Watch Trailer

The Day of the Jackal [S01 : E04] Sinhala Subtitles | කඩාවැදීම [සිංහල උපසිරසි]

The Day of the Jackal Sinhala Subtitles ඔන්න එහෙනම් යාළුවනේ මන් මේ අරන් එන්නෙ The Day of the Jackal කතා මාලාවේ සිව්වන කොටසට අදාල උපසිරැසියි.ඉතිං මේ කතාව බලාගෙන යන ඔයාලට පේනවා ඇති මේක කොයිතරම්නම් කුතුහලයෙන් පිරුණු කතාවක්ද කියලත්. හොදයි එහෙනම් පහුගිය කොටස ටිකක් මතකයට නගා ගෙන ඉමු.ඔයාලට මතකනේ බියංකගෙ…

 

The Day of the Jackal Sinhala Subtitles

ඔන්න එහෙනම් යාළුවනේ මන් මේ අරන් එන්නෙ The Day of the Jackal කතා මාලාවේ සිව්වන කොටසට අදාල උපසිරැසියි.ඉතිං මේ කතාව බලාගෙන යන ඔයාලට පේනවා ඇති මේක කොයිතරම්නම් කුතුහලයෙන් පිරුණු කතාවක්ද කියලත්.

හොදයි එහෙනම් පහුගිය කොටස ටිකක් මතකයට නගා ගෙන ඉමු.ඔයාලට මතකනේ බියංකගෙ නෝමන් වැටලීමේ අසාර්ථක මෙහෙයුම ගැන.ඉතිං එතනදි බියංකට තරමක් විශේෂ දෙයක් හම්බෙනවා.පහුගිය කොටස බලපු අය දකින්න ඇති ඒ මොකක්ද කියලා.ඒ වගේමයි නෝමන් ඉන්න තැන ගැන ඔත්තුව බියංකගෙ ඔත්තුකාරිය විසින් දුන්නට පස්සෙ සිද්ධවෙලා තියෙන අවසනාවන්ත සිදුවීම ගැන ඒ යුවල දැනගෙන තියෙන බවකුත් පහුගිය කොටසින් ඔයාලා දකින්න ඇති.ඒත් හැමදේම කණපිට හැරෙන්නෙ ගතවෙන්නෙ පැය කීපයක් විතරයි.මොකද තමන්ගෙ බිරිද කරපු හරිය සැමියා දැන ගැන්මත් එක්ක තත්වෙ ටිකක් බරපතල වෙනවා.ඒ අස්සෙ නූරියයි එයාගෙ පවුලෙ අයයි චාල්ස් ගැන නැත්තම් අපේ කතා නායකයා ගැන ඇතිවන සැකෙන් පස්සෙ කරන ගේ සෝදිසි කිරීමෙදි චාල්ස් ගැන යම්තාක් දුරට අවබෝධ කරගන්න පුළුවන් තොරතුරු වගයකුත් හොයාගන්නවා.මේ හැමදේමත් එක්කම ෆෙස්ට් ඝාතනය සිද්ධකරන්න ජැකල්ට බාර දුන්නෙ කව්ද කියලා වගේම ඔහුට අයසානයේ අත්වන ඉරණමත් මේ කොටසින් ඔයාලට දකින්න ලැබුනා.

ඉතිං එතැන් පටන් ආරම්භ වන සිව්වන කොටසෙදිත් සිද්ධවෙන්නෙත් ගොඩක් කුතුහලයෙන් සේම ත්‍රාසජනක බවෙන් පිරුණු සිදුවීම් සමුදායක්.එහෙනම් ඒ රසය සමගින්ම මේ කොටස නරඹන්නට ආරාධනා කරමින් මම මෙතනින් නිහඩ වෙනවා.ඊළග කොටසින් හම්බෙමු.හැමෝටම ජයෙන් ජය.

The Day of the Jackal Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

4,964 downloadsDownload The.day_.of_.the_.jackal.S01E04.zip21 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-12-16
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1Next BT1

The Day of the Jackal Sinhala Subtitles

Subtitles by

ඉන්ද්‍රගී කසුන් ප්‍රනාන්දු

Subtitles

4,964 downloadsDownload Subtitles21 KB

3 comments

  1. Buddhika laKMal

    ස්තූතියි කසුන් සහෝ උපසිරැසියට

  2. Sahan Gayantha

    Thanks a lot Indragii saho sub ekata

    1. Hasitha Gayan

      උපසිරස දුන්නාට බොහෝම ස්තුතියි.