Watch Trailer

The Flash [S03 : E07] with Sinhala Subtitles | කිලර් ෆ්‍රොස්ට්.. . . [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම පොඩි දෙයක් කියන්න ඕනි. ඔයාලා හැමෝටම මතක ඇතිනේ ගිය සතියේ දවසක බයිස්කෝප් සයිට් එක ඩවුන් වෙලා තිබුනා කියලා. ඔයාලට කොහොම දැනුනද මන්දා මට නම් ඇගෙන් කෑල්ලක් නැති වුනා වගේ තමයි දැනුනේ. ඉතින් එහෙම වෙන්න හේතුව සමහර අය දන්නෙත් නැතිව ඇතිනේ. මේකයි මේ සයිට් එක මෙහෙම තියෙන්නේ සර්වර් එකකනේ. ඉතින් ඒ සර්වර්…

මුලින්ම පොඩි දෙයක් කියන්න ඕනි. ඔයාලා හැමෝටම මතක ඇතිනේ ගිය සතියේ දවසක බයිස්කෝප් සයිට් එක ඩවුන් වෙලා තිබුනා කියලා. ඔයාලට කොහොම දැනුනද මන්දා මට නම් ඇගෙන් කෑල්ලක් නැති වුනා වගේ තමයි දැනුනේ. ඉතින් එහෙම වෙන්න හේතුව සමහර අය දන්නෙත් නැතිව ඇතිනේ. මේකයි මේ සයිට් එක මෙහෙම තියෙන්නේ සර්වර් එකකනේ. ඉතින් ඒ සර්වර් එක අපිට අයිති එකක් නෙවෙයි වෙන අයගෙන් කුලියට අරගෙන අපි ඉන්නේ. හරියට බෝඩිමක ඉන්නවා වගේ. ඉතින් ඒ සර්වර් එකට අපි හැම මාසෙම සල්ලි දෙන්න ඕනි. ඉතින් සයිට් එක පටන් ගත්ත මුල්ම කාලයේ නම් ඇඩ්මින් අයියලා එකතුවෙලා ඒ ගාන අතින් දැම්මා. ඒ වුනත් ඒ වැඩේ හැමදාම කරන්න බෑනේ. ඒ වගේම සයිට් එකට එන අය ගාණ වැඩි නිසා ලොකු සර්වර් එකකටත් ටික කාලෙකට කලින් යන්නත් වුනා. ඒ හින්දා ගෙවන්න ඕනි ගානත් වැඩි වුනා. ඔයාලා දකින්න ඇතිනේ ටික කාලයක ඉදන් අපි සයිට් එකේ ඇඩ් දෙක තුනක් දැම්මා කියලා. ඒ වෙන මොකටවත් නෙවෙයි සයිට් එකේ සර්වර් එකට ගෙවන්න සල්ලි හොයන්නයි. ඉතින් ගිය මාස වල අපේ සයිට් එකට ඇඩ් මොකුත් හම්බවුනේ නැති නිසා සර්වර් එකට ගෙවන්න සල්ලි නැති වුනා. ඒ නිසා තමයි සර්වර් එකෙන් අපේ සයිට් එක නැවැත්තුවේ. කොහොමෙන් කොහොම හරි සබ් කරන අය වගේම සබ් බාන ඔයාලත් සල්ලි දාලා තමයි මේ විදියට ආපහු සයිට් එක ගොඩගත්තේ. හැබැයි ඉතින් ඒ වැඩෙත් හැමදාම කරන්න අමාරුයි තමයි. කොහොම වුනත් සයිට් එකට තියෙන ආදරේ හින්දා තමයි ඒ හැමෝම කීය කීය හරි සයිට් එක වෙනුවෙන් දුන්නෙ.

