ආයුබෝවන් බයිස්කෝප්වාසීනී . මේ ඇරඹෙන්නේ අදුරේ කුමාරයා ලොස්ඇන්ජිලීස් එන කාලයයි. ලුසිෆර් මෝනින්ස්ටාර්. කෝ එන්න බලන්න ලුසිෆර් ගේ රසික රසිකාවියන් ටික. දැන් මේ දෙන්න යන්නේ ලුසිෆර් කතාමාලාවේ දෙවැනි සමය. පළමු කතාසමය සදහා උපසිරැසි දෙන්න හැකිඋනත්, දෙවන කතාසමය උපසිරැසි දෙන්න හිතාගෙන හිටියේ නැහැ. අපේ අලුතින් බ…

ආයුබෝවන් බයිස්කෝප්වාසීනී . මේ ඇරඹෙන්නේ අදුරේ කුමාරයා ලොස්ඇන්ජිලීස් එන කාලයයි. ලුසිෆර් මෝනින්ස්ටාර්. කෝ එන්න බලන්න ලුසිෆර් ගේ රසික රසිකාවියන් ටික. දැන් මේ දෙන්න යන්නේ ලුසිෆර් කතාමාලාවේ දෙවැනි සමය. පළමු කතාසමය සදහා උපසිරැසි දෙන්න හැකිඋනත්, දෙවන කතාසමය උපසිරැසි දෙන්න හිතාගෙන හිටියේ නැහැ. අපේ අලුතින් බයිස්කෝප් අඩවියට ආපු නවක උපසිරැසි කරුවෙක්ට මේ කාර්ය භාරදෙන්නයි සූදානම් උනේ. හිතූ තරමින් උපසිරැසි දෙන්න එයාට බැරිඋනා. මේ කතාව අතහැරලා දන්නත් බැරිනිසයි, දිගින් දිගටම පණවිඩ එන නිසයි ලුසිෆර් ගැන අතහැරලා දන්න බැරිඋනා. වටින කතාවක් මේ අඩවියේ නෑ කියන්නේ අපරාධයක්. ඒනිසා මම ම දෙවන කතාමාලාවටත් උපසිරැසි දෙන්න පටන් ගත්තා. පළමු කතාසමයට තිබ්බ ඉහල ප්‍රේක්ශක ප්‍රතිචාර නිසා එකම අවුරුද්දේ කතාසම දෙකක් එලිදැක්වෙනවා. බයිස්කෝප් රසිකරසිකාවියන් අතරේ ලුසිෆර් බාගත කිරීම් අඛණ්ඩව ස්තාවර මට්ටමක තියෙන නිසා මේක ජනප්‍රියයි කියන්න කිසිම සැකයක් නැහැ.
පළමු කතාසමය ගැන කියන්න අවශ්‍යද කියලත් හිතෙනවා. අලුත් ප්‍රේක්ශක පිරිසක් එකතුවෙලා කියලා හිතෙන නිසා පොඩ්ඩක් පළමු කතාසමය ගැන මතක් කරන්නම්.
2016 ජනවාරි 26 වෙනිදා තමයි මේක පළමුවෙන්ම fox නාළිකවේ විකාශ උනේ. දෙවෙනි කතාසමයත් පළමු සමය වගේම කොටස් 13 කින් යුක්තයි. දෙවෙනි කතාසමයෙත් පළමු කොටස්වල දකින්න ලැබුණු,
- ලුසිෆර්- Tom Ellis
- ක්ලෝයී ඩෙකර්- Lauren German
- මෙසිකීන්- Lesley-Ann Brandt
- ඇමනඩෙල්- D.B. Woodside
තම චරිත නිරූපණය කරන අතර කතාවේ පළමු කතාසමය අවසානයේ අහන්න ලැබුණු ලුසිෆර්ගේ මව (Tricia Helfer) දෙවෙනි කතාසමයේ තවත් ප්‍රධාන චරිතයක් විදිහට එකතුවෙන්න නියමිතයි.
පළමු කතාසමයෙ ප්‍රධාන සිදුවීම් ටිකක් ආයෙත් මතක් කරගමු.
