Watch Trailer

The Capture (2019-) [S01 : E06] Sinhala Subtitles | යුක්තිය අයුක්තිය වූ කල! [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් ඔන්න ගෙනාවා THE CAPTURE කතාමාලාවේ හයවන එහෙමත් නැත්නම් අවසන් කතාංගය. එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියල. ගිය සතියේ කොටස්වලින් ෂෝන්ට දැනගන්න ලැබෙනවා තමන්ට ඇත්තටම සිද්ධවුණ දේ. ඒ කියන්නෙ හැනාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් හැමදෙයක්ම චාලි ෂෝන්ට කියනවා. හැනා සහ චාලි දෙන්නා ෂෝන්ගෙ නඩුව බාරගත්තු වෙ…

එහෙමනම් ඔන්න ගෙනාවා THE CAPTURE කතාමාලාවේ හයවන එහෙමත් නැත්නම් අවසන් කතාංගය. එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියල.

ගිය සතියේ කොටස්වලින් ෂෝන්ට දැනගන්න ලැබෙනවා තමන්ට ඇත්තටම සිද්ධවුණ දේ. ඒ කියන්නෙ හැනාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් හැමදෙයක්ම චාලි ෂෝන්ට කියනවා. හැනා සහ චාලි දෙන්නා ෂෝන්ගෙ නඩුව බාරගත්තු වෙලාවේ ඉදලම ෂෝන්ව යොදාගෙන නිවැරදි කිරීමේ වැඩසටහන එළිදරව් කරන්න දරපු සෑම උත්සහයක් ගැනම සත්‍යය ෂෝන්ට චාලිගෙන් දැනගන්න ලැබෙනවා. ඒ වගේම හැනා මේක කරන්නෙ කාව බේරාගන්නද කියන එකත් දැනගන්න ලැබෙනවා. ඒ කියන්නෙ ෂෝන්ට දැනගන්න ලැබෙනවා හැනා මුල ඉදලම තමන්ව රවට්ටපු බව.

හැනා තමා විසින්ම පැහැරගැනීමේ සිද්ධියක් සැලසුම් කරලා ෂෝන්ව උසාවියට ගෙනිච්චම උසාවියට ඇවිත් වීඩියෝ සාක්‍ෂි ගැන බොරුව එළිදරව් කරන්න හිටියත් හැනා අවාසනාවන්ත ලෙස මිය යනවා. ඉතින් ඒ කාර්යය කරලා දෙන්නෙ ෆ්‍රෑන්ක්. ෆ්‍රෑන්ක්ට තමන්ගෙ වැඩසටහන ඇතුලේ දෙපිටකාට්ටු ඊලයිගෙන් ප්‍රශ්න කිරීම්වලදි දැනගන්න ලැබුනා හැනා ඉන්න තැන. ඉතින් කතාව දැන් අතුරුදහන් කරලා දාන්න බැරි තරමට ප්‍රසිද්ධියට පත්වෙලා තියෙන නිසා ෆ්‍රෑන්ක් තීරණය කළා කතාව ඇත්තක් කරලා ෂෝන්ව වැරදිකරුවෙක් කරන්න. ඉතින් ඒ අනුව තමා හැනාට ජීවිතේ අහිමි වෙන්නෙ.

ඔය අතරේ කේරිත් පැට්‍රික් එක්ක එකතුවෙලා බොහොම වැදගත් සාක්‍ෂි ගණනාවක්ම සොයාගන්නවා ෂෝන් හැනාව මැරුවේ නෑ කියන්න. නමුත් දැන් තියෙන අවාසනාවන්ත සිද්ධිය තමා කේරිව වැඩ තහනමට ලක් කරලා තියෙන එක. ඉතින් කොහොමින් හෝ චාලි ෂෝන්ව පොලිසියට අල්ලලා දෙන්න හදන තැනට ඇවිත් කේරි සහ පැට්‍රික් දෙන්නා ෂෝන්ව බේරගෙන යනවා. ඉතින් ෂෝන්ව පොලිසියෙන් බේරගෙන ගියාට පස්සේ කේරිට අවශ්‍ය වෙන්නෙ තමන් ළග තියෙන සාක්ෂිය පොලිසියට දීලා ෂෝන්ව නිදහස් කරවගන්න. නමුත් ඊට ප්‍රථමයෙන් ෆ්‍රෑන්ක් එක සැලැස්මක් නිර්මාණය කරනවා. ඒ තමයි ෂෝන්ව හොයාගන්නම නැති නිසා ෂෝන් විසින් ෂෝන්ගෙම දුවව පැහැරගෙන යනවා වගේ හදපු වීඩියෝ පටයක් මාධ්‍යයට නිකුත් කරන එක.