ඉතින් ඔයාලටත් පුලුවන් නම් ඒ විදියට සයිට් එක ගෙනියන්න පුලුවන් විදියේ උදව්වක් කරන්න. සමහර විට ඒක සල්ලි වලින් වෙන්න පුලුවන්. සමහර විට සයිට් එකට ඇඩ් එකක් හොයලා දිලා උදව් වෙන්නත් පුලුවන්. එහෙමත් නැත්නම් සයිට් එකේ තියෙන ඇඩ් ක්ලික් කරලා වීව් ගාන වැඩි කරලත් අපිට උදව් වෙන්න පුලුවන්. මොකද සයිට් එකේ ඇඩ් දාන අය ඒ ඇඩ් එක ක්ලික් කරපු ගාන වැඩිය නැත්නම් ආයේ ඇඩ් දෙන්නේ නෑ. සමහරු හිතනවා ඇති අපි මේ අපේ සාක්කු පුරවාගන්න මෙහෙම සල්ලි හොයනවා කියලා. අනේ නෑ මෙහෙම නිදි මරාගෙන, වැඩ පාඩු කරගෙන, දුක් විදගෙන සබ් දානවට බයිස්කෝප් එකේ කවුරරුවත් සතයක්වත් ගන්නේ නෑ. අපි හැමෝම සයිට් එකට තියෙන ආදරය නිසා වගේම ඔයාලට කරදරයක් නැතිව ටිවි සිරියස් එකක් චිත්‍රපටියක් තේරෙන සිංහලෙන් බලන්න විදියක් හදන්න ඕනි නිසයි කැමැත්තෙන් නොමිලේ මේ හැමදේම කරන්නේ. පුලුවන් නම් අතේ තියෙන කීය හරි සයිට් එක වෙනුවෙන් වියදම් කරන්න අපිත් කැමතියි. ඒ වුනාට මේ නිකන් දෙන සේවය වෙනුවන් ඔයාලත් අපිට උදව්වක් දෙයි කියලා හිතනවා. ඉතින් ආයෙමත් කියන්නේ ඔයාලත් පුලුවන් විදියකට ඒකට උදව් වෙන්න. ඒ වගේම වැඩි විස්තර දැනගන්න ඕනි නම් අපේ ඊමේල් එකට ([email protected]) මේල් එකක් දාන්න. එහෙනම් අදට පදුර වටේ තැලුවා ඇති. ආයෙමත් ට්‍රැක් එකට යමු.

පසුගිය කොටසින්… .

ෆ්ලෑෂ් තමයි තවමත් මගේ ආසම ටීවි සීරියස් එක. ඔයාලගෙත් එහෙම වෙන්න ඇති කියලා මං හිතනවා. මේ කතාව හැමදාමත් කොහොම හරි ලොකු පුදුමයක් දීලා ඊලග සතියේ ඊට වඩා බලාපොරොත්තු ඇති කරවන්න වැඩක් කරනවාමයි. ඉතින් ගිය සතියේ විකාශය වුන කතාව ගැන නම් කියන්න වචන නෑ ඒ තරමටම නියමයි. සීසන් එකේ අවසාන කොටසේ තියෙන ත්‍රිල් එක ආවේ නැති වුනාට ගිය සතියේ කොටස සීසන් එක මැද කොටසක් විදියට ගොඩක්ම හොද තැනක තිබුනා. මොනවා වුනත් ඒ කොටසේ ෆ්ලෑෂ් නම් හරි ට්‍රැක් එකට ඇවිත් හිටියා. ඒ වුනාට ටීම් එකේ අනිත් අය නම් ගොඩක් ප්‍රශ්නවලට මුහුණ දෙන්න වුනා.

මේ කොටස ගොඩක් පුදුමසහගත කොටසක් වෙන්න වෙන්න හේතුව තමයි ඒ හැමදෙයක්ම ෆ්ලෑෂ් පොයින්ට් එකට සම්බන්ධ වෙලා තිබුන එක. ගොඩක් අය වගේම මාත් කැමතියි මේ ෆ්ලෑෂ් පොයින්ට් සංසිද්ධිය තව ටික කාලයක් දුරට තියෙන එකට, ඒත් කලින් කොටස වගේ ෆ්ලෑෂ් පොයින්ට් එකෙන් කෙලින්ම ඇතිවුන බලපෑම් පෙන්වනවා නම් ෆ්ලෑෂ් පොයින්ට් එක කොටසක් විතර තිබ්බහම හොදටම ඇතිත් වගේ. ඔව් ඔව් මේ මුලු සීසන් එකම ඇති වුනේ ෆ්ලෑෂ් පොයින්ට් එක නිසානේ, ඒත් මේ කොටසේදි විතරයි අපිට දකින්න ලැබුනේ බෙරී ෆ්ලැෂ් පොයින්ට් එකේ ප්‍රතිඵලයක් විදියට මේ සිද්ධ වෙන දේවල් දැකලා, එයා ඇතිකරපු දේවල් දැකලා ගොඩක් වැරදිකාර හැගීමකින් එයා ගැන හිතලා දුක් වෙන එක ගැන. කේට්ලනුයි එයයි අතරේ වුන සංවාදය නම් ගොඩක් බෙරීට හැගීම්බර එකක් වුනා මොකද බෙරීට එතකොට තමයි තේරුනේ ෆ්ලැෂ් පොයින්ට් එක කියන තවමත් ඉවර නෑ ඒකෙ අතුරු ප්‍රතිඵල තවමත් මතුවෙනවා ඒ වගේම ඒකෙන් සිද්ධ වෙලා තියෙන හානිය එයා හිතුවටත් වඩා ගොඩක් වැඩියි කියලා.

