Watch Trailer

The Dragon Prince [S05 : E07 & E08] Sinhala Subtitles | සමුදුරේ සටන! [සිංහල උපසිරසි]

The Dragon Prince [S05 : E07 & E08] Sinhala Subtitles කතාවෙ මුලදි අපි දැක්කා ඒස්‍රන් මහ සයුරේ ප්‍රධාන මකරා “ඩොමිනා ප්‍රොෆන්ඩිස්ව මුණගැහෙනවා. ඉතින් ඇය සිරකුටියෙ සැබෑම ස්වාභාවය ගැන ඒස්‍රන්ට හෙළි කරනවා. ඒ වෙලාවෙදි ඩොමිනා කියනවා, ටයිට්බවුන්ඩ් එල්ෆ්වරියක් වෙන ශ්‍රේෂ්ඨ ආච්මේජ්වරිය “අකීයූ” තමයි මේ මායාමය…

The Dragon Prince  Sinhala Subtitles

The Dragon Prince Sinhala Subtitles

කතාවෙ මුලදි අපි දැක්කා ඒස්‍රන් මහ සයුරේ ප්‍රධාන මකරා “ඩොමිනා ප්‍රොෆන්ඩිස්ව මුණගැහෙනවා. ඉතින් ඇය සිරකුටියෙ සැබෑම ස්වාභාවය ගැන ඒස්‍රන්ට හෙළි කරනවා. ඒ වෙලාවෙදි ඩොමිනා කියනවා, ටයිට්බවුන්ඩ් එල්ෆ්වරියක් වෙන ශ්‍රේෂ්ඨ ආච්මේජ්වරිය “අකීයූ” තමයි මේ මායාමය සිරකුටිය නිර්මාණය කළේ කියල. ඉතින් ඒක ඇය නිර්මාණය කළා නම් ඒක තියෙන්නෙ කොහෙද කියලත් ඇය නිසැකවම දන්නවා ඇතිනෙ. ඔන්න ඔය සිතුවිල්ල හිතේ තියාගෙන දැන් ඒස්‍රන්, කැලම්, රෙයිලා සහ සොරෙන් මේ මහා මේජ්වරියව හොයාගෙන යනවා.

මතක ඇතිනේද කැලම් රෙයිලා සහ අමායා, ලක්ස් ඕරියාවට ගියවෙලේ වෙච්ච සටන? අඳුරු මායාවෙන් දූෂිත වෙච්ච සතුන්ගෙන් පොඩිහරි පහරක් කෑවොත් තමාත් ඒ වගේ දූෂිත සෙවනැලිබවට පත්වෙනවා. ඉතින් අවාසනාවකට මකර රැජිනටත් මේ දූෂිත සත්ත්වයෙකුගෙන් පහරක් එල්ල වෙනවා. ඉතින් ඇය දැන් අනතුරකද ඉන්නෙ!? මොකද වෙන්නෙ කියල අපි ඉදිරියට බලමු.

ඉතින් කැලම්, රෙයිලා, ඒස්‍රන් සහ සොරෙන් කොහොමහරි ආච්මේජ්වරියව හමුවුණා. මතක ඇතිනෙ ඇය නටපු නාඩගම? පසුව සිරකුටිය තියෙන්නෙ හරියටම කාස්ටවුට් මුහුදෙ මැදට වෙන්න කියල ඇය හෙළිකරනවා. මකර රැජින දැන් අර වෙච්ච තුවාලය නිසා අසනීපෙන් ඉන්නෙ. ඇය පැමිණියේ නැති නිසා මේ පිරිස “ස්කම්පෝර්ට්” වලට ආවා. ඒ කාස්ටවුට් මුහුදට යන්න නැවක් හෝ බෝට්ටුවක් සොයාගැනීමේ අරමුණින්. ඉතින් ඔන්න පසුගිය කතා සමයන්වල අපිට හමුවුණු හුරුපුරුදු චරිත දෙකකුත් කතාවට එකතු උනා. විලාස් සහ නික්ස්ව එහෙම මතක ඇතිනෙ කට්ටියට? ඒ වගේම එස්‍රන් දැන් ෆිනග්‍රින්ට අයිතිව තිබුණු දෙයකුත් හොරකම් කළා. විහින් තවත් කරදරයක පැටලුනාවත්ද? මේ එපි දෙක බලලම ඉන්නකො එහෙනම්. අවසන් එපියෙන් හමුවෙමු…

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

1,517 downloadsDownload The-Dragon-Prince-S05-E07-E08.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Subtitles by

පවිත් විජේසූරිය

Subtitles

1,517 downloadsDownload Subtitles20 KB

1 comment

  1. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P