අපායෙ ජීවිතේ එපාවුන ලුසිෆර් මෙසිකීන් එක්ක ලොස්-ඇන්ජලස් වල විනෝදයෙන් කාලය ගතකරන අතරෙ ලුසිෆර්ගෙ පියාගෙ ඉල්ලීමට අනුව ලුසිෆර්ව ආයෙත් අපායට ගෙන්නගන්න වගකීම බාරගත්ත ඇමනඩෙල් ලොස්-ඇන්ජලස් වලට එනව. ඇමනඩෙල් ආයෙත් අපායට යන්න ඉල්ලීම් කලත් ඒවට එකඟ නොවෙන ලුසිෆර් ලොස්-ඇන්ජලස් වල අපරාධ මැඩලන්න ක්ලෝයී ඩෙකර් එක්ක එකතුවෙනවා. යක්ෂයා අමරණීය වුනත් මේ ක්ලෝයී ඩෙකර් සමීපයෙන් ඉද්දි ලුසිෆර්ට බලපෑමක් වෙනව වගේ. පළමු කතාසමයෙ ඒකට හේතුවක් ගැන සඳහනක් වුනේ නෑ. කොහොම වුනත් අවසානයේ පෘතුවියේ ජීවිතය එපාවුන ලුසිෆර් ආයෙත් අපායට යන්න තීරණය කලත් ආයෙත් ලුසිෆර්ට පෘථිවියට එන්න සිදුවෙනව ලුසිෆර්ගෙ මවත් අපායෙන් පිටත්වෙලා පෘථිවියට ඇවිත් නිසා. දෙවෙනි කතාසමයෙ ප්‍රධාන “මාතෘකාව” ලුසිෆර්ගෙ මව වෙයි.
පළමු කතාසමය බලපු කෙනෙක් නම් අනිවාර්යයෙන්ම දෙවෙනි කතාසමය බලනව. 😉 දෙවෙනි කතාසමයටත් ඉඩ ලැබුණ ගමන්, හැකි ඉක්මනින් උපසිරැසි ලබාදෙන්නම්. ගොඩක් විස්තර කරන්න අවශ්‍ය නැහැනේ. දාපු ගමන් බාගෙන යන පිරිසකුත් ඉන්නවනේ. අද කතාව පැත්තට හැරෙමු.
ලුසිෆර් දෙවන කතාමාලාවේ පළමු කොටස – හැමදේම ලුසිෆර් නිසයි
කලින් මම කිව්වා වගේ දෙවන කතාවේදී ලුසිෆර් ගේ අම්මට ලොකුතැනක් දීලා තියනවා කියලා. පළමු කතාසමයේ අවසානයේදී ලුසිෆර් අපාය වෙත යනවා. නමුත් එයාගේ තාත්තා ආපහු එවන්නේ අම්මව හොයන්න කියන රාජකාරියකුත් පටවලා. ලුසිෆර් හිතන්නේ එයාගේ අම්මා මැරුනු සිරුරකට ඇතුල් වෙලා එයාව මරන්න එනවා කියලා. මොකද අපායෙදී ලුසිෆර් එයාගේ අම්මව සිරගත කරපු නිසා. එයා අම්මව හොයන්න ගන්නේ සුපුරුදු පරිදි අපේ පරීක්ෂකතුමිය ඩ්‍රෙකර්ට හිමිවන පරීක්ශනයක් යොදාගෙනයි. ඒ ජිලියන් කියලා නිලියෙකුගේ මරණයක්. එයා නිළියෙක් කියලා කිව්වට එතන කතාවක් තියනවා. එමී කියන්නේ තරුණ නිලියක් එයාගේ සමහර දර්ශන රූගත කරන්න ගත්ත එයා වගේම හැඩරුව තියන කෙනෙක් තමයි ජිලියන්. එයා අභිරහස් විදිහට ඝාතනය වෙලා තියනවා. මෙවර පැවරෙන කාර්ය ඒක තමයි. වැඩි විස්තර කියන්න යන්නේ නෑ. මොකද දැනටමත් පරක්කු නිසා. හරි එහෙනම් සුපුරුදු පරිදි ලුසිෆර් කතාවෙන් ඔයාලව මුණගැහෙන්නම්.
– ජය ශ්‍රී –
Due to copyright issues, we do not provide any torrent links.
Lucifer.S02E01.HDTV.x264-LOL
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
5,111 downloadsDownload Lucifer-02x01.Baiscopelk.com_.rar31 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
යසිරු හසරංග
Subtitles
60 comments
yohan
viraj
Thanks yasiru saho..sub ekata..digatama sub demu.jaya wewa…… :)
dharshana...
Thanks...
kawesha dissanayaka
thanks. thanks. digatama sub danna thanks.
Millam
Thanks Bro
Imila Umeshan Amarasinghe
තෑන්ක්ස් මචං... දැක්ක ගමන් බෑවා.... දිගටම දෙමු.... ගුඩ් ලක්......
Lakmal Wanniarachi
ගොඩක්ම ස්තූතියි.
Madhusha Akalanka
maruuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu..............
මධුකප්‍රිය පෙරේරා
නියමයි සහෝ.. ඔයාම මේ සීසන් එකත් දෙන්න..
දෙවැනි කොටස ආපු ගමන්ම වගේ ලැබෙයි කියලා හිතනවා..
උපසිරසියට ස්තුතියි.ඔබට ජය.Prabuddha Kulatunga
ado meka patta.ikmanta digena digena yaman sub..meka enakan balan hitiye..thank you.. :D :D
Kawshalya Dushyan
හම්ම දාලා නොවැ ...... උම්ම්ම්ම්ම්ම්ම්ම්මා ඈහ්හ්..........
