Watch Trailer

The Boys (2019-2022) [S03: E05] Sinhala Subtitles | පළිගැනීමත් හරිම රසවත් [සිංහල උපසිරසි] 18+

හෝම්ලෑන්ඩර් කියපු බොරුව නිසා ඇනීයි හියුඊ රණ්ඩු වෙනවා. හෝම්ලෑන්ඩර්ගේ කරදරෙන් බේරෙන්න ඇනී කීපදෙනෙක්ගෙන්ම උදව් ඉල්ලන්නත් උත්සහ කරනවා. ඒ වගේම ඩීප් තමන්ගේ බිරිඳගේ කීමට හෝම්ලෑන්ඩර්ට ලං වෙන්න උත්සහ කරනවත් දකින්න ලැබුනා. මේ අස්සේ බුචර් රුසියාවට ගිහින් ලොකු විනාශයක් කරලා කොහොමහරි සෝල්ජර් බෝයිව හොයාගන්නවා වග…

හෝම්ලෑන්ඩර් කියපු බොරුව නිසා ඇනීයි හියුඊ රණ්ඩු වෙනවා. හෝම්ලෑන්ඩර්ගේ කරදරෙන් බේරෙන්න ඇනී කීපදෙනෙක්ගෙන්ම උදව් ඉල්ලන්නත් උත්සහ කරනවා. ඒ වගේම ඩීප් තමන්ගේ බිරිඳගේ කීමට හෝම්ලෑන්ඩර්ට ලං වෙන්න උත්සහ කරනවත් දකින්න ලැබුනා. මේ අස්සේ බුචර් රුසියාවට ගිහින් ලොකු විනාශයක් කරලා කොහොමහරි සෝල්ජර් බෝයිව හොයාගන්නවා වගේම කිම්කොගේ සුපිරි වැඩ ටිකකුත් අපි දැක්කනේ. තමන්ගේ රේටින්ග්ස් වැඩි වෙලා ආඩම්බරෙන් ඉන්න හෝම්ලෑන්ඩර් ස්ටෑන් එඩ්ගාර්ව හම්බෙන්න ගියත් එඩ්ගාර් සතේකට හෝම්ලෑන්ඩර්ව ගණන් ගන්නේ නෑ. ඒ වගේම බුචර් සහ හියුඊ තාවකාලික වී ලබාගෙන සුපිරි බලවතුන් වෙලා තියෙන බව එම් එම් දැනගන්නවා. සෝල්ජර් බෝයි කියන්නෙත් එසේ එසේ පොරක් නොවෙන බවත් බුචර් ඇතුළු කට්ටියට දකින්න ලැබුනේ කිම්කොට සිද්ධ වෙන දරුණු අනතුර නිසයි. අන්තිමට අපි දැක්කේ අහිංසක ඇලෙක්ස්ව මරලා දාලා තියෙන විදිය හෝම්ලෑන්ඩර් විසින් ස්ටාර්ලයිට්ට පෙන්නන විදියයි.

අද කොටසින් සෝල්ජර් බෝයි අළුත් ලෝකයට හැඩ ගැහෙන්න උත්සහ කරන විදිය බලාගන්න පුලුවන්. ඒ වගේම බුචර්, සෝල්ජර් බෝයි එක්ක ගිවිසුමකට එළබෙන්නත් උත්සහ කරනවා. සෝල්ජර් බෝයි නිසා අනතුරකට ලක් උන කිම්කොව බලාගෙන රෝහලේ ඉන්නෙ ෆ්රෙන්චිටත් අකරතැබ්බයකට මූණ දෙන්න වෙනවා.ඒ වගේම ඊළඟ කොටසනම් අති සුපිරියක් කියලත් මතක් කරන්න ඕන. නැවත හමුවෙනකන් ජය වේවා !

අද කතාංගයේ නම – “The Last Time to Look on This World of Lies”
කතා රචනය – Jessica Chou
අධ්‍යක්ෂනය – Nelson Cragg
විකාශය වූ දිනය – 2022 ජුනි 24
IMDb අගය – 8.3
මීළඟ කතාංගය – “Herogasm”

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

6,781 downloadsDownload The.Boys_.S03E05-1.zip74 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2019-03-30
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1All BT1

Subtitles

6,781 downloadsDownload Subtitles74 KB

5 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Thilinda Randeera

    ස්තූතියි සහෝදරයා ❤ දිගටම දෙන්න

  3. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Sahan Gayantha

    thanks a lot brother sub ekata