Watch Trailer

The Exorcist [S01 : E01] with Sinhala Subtitles | යක්ෂ බලවේග… [සිංහල උපසිරසි සමඟ]

පෙර සටහනක් The Exorcist එහෙමත් “යකදුරා” යන නමින් පටබැදුණු මෙහි පෙර චිත්‍රපට පහක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ඇසුරින් නිර්මණය වුන බවක් තමයි දැනගන්න ලැබුණේ. ඒ චිත්‍රපට අතරින් පළමු චිත්‍රපටය The Exorcist (1973) නම් පලවෙලා තියෙනවා. මං බලලා තියෙන්නෙත් පළමු චිත්‍රපටය විතරයි. හැමෝම දන්න කියන Prison Break වගේ…

පෙර සටහනක්

The Exorcist එහෙමත් “යකදුරා” යන නමින් පටබැදුණු මෙහි පෙර චිත්‍රපට පහක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ ඇසුරින් නිර්මණය වුන බවක් තමයි දැනගන්න ලැබුණේ. ඒ චිත්‍රපට අතරින් පළමු චිත්‍රපටය The Exorcist (1973) නම් පලවෙලා තියෙනවා. මං බලලා තියෙන්නෙත් පළමු චිත්‍රපටය විතරයි. හැමෝම දන්න කියන Prison Break වගේ සුපිරි කතාමලාවන් විකාශය වුනු FOX නාලිකාව මෙහෙම කතාමලාවක් පටන් ගන්නවා කියලා මින් පෙර මාස ගාණකට කලින් කිව්ව දවසේ ඉදන් මග බලාගෙන හිටියේ මේක බලන්න. දැන් යකදුරෙක් කිව්වහම කට්ටිය හිතනවා ඇති මේකත් ජෝන් කොන්ස්ටන්ටීන් හිටිය කතාමාලාව වගේ කියලා. ඇත්තටම එහෙමද?

ජෝන් කොන්ස්ටන්ටීන් කියන්නේ යක්දුරෙක් ඒක ඇත්ත. මේ කතාවේ යකදුරාගේ දැනට චරිතය වෙනුවෙන් ඉන්නේ මාකස් කියලා පියතුමෙක්. ජෝන් කොන්ස්ටන්ටීන්ට සමාන වුණාට එයාට තියෙන හැකියාවන් නම් නැහැ. දැනට 😛 මොකද මේ වෙද්දී මේ කතාමාලාව ගැන හරිහැටි විස්තරයක්වත් නැහැ. මාකස් පියතුමා කරන්නේ කතෝලික ආගම හා බැදුණු සියලු දෑ වලින් තමයි යක්ෂයන්, ආවේශ වුවන් දමනය කරන්නේ. කොන්ස්ටන්ටීන් බලපු  අයට මතක ඇතිනේ කෙල්ලෙක් හිටියා ඇන්ජෙලිකා සෙලායා කියලා. අන්න එයාට (අ)සමාන කෙනෙක් මේ කතාමාලාවෙත් ඉන්නවා. ඒ තමයි තෝමස් ඔටේගෝ කියලා පියතුමෙක්. මෙයාට සාමාන්‍යයෙන් පුලුවන් කමක් ලැබුණා මාකස් පියතුමා මෙතෙක් කරපු යාතුකර්ම හීනෙන් දකින්න. ඔන්න ඔහොමයි කොන්ස්ටන්ටීන් කතාමාලාව යන්තම් මේ කතාව සමාන වෙන්නේ.

කතාවේ පසුබිම පිළිබද යමක්..

කලින් කිව්වත් වගේ මේක ඊයේ එහෙමත් නැත්තම් පහුගිය සිකුරාදා එනම් 23 වැනිදා තමයි විකාශය වුණේ. දැනටනම් FOX නාලිකාව මේ කතාමාලාවේ විකාශය වීමට කොටස් 5 ක් පමණයි නම් කරලා තියෙන්නේ. කොහොම වෙයිද කියලා කියන්න බැහැ. මොකද වෙනත් නාලිකාවල විකාශයෙන් ලැබෙන රේටින්ග්ස් වලින් මේකේ කතාවත් කොටස් 23 කට දික් වෙන්න ඉඩ තියෙනවා. එහෙමයි කියලා කතාමාලාව හැල්ලු කරන්න බැහැ. මුළු කතාමලාවට දැනට IMDb අගය 8.3/10 ක ඉහල අගයක් ලැබිලා තියෙනවා. පළමු කොටසට පමණක් IMDb අගය 8.5/10 ක් ලැබිලා තියෙනවා. කැටගරිය ගැන කියනවනම්  Horror, Thriller යන අංශ වළට තමයි වැටෙන්නේ.

