Watch Trailer

The Bride of Habaek AKA Habaekui Shinboo (2017) [EP 13] Sinhala Subtitles | දිය දෙවියාගේ මනමාලිය…[සිංහල උපසිරසි සමඟ]

දිය දේශයට ගිය හබෙක් ඔන්න ආපහු ඇවිල්ලා. ප්‍රධාන පූජකතුමා හබෙක්ට අලුත් රාජකාරියක් පවරනවා ආයෙමත් මනුස්ස ලෝකයට ගිහින් දේව පාශාණ මනුස්ස ලෝකයේ තිබීමට හේතුව හොයාගෙන එන්න කියලා. ඉතිං හබෙක් ආපහු ආවත් එයාගෙ බලය නම් මනුස්ස ලෝකයට ගේන්න හම්බවෙන්නෙ නෑ. ඒ වෙනුවට අපූරු දෙයක් හබෙක් දේව අධිරාජ්‍යයෙන් අරන් එනවා. දේව…


දිය දේශයට ගිය හබෙක් ඔන්න ආපහු ඇවිල්ලා. ප්‍රධාන පූජකතුමා හබෙක්ට අලුත් රාජකාරියක් පවරනවා ආයෙමත් මනුස්ස ලෝකයට ගිහින් දේව පාශාණ මනුස්ස ලෝකයේ තිබීමට හේතුව හොයාගෙන එන්න කියලා. ඉතිං හබෙක් ආපහු ආවත් එයාගෙ බලය නම් මනුස්ස ලෝකයට ගේන්න හම්බවෙන්නෙ නෑ. ඒ වෙනුවට අපූරු දෙයක් හබෙක් දේව අධිරාජ්‍යයෙන් අරන් එනවා.

දේව අධිරාජ්‍යයේ ගුහාවක හිරවෙලා ඉන්න කාලෙ ඉඳන්ම ශින් සභාපතිතුමාට උදව් කරලා තියෙන්නෙ ජූ ගොල් රින් කියන පහත් දෙවියා. මේ ජූ ගොල් රින් තමන්ගෙ දරුවෙකුට වගේ සභාපතිතුමාට ආදරේ කරන නිසා ජූ ගොල් රින් සභාපතිතුමාට කියනවා යූන් සු ආට එයාගෙ ඇත්ත ස්වරූපය එලි කරලා යූන් සු ආව ජීවිතයට ළං කරගන්න කියලා. ඔයාලට මතක ඇතිනෙ හබෙක්ගෙ බලය ආශිර්වාදයක් විදියට ලබාගන්න ඕනෙ වෙලා කලින් කිව්ව ජූ ගොල් රින් මීට කලින් හබෙක්ව සිපගත්තා. ඒත් හබෙක්ගෙ බලය නැතිවෙලා තිබුණ නිසා ජූ ගොල් රින්ට හබෙක්ගෙ ආශිර්වාදය ලැබෙනවා වෙනුවට සිද්දවුනේ ජූ ගොල් රින්ගෙ ගති ලක්ෂණ හබෙක්ට බෝවුන එක. එදා ඉඳලා තමයි හබෙක්ටත් බඩගින්න එහෙම දැනෙන්න ගත්තෙ. මේ ජූ ගොල් රින් ආපහු හබෙක්ව හම්බවෙලා එයා අතින් වුන ශාපය අයින් කරගන්න කැමතියි කියලා හබෙක්ට කියනවා. ඒ කියන්නෙ ජූ ගොල් රින් ආයෙමත් හබෙක්ව සිපගන්න ඕනෙ. හබෙක් කැමති වේවිද මේකට?

හබෙක් ආපහු ආව නිසා හබෙක් ආයෙමත් යූන් සු ආට ළං වෙන එක මූ රාට ඉවසන්න බැහැ. ඒ නිසා මූ රා ආයෙමත් ශින් සභාපතිතුමා හම්බවෙන්න ගිහින් එයාට කියනවා කොහොමහරි යූන් සු ආගෙ හදවත දිනාගන්න කියලා. ඒ වෙනුවෙන් ඕනෙම උදව්වක් මූ රා කරනවා කියලත් කියනවා. ශින් සභාපතිතුමාට ජූ ගොල් රින්ගෙන් හබෙක්ගෙ බලය නැතිවෙලා තියෙන බව ආරංචි වුන නිසා සභාපතිතුමා මූ රාට කියනවා හබෙක්ගෙ බලය නැතිව හබෙක් සාමාන්‍ය කෙනෙක් වගේ නිසා දැන් මේ මනුස්ස ලෝකයේ ඉන්න බලවත්ම කෙනා තමන් කියලා. ඒ නිසා මූ රාගෙ උදව් ඕනෙ නෑ කියලත්. මේ අතරෙ යූන් සු ආගෙ සායනය වහන්න වුන නිසා එයා අමතර රැකියාවක් විදියට කරන්නෙ ශින් සභාපතිතුමාගෙ හෝටලයේ සේවකයන්ගෙ මානසික ආතතිය පාලනය කරන්න චිකිත්සාවන් කරන එක. ඒත් සායනය පිහිටලා තියෙන ගොඩනැගිල්ල අලුත් අයිතිකාරයෙක් මිලදී අරගෙන තියෙන නිසා යූන් සු ආගෙ සායනයේ කුලී මුදල අඩු කරපු බවත්, ආයෙත් ඒ සායනය ආරම්භ කරන්න පුලුවන් බවටත් පණිවිඩයක් එනවා.

බී රියොම් ශින් සභාපතිතුමාට මේ තරම් වෛර කරන එක මූ රාට ලොකු කුතුහලයක් ගේන කාරණයක්. ඒ සම්බන්ධව මූ රාට පොඩි ඉඟියක් ලැබෙනවා. ඒ වගේම මේ කොටස අවසානයේදී ලොකු සටනක් වෙලා භයානක දේකුත් සිද්දවෙනවා. දැන් එන්න එන්නම කතාවෙ කුතුහලය වැඩි වෙනවා නේද?

14 කොටසත් අරන් එන්නම්. ඔයාලගෙ අදහස් කියාගෙන යන්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,775 downloadsDownload The-Bride-of-Habaek-AKA-Habaekui-Shinboo-2017-EP-13.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/06/018046abf64305004028e237166d4bf6-e1527791872294.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මහේෂි චතුරිකා” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2017-05-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මහේෂි චතුරිකා

Subtitles

4,775 downloadsDownload Subtitles31 KB

16 comments

  1. shehandilshan

    ela ela
    thnx sub ekataaaaaaaaaaaaaa

  2. Thilina Jayarathna

    good

  3. geeganagamage

    බොහොම ස්තුතියි

  4. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  5. thanujamilandi

    thank you sub ekata ekath ikmantama dila... jaya wewa..

  6. Chami.S

    Thanks..
    Good Luck..

  7. slkkssd

    Ikmanin dunnata godak sthuthiy.... balalanm iwarai....iwara wela comment dammata tharaha wenna epa... godak sthuthiy anith tikath ikmanin denna

  8. SRU

    thanks digatama karan yanna all the best

  9. Amal_indika

    බොහොම ස්තුතියි

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Damru Ravihara

    උපසිරසි සොයාගත නොහැක කියලා වැටෙනවනේ

  12. NiroshanCH

    Sub ekata tn

  13. NiroshanCH

    Tnx sub

  14. Deshani

    thank you

  15. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  16. Krishani

    Thank you