සබට තුති සහෝ ජයlahiru
man hithuwe denne nathi wei kiyala..... bohoma sthuthi saha sub ekata
harith fernando
Thank you very much bro... එනකන් බලන් හිටියෙ. දිගටම කරගෙන යමු.
KB
තෑන්ක්ස් සහෝ එල.......
Kasun Upeksha
උපසිරසියට ස්තුතියි.ඔබට ජය.
kavinda
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
නියම කතාවක් මේක .
දිගටම කරගෙන යමු…D.Chamara
niyamai sahooo niyamai meka enakam balagena hitiya bohoma sthuthi jaya
asantha
thanks bro maga balan hitiye
Dead___Shot
thankz bro
nisala udara
thanks aiye mama kamatima tv series eka digatama denna
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa…
Gathsara Umesh Kumara
අහ්හ්....ඔන්න දැන් හරි ලෝක විනාසෙ වෙනවට වඩා බයවෙලා හිටියෙ අපේ කට්ටිය මේ කතාවටසබ් එක නොලැබේවිදෝ කියල...දැන් ඔන්න ගෝතම් -පූසා සහෝ/ෂීල්ඩ් එක -ප්‍රණීත් සහෝ/ලුසිෆර් එක-යසිරු සහෝ...
අපිට ඕනි හැම එකක්ම (දැනට ආපු හොදේ)දැන් hහරි.දැන් ඉතින් එක දිගටම උණු උණු වෙන්ම සබ් එක දෙන්න තමා අහෝ තියෙනේ..හැම දාම හිටිය වගේ කතාව ඉවරවෙනකම්ම ඔන්න අපි සහෝ එක්ක්ම තම.ා..එහෙනම් සබ් එකට හදවතින්ම තුති පුදන්වා.....එහෙනම් දෙවෙනි කොටසින් හමුවෙමු....dilshan
thanks saho,onna bewa
Dilshan prabath
Affa yanthan dila.. meka ba gaththa welawe idan 5s 6 parak baiscope ekata awith beluwa sub dilada kiyala... thanks machan sub ekata.. anith eka wage demu.... jaya wewa...
nuwan
kiyalඅ වැඩක් නෑ මචන් ..එල හොඳේ ....ඉතුරු ටිකටත් ඉක්මනට දීපන් ....
රයන් ද සිල්වා
ගෝඩාක් ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴Dilanda Rukshan
supiri a..........thnx...........
Mahesh
මරු... මම මේක එනකන් බලාගෙන හිටියේ. දැන් ඔක්කොම කම්ප්ලීට් මගේ සෙට් එකේ. උබ නැතුව මේකට වෙන උන් ගැලපෙන්නෑ මචන්. ජය වේවා....
praneeth madu
niyamai kolo..denakam balagena hutiye..tnx a
Ayesh
ekenma mamanam ithin මෝනින්ස්ටාර් rasikayek.....
thank you...luci
thank you saho. godk kal balagena hitiya hithuwe denne nathiweii kiyala. anith okkoma wage eka digata enakota meka nathuwa tikak hithata amarui wage...
kohoma hari karala ithuru tikath adagena ymu.
godakk pin!!!Milan Ranishka
Thnx bro... keep going...
Kasun
බොහොම ස්තූතියි සහෝ....
yumal
thankZ bro !!!!!!!!! dgtama demu
damith sanjeewa
එල බ්‍රෝ ...
Rasindu Perera
අම්මෝ එනකන් හිටියේ...නියමයි...සබ් එකට තැන්ක්ස්...
අන්ධකාරයේ කළු කබාකරු
එනකම් හිටියේ බං තෑන්ක්ස්
brayan
machan sub ekata nam thx elama kiri .puluwannam menna me tv show ekata sub ekak dipanko "stranger things"
YASIRU HASARANGA
ඔව් සහෝ. STRANGER THINGS ටීවී එකේ සබ තව දවස් කීපයකින් දෙන්න පටන් ගනී. ඒකේ සියලුම කොටස් එක පෙළට දෙන්න හිතන් ඉන්නේ. ඉක්මනටම පළවේවී ..
Hasi
meka denakan hitiye.thankx
Danura
Season 2 episode 2 nadda
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thishan Tharuka Perera
බොහොම ස්තූතියි sub 1ta
BlueHawk
Thanks bro.
kawesha dissanayaka
next epi sub plz
Madawa
Tnx bro..Next sub plz
රුවන් සුදර්ශන (සුදා)
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට
dushmantha
jaya wewa saho
RedTrojan
jayin jayama wewaaa
Sajithlakshan
බොහොම ස්තූතියි
Advertisement

pinsidda wewa.................