හරි එහෙනම් මේ සුදානම තවත් අපූරු කතාමාලාවක දෙවැනි කතා සමය ලබාදීමටයි. කොහොමහරි මේක මගේ එකක් නම් නෙමේ. කලින් කරපු කෙනා නොකරන නිසාවෙන් තමයි මම ඉල්ලලා බාරගත්තෙ. නැත්තම් ඉතින් මේකත් මඟ හිටිනවනෙ. පළවෙනි කතා සමය ඇවිත් අදට අවුරුදු දෙකක් වෙනවා. ඒවගේම තමයි මේ සමයෙ රේටින් කලින්ටත් වඩා වැඩි වීමක් පෙන්නුම් කරනවා…

හරි එහෙනම් මේ සුදානම තවත් අපූරු කතාමාලාවක දෙවැනි කතා සමය ලබාදීමටයි. කොහොමහරි මේක මගේ එකක් නම් නෙමේ. කලින් කරපු කෙනා නොකරන නිසාවෙන් තමයි මම ඉල්ලලා බාරගත්තෙ. නැත්තම් ඉතින් මේකත් මඟ හිටිනවනෙ. පළවෙනි කතා සමය ඇවිත් අදට අවුරුදු දෙකක් වෙනවා. ඒවගේම තමයි මේ සමයෙ රේටින් කලින්ටත් වඩා වැඩි වීමක් පෙන්නුම් කරනවා. ”IMDb අගය 8.1” සහ ”කුණු තක්කාලි අගය 91%” වැනි ඉහළ අගයක් ලබාගන්න සමත් වෙලා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
කලින් කතා සමයේදී මතක ඇතිනෙ ජේම්ස් සහ ඇලීසා ක්ලයිව්ගෙ ගෙදරට ඇතුළු වෙලා වෙච්ච හරිය. කොහොමහරි ඔවුන් මේ පිළිබඳ කිසිම දෙයක් දන්නෙ නැහැ. ක්ලයිව් එකපාරටම ඇවිත් ඇලීසාව දුෂණය කරන්න යද්දී ජේම්ස් ඇවිත් ඔහුගෙ බෙල්ලට අනිනවා. ඔහු එතනම මැරිලා යනවා. ඊට පස්සෙ මොවුන් හැංගෙන්න යනවා. හැබැයි ඒ හැමදේම ටික වෙලාවයි තියෙන්නෙ. මොකද පොලිසීයෙ කට්ටිය මෙයාලගෙ පස්සෙන් යනවා. ඒවගේම තමයි අවසානයෙදී ඉවර වෙන්නෙ ජේම්ස්ට වෙඩි වදිනවාත් එක්කමයි. හැබැයි ඔහු මැරුණාද? ඒක මේ වතාවේ බලන්න පුළුවන්. හැබැයි පළවෙනි කොටස පටන්ගන්නෙ එතනින් නෙමේ. අලුත්ම චරිතයකින්. ඒ තමයි බොනී. කුඩා කාලයේ ඉඳලාම ගොඩක් දේවල් වලට මුහුණ දෙනවා. ඒවගේම තමයි ඇය ගාව ඇලීසාගෙ පොටෝ එකක් පවා තිබෙනවා. තව තුවක්කුවකුත්. ඒත් ඇයි? මෙයා ක්ලයිව්ට කලින් පිස්සුවෙන් වගේ ආදරේ කරන්න ගන්නවා. දන්නවනෙ ඉතින් ආදරේක තරම. ඒ දේ ලබාගන්න තමන් ඕනෙම දෙයක් හරි කරනවා. මං මේ කියන්නෙ කතාවට. කොහොමහරි ක්ලයිව්ගෙ මරණය ආරංචි වෙනවා. ඉතින් ඇය ඇත්තටම මොවුන්ව මරයිද ඒ තියෙන උමතු ආදරය වෙනුවෙන්?
ඒවගේම තමයි සාහසික චරිතයක්. මොකද බොනී කුඩා කාලයෙ ඉඳලම මුහුණ දුන්නෙ ඒ වගේ දේවල් වලට. ඉතින් ඇයට එහෙම සිද්ධ වෙලා තියෙන එක සාධාරණයි. කොහොමහරි බොනී යන්නෙ ජේම්ස්වයි ඇලීසාවයි ඝාතනය කරන්න. මොකද බොනී ක්ලයිව්ගෙ බොරු ආදරයට උමතු වෙලා ඉන්නෙ. අනික තමයි ක්ලයිව් අන්තිම මොහොතේදී බොනීව මෝඩයට අන්දනවා. ඒකෙන් වෙන්නෙ බොනීට හිරේ යන්න වෙන එක. හැබැයි එයා එනකොට ක්ලයිව් මේ ලෝකෙන් ගිහින්. ඊට පස්සෙ ඔහුව මරපු කෙනා පස්සෙන් යනවා. ඔන්න අද කොටසේදී දැකගන්න පුළුවන් වෙනවා පළවෙනි කතා සමය අවසන් වෙච්ච ස්ථානය ඉඳල සිද්ධ වෙන හැමදෙයක්ම. ජේම්ස් මැරුණාද? බේරුණාද? එහෙම නැත්තම් මෙයාලගෙ ජිවිතෙ ඉස්සහරට මුහුණ දීමට සිදු වෙන දේවල් එහෙම. එහෙනම් ඉතින් මම ඒ ගැන කිසි දෙයක් කියන්න යන්නෙ නැහැ. ඔයාලම බලල දැනගන්නකො.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත සඳහා අදාළ වේ.
7,759 downloadsDownload The-End-of-the-Fucking-World-S02-E01-E02.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
13 comments
Hashan M. Priyadarshana
සනිඳු ලක්ඛිත
හම්මේ...බොහොම ස්තූති සහෝ මේකට උපසිරස දුන්නට. බලන් ඉන්න ගොඩම් ඒවට දැන් ඉස්සර වගේ උපසිරස ලැබෙන්නෙ නැති නිසා මේකත් නැති වෙයි කියලා හිතන් හිටියේ. කොහොමහරි දිගටම සබ් එක දෙන්න සහෝ පුලුවන් විදියට..ජය වේවා..බුදුසරණයි..!
Achi
අඩෝ තැන්ක්ස් බන් සබ් එකට ආදරේයි
ඤාව් පැටියා
දානකං බලාගෙන හිටියේ බං. තෑන්ස් ❤️
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
සබ් දෙනකම් බලන් හිටියේ...
දිගටම සබ් දෙමු....Ishan Madusha
බොහොම ස්තූතියි සබ් එකට
Thamanna
<3
Suranjan
Thanks machan......jayawewa......!
ranga11112
thank you saho...patta aka
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Dewadithya
Thanks for Sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Bruce___Wayne
බොහෝ ම ස්තුති යාලුවා
ජය ✌️✌️✌️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


තෑන්ක්ස්