අද කොටසින්

කැත්රින් නම් තරුණ කෙල්ලෙක් එයාගේ කොලේජ් එකේ ඉදන් ඇවිත් ගෙදර නතර වෙනවා. මොකද එයාට ඇතිවෙලා තියෙන ලොකු කම්පනයක් නිසා. කොලේජ් එක අහල පහල වුන රිය අනතුරකින් එයාගේ යාලුවා මැරිලා තියෙනවා. මේකට කලබල වෙච්ච් මෙයා කාමරයෙන් එලියටවත් බහින්නේ නෑ. මේකට එයාගේ අම්මා ඇන්ජෙලාත් හොදටම බය වෙලා ඉන්නේ. මේ හැම සිද්දියකට පස්සේ ඇන්ජෙලාට ගෙදරින් අමුතු අමුතු දේවල් දැනෙනවා, පේනවා. නමුත් ඒවා හරි ආකාරයෙන්ම මොනාද කියලා අපිටවත් දැනගන්න විදිහක් නැහැ. දැනට සද්ද කිහිපයක් වගේ තමයි ඇතිවෙන්නේ. මේ ගැන තෝමස් පියතුන්ව හමුවෙලා කියන්න ඇන්ජෙලා තීරණය කරනවා. කැත්රින්ට මක් වෙලාද? එයාට අමනුෂ්‍ය බලවේගයක බලපෑමක්වත් ඇති වෙලාද? තෝමස් පියතුමා කොහොමද මාකස්ව හමුවෙන්නේ? කියලා බලලම ඉන්නකෝ.කතාව අන්තිම හරියේ තියෙන රස්වත්භාවය නිසා අමුතුම ගැම්මක් දුන්නා කියලා කියන්න පුළුවන්.

පසු සටහන්

ඇත්තටම මං නම් මේක බලන්න ආසා වුණත් උපසිරැසි ගන්වන්න මැලි කමක් දැක්වුවා. මොකද උපසිරැසි කරන්න ගත්තුවා ගොඩගැහිලා තියෙන්නේ. එහෙමයි කියලා මට මේක මගහරින්න හිත දුන්නෙත් නැහැ. මේක බලන්නයි මං ඔයාලා හැමෝටම ආරධනා කරනවා වගේම විශේෂ යමක් කියන්න ඕනේ. “මේකේ පළමු කොටස විතරක් බලලා තීරණය කරන්න එපා මේක මෙලෝ රහක් ඇද්ද නැද්ද කියලා. මොකද පළමු කොටසට වඩා ඉදිරි කොටස් හොද වෙන්න පුලුවන් හෝ නරක වෙන්න පුළුවන්. ඒ නිසා කිසිම කතාමාලාවක් ගැන එහෙම තීරණය කරන්න එපා.” කලින් දැක්ක දෙයක් කිව්වේ. 😛 එහෙනම් ඉතින් මින් දිරියට මං එක්ක මේ කතාමාලාව එක්ක බලන්න එකතු වෙන්න කියලත් ආරාධනා කරනවා.

ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා..!

The Exorcist (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

The.Exorcist.S01E01.HDTV.x264-KILLERS-HI

මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,963 downloadsDownload The.Exorcist.S01E01.baiscopelk.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

                                                                All Episodes                       Next Episode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

1,963 downloadsDownload Subtitles315 B

33 comments

  1. Kasun Upeksha

    1st

  2. Thisara

    ela kollo digatama sub eka dipn :D 2rd

  3. Yashmika Saubhagya

    ඔන්න ඒනම් බෑමක් තමයි! බෝම ස්තූතියි කිව්වා!!

  4. thathsara

    thanka sub ekata

  5. Kasun Widusha

    Oya dila tiyenne kolla ela mcn aa...tnx

  6. praneeth madu

    ela sahoo

  7. නවින් නිසල්

    විස්තරේ කියෙව්වම හොදයි වගේ හිතෙනවා. කියන හින්දම බලන්න ඕනා !! එල වැඩක් !!!

  8. silent$

    Thnxxxxxxxxxxxxxx

  9. Udara Damith B/K

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
    ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
    ස්තූතියි ස්තූතියි ස්තූතියි
    ස්තූතියි ස්තූතියි
    ස්තූතියි

  10. D

    niyamai saho godak sthuthi

  11. මධුකප්‍රිය පෙරේරා

    නියමයි චාමරයෝ..
    උබ ඉක්මනටම සබ දීලා නෙහ්..
    කතාව සුපිරිලු නේ..
    උපසිරසියට ස්තුතියි..

  12. nishadi wickrama

    tnx

  13. lahiru

    constantine nam allala giya....balamuko mekath balala

  14. Ruwan..

    Ado machn ubanam patta machn..apu gaman aluth series ekata sub Eka dunna...mehema digatama sub eke digena yamu kolla..
    Thanxz machn sub ekata..elama..☺☺

  15. Sithum Vimansana

    Thnx bro!!!

  16. #Hal

    බොහොම ස්තූතියි සහෝ...
    සුපිරි කතාවක් වගේ...
    බාලම බලමු... :-)

  17. kavinda

    තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…

    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
    නියම කතාවක් මේක .
    දිගටම කරගෙන යමු…

  18. rohan jayathilaka

    chicago pd season 04 sub karan nedda

  19. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…

  20. Imila Umeshan Amarasinghe

    Ela Mcn..... Digatama denna... Maga Nawattanna epa.....

  21. Dilanda Rukshan

    තැන්ක්ස් හොදේ

  22. Amila Mudalige

    Thanks saho sub ekta

  23. sujeewa

    thanks saho sub ekata. digatama denna.elakiri

  24. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...download කර සබ් දුන්න එක නියමයි...

  25. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  26. අමා

    බොහොම ස්තුතියි සහෝ...

    ජයෙන් ජය!!!!!

  27. නුවන් මානගේ

    Elakiri

  28. anuradha

    Sub download karanna be . Aei e?

  29. sha_si

    machan meke season 2 ekta sub daanne naddo??????

  30. Hashan M. Priyadarshana

    Godak sthuthi bro sub ekata.. :)
    Meke season 02tath sub denna bro

  31. Dula95

    thank u bro

  32. Anonymous

    Machan zip file 1 atule sub 1 nahane

    1. විමා - Admin

      දැන් බලන්න සහෝ.
      අවුල හරි ගස්සලා තියෙන්නේ.