ආයුබෝවන්..! හරි ඉතිං ඔන්න පළවෙනි කොටස් දෙක බැලුවනම් දැන් දන්නව මේ මොකද්ද වෙන්න යන්නෙ කියල. මේ වෙනකොට ළමා රජෙක් විදියට එස්‍රන් බොහොම ඍජු තීරණ ගන්නව. නමුත් ඒක රාජ්‍යයේ ස්ථාවර බවට හානිකර වෙන්නෙ, කේසෆ් කුමරු මේ තත්වය නිකම්ම බැහැර නොකරන නිසා. රෙයිලා සහ කැලම්, සෝර් රේගම් කියන මකරගෙ අතින් මැරුම් කන්න ඔන්න…

ආයුබෝවන්..!
හරි ඉතිං ඔන්න පළවෙනි කොටස් දෙක බැලුවනම් දැන් දන්නව මේ මොකද්ද වෙන්න යන්නෙ කියල. මේ වෙනකොට ළමා රජෙක් විදියට එස්‍රන් බොහොම ඍජු තීරණ ගන්නව. නමුත් ඒක රාජ්‍යයේ ස්ථාවර බවට හානිකර වෙන්නෙ, කේසෆ් කුමරු මේ තත්වය නිකම්ම බැහැර නොකරන නිසා. රෙයිලා සහ කැලම්, සෝර් රේගම් කියන මකරගෙ අතින් මැරුම් කන්න ඔන්න මෙන්න ගිහින් කොහොමහරි වෙට්ටුවක් දාල ක්ෂේඩියාවට ඇතුළු වුණා. මේ වෙද්දි විරන් ඉන්නෙ හිරබාරයේ. ඒ රාජ්‍ය බලය අයථා ලෙස භාවිතයට ගැනීමට තැන් කිරීම නිසා. ජෙනරල් අමායා ඉන්නෙ සන්ෆයර් එල්ෆ් අත්තඩංගුවේ. ඒකට හේතුව ක්ෂේඩියාව සහ මනුෂ්‍ය භූමිය අතර සීමාව ආරක්ෂා කරන්න විනාශ කරන්න ගියපු නිසා ඇය ක්ෂේඩියා සීමාවෙ හිර වීම. ඔහොම තමා මේ වෙද්දි සිදුවීම් ගලාගෙන යන්නෙ.
ඉතිං අද කතාංගයන් දෙක තුළින් බලාගන්න පුළුවන් ක්ෂේඩියාවට ආපු කැලම් සහ රෙයිලා දෙන්න, රෙයිලා හැදුණු වැඩුණු ගමට එන හැටි. රෙයිලා මේ ගැන ලොකු කුල්මත් වීමකින් ඉන්නෙ. හැබැයි එකපාරට තත්වය උඩුඋඩුයටිකුරු වෙනව. රෙයිලාගෙ ගමේ ඉන්න හැම මූන්ශැඩෝ කෙනෙක්ගෙම මූණු නැතිවෙලා ගිහින්. එහෙම වෙන්නෙ කොහොමද? මොකද්ද මේ වෙලා තියෙන්නෙ? ඉතිං රෙයිලා යනව ඇයව හදාවඩා ගත්ත “එතාරි” කියන මූන්ශැඩෝ නායකයව මුණගැහෙන්න. හැබැයි එතාරිගෙත් මූණ නැහැ. කොහොම වෙතත් එතාරිට හැකි වෙනව රෙයිලා එක්ක කතා කරන්න. එතාරි කියන්නෙ, රුනාන්ගෙ පෙම්වතා. මතක ඇති රුනාන් ඇතුළු පිරිස අත් පළඳනාවකින් බන්ධනය කර ගන්නව, තමන්ගේ ඉලක්කය ඝාතනය කරනව කියල. ඒ වගේම එතාරි මේ අය ජීවත් වෙනවද, නැද්ද කියල දැනගන්න තව මායාවක් පාවිච්චි කරල තිබුණ. ඒකත් අද දැකගන්න පුළුවන්.
ඒ වගේම හතරවැනි කතාංගය කතාව කණපිට හරවන එකක් වෙනව. කේසෆ් කුමාරයා හදන්නෙ කටෝලිස් රාජ්‍යයට එරෙහිව යුධ වදින්න. ඉතිං දසදහස් ගාණකගෙ ජීවිත බේරගන්න ඕන නිසා, එස්‍රන් තීරණයක් ගන්නව සිහසුන අතාරින්න. ඉතිං ඊලඟ රජු කවුරු වේවිද? මේ අතරෙ තමයි රෙයිලා සහ කැලම් මකර රැජිණිය වෙත් සිම්ව අරගෙන යන්නෙ. මෙහෙම යද්දි තව අලුත් චරිතයක් මගදි එකතු වෙනව. ඒ තමයි “නික්ස්.” මේ නික්ස් පේන කෙනාම් නෙවෙයි. බලන්නකො වෙන දේ. එහෙනම් ඊලඟ කොටස් දෙක එක්ක ඉක්මනින් මුණගැහෙමු. ජය වේවා..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
2,474 downloadsDownload The-Dragon-Prince-S03-E03-E04.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
7 comments
rockz2020
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Hiran Eranda
thanks for sub
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Chanu mikhail
Thanks saho..!!
තිසර නියෝ
උපසිරසියට තුති.... නැවත හමුවෙමු... ජයවේවා
#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



හෙ හේ....දැන්නම් එක දිගට හම්බවෙයි වගේ, තද තද ✌ ;)
උපසිරැසිය වෙනුවෙන් වගේම වෙන මහන්සිය වෙනුවෙනුත් බොහොම ස්තූතියි! ජය වේවා සහෝ! ✌❤
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌❤✌
Checkered Ninja (2018)
The Curse of the Were-Rabbit (2005)
Trolls Holiday (TV Short 2017)
The Dark Crystal: Age of Resistance (2019)
Hellboy Animated: Sword of Storms (2006)
Hellboy Animated: Blood and Iron (2007)