Watch Trailer

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 01] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය[සිංහල උපසිරසි සමඟ]

ඔන්න මං කාලෙකට පස්සෙ කොරියානු කතා මාලාවකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මීට කලින් කොරියානු චිත්‍රපට කීපයකටම උපසිරැසි කරලා තිබුනත් කොරියානු කතා මාලාවකට සිංහල උපසිරැසි කරන පළමු වතාව මේක. Bride of the Water God කතා මාලාව මං නරඹපු කතා මාලා අතරින් ගොඩක් ලස්සන කතා තේමාවක් තියෙන කතා මාලාවක් වගේම මං ගොඩක් ආසා…

 

ඔන්න මං කාලෙකට පස්සෙ කොරියානු කතා මාලාවකට සිංහල උපසිරැසි අරගෙන ආවා. මීට කලින් කොරියානු චිත්‍රපට කීපයකටම උපසිරැසි කරලා තිබුනත් කොරියානු කතා මාලාවකට සිංහල උපසිරැසි කරන පළමු වතාව මේක. Bride of the Water God කතා මාලාව මං නරඹපු කතා මාලා අතරින් ගොඩක් ලස්සන කතා තේමාවක් තියෙන කතා මාලාවක් වගේම මං ගොඩක් ආසාවෙන් උපසිරැසි කරපු කතා මාලාවක්.

කොරියාවේ ගොඩක් ජනප්‍රිය වුන මේ කතා මාලාව ගැන හැඳින්වීමක් කරනවා නම් මේක දෙවියෝ ඉන්න ලෝකය සහ මිනිස් ලෝකය පදනම් කරගෙන තමයි ගෙතිලා තියෙන්නේ. දේව ලෝකයේ හෙවත් දේව අධිරාජ්‍යයේ රාජධානි තුනක් තියෙනවා දිය දේශය, අහස් දේශය සහ පොලෝ දේශය වශයෙන්. මේ අධිරාජ්‍යයන් තුනටම අධිරාජ්‍යයා වීමට නියමිත වෙලා තියෙන දෙවියෝ මිනිස් ලෝකය ආරක්ශා කරමින් මිනිස් ලෝකයේ ජීවත් වෙන ආරක්ශක දෙවිවරු තුන්දෙනෙක්ට අයිති දේව පාශාණ තුන අරගෙන නැවත දේව අධිරාජ්‍යයට යන්න ඕන. ඒක දේව සම්ප්‍රදායක්. මිනිස් ලෝකයේ ඉන්න දේව පාශාණ අයිති දෙවිවරු තුන් දෙනා වෙන්නෙ මූ රා නම් පොලෝ දේවතාවිය, බී රියොම් නම් අහස් දේවතාවා සහ ජූ ඩොන්ග් නම් දිය දේවතාවා.

දේව අධිරාජ්‍යයට මීලඟ අධිරාජ්‍යයා වීමට නියමිත වෙලා ඉන්න හබෙක් නමැති දිය දේශයෙන් පැවතගෙන එන කඩවසම් දෙවියාට දේව පාශාණ තුන හොයාගෙන මිනිස් ලෝකයට යන්න සිද්දවෙනවා. හබෙක්ට දේව පූජකතුමාගෙන් උපදෙස් ලැබෙනවා මිනිස් ලෝකයේදි අසීරු අවස්ථාවක් ආවොත් මිනිස් ලෝකයේ ඉන්න දේව මෙහෙකාරයන්ගේ පරම්පරාවෙන් පැවතගෙන එන දේව මෙහෙකාරියකගෙන් උදව් ලබාගන්න කියලා.

ඉතිං එහෙම නම් කරපු දේව මෙහෙකාරිය තමයි යූන් සු ආ කියන රූමත් මනෝ වෛද්‍යවරිය. යූන් සු ආ එයා දේව මෙහෙකාරියක් කියලා දන්නවා තියා දෙවියෝ, යක්ශයෝ වගේ දේවල් මිත්‍යා විශ්වාස විදිහට බැහැර කරලා දාන නූතන සමාජයේ කෙල්ලක්. මේ යූන් සු ආ, යූ සන්ග් යූ කියන හෙද සහායකයත් එක්ක ‘හැපී මනෝ චිකිත්සක සායනය’ පවත්වාගෙන යනවා. අපි බලමු හබෙක්ට යූන් සු ආගෙන් උදව් ඉල්ලගන්න පුළුවන් වේවිද කියලා.

