනි සීසන් එකටත් සබ් දෙනවද සහෝ...
විමා
අනිවා!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sahan Gayantha
thanks a lot Yashan saho sub ekata
Advertisement
![The Boys (2019-2020) [S02: E08] Sinhala Subtitles | ගලවා ගැනීමේ මෙහෙයුම [සිංහල උපසිරසි] 18+](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/11/The-Boys-Season-2.jpg)


Thanks Saho