Watch Trailer

The Boys (2019-2022) [S03: E04] Sinhala Subtitles | පුරවෘතගත සෝල්ජර් බෝයි [සිංහල උපසිරසි] 18+

කතාව පටන්ගන්නේ ස්ටාර්ලයිට්ගේ පොඩිකාලේ මතක ආවර්ජනයකින්. ඒ වගේම හෝම්ලෑන්ඩර්ගේ ඉවසිම පැනලා ප්‍රසිද්ධියේ හැමෝටම බැන්නත් මිනිස්සු ඒ කතාවට කැමති වෙලා හෝම්ලෑන්ඩර්ගේ ජනප්‍රියත්වය තවත් වැඩි වෙනවා. මේ අතර සෙවන් කණ්ඩායමේ පුරප්පාඩු ස්ථානයට බඳව ගන්න අළුත් සුපිරි වීරයෙක්ව හොයලා වැඩසටහනක් ආරම්භ කරනවා. ඒකට ස්ටාර්ල…

කතාව පටන්ගන්නේ ස්ටාර්ලයිට්ගේ පොඩිකාලේ මතක ආවර්ජනයකින්. ඒ වගේම හෝම්ලෑන්ඩර්ගේ ඉවසිම පැනලා ප්‍රසිද්ධියේ හැමෝටම බැන්නත් මිනිස්සු ඒ කතාවට කැමති වෙලා හෝම්ලෑන්ඩර්ගේ ජනප්‍රියත්වය තවත් වැඩි වෙනවා. මේ අතර සෙවන් කණ්ඩායමේ පුරප්පාඩු ස්ථානයට බඳව ගන්න අළුත් සුපිරි වීරයෙක්ව හොයලා වැඩසටහනක් ආරම්භ කරනවා. ඒකට ස්ටාර්ලයිට්ගේ පරණ යාළුවෙකුත් එනවා. මැලරිව හම්බෙන්න යන්න බුචර් ඇතුළු කට්ටියට එයා සෝල්ජර් බෝයි ගැන විස්තර කියනවා. රුසියානුවෝ සෝල්ජර් බෝයිව පැහැරගද්දි තරුණ මැලරිත් එතන හිටියා කියලා දැක්කනේ. ඒ වගේම බ්ලැක් නොආර්ට මූණ වහගෙන ඉන්න සිද්ධ වෙලා තියෙන්නෙ ඇයි කියලත් අපි දැක්කා. ආපහු සෙවන්ලට එකතු වෙන්න හෝම්ලෑන්ඩර්ගෙන් උදව් ඉල්ලගෙන එන ඩීප්ට හෝම්ලෑන්ඩර් එයාගේ යාළු බූවල්ලව කවනවා.අන්තිමට අපි දැක්කේ ස්ටාර්ලයිට්ව අපහසුතාවයට පත් කරන්න හෝම්ලෑන්ඩර් විසින් ඔවුන් දෙන්නා ආදරය කරනවා කියලා හැමෝටම කියන විදියයි.

අද කොටස වෙන් වෙන්නේ බුචර් සෝල්ජර් බෝයිව හොයාගෙන රුසියාවට යන එකටයි. ඒ වගේම හෝම්ලෑන්ඩර් නිසා ඇනී සහ හියුඊ අතරත් ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම ඇලෙක්ස් විසින් හෝම්ලෑන්ඩර්ට විරුද්ධ වෙන්න කට්ටිය හොයාගන්න උත්සහ කරන විදියත් බලාගන්න පුළුවන්. එහෙනම් බුචර් සෝල්ජර් බෝයිව හොයාගනියිද ? ඇනී හෝම්ලෑන්ඩර්ට මූණ දෙන්න ලෑස්ති වෙන්නේ කොහොමද ? හැමදේම අද බලාගන්න පුළුවන්. ඊලඟ කොටසින් ආපහු මම ඔයාලව හම්බෙන්නම්. එතකම් පරිස්සමින් ඉන්න. ජය වේවා !

අද කතාංගයේ නම – “Glorious Five-Year Plan”
කතා රචනය – Meredith Glynn
අධ්‍යක්ෂනය – Jullian Holmes
විකාශය වූ දිනය – 2022 ජුනි 10
IMDb අගය – 8.9
මීළඟ කතාංගය – “The Last Time to Look on This World of Lies”

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

8,339 downloadsDownload The.Boys_.S03E04.zip53 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1

Subtitles

8,339 downloadsDownload Subtitles53 KB

6 comments

  1. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  2. thilina

    machan kauru hati meke tv sereis valta sub dena kenke invm The Good Doctor mekta sub denako kauruth krla naha

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Sahan Gayantha

    Thanks a lot Sameera saho sub ekata