IMDb අගය 6.7 ක් වන මේ කතා මාලාව අයත් වෙන්නෙ fantasy, romance, comedy ගනයට. 2017 ජූලි 03 දින සිට අගෝස්තු 22 දක්වා කොටස් දාසයකින් යුක්ත මෙම කතා මාලාව ප්‍රදර්ශනය කරලා තියෙනවා. මේ කතාව Jung Yoon – jungගේ. අධ්‍යක්ෂණය Kim Byung – soo. හබෙක් විදිහට රඟ දක්වන්නෙ Nam Joo – hyuk. Who are you : school 2015, weightlifting Fairy kim bok – joo (2016) කතා මාලා වල මේ නලුවා රංගනයෙන් සහය වෙනවා. යූන් සු ආ විදිහට රඟ දක්වන්නෙ Shin Se – kyung. Sitcom High Kik Through the Roof චිත්‍රපටය තුලින් රඟපෑමට අවතීර්ණ වුන ඇය Hindsight , R2B, Tazza වැනි චිත්‍රපට වලත් Deep Rooted Tree, The Girl Who Sees Smells, Six Flying Dragons, Black Knight වැනි කතා මාලා වලත් රඟදක්වා තිබෙනවා.

දෙවනි කොටසින් නැවත හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

8,049 downloadsDownload The-Bride-of-Habaek-EP-01.zip35 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/018046abf64305004028e237166d4bf6-e1527791872294.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

මහේෂි චතුරිකා

Subtitles

8,049 downloadsDownload Subtitles35 KB

33 comments

  1. roshan ruwanjana gunarathna

    නියම කතාවක්,, උපසිරැසියට ස්තූතියි. ජයවේවා!

    1. Dolan harshana

      Meke torrent file eka koheda thiyenne?

  2. Harshi111

    Waw thanks sub ekata sub nathuwa baluwa dan ayema sub ekka balanawa thank you....

  3. uvi

    උපසිරැසියට ස්තූතියි

  4. rawidu

    kiynn wachana neeeee amoooooooo. me korean drama ek download karagena hitiye kwad hari dennn. thankssssssssssssss sub karata me drama ekt

  5. geeganagamage

    මම අහලා තියෙනවා මේක ලස්සන කොරියන් ට්වි සීරියස් එකක් කියලා බොහොම ස්තුතියි

  6. Udara Damith Dissanayaka

    මේක ගන්ඩ පුළුවන් ලින්ක් එකක් දෙන්ඩකෝ බයිස්කෝප් දවුම්ලෝඩ් එකෙත් නෑ නී තම දාලා

    1. thushini

      ep 2 kath ikmanta dennakooo

    2. pushpa sameera

      sub 1ta thanks. download karaganna link 1ka denawada?

    3. WSchalindu

      Kissasian kiyala search krama ena site eken ganna puluwan one korian tv series ekak..
      Amarunam facebook eken shehan chalindu kiyala search krl mata mg ekak danna...help one nam

  7. ishanasanka

    ikmanta kotas tika dennoooo

  8. Kulanjana Maduranga

    niayamai…lassana storyak wge.thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  9. hewikag

    Thank you.... lassana kathawak

  10. lushan...thusi

    elaaa thanq hodeee

  11. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  12. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  13. Chami.S

    Thanks..
    Good Luck..

  14. Danushka adikari

    Korean drama subtitle දුන්නට thanks!! අනිත් ඒවත් ඉක්මනින් දෙන්න.

  15. Chanu_anu

    Tnx yalu. Digatama subs ona korean drama wadata.

  16. Nishmi

    Aneee ilaga ekath ikmnta dandooo.
    Tnq for the sub
    Fighting!!!
    Budusaranaii

  17. Randika Madushani

    thank you sooo much denakamma balan hitiye

  18. sasala

    korean kthavak denkan balan hitiye. bohoma thanks

  19. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. nitharai

    good

  21. Shiromianu

    Tnq for the sub...

  22. WSchalindu

    දිගටම කරමු අක්කියා

  23. gayan rohitha

    akke meke ithuru sub nadda..

  24. madhu bhagya

    tnz

  25. kaushalyamapa

    thank u

  26. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  27. Tashiya

    Ane meka blna khomada kiynko. Kohenda video eka gna

  28. Anonymous

    Subtitles වැඩ කරන්නේ නෑ නැවත සකස් කරන්න බැරිද

  29. Krishani

    Thank you