Watch Trailer

The Chilling Adventures of Sabrina [S02 : E05] Sinhala Subtitles | ලවායතන්ගේ මෙහෙයුම..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ අරගෙන ආවෙ සබ්‍රිනා දෙවැනි කතා මාලාවෙ පස්වැනි කතාංගය. මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ මේ කතා මාලාව ලබා දීම මේ තරම් ප්‍රමාද වුණේ මගේ අතපසුවීම නිසා. නැත්තං අනිත් හැම උපසිරැසිකරුවෙක්ම වගේ නිසි වෙලාවට ඔවුන්ගේ කාර්‍යය නිමා කරල තිබුණ, කොහොමහරි ඉතිං අවසානෙ වැඩේ කරල දෙන්න හැකි වුණා. ආයෙත් සම…

ආයුබෝවන් යාළුවනේ..!

මේ අරගෙන ආවෙ සබ්‍රිනා දෙවැනි කතා මාලාවෙ පස්වැනි කතාංගය. මුලින්ම සමාව ඉල්ලන්න ඕනෙ මේ කතා මාලාව ලබා දීම මේ තරම් ප්‍රමාද වුණේ මගේ අතපසුවීම නිසා. නැත්තං අනිත් හැම උපසිරැසිකරුවෙක්ම වගේ නිසි වෙලාවට ඔවුන්ගේ කාර්‍යය නිමා කරල තිබුණ, කොහොමහරි ඉතිං අවසානෙ වැඩේ කරල දෙන්න හැකි වුණා. ආයෙත් සමාව ඉල්ලා සිටිනවා මෙතෙක් පමා වෙන්න මම හේතුවක් වුණු එක ගැන. ඉතිං පහුගිය කතාංගය මතක නම් කලින් වුණේ කාඩ් සෙල්ලමක් මඟින් එක එක්කෙනාගෙ අනාගතය ගැන කිව්ව එක. මේක මෙතෙක් කතාවේ ඇත්තටම ලොකු හැරවුම් ලක්ෂයක්. විකාරයක් වගේ පෙනුන වුණාට ඒක මත අනාගතය රඳා පවතින හැඩක් තමයි තිබුණෙ. කොහොමහරි එක එක්කෙනා තම තමන්ගෙ අනාගතය ගැන හොඳහැටි දැනකියා ගත්ත. ඇම්බ්‍රොස්ට තමා මේකෙ දරුණුම අනාවැකිය කියවුණේ. ඒ තමයි මරණය.

අද කොටසින් ඔන්න බලාගන්න පුළුවන් මේ අනාගත වාක්‍ය වල ඇත්තක් තියෙනව කියල. කොහොමහරි අද බ්ලැක්වුඩ්ගේ දරුණු වැඩ ගැන සබ්‍රිනා, නික් එක්ක එකතුවෙලා හොයන්න ගන්නව. ඔන්න එතකොට තමයි සබ්‍රිනාගෙ තාත්ත එඩ්වඩ් ස්පෙල්මන්ගෙ හොල්මන ඇවිල්ල කියන්නෙ, ඔහු පටන් ගත්ත වැඩක් තියෙනව ඒක ඉවර කරන්න කියල. ඊට අමතරව ස්පෙල්මන් යුවළගෙ මරණය වෙනුවෙන් බ්ලැක්වුඩ්ගෙන් පළිගන්න කියල. සබ්‍රිනා මේක ලොකුවට ඔළුවට ගන්නව. ඒ අනුව හොයාගෙන යනකොට සබ්‍රිනා දැනගන්නව තාත්තගෙ අවසන් නොවුණු වැඩේ කියන්නෙ ප්‍රති-පාප්‍තුමන්ට ඉදිරිපත් කරන්න හදපු ප්‍රතිපත්ති ප්‍රකාශයක් කියල. නික් එක්ක එකතු වෙලා සබ්‍රිනා මේක හොයා ගන්නව. ඒත් මේකෙන් වැඩක් ගන්න සබ්‍රිනාට හැකි වේවිද? මීට අමතරව සෙල්ඩා, බ්ලැක්වුඩ් පියතුමා එක්ක විවාහ වෙන්නයි උත්සාහ කරන්නෙ. ඒක නතර කරන්නත් සබ්‍රිනාට ලොකු වුවමනාවක් තියෙනව. හැබැයි මේ ඔක්කොම උඩු යටිකුරු වෙන්නෙ ලවායතන් කියන මියා නිසා. එහෙනම් බලන්නකො මීයෙක් කොහොමද මේ කොටසෙ පෙරලියක් කරන්නෙ කියල. මම ආයෙත් එන්නෙ අවසාන කතාංගය අරගෙන. එහෙනම් ගිහින් එන්නම්. ජය වේවා…!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,355 downloadsDownload Chilling-Adventures-of-Sabrina-S02E05.zip40 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

3,355 downloadsDownload Subtitles40 KB

10 comments

  1. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට...එලම...

  2. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    ඉතුරු එපි දෙකත් ඉක්මනටම අරන් එමු....
    Jessica Jones Season 3 එකටත් සබ් අරන් එමු...

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ...
    මේ සීරීස් එක දෙනකල් තමයි හිටියේ...

    හැකිනම් සහෝ shadowhunters එකේ ඉතිරි කොටස් වලටත් සබ් දෙන්න ඒක මග නැවතිලා හුගක් කල්....

  4. dx12

    Thanks bro.
    Bro stranger things season 3 ekta sub dennako.
    Plzzzzzz

  5. suranuwan

    thanks.....

  6. Pramukmili

    thanxx bro.......

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Milinda Sadaruwan

    Thank you bro

  9. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  10. Sajithlakshan

    thanks .....................