ආයුබෝවන්..! ඉතිං කොහොමද වැඩේ..! මං කිව්ව වගේ කතාව එන්න එන්න උද්වේගකර වෙනව. තාම අපි ඉන්නෙ කතාවෙ මැද්දෙ. මෙතනින් ඉස්සරහට තමයි හොඳම ටික වෙන්නෙ. ඉතිං කලින් කතාංගයේදි අපි දැක්ක, මිනිස්සු දසදහස් ගාණකගෙ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් එස්‍රන් තමන්ගෙ කිරුළ අතහැරියා. මේක ඇත්තටම කවුන්සලයේ හිටපු කෙනෙක්ගෙ සැලැස්මක්.…

ආයුබෝවන්..!
ඉතිං කොහොමද වැඩේ..! මං කිව්ව වගේ කතාව එන්න එන්න උද්වේගකර වෙනව. තාම අපි ඉන්නෙ කතාවෙ මැද්දෙ. මෙතනින් ඉස්සරහට තමයි හොඳම ටික වෙන්නෙ. ඉතිං කලින් කතාංගයේදි අපි දැක්ක, මිනිස්සු දසදහස් ගාණකගෙ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් එස්‍රන් තමන්ගෙ කිරුළ අතහැරියා. මේක ඇත්තටම කවුන්සලයේ හිටපු කෙනෙක්ගෙ සැලැස්මක්. ඔහුට අවශ්‍ය වුණේ විරන් සිහිසුනට ගේන්න. ඔන්න සැලැස්ම ඒ විදියටම ක්‍රියාත්මක වෙනව. ඒ අතරෙ රෙයිලාගෙ ගමේ අය රෙයිලාව, රැහෙන් පිටමං කරල. ඒකට හේතුව පොකුණට දාපු මල් වලින්, රෙයිලාගෙ හැරෙන්න අනිත් හැම මලක්ම ගිලිලි. හැබැයි අපි දැක්ක එක මලක් බාගෙට ගිලිල, මැණික් ගලේ ආලෝකය නිවිල තිබුණෙ නෑ. ඒ කාගෙද, ඇයි ඒක බාගෙට ගිළුණෙ කියල අවසාන කතාංගයේ දි කියන්නම්. රෙයිලාගෙ ගමේ අයගෙ මූණු නැතිවෙන්න හේතුව, ඇය ඇගේ වර්ගයාගෙන් පිටමං කිරීම. තවදුරටත් ඇය මූන්ශැඩෝ වංශයට අයිති නැහැ. හැබැයි රුනාන්ගෙ පෙම්වතා, එතාරි ඇයට උපකාර කළා සිම්ව මකර රැජිණ ලඟට එක්කගෙන යන්න. එහෙම යද්දි ඔහු යවපු පණිවිඩය නික්ස් හොරකම් කළා මතක ඇති. ඒ වගේම නික්ස් සිම්වත් හොරකම් කරගෙන, රෙයිලා සහ කැලම් දෙන්න මිඩ්නයිට් කාන්තාරය මැද්දෙ අතරමං කරල යන්න ගිහින් තිබුණ.
ඉතිං මිඩ්නයිට් කාන්තරයෙන් රෑට එළියට එන්න ක්‍රමයක් නැහැ කාටවත්, නික්ස් ලඟ ඉන්නව වගේ දැවැන්ත සතෙක් නැත්තං. ඒකට හේතුව සෝල්ෆැන්ග් සර්පයින්. මේ සෝල්ෆැන්ග් සර්පයින් මොන තරම් භයානකයි ද කියල අද දැකගන්න පුළුවන්. නික්ස් පැනල ගියාට, රෙයිලා සහ කැලම් උදේ වුණාට පස්සෙ ඇය පස්සෙන් පන්නගෙන යනව. බලන්නකො සිම්ව බේරගන්න පුළුවන් ද කියල. රෙයිලා සහ කැලම් දෙන්නට තියෙන ලොකුම අභියෝගය තමයි නික්ස්ට පියාඹන්න හැකිවීම. ඒ වගේම විරන් කිරුළ ලබා ගන්නව. සොරෙන් මේ කතාංගයේදි අනපේක්ෂිත දෙයක් කරනව. හැබැයි සොරෙන්ගෙ ගති ලක්ෂණ එක්ක බැලුවම, ඒ ක්‍රියාව පුදුම වෙන්න ඕන දේකුත් නෙවෙයි.
හයවැනි කතාංගය තුළදි දැකගන්න පුළුවන් ලොකු ඉතිහාස කතාවක්. ඒ තමයි හැරෝ රජු සහ ඇවිසැන්ඩියම් අතර යුද්ධයේ කතාව. මේ වෙනකල් කතාව බැලුවනම් දන්නව ඇති “ඇරවෝස්” කියල පෙනී ඉන්න, කැඩපත හරහා විරන් එක්ක සම්බන්ධ වුණු හාදයා තමයි විරන්ගෙ හැම ක්‍රියාවක්ම මෙහෙයවන්නෙ කියල. ඒ වගේම ඇරවොස්ටත්, ඇවිසැන්ඩියම් එක්ක ලොකු පලහිලව්වක් තිබිල තියෙනව, හැබැයි අපිට මේ කතා සමය ඇතුළෙ නම් ඒ ගැන පැහැදිලි කිරීමක් ලැබෙන්නෙ නෑ. ඒ වගේම කැලම් ඇතුළු පිරිස ඔන්න දැන් “කුණාටු ගිර” නැත්තං මකර රැජිණගේ ලෙන ලඟටම ඇවිල්ල ඉන්නෙ. එහෙනම් ඊලඟ කොටස් දෙක එක්ක ඉක්මනින් මුණගැහෙමු. ජයවේවා..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
2,553 downloadsDownload The-Dragon-Prince-S03-E05-E06.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
6 comments
sachintha
rockz2020
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
තද තද නියමයි උපසිරැසිය වෙනුවෙන් බොහොම ස්තූතියි! ජය වේවා සහෝ! ✌❤
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
Gundala (2019)Checkered Ninja (2018)
The Curse of the Were-Rabbit (2005)
Trolls Holiday (TV Short 2017)The Dark Crystal: Age of Resistance (2019)
Hellboy Animated: Sword of Storms (2006)
Hellboy Animated: Blood and Iron (2007)Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Chanu mikhail
Thank you...!
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