Watch Trailer

The Exorcist (1973) | දරුනූ භූතාත්මයකට එරෙහි වූ යාතිකාව. [සිංහල උපසිරැසි සමඟ]

මෙතෙක් කරන ලද වඩාත්ම සන්ත්‍රාසයට පාත්‍ර වූ exorcism වන මෙම කථාවේ සත්‍ය සිදුවීම් මත ලිහිල්ව පදනම් වේ. රේගන් නැමැති දැරියකට දරුණු භූතාත්මයක් තම ශරීරය තුළට ඇතුළු වෙයි. ඇගේ මව මෙය සාමාන්‍ය රෝගයක් යැයි සලකා වෙදදුරකු පතා රෝළහට ඇතුළු කරයි. කාලය යත්ම ඇගේ ශරීරයේ විශාල වෙනස් කම් වෙමින් තත්වය දරුණු අතට හරෙයි.…

The Exorcist (1973)

මෙතෙක් කරන ලද වඩාත්ම සන්ත්‍රාසයට පාත්‍ර වූ exorcism වන මෙම කථාවේ සත්‍ය සිදුවීම් මත ලිහිල්ව පදනම් වේ. රේගන් නැමැති දැරියකට දරුණු භූතාත්මයක් තම ශරීරය තුළට ඇතුළු වෙයි. ඇගේ මව මෙය සාමාන්‍ය රෝගයක් යැයි සලකා වෙදදුරකු පතා රෝළහට ඇතුළු කරයි. කාලය යත්ම ඇගේ ශරීරයේ විශාල වෙනස් කම් වෙමින් තත්වය දරුණු අතට හරෙයි. යක්ෂයා බලවත් වෙයි. මේ අවස්ථාවේ තම දැරිය බේරා දෙන ලෙස ඇගේ මව පූජකවරයකුගෙන් ඉල්ලිම් සිදු කරයි. නමුත් මෙම දෙයට තදින්ම විරුද්ධ වෙන වෙදදුරන් මෙය කිරීමට ඉඩ නොදෙයි. ඉදිරියට කුමක් සිදු වෙයිද?දැරියයව බේරා ගැනීමට හැකිවෙයිද?

චිත්‍රපටයෙන් එපිටෙන් මද විස්තරයක්! වර්තමානය වන විට මේ ආකාරයේ බූතආත්ම වැනි ගුප්ත දේ හාස්‍ය ජනක දෙයක් වෙමින් පවතින්නේ. එහි නොපෙනෙන සත්‍යක්ද නැත්තා නොවේ.. එය පිළිගැනීමට කිසිදු පුද්ගලකු ඉදිරිපත් වන්නේද නැත. උණක්,කැස්සක් සෙම්ප්‍රතිශ්‍යාවක් වැනි රෝගයක් සෑදුණු විගස යාමට පෙළෙඹෙන්නේ රෝහලකට බව මා අමුතුවෙන් කිව යුතු නැත. මා බටහිර වෙදකම අවතක්සේරුවට ලක් කරනවා නොවේ. එය නැතිනම් මිනිසුන් කී දෙනෙක් අප අතර නොසිටින්න ට ඇත්ද? ඔබේ මිතුරන්, නෑදෑ හිතවතුන්, ඒ වගේම අම්මා තාත්තා වගේ අය. නමුත් මෙම නොපෙනෙන ලෝකය පිළිබද දන්නේ කීයෙන් කී දෙනාද යනවග අමුතුවෙන් විස්තර කිරීමට අවශ්‍ය නැත. අප අසල ඒ නොපෙනෙන බලවේග කොපමණ ඇති බව අප දන්නෙ නැත. ඒ බලවේගයක් අප ශරීරය තුළට කඩා වැදුනොත්…..මදක් සිතන්න… එය තහවුරු කිරීමට සාක්ෂි බොහොමයක් මේ වන විට සොයා ගෙන ඇත….තවද මා මේ ගෙන හැර දක්වා ඇති චිත්‍රපටයද සත්‍ය කතාවක් මත පාදක වූ 1973-78 කාල වකවානුව ඉතා ජන්ප්‍රියත්වට පාත්‍ර වූ දැවැන්ත සිනමා නිර්මාණයකි. මගේ අභිප්‍රාය හුදෙක්ම රස වින්දනයට නොව නෙපෙනෙන ලෝකය පිළිබදව ඔබව මදක් දැනුවත් කිරීම සදහාය.

ඔන්න ඉතින් කාලෙකට පස්සේ වෙනස් විදිහේ චිත්‍රපටයකට උපසිරැසි නිර්මාණය කළා. ඉතින් මෙය අධ්‍යක්ෂවරයා වරයා විදිහට කටයුතු කරල තියෙන්නෙ William Friedkin විසින්. ජාත්‍යන්තර සිනමා වර්ගීකරණය යටතෙ 8/10 ක විශාල ලකුණු ගණනක් ලබා ගන්නටත් සමත් වෙලා තියෙනවා. චිත්‍රපටය නරබන්න ලොකු පොඩි භේදයක්නම් නෑ. හැමෝටම ආරාධනා කරනවා මෙම වටිනා චිත්‍රපටය නරබන්න කියලා. අපි දන්න නළු නිළියන් රැසකගේ දායකත්වය ලැබිල තියෙනවා. හොර්රෝර් රසිකයන්ටනම් රාත්‍රී කලයේ නරබල යම් ආස්වාදයක් ලබා ගන්නත් පුළුවන් වෙයි. එහෙනම් මම ගිහින් එන්නම්. මෙම චිත්‍රපටයේ දෙවෙනි කොටසත් සමගම නැවත හමුවෙමු! ජය!

