Watch Trailer

The Walking Dead [S10 : E06] Sinhala Subtitles | ෂ්ෂ්ෂ්! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! ඉතිං ඔන්න අරගෙන ආව TWD හයවැනි කතාංගය. කලින් කතාංගය ප්‍රමාද වුණු වෙලාවෙ මට කෑ ගහපු, බැනපු හැමෝටම ස්තූතියි! හිතාමතා ප්‍රමාද කරනව නෙවෙයි මේ උපසිරැසි ලබාදීම. රාජකාරි මට්ටමෙන් කාර්‍යබහුල වීම තමයි ඒකට හේතුව. ඒත් ඉතිං අපි දන්නව, කොච්චර කෑ ගැහුවත් බැන්නත්, ඉවසීමෙන් බලාගෙන හිටියත්, රටට ජනාධිපති කෙ…

ආයුබෝවන්!

ඉතිං ඔන්න අරගෙන ආව TWD හයවැනි කතාංගය. කලින් කතාංගය ප්‍රමාද වුණු වෙලාවෙ මට කෑ ගහපු, බැනපු හැමෝටම ස්තූතියි! හිතාමතා ප්‍රමාද කරනව නෙවෙයි මේ උපසිරැසි ලබාදීම. රාජකාරි මට්ටමෙන් කාර්‍යබහුල වීම තමයි ඒකට හේතුව. ඒත් ඉතිං අපි දන්නව, කොච්චර කෑ ගැහුවත් බැන්නත්, ඉවසීමෙන් බලාගෙන හිටියත්, රටට ජනාධිපති කෙනෙක් වෙනුවෙන් විකල්පයක් තෝරගන්න පුළුවන් වුණාට, උපසිරැසිකරණයේ දි ලංකාවටම ඉන්න එකම ස්ථාවර විධායකය බයිස්කෝප් විතරයි කියල. ඒ නිසා ඉවසීමෙන් මේක දෙනකල් බලාගෙන හිටියට ඒ හැම කෙනෙකුටම ශීර්ෂ ප්‍රණාමය හිමි වෙනව. හරි අපි බලමු කලින් කතාංගයේ මොකද්ද වුණේ, අද මොකද වෙන්නෙ කියල.

ඉතිං කලින් කතාංගයේදි නීගන් පැනගත්ත ඇලෙක්සැන්ඩ්‍රියා වලින්. එහෙම නිකං පැනල ගියා වෙන්න නම් බෑ. කවුරුහරි ඒකට උදව් කරල තියෙනව. ඒ ලිඩියා නම් නෙවෙයි. ඒ ඇරොන් වෙන්න පුළුවන්, ගේබ්‍රියල් වෙන්න පුළුවන්, නැත්තං ඩැරල් වෙන්නත් සෑහෙන ලොකු ඉඩක් තියෙනව. කොහොමහරි එහෙන පැනගන්න නීගන්ට අලුත් තරුණ හාදයෙක්ගෙන් උදව් ලැබුණ. එහෙම යද්දි තමයි තරුණ අම්ම කෙනෙකුයි, පුතෙකුයි මේ දෙන්නට මුණ ගැහෙන්නෙ. ඔන්න එතනදි බලාගන්න පුළුවන් නීගන් වෙනස් කෙනෙක් කියල. කොහොමටත් නීගන් තරුණ ළමයින්ට කරදර කළේ නෑ. ඒක අපි දැක්ක නීගන් කාල්ට ආදරෙන් සලකපු හැටි දැක්කම. ඒ වගේම මේ හමු වුණු තරුණ කොලුවටත් නීගන් ආදරෙන් කතාකරනව. හබැයි නීගන් එක්ක ආපු අනිත් හාදය මේක තේරුම් ගන්නෙ වැරදියට. ඒ නිසා ඒ හාදය මේ තරුණ අම්මයි, පුතයි දෙන්නවම මරල දැම්ම. ඒක්ට මළ පැනපු නීගන් ඒ හාදයත් පර සක්වලටම යැව්ව.

