The Dragon Prince [S05 : E05 & E06] Sinhala Subtitles මේ වෙනකොට විරෙන් සහ ක්ලෝඩියා ටෙරී සමඟ කාස්ටවුට් මුහුද වෙත ගමන් කරමින් ඉන්නවා. ඔවුන් දැන් කැලම් ඇතුළු පිරිසට සෑහෙන ඉදිරියෙන් ඉන්නෙ. ඉතින් ඔවුන් දැන් ක්ෂේඩියාවෙ කොහේ හෝ ඉන්න නිසාත්, පුළුල් මහද්වීපයෙ ඔවුන්ව සෙවීම ඉතා අසීරු දෙයක් නිසාත් ඒස්‍රන් ඔවුන…

මේ වෙනකොට විරෙන් සහ ක්ලෝඩියා ටෙරී සමඟ කාස්ටවුට් මුහුද වෙත ගමන් කරමින් ඉන්නවා. ඔවුන් දැන් කැලම් ඇතුළු පිරිසට සෑහෙන ඉදිරියෙන් ඉන්නෙ. ඉතින් ඔවුන් දැන් ක්ෂේඩියාවෙ කොහේ හෝ ඉන්න නිසාත්, පුළුල් මහද්වීපයෙ ඔවුන්ව සෙවීම ඉතා අසීරු දෙයක් නිසාත් ඒස්‍රන් ඔවුන්ව සොයාගැනීම සඳහා මකරුන්ව ආමන්ත්‍රණය කරනවා. ඒ අනුව ක්ෂේඩියාවේ සිටින සියලුම මකරුන් දැන් මුළු මහද්වීපයම ආවරණය වෙන විදිහට විරෙන්වයි ක්ලෝඩියාවයි සොයා ගුවනේ පියාසර කරනවා.
දැන් රෙයිලා සහ කැලම් ලක්ස් ඕරියාවට පැමිණෙනවා පිළිතුරු සොයාගැනීම සඳහා. මේ වෙනකොට නිර්මාණය වෙලා තියෙන තත්ත්වය හා සොයාගැනීමට අවශ්‍ය කරන සන්නස ගැන කැලම් සහ රෙයිලා පැහැදිලි කළත් ජනායී ඔවුන්ට ලක්ස් ඕරියාවට ඇතුළු වීමට අවසර දෙන්නෙ නෑ. මොකද කලින් කතාසමයකදී විරෙන් සහ ඇරවෝස් එකතුවෙලා ලක්ස් ඕරියාවෙ බල මූලාශ්‍රය අඳුරු මායාවෙන් දූෂිත කරපු නිසා ඒ හා අවට හිටපු ජීවීන් පවා දූෂිත අඳුරු සෙවනැලි බවට පත්වෙලා තියෙන නිසා. ඔවුන්ගෙන් වෙන පොඩි සීරීමකින් පවා අනෙකුත් අයත් දූෂිත සෙවනැලි බවට පත්වෙනවා. ලක්ස් ඕරියාව දැන් ජීවත්වෙන අයට තහනම් ප්‍රදේශයක්. නමුත් කැලම් සහ රෙයිලා රහසේම පිටත්වීමට උත්සාහ කරපු වෙලාවෙදී ජෙනරල් අමායාත් ඔවුන්ගෙ චාරිකාවට එකතුවෙනවා.
මේ අතරෙ පිටුවහල් කරපු කරීම් හමුවට ලක්ස් ඕරියාවෙ උසස් පූජකයෙක් වෙන ෆාරෝස් පැමිණෙනවා. ඔහු නැවතත් සන්ෆයර් එල්ෆ්වරුන්ව අභිමානය වෙත රැගෙන යන ලෙස කරීම්ට කියනවා. දැන් කරීම්නුත් මොකක්හරි යටිකූට්ටු වැඩකට අර අඳිනවා. මේ අතරෙ තමා ඔවුන් මිනිසුන් හා ක්ෂේඩියාවෙ විරසකය ඇතිවෙනකොට හිටි මකර රජුවෙන, අඳුරු මායාව හේතුවෙන් පෙනීම අහිමි වෙලා දැන් පැත්තක් ගහලා ඉන්න “සෝල් රේගම්ව” හමුවෙන්න යන්නෙ. නමුත් සෝල් රේගම්ගෙන් තමන්ගෙ අරමුණට සහයක් ලැබෙන්නෙ නැතිබව තේරුම්ගත් කරීම් දැන් සෝල් රේගම්ගෙ දෑස් සුවපත් කිරීමට ක්‍රමයක් සොයනවා. ඇත්තටම ඒ මොකක් වෙන්න පුලුවන්ද?
කොහොමින් කොහොමහරි රෙයිලා සහ කැලම්, අමායා සමඟින් ලක්ස් ඕරියාවේ ග්‍රේට් බුකරි වෙත පැමිණියා. මේ පුස්තකාලයෙ කරපු සෙවීම් වලින් කැලම් සොයාගන්නවා ස්ටාර්ටච් එල්ෆ්වරයෙකුගෙ අමරණීය ජීවිතය අවසන් කරන්න පුලුවන් ආයුධයක් ගැන. ඒක හඳුන්වන්නෙ “නෝවාබ්ලේඩ්” ලෙසයි. පුරාවෘත්තගත අසිපතක්. නමුත් ඉර බැසයාමට මත්තෙන් මේ දේවල් පිළිවෙලක් කරගන්න බැරිවුණ නිසා අමායා සහ රෙයිලා කැලම් දූෂිත සතුන් සමඟ මාරක සටනක නියැලුනා. බලාපොරොත්තු සුන්වීමට ඔන්න මෙන්න තියෙනකොටයි මකර රැජින එකවරම එතනට පැමිණෙන්නෙ. ඇයටත් දූෂිත සත්ත්වයෙකුගෙ පහරක් එල්ල උනා. ඉතින් දැන් මකර රැජින අවධානමකද ඉන්නෙ? මේ කොටස් දෙක බලලම ඒ ගැන දැනගන්න.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.
1,471 downloadsDownload The-Dragon-Prince-S05-E05-E06.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
- #2018
- #Jack De Sena
- #Jason Simpson
- #Jesse Inocalla
- #MaxxA
- #Offbeat
- #Paula Burrows
- #Racquel Belmonte
- #Sasha Rojen
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stephen King
- #subtitle
- #Subtitles
- #The Dragon Prince
- #The Dragon Prince [S05 : E05 & E06] Sinhala Subtitles
- #උපසිරැසි
- #පවිත් විජේසූරිය
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Thilina Ishara
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Dragon Prince [S05 : E05 & E06] Sinhala Subtitles | ඇරවෝස්ව කොටුකළ මායාකාරිය! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/Dragon-Prince-Season-5-poster-2.jpg.jpg)



Niyama kathawak. Avatar-Last Airbender mathak wenawa. Digatama subtitle onee. Thank you brother.