Watch Trailer

The Dragon Prince [ S01 : E01-E02 ] Sinhala Subtitles | අන්ධකාර මායාවේ ආරම්භය සහ උරුමකරුගේ විනාශය..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං මේ අරගෙන එන්නෙ මෑත කාලීනව බිහි වුණු විශිෂ්ට සජීවීකරණ කතා මාලාවක්. මේක Netflix ආයතනය නිකුත් කළ නිර්මාණයක්. Netflix කිව්වම ඉතිං දන්නවනෙ.. සුපිරියක් තමයි. The Dragon Prince නැත්තං මකර කුමාරයාගේ කතාව. මට මේ කතා මාලාව ගැන මුලින්ම ඔත්තුවක් දුන්නෙ රවිඳු රුක්ෂාන් මල්ලිය. ඉතිං…

ආයුබෝවන් යාළුවනේ..!

ඔන්න ඉතිං මේ අරගෙන එන්නෙ මෑත කාලීනව බිහි වුණු විශිෂ්ට සජීවීකරණ කතා මාලාවක්. මේක Netflix ආයතනය නිකුත් කළ නිර්මාණයක්. Netflix කිව්වම ඉතිං දන්නවනෙ.. සුපිරියක් තමයි. The Dragon Prince නැත්තං මකර කුමාරයාගේ කතාව. මට මේ කතා මාලාව ගැන මුලින්ම ඔත්තුවක් දුන්නෙ රවිඳු රුක්ෂාන් මල්ලිය. ඉතිං රවිඳු මලයටත් ස්තූතියි කියල මේ වෙලාවෙ කියන්න ඕනෙ.ඒ වගේම තමා විමා මේක කරන්න අවසර දුන්නෙ. ඉතිං විමාටත් ස්තූතිවන්ත වෙනව අවසර දීම සම්බන්ධයෙන්. එහෙනම් කතාවට පූර්විකාවක් අරගෙන ඉමු.

ක්ෂේඩියාව කියන්නෙ මායා බලයන්ගෙන් සහ පුදුමයන්ගෙන් පිරුණු භූමියක්. ආදීකාලීන මායාවන්ගේ බලයන්ගෙන් පෝෂණය වුණු රාජ්‍යයක්. ක්ෂේඩියාවේ අදීකාලීන බල මූලාශ්‍ර 6ක් තිබුණ. ඒ තමයි, චන්ද්‍රයා, සූර්‍යයා, තාරකා, පෘථිවිය, ආකාශය සහ සාගරය. හැබැයි වසර දහස් ගාණකට පස්සෙ මිනිස්සු විසින් හත්වන මායා මූලාශ්‍රයක් හොයා ගන්නව. ඒ තමයි අන්ධකාර මායාව. මායා සත්වයින්ගේ බලය හරහා මිනිසා මේ අන්ධකාර මායාව ලෝකයට මුදා හරිනව. මේක ලොකු ගැටළුවක් බවට පත් වෙනකොට ක්ෂේඩියාවෙ හිටපු මකරුන් සහ එල්ෆ් වරුන් මිනිස්සුන්ව ක්ෂේඩියාවේ එක් පසෙකට රැගෙන යනව. ඒ අනුව ක්ෂේඩියාව බෙදී යාම ආරම්භ වෙනව. එක් පසෙකට මිනිස් රාජධානි, අනෙක් පසින් ක්ෂේඩියාවේ මාය භූමිය. මේ භූමි දෙකේ සීමාව ආරක්ෂා කළේ මකර රජු විසින්. හැබයි අන්ධකාර මායාව පාවිච්චි කරල මිනිස්සු ඉතාම මෘග ක්‍රියාවක් කරනව. ඒකෙන් වසර දහස් ගණනකට පස්සෙ මකර රජුට ලැබුණු එකම උරුමකරුට ලොකු ගැටළුවක් පැන නගිනව. ඉතිං මේ ගැටළුව නිසා ක්ෂේඩියාවේ ඉඳල සාමාජිකයන් හයකින් යුක්ත මූන්ශැඩෝ එල්ෆ්ල කණ්ඩායමක් මිනිස් රාජ්‍යයක තුළට එනව. එතන නායකත්වය දරන්නෙ රුනාන්. මේ කණ්ඩායමේ ඉන්නව ලාබාලම සාමාජිකාව රෙයිලා. ඇය අනෙක් සාමාන්‍යයන්ට වඩා වෙනස්. මිනිස් රාජධානියේ රජු තමයි හැරෝ කියන්නෙ. හැරෝ රජුට පුත් කුමාරවරු දෙන්නෙක් ඉන්නව. එස්‍රන් සහ කැලම්. ඔන්න මේ කතාව ගලාගෙන යන්නෙ රෙයිලා, එස්‍රන් සහ කැලම් වටා.. මේ තුන්දෙනා හමුවෙන්නෙ කොහොමද? ඔවුන්ගෙ සංයෝජනය මොන වගේ වේවිද? එහෙනම් ඉතිං මෙතනන් මම විස්තරේ නතර කරන්නම්. බලන්න දේකුත් තියෙන්නෙ එපැයි නේද? ඊලඟ කතාංගයන් දෙකත් අරගෙන ඉක්මනට එන්නම්…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

3,581 downloadsDownload The.Dragon.Prince-S01.E01.E02.zip26 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

3,581 downloadsDownload Subtitles26 KB

25 comments

  1. dsdkavishka

    Thenks aiya

  2. chiran

    PATTA AIYYE

  3. Ishan Madusha

    නියමයි සහෝ.බොහොම ස්තූතියි

  4. කවිශල් රසින්ත (කවී)

    බොහොම ස්තූතියි අයියේ සබ් එකට... දෙනකල්මයි හිටියේ.... Well done and keep continue,,,,,,

  5. V.T.Piyumal

    thanks sub ekata..!jaya wewa..!

  6. Ravindu Rukshan

    පට්ට කතාවට දීලා තියෙන්නෙ

  7. Panther

    Thanz saho

  8. geeganagamage

    බොහොම ස්තුතියි සුපිරි වැඩක්

  9. Shadow4

    Download link eka baiscopedownloads eke nane..

  10. Kaushal

    Download link එකක් baiscopedownload eke nehene කොහොමද හොයා ගන්නේ ?

  11. Chanu mikhail

    sub ekata thanks..!!

  12. Kavinda

    sub akata thanks saho

  13. kaweesha kalyana

    elama

  14. Kulanjana Maduranga

    subata thanks saho...

  15. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  16. SAjith Anthony

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ,
    ජයෙන් ජයම වේවා...!!

  17. OshankaNW

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ ......

  18. pryantha gallage

    thanks to sub

  19. Bhagyasingh

    bohoma isthuthi..

  20. Udara Damith Dissanayaka

    එල

  21. TharakaWAS

    Subata thanks saho...
    jaya wewa...!!!

  22. Bhathiya gamage

    thanks

  23. nishannw

    ස්තූතියි සහෝ

  24. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. rockz2020

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    බොහොම ස්තූතියි සහෝ! ✌ ;)
    ජය වේවා! ❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