ඉතිං එතනින් පිටත් වුණු නීගන්, කෙලින්ම යන්නෙ ඇල්ෆාගෙ සීමාවට. එතනදි නීගන්ව බීටා අල්ල ගන්නව. මෙහෙම ගිහින් නීගන්ට අද මොකක් වේවිද? ඔව් ඒ ගැන තමයි අද කතාවෙ බොහෝ දේ කියවෙන්නෙ. මේ දේවල් මෙහෙම වෙන අතරෙ ඔන්න ඉයුජින් නිසා මේ කතා මාලාව ඉදිරියේදි සෑහෙන ලොකු වෙනස් මාවතකට ගමන් කරන්න පුළුවන් කියල හිතෙන දොරටු විවර වෙනව. මේ අතරෙ මම කලින් මතක් කළා වගේ, කැරොල් ඉන්නෙ හොඳටම තද වෙලා. ඒක මූණෙන් පේන්නෙ නෑ. හැබැයි කැරොල්ගෙ හිතේ ලොකු සැලැස්මක් තියෙනව. අද ඒකෙ පළවෙනි අදියරේ වැඩ පටන් ගන්න ඇය ඇල්ෆගෙ සීමාවට යනව. තනියම නෙවෙයි හැබැයි. තව කෙනෙක් ඇයට සහය දෙනව. ඒ කවුද? මොකද්ද කැරොල්ගෙ සැලැස්ම? එතකොට නීගන්ට මොකක් වේවිද? හිල්ටොප් වල පැතිරිලා යන වසංගතය කොහෙන් ආපු එකක්ද? එතකොට ඉයුජින් කොහොමද අනාගතේට බලපෑමක් වෙන්නෙ? ඔන්න ඒ ඔක්කොම අද බලාගන්න පුළුවන්. එහෙනම් ගිහින් එන්නම් 7 වෙනි කතාංගය ඉතාම ඉක්මනට අරගෙන එන බලාපොරොත්තුවෙන්. ජය වේවා.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

9,738 downloadsDownload The-Walking-Dead-S10-E06.zip51 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

9,738 downloadsDownload Subtitles51 KB

35 comments

  1. anudaindipa

    බොහොම ස්තුති සහෝදරය ඔබගේ වටිනා කාලය වැයකරල මෙහෙමවත් කරල දෙන එකට ඔබට ජය

  2. Nadeesha rox alahakoon

    Tnx bro subt.ilaga ekth puluwn ikmanin wada tikath krgena iwara krl diyn.

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. A JAYANATH

    බොහොම ස්තුතියි උපසිරසට
    ජයවේවා....

  5. Sandarunimsara

    Sub ekata tnx bro

  6. sankalpatest

    thanks saho. awlak na mehema hari sub dena eka loku deyak.

  7. kalana

    ගොඩාක් ස්තුතියි සහෝ.......

  8. madusrp1

    Tnx bn sub ekata digatama karan yamu

  9. delshannex

    blagna hitiya bn enkm

  10. Priya235

    Thnx bro

  11. Manoj Sanjaya

    THANK YOU VERY MUCH

  12. Rambeer

    Thank you bro

  13. senuth

    thanks macho

  14. Ayesh Prashan

    Thank You

  15. Pasindu16022

    Thanks aiye.

  16. Ishan Madusha

    බොහොම ස්තූතියි සබ් එකට

  17. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…
    Shadow Hunters Season 3 එකට සබ් අරන් ඇවිත් ඉවර කරමුකෝ....

  18. Madhura prasad

    බොහෝම ස්තුතියි බ්‍රෝ සබ් එකට

  19. Nuwandika Dil

    Kawru kohoma qwwath umbala sub eka dena ekama ethi bn . Parakkuda kalinda newei. Thanks. Bro. And baiscope set ekatama

  20. Gayathra

    thanks bro

  21. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...ප්‍රමාදයටනම් කිසිම අවුලක් නෑ සහෝ. කොහොමහරි සබ් එක ගේම එකම කොච්චර ලොකු දෙයක්ද .. ජය වේවා..බුදුසරණයි..!

  22. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  23. ramesh shalitha

    Sub 1ta godak thanks bro....

  24. ප්‍රසාද් රත්නායක (Prasad)

    Thanks sub ekata...

  25. Dulan Randika

    බොහොම ස්තූතියි බ්‍රෝ පරක්කු උනාට ප්‍රශ්නයක් නෑ සබ් එක හමබ වෙනවා..කොහොමත් කොටස් දෙකක් විතර එක ලග තිබ්බොත් ෆිල්ම් එකක් වගේ බලන්න පුලුවන් නෙ...

  26. suranuwan

    thanks bro....

  27. Shehan putha

    Thanks bro....

  28. sandha1218

    thank you sahodaraya...

  29. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  30. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  31. Kalanacosta

    thank you......

  32. Anonymous

    thank you so much broo....

  33. lakshan

    thanks ..........................

  34. Pramukmili

    Thanx bro.................

  35. Anonymous

    thank you