Watch Trailer

The Defects [S01 : E01] Sinhala Subtitles | මුදල් ආපසු ගෙවීම [සිංහල උපසිරසි]

S Line [S01 : E01] Sinhala Subtitles ඔයාලට මතකද දන්නෙ නැහැ මීට කාලෙකට කලින් ලංකාවම කළඹවපු සිද්ධියක් තිබුනා අම්මලා දාලා යන දරුවො හදාගන්න දෙන කෙනෙක් ගැන. මුලින්ම ඒ කෙනා ගැන ගුණ වයල ප්‍රවෘත්ති ප්‍රසිද්ධ වුනාට, පස්සෙ දවසක එලි වුනේ දුප්පත් අසරණ ගෑණු ළමයින්ව හිර කරගෙන ඒ මනුස්සයා දරුවො බිහි කරවලා විකුණන ව…

S Line Sinhala Subtitles

ඔයාලට මතකද දන්නෙ නැහැ මීට කාලෙකට කලින් ලංකාවම කළඹවපු සිද්ධියක් තිබුනා අම්මලා දාලා යන දරුවො හදාගන්න දෙන කෙනෙක් ගැන. මුලින්ම ඒ කෙනා ගැන ගුණ වයල ප්‍රවෘත්ති ප්‍රසිද්ධ වුනාට, පස්සෙ දවසක එලි වුනේ දුප්පත් අසරණ ගෑණු ළමයින්ව හිර කරගෙන ඒ මනුස්සයා දරුවො බිහි කරවලා විකුණන ව්‍යාපාරයක් කරනවා කියලයි.  අද උදේ (25.07.24) මම ආයෙත් ඒ මනුස්සයා ගැන පෝස්ට්  එකක් දැක්කා FB එකේ. ඒකෙ තිබුනෙ ඒ මනුස්සයා කතා කරන විදිහට..මම ළමයි ගොඩකට මේ ලෝකෙ හොඳ ජීවිත හදල දුන්නා කියලා..අපරාදෙ කියන්න බැහැ ඒකෙ කමෙන්ට් වල, හැමදාම වගේ ඉතිහාසෙ ඉක්මනට අමතක වෙන අපේ මිනිස්සු ඒ මනුස්සයට දෙවියන්ගෙ බුදුන්ගෙ පිහිට පතල තිබුනා.

දරුවො හදාගන්න ගන්න වගේම දෙන අය අදටත් මේ සමාජෙ ඉන්නවා. ඒවා කොච්චර දුරට සාධාරණද සාර්ථකද කියල දන්නෙ ඒ අත්දැකීම විඳපු අයම විතරයි. අද මම ගේන්න යන මේ කතාවත් ඒ වගේ කතාවක්.

The Defects, අධ්‍යක්ෂක Oh Ki Hwan ගෙ අධ්‍යක්ෂණයෙන් වගේම Eom Se-Yoon (webcomic), Ryu Ga-Myeong (webcomic), An So-Jung යන අයගෙ රචනයෙන් නිර්මාණය වුන Action, Thriller, ශානරයට අයිති වෙන නිර්මාණයක්.

ප්‍රධානවම මේ කතාව ගැන ගන්නව නම්, කිම් සේ හුයි කියන්නෙ ප්‍රසිද්ධ රෝහලක අධ්‍යක්ෂකවරියක් වගේම පුණ්‍යාධාර පදනමක ක්‍රියාකාරිනියක්. සමාජය ඉස්සරහා ගෞරවනීය චරිතයක් වෙන මේ කිම් සේ හුයිට ඇත්තටම මූණු දෙකක් තියෙනවා. ඒ අනිත් මූණෙන් සේ හුයි කරන්නෙ තනිකරම ව්‍යාපාරයක්. ඒ තමයි දරුවො විකුණන එක. ජීවත් වෙන්න ඕනෙ උසස් ජාන තියෙන අය විතරයි කියල විශ්වාස කරන මේ සේ හුයි තමන් විකුණන ළමයි අතරෙ ඉන්න පහත් ජාන සහිත දරුවන්ව විනාශ කරල දානවා. ඒ දරුවන්ව ගත්ත දෙමව්පියො ඒ දරුවො එපා කියලා ආපහු එව්වම සේ හුයි කරන්නෙ ඒ ළමයින්ව මරල දාන එක…

ඔයාලගෙ බලාපොරොත්තුව සැහැල්ලු, විනෝදජනක කතාවක් බලන්න නම්..එහෙනම් මේක බලන්න ගන්න එපා.. මොකද මේක, ළමා ජාවාරම, ළමා අපයෝජනය, ලිංගික අපයෝජනය වගේ තවත් කම්පනසහගත දේවල් ඇතුලත් වුන කතාවක්.

කතාවෙ මුලු කොටස් ගාන 8 යි. ජූලි 21 පටන් ගන්න කතාව අගෝස්තු 12 වෙද්දි අවසන් වෙනවා වගේම  හැම සතියකම කොටස් 02ක් විකාශනය වෙනවා. කතාව ඉවර වුනාම උපසිරැසි දෙන්න හිතාගෙන තමයි මම කතාව පටන් ගත්තෙ…එහෙනම් අපි කතාව බලන්න ගමු..

අපි මොනව හරි සල්ලි දීලා මිලට ගද්දි හැම වෙලාවෙම බලනවා මේක රිටන් කරන්න වුනොත් අපිට ආපහු සල්ලි ලැබෙයිද කියලා..නේද? සමහර වෙලාවට අපි එහෙම රිටන් කරපුවම අපිට සල්ලි හරි ඒ වටිනාකමට හරියන විදිහට වෙන දෙයක් හරි දෙනවා. ඉතිං අපි ඒක අරගෙන එනවා මිසක අපිට වැඩක් නැහැ අපි ඒ රිටන් කරපු දේට මොනවා වුනත්.

මේකෙන් කියවෙන්නෙත් ඒ වගේ රිටන් කරපු අයිතම වෙනුවෙන් ආයෙ කරන මුදල් ගෙවීමක් ගැන. හැබැයි මේ අයිතමය භාණ්ඩයක් කියල හැඳුන්නුවට ඇත්තටම නම් ඒ ළමයි..නැත්නම් දරුවො.. දරුවො නැති දෙමව්පියො හදාගන්න ගන්න දරුවන්ව තමන්ගෙ අවශ්‍යතා වලට ගැලපෙන්නෙ නැහැ කියල හිතුනම ඒ දෙමව්පියො ඒ දරුවන්ව ආයෙත් ගිහින් දීලා ඒ වෙනුවෙන් ගෙවපු සල්ලි ඉල්ලගන්නවා.

ඒ විදිහට ආයෙත් රිටන් වෙන ළමයි දෝෂ සහිත විදිහට සලකලා, එයාලව සමාජෙන් අයින් කරල දාන හැටි තමයි මේ කොටසින් අපිට බලාගන්න පුලුවන් වෙන්නෙ. එහෙම දෝෂ විදිහට හඳුනාගත්ත දරුවො ගැන බලන්න ආරම්භය මෙතනින් පටන් ගමු එහෙනම්…

Hi Venus Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

762 downloadsDownload The-Defects-S01E01.zip26 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Hi Venus Sinhala Subtitles

All BT1Next BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

762 downloadsDownload Subtitles26 KB

2 comments

  1. John Doe

    Thank you so much

  2. Buddhika laKMal

    මේ සීරිස්එකටත් සබ් දෙන්න පටං ගත්තට බොහෝම ස්තූතියි සිස්..........