The Exorcist (1973) on IMDb

 

 

904 MB කොපිය මෙතනින් බාගන්න

67658d6dc8f2f4694bb95c779bc7f3d14929b8be ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,773 downloadsDownload 201506212037baiscopelk.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/07/danu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ධනුෂ ලක්ෂාන් (ධනු)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles

2,773 downloadsDownload Subtitles44 KB

32 comments

  1. yasitha

    meka godak kalin net eken download karan baluwa.hebei sub nathuwa..horror film list wala udinma thiyena film ekak....matanam kathawa echchara set une na ..sub thibba nathi handa wennathi..thanks yaluwa..kattiyata dan sub ekkama balatheki...

  2. SIRAJ (සිරාජ් ප්‍රියන්ත)

    නියමයි සහෝ,
    මේ වගේ ෆිලුමක් සදහා උපසිරැසි ගෙනාවට ගොඩාක් ස්තූතියි!
    අනිවා බලන්න ඕන කතාවක්.
    ලිපිය සුපිරියි.
    සිංහල උපසිරැසියට ගොඩ ගොඩාක් ස්තූතියි!!!!
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා!!!
    ජයෙන් ජයම වේවා!!

  3. Rasidu

    Maru. Sub ekata Thanx

  4. Kulanjana Maduranga

    niayamai…thanks DANUSHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  5. Ravindu Thenabadu

    මේක කලින් බැලුවා බං... පට්ට ෆිලුම... මේකෙ දෙවෙනි එක නම් බලල නෑ... සබ් එක දුන්නම ඒක බලන්නම්...

    මේකෙ සිරා සිද්දිය කොල්ලෙක්ට වුන එකක්...

    බොහොම ස්තූතියි සබ් එකට... දෙවෙනි කොටසටත් දෙන්න...
    මේක හොලිවුඩ් සිනමාවේ භයංකාරම චිත්‍රපටය කියල තමයි කාඩ් එක ලැබිලා තියෙන්නෙ....

  6. INduma UDayanga

    thanks mcn..gdak film wlata sub awath me wage 1k enkan thamai asawen htye..niyama film 1k wage..me wagema ewa thawa karamu...ela

  7. “චූටී මල්ලි”

    elz

  8. Don Herman

    කොල්ලා කාලේ මේක සැවෝයි එකේ බැලුවා..තාමත් බලන්න වටින සලරුවක්. සබ් දුන්නාට නොවක් තුති..

  9. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  10. sandun

    thanx machan,

  11. Sajith Anthony

    නියමයි සහෝ,
    අනිවා බලන්න ඕන..
    බොහොම ස්තූතියි සබ් එකට…

  12. අසිත

    මේ ෆිල්ම් ඒක ලංකාවේ පෙවපු දවස්වල ඇතුලට ගත්තේ අනතුරු හගවලාලු.හිතගන්න පුළුවන් නෙ.
    ඔන්න බය වෙන්න එහෙම එපා හොදේ.
    දෙනකම් බලන් හිටියේ..
    බොහොම පින් සහෝ.

  13. අසිත

    මේ ෆිල්ම් ඒක ලංකාවේ පෙන්වපු දවස්වල ඇතුලට ගත්තේ අනතුරු හගවලාලු.හිතගන්න පුළුවන් නෙ.
    ඔන්න බය වෙන්න එහෙම එපා හොදේ.
    දෙනකම් බලන් හිටියේ..
    බොහොම පින් සහෝ.

  14. කැලුම් ගුණසේකර

    බලන්න ම ඕන එකක් වගේ. ස්තුතියි උපසිරැසියට.

  15. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  16. [email protected]

    පාසල් කාලේ හෝල් එකේ බියෙන් බලාගෙන හිටපු එකක්. අපට අතීතය සිහි කරන්න පැරණි ඒවාට සබ් දෙන්න කවුරුත්ම නැති එක ලොකු අඩුවක් මේ සමාජයේ. හැකිනම් The brides of Dracula(1960), Dracula AD 1972 චිත්‍රපට දෙකට සබ් දෙන්න.

    1. ධනු

      සහෝ ඔයාගේ ඉල්ලීම සලකලා බලන්නම්.
      මොකද මේ කතාමාලාවේ චිත්‍රපට 5ක් තියෙනවා....
      බොහොම ස්තුතියි මේ දෙකත් පෙන්නල දුන්නට....

    2. අසිත

      ඇත්ත සහෝ ඒවත් හොද ෆිල්ම් නොවැ..

  17. DeeX

    thanks bn

  18. කේ.යූ.ජී. උදාර

    ඔන්න මාත් ගත්තා.............
    සිංහල සබට බොහොම ස්තූතියි.

  19. රොයිලි

    බොහොම ස්තූතියි ධනූෂ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  21. Rajitha Abeysinghe

    thank you!!

  22. Paz

    Thanks Bro Supiri Wedak Jayen Jaya

  23. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ ......!!

  24. Thilankadissanayake

    බොහොම ස්තූතියි !

  25. Kancha Induwara

    අනිත් ෆිල්ම් හතරට සබ් නැද්ද බන්

  26. Malith Samarawickrama

    Thanks so much sub ekata bro.

  27. දුලාජ්

    machan meka bluray ekata update karanna. hari bluray ekata newei hadala thiyenne.

  28. Kaushika Fernando

    Sub eke adupaadu nm godai. English therumata wada godak wenas widiyata translate karala thiyenne.

  29. Anonymous

    සිංහල උපසිරසට බොහොම ස්තූතියි

  30. Anonymous

    Thanks Brother

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.