ඉතිං යාළු මාස 3ක් පුරාවට ඇමරිකාවේ FX Network ඔස්සේ සෑම බදදා දිනකම රාත්‍රි 10ට විකාශය කළ, ඊට සමගාමිව බයිස්කෝප් අඩවිය ඔස්සේ එම සතිය තුළදිම සිංහල උපසිරැසි සමගින් ගෙන ආ “The Bridge” කථා මලාව අදින් නිමාවට පත් කරන්නයි මේ සුදානම. එ වුණත් ඔබ මේ වෙනකොටත් දන්නවා මෙහි දෙවන කථා සමයකුත් 2014 වර්ෂයේ විකාශනයට සැ…

ඉතිං යාළු මාස 3ක් පුරාවට ඇමරිකාවේ FX Network ඔස්සේ සෑම බදදා දිනකම රාත්‍රි 10ට විකාශය කළ, ඊට සමගාමිව බයිස්කෝප් අඩවිය ඔස්සේ එම සතිය තුළදිම සිංහල උපසිරැසි සමගින් ගෙන ආ “The Bridge” කථා මලාව අදින් නිමාවට පත් කරන්නයි මේ සුදානම. එ වුණත් ඔබ මේ වෙනකොටත් දන්නවා මෙහි දෙවන කථා සමයකුත් 2014 වර්ෂයේ විකාශනයට සැලසුම්, පිඹුරුපත් සකස් වෙමින් පවතින බව. ඒ ගැන බසිස්කෝප් මංසලේ උදා සහෝ ගේ ලිපිය කියව්වේ නැත්නම් මෙන්න මෙතනින් බලා ගන්න.
අවසන් කොටසට කලින් අපි නැවත පසුගිය සතිය යහාමින් මතක් කරගමු. මොකද්ද මේවෙන විට සිදුවෙලා තියෙන්නේ කියලා. මුලින් මහා දාමරිකයෙක් වගේ පෙනුණ නමුත් අවසානය වන විට අහිංසකයෙකු බව පැහැදිලි කල ස්ටිවන් ලින්ඩර් තමා ආදරය කරන යුවතිය “ඊවා” සොයාගෙන ගියා. ඇයව නැවති සිටි බෝබ් ගේ නිවස වෙතට. නමුත් අවාසනාවකට මෙන් ඉට පෙර ඊවා අතුරුදහාන් වෙනවා. ලින්ඩර් ඇයව සෙයා ගැනිමට සොන්යාගේ පිහිට පැතුවා. සොන්යටත් මේ කාරණවට තනිව මුහුණ දෙන්න අපහාසු නිසා සොන්යා, මාර්කෝගේ පිහිට පැතුවා. මාර්කෝ ඒවන විටත් පුතා නැතිවු දුකට මත්පැන් පානය කරමින් පිස්සු නටන්න අරන්හිටපු නිසා, සොන්යාට වෙනවා ඔහුව එයින් මුදවගෙන නැවත පෙර හිටපු මාර්කොගේ තත්ත්වයට ගන්න. පසුව ඔහුන් දෙදෙනාම එක්ව මේ යුවතිය සොයා ගියත් ඔහුන්ට නිවැරදි හෝඩුවාවක් සොයා ගන්න පුළුවන් උණේ නැහැ. නමුත් අවසානයේ මාර්කෝගේ පොලිස් ස්ථානයේ සේවයේ නියුතු හිතවතියක් මාර්ගයෙන් මාර්කෝට නිවැරදි හෝඩුවාවක් ලැබෙනවා. ඒ මේම යුවතියගේ අතුරුදහාන් විමට පොලිස්සියේම යම් උසස් නිලධාරියෙකුගේ සහාය ලැබෙන බවටත්…
ඔය විදියට ගිය සතිය අවසන් වෙද්දි මේ තොටසේදි අපේ පරික්ෂක යුවළ සොන්යටයි, මාර්කෝටයි, මේ අතුරුදහාන් වෙච්ච “ඊවා” නැමති යුවතිය සොයාගන්න ලැබෙයිද? කවුද මේ පැහැර ගැනිම පිටිපස්සේ ඉන්න පොලිස් ලොක්කා.(එක ගැනනම් ඉගියක් කථාවෙම තියෙනවා.) මාර්කෝ කොහොමද මේ පරික්ෂණය මෙහෙය වන්නේ? මාර්කෝගේ අවසන් බලාපොරොත්තුව මොකද්ද? සාර්ලට් ගේ හොර ජාවාරමට මොකද වෙන්නේ? ආදි කරුණු කාරණා වලට උත්තර හොයා ගැනිම ඔබට භාර කරමින්. මාස තුනක් පුරාවට නොකඩවා ගෙන ආ මේම ටෙලි කතාව අදින් නිමාවට පත් කරන වගයි.!