ඉතින් කෙසේ හෝ ෆ්‍රෑන්ක්ගේ මේ සැලැස්ම වැඩ කරනවා. ෂෝන් හැංගිලා ඉන්න තැනින් එළියට එනවා. ඉතින් අද අන්තිම කොටසෙන් බලාගන්න ලැබෙනවා නිර්දෝෂී ෂෝන්ට බේරෙන්න හැකිවෙයිද නැද්ද? ඒ වගේම කේරිට මොනා වෙයිද? හැනාගේ සහයකයන්ට අත්වන්නේ කුමන ඉරණමක්ද? එසේම මේ වගේ ප්‍රශ්න ගණනාවකට විසදුම් දෙනවාත් එක්කම තවත් අලුත් ප්‍රශ්න නිර්මාණය වෙන ආකාරය.

ඉතින් පළමු කතාමාලාව මෙතනින් ඉවරයි. දැනටනම් දෙවැනි කතාමාලාවක් ගැන සදහනක් නෑ. නමුත් කතාවේ අවසානය සනිටුහන් කළ ආකාරයට වගේම ප්‍රේක්ෂක ඉල්ලීම් මත දෙවැනි කතාමාලාවක් එන්නත් ඉඩ තියෙනවා. එහෙමනම් මෙතනින් මං නතර වෙනවා. ඉතින් වෙනදා වගේම ඔබේ අදහස් දක්වගෙන යන්න කියලා ඉල්ලනවා. නැවත උපසිරසියකින් හමුවෙන තුරු ඔබ සැමට ජයෙන් ජය!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,510 downloadsDownload The-Capture-2019-S01-E06.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,510 downloadsDownload Subtitles30 KB

16 comments

  1. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් මචං සබ් එකට.. :)
    Watchmen එකටයි Supergirl එකටයි සබ් දෙනවද

  2. Prabodha Madhusankha Hettiarachchi

    ස්තුති ඔබට සහෝ ...

  3. Achi

    තැන්ක්ස් බොක්ක...තව එකකට සබ් දෙන්න ශක්තිය දෛර්‍ය ලැබේවා

  4. shinejay

    thank you----

  5. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    Season 2 එකක් ආවොත් එකටත් සබ් අරන් එමු....

  6. sam1973

    thank you

  7. WMAkavinda

    Brother season 2th ona.tnx

  8. jeewantha

    ඉක්මනින්ම සබ් ටික දුන්නට බොහොම ස්තුතියි. නියම කථාවක්.

  9. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  10. Lahiru Kekulandara

    උපැසිරසට ස්තූති.
    ජය වේවා!

  11. oshanmp

    උපසිරැසියට ස්තූති!

  12. suranuwan

    thanks......

  13. kodagoda

    tnx sahoo sabata

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  16. R_deshan

    මුල් සීසන් එකට සබ් දුන්නට බොහොම ස්තූතියි සහෝ.සහෝගෙ සබ් ගැන කියන්න දෙයක් නෑ ඉතින් ඕන කෙනෙක් දන්නව ඩොටට වැඩේ කරනව කියල.මෙච්චර වටින සීරීස් එකක් වෙලා මේක වැඩිය කට්ටිය බලල නෑ වගේ.චොර සීරීස් වටේ නම් මීට වඩා කට්ටිය එකතු වෙලා ඉන්නව ඕන තරම්.සීසන් 2 ආවම ඒකටත් සබ් දෙන්න සහෝ බලන අපි වෙනුවෙන්.ජයවේවා!!