Watch Trailer

The Boys [S05: E07] Sinhala Subtitles | ප්‍රංශකාරයා [සිංහල උපසිරසි] 18+

The Boys Season 05 The Boys 4 වැනි කතා සමයේ 7 වැනි කථාංගය කියන්නේ අවසාන මහා සටනට කලින් හැමෝගෙම මානසිකත්වය සහ රහස් සම්පූර්ණයෙන්ම කණපිට පෙරළන අතිශය තීරණාත්මක කොටසක්. මේ කථාංගයේ ලොකුම කම්පනය ගෙනෙන්නේ බුචර්ටයි; මෙච්චර කල් තමන්ට මඟපෙන්නුවා යැයි හිතපු පැරණි මිතුරා ‘කෙස්ලර්’ කියන්නේ ඇත්ත කෙනෙක් නෙවෙයි, ඒ…

The Boys Season 05

The Boys 4 වැනි කතා සමයේ 7 වැනි කථාංගය කියන්නේ අවසාන මහා සටනට කලින් හැමෝගෙම මානසිකත්වය සහ රහස් සම්පූර්ණයෙන්ම කණපිට පෙරළන අතිශය තීරණාත්මක කොටසක්. මේ කථාංගයේ ලොකුම කම්පනය ගෙනෙන්නේ බුචර්ටයි; මෙච්චර කල් තමන්ට මඟපෙන්නුවා යැයි හිතපු පැරණි මිතුරා ‘කෙස්ලර්’ කියන්නේ ඇත්ත කෙනෙක් නෙවෙයි, ඒ තමන්ගේම මනසේ හැංගිලා ඉන්න අතිශය කෲර, අනුකම්පා විරහිත අඳුරු පැත්ත (Hallucination) බව බුචර් තේරුම් ගන්නවා. අනිත් පැත්තෙන් හෝම්ලෑන්ඩර් ද සෙවන් (The Seven) කණ්ඩායම සම්පූර්ණයෙන්ම අහෝසි කරලා, තමන්ව ලෝකයේ සැබෑම “දෙවියන්” විදියට ප්‍රකාශයට පත් කරනවා විතරක් නෙවෙයි, මනස කියවන සූප්ස්ලාව (Psychics) පාවිච්චි කරලා තමන්ව විශ්වාස කරන්නේ නැති අයව හොයාගෙන මරලා දාන්නත් පටන් ගන්නවා.

​මේ මහා අවුල අස්සේ, හෝම්ලෑන්ඩර්ව මරන්න තියෙන එකම විකල්පය විදියට කීමිකෝගේ ඇඟට සෝල්ජර් බෝයිගේ විකිරණ බලය (Radiation blast) ඇතුල් කරන්න ෆ්‍රෙන්චි දරන මාරාන්තික උත්සාහය, ඔවුන් දෙදෙනාගේ ආදර කතාව ඉතාමත් සංවේදී සහ කඳුළු පිරුණු තැනකින් අවසන් කරනවා. ප්‍රසිද්ධිය වෙනුවෙන් අහිංසකයෙක්ව වතුරේ ගිල්වලා මරලා දාන ද ඩීප්ගේ කෲරත්වයත්, හියුඊ සහ ස්ටාර්ලයිට් මානසික උගුලකට අහුවෙන විදියත් එක්ක, මේ කොටස ඊළඟට එන්න තියෙන ලේ වැකි අවසානයට (Season Finale) නියම පදනමක් හදලා දෙනවා.

අවසාන කොටසින් හමුවෙමු.

කතාවේ ඇතැම් දෙබස් වැඩිහිටියන්ට පමණක් සීමාවූ ඒවා බව කරුණාවෙන් සලකන්න.

උපසිරැසියට අදාල වීඩියෝ පිටපත අපේ ටෙලිග්‍රෑම් සමූහයෙන් ඔයාලට ගන්න පුලුවන්!

                                      *-* ජය ශ්‍රී *-*

 

The Boys, The Boys Season 05, The Boys Sinhala Subtitles

 

                                                                                                                                                                           

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය සියලුම WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

3,887 downloadsDownload The-boys-S05E07.zip39 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

The Boys S04 Sinhala Subtitles

                                         Previous BT1All BT1Next BT1

Subtitles by

යසිරු හසරංග

Subtitles

3,887 downloadsDownload Subtitles39 KB

3 comments

  1. Navisha

    Top♥️

  2. ruchi

    thanks bro

  3. Sahan Gayantha

    thanks a lot Yasiru brother sub ekata