ඉතිං එහෙනම් මෙතෙක් දුර මේ කථා මලාව සමග සම්බන්ධවු සියලු දෙනාටමත්, පළමු කොටසේ සිටම අදහස් දක්වලා උන්නදු කරවපු /නොකරපු හැම දෙනාටමත්, බයිස්කෝප් අඩිවියේ තරිදු (විකියා), වාසල සහෝලට විශේෂයෙන් ස්තුති වන්ත වෙනවා. වාසල සහෝ නොහිටින්න සමහර විට හාඩ් සබ් ටික නැතුව සබ කරන්න ඉඩ තිබ්බා. ඔහු තමයි මාව ඒ සම්බන්ධයෙන් දැනුවත් කර නිවැරදි සබ් එක තොරගන්න හැටි කියා දෙමින් නිවැරදිකර හරි පාරේ යැව්වේ. 😉 තව දෙයක් කියන්න ඕනේ මේ කථා මලාව මා විසින්ම තොරගෙන කරපු එකක්. පසුව තමයි විකියව දැනුවත් කළේත්. 😀
ඉතිං අපි එහෙනම් බලමු සොන්යායි, මර්කෝයි, ඔහුන්ගේ මේ අවසන් නොවන මෙහෙයුමේ ඉදිරයට කොහොමද මුහුණ දෙන්නේ කියලා…! නැවත හමුවෙන තුරා හැමොටම ජය ප්‍රාර්ථනා කරනවා! ෴ ජය වේවා ෴
150 MB කොපිය මෙතනින් බාගන්න 204d115e0841d220324100486476def38fbd1c76 185 MB කොපිය මෙතනින් බාගන්න 801f7fd814f2a45fd99d992a6804e90dda43b215 330 MB කොපිය මෙතනින් බාගන්න 88877c73137639db41bdf76b402255008af64208 1.4 GB කොපිය මෙතනින් බාගන්න be0f64a467697cc2708cedb6a5bcd99647e72dbb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
763 downloadsDownload The.Bridge.S01E13.zip79 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes 2nd Season >>
Subtitles by
නලින් පෙරේරා
Subtitles
28 comments
NCJD
nalin kumara
patta
wow
wow,,maru :D
naleen
aka digatama deepu akata thxzzz
yasas
awasan wenakm deepu aka maru
quik
thanks
was
දිගටම දීපු එක පට්ට නලියා තවත් හොද කතාවක් දෙමු
dilan
tx boss
anil
thx machan
ccnp
Thanks
asitha
godak sthuthi apita meka balanna sub dala dunnata
නිපුන්
පට්ට පට්ට නලින් සහෝ... ඔබට බොහෝ තුති...
තවත් කතා මාලවකට ලඟදීම අත්පොත් තබන්න නියත ජය....ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
එල බං නලියෝ...
ඔක්කොම ටික අරගෙන එක සැරේ බලනවා...
පට්ට වැඩක් හොදේ...sachesc
ඵළ ඵළ තෑන්ක්ස් මචන් ...
shani
thanks.
දිගටම සබ් දුන්නට ෙගාඩක් ස්තූතියි.
තව අළුත් ඒකක් ඒක්ක ඒන්න.“චූටී මල්ලි”
එල එල නලියො
ඔයා වැඩේ ලෙසටම කලා
අනිවා 2 නි සීසන් එක ආවාමත් ඔයාම දෙන්න ඔනි හරිය.......
සබට තුති
ඔබට ජය............Achintha sameera
නලින් පෙරේරා තැන්ක්ස් මචෝ සබ් එකට.මේක ඉවර වෙලා teen wolf එකට සබ් දෙන්නකම් බල ඉන්නවා...
LAKSHAN
thnxxx ...............................
ශාන් විමුක්ති [ විමා]
එහෙනම් ඇගට පතට නොදැනි එකෙන්ම ඉවර කලා නේද
එහෙනම් මට දැන් තියෙන්නෙ පාලමෙන් එගොඩ වෙන්නයි
බොහෝම ස්තුතියි කරපු සද්කාරයයට
සමාවෙන්න අදහසක් දක්වන්න පමාවටනලින්
නොදැනිම ඉවර උනා කිව්වෙත් හරි.!
පමා වුනාට අවුලක් නැ සහෝ.ජය වේවා
mudiya / මුදියා
ඔන්න එහෙනම් ඒකත් ජයසිරි මංගලම් කිවුවලු.
නියමයි නලීන්.2014 දෙවෙනි සීසන් එකත් ආපු ගමන් සබ් ටික ඕනි හොඳේ.ජයවේවා.බොහෝ...........................................................................ම ස්තූතියි...!රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ඔන්න ඊලඟ කතාමාලාවත් ඔයාගෙන්ම බලාපොරොත්තු වෙනවා. ජය෴෴ :P :P
සංජය
බොහොම ස්තුතියි නලීන් සහෝ..
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
nuwan
2nd season ekak nedda machan
Gamith
The Bridge S02 E01 giya sathiye telecast una. Ekatath sub denava neda ikmanatama....
Wicky
sub walata thanx, season 2 walatath sub demune? patta patta
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

තෑන්ක්ස් උපසිරස වෙනුවෙන්. මේ වෙනකම් ආපු මුළු කතා මාලාවම බාගත කරන්න ගන්නේ දැන් තමයි.