ඉතින් ඒ කොටසේ අවධානය දුන්න ප්‍රධාන සිද්ධි දෙකක් තිබුනා. එකක් තමයි කේට්ලන් එයාගේ බලය ටීම් එකේ අයට කියන එක. අනිත් එක තමයි වොලිට ඩොක්ටර් ඇල්කමි නිසා හීන පේන්න පටන්ගන්න එක. මට තේරුණ විදියට නම්, කේට්ලන් සම්බන්ධ හැම දෙයක්ම සිද්ධ වුනේ මොකද ඊලග කොටස වුන ‘කිලර් ෆ්‍රොස්ට්’ කොටසට අඩිතාලමක් දාන්නයි. ඒ වගේම ඒ ඊලග කොටස කොටස ගොඩක් අමතක නොවෙන එකක් වේවි කියලා හිතන්න පුලුවන්. මොකද මම නම් ගොඩක් කැමතියි කේට්ලන්ගේ චරිතය ඇතුලටම ගිහින් කිලර් ෆ්‍රොස්ට් ගැන දැනගන්න. ගිය සිසන් එකේදි අපි දැක්කනේ මෙයාලා කොහොමද කිලර්ෆ්‍රොස්ට්ව දෙවැනි ලෝකයේදි පාලනය කලේ කියලා. ඉතින් මේ සැරේ මෙයාලා එයාව පළවෙනි ලෝකයේ ඉදන් කොහොම පාලනය කරයිද කියලා දැනගන්න පුලුවන් වේවි. මට හිතෙන විදියට නම් ගොඩක් දුරට කේට්ලන් කිලර් ෆ්‍රොස්ට් විදියට නරක පැත්තට යාවි එයා හොද කෙනෙක් වෙලා ෆ්ලෑෂ් ටීම් එකට උදව් කරන්න කලින්. මොකද මේ යන විදියට ඒ පැත්තට තමයි ගොඩක් බරවෙලා තියෙන්නේ.

කලින් කොටසේ අනිත් ප්‍රධානම කෙනා තමයි වොලි. අපි දැනගෙන හිටියා කොයිම වෙලාවක හරි, වොලි ඇල්කමිගේ ඉලක්කයක් වෙලා වොලි කොයි වගේ කෙනෙක්ද වෙලා හිටියේ කියලා දැනගයි කියලා. අනික එයා ඒකට කැමතිවෙයි කියලා ආයෙ අමුතුවෙන් හිතන්න දෙයක් නෑනේ. ඉතින් කලින් කොටසේ ඒ හැමදේම වුනානේ. ඒ වගේම වොලිගේ චරිතයට අන්තිම වෙලාවේ ගොඩක් ඇක්ෂන් වැඩ ටිකක් කරන්න වුනා. එයාලා මුලින්ම වොලිට එක එක දේවල් පේනවා වගේම ඇහෙනවා කියලා පෙන්නුවා. ඒක හරියට බෙරීට මුලින් වුනා වගේමයි. ඉතින් ඇල්කමි පරද්දන්න වොලි පාවිච්චි කරලා මොනවා හරි කරමු කියනකන් අපිට වොලිට පෙනුන දේවල් තමයි දකින්න ලැබුනේ. එතන තිබුන මම ආසම කරන විශේෂම දේ තමයි ස්පීඩ්ස්ටර් කෙනෙක් වෙන්න තියෙන ආසාව. ඒක අපි සීසන් එක පුරාවටම දැක්කනේ. ඉතින් අර ඇල්කමිගේ ගල බිම වැටිලා තියෙද්දි ඒක දිගින් දිගටම වොලිට කතා කලා. අපි හිතුවා වගේම වොලි ඒක කැමැත්තෙන්ම ඇල්ලුවා වගේම එකපාරටම එයාගේ ඇග වටේට කෝෂයක් ඇතිවුනානේ. ඒ වුනාට එතකොට එන එකම ප්‍රශ්නය තමයි එයා බෙරීගේ පැත්ත අරගෙන සටන් කරයිද නැත්නම් සැවටාර්ගේ පැත්ත අරගෙන සටන් කරයිද කියන එකයි.

එහෙම කියද්දි මතක් වෙන චරිත දෙක තමයි ඇල්කමියි සැවටාරුයි. ඇල්කමි කියන්නේ ජුලියන්මයි කියලා අදහස දෙන්න ෆ්ලැෂ් නිශ්පාදකයෝ ගොඩක් දුරට උනන්දු වෙනවා. හැබැයි ඒක ගැන එච්චර තදින් හිතන්නේ වගේම තදින් පෙන්වන්න හදන්නේ ඇත්තටම ජුලියන්ද ඇල්කමි නැත්නම් එහෙම බොරුවට හිතන්න සලස්වලා වෙන ලොකු පුදුමයක් අරගෙන ඒවිද කියලා අපිට තවම කියන්න ලොකු සාක්ෂියක් ලැබුනේ නෑ. මම හිතන විදියට ඇල්කමිගේ සම්පුර්ණ බලය තියෙන්නේ අර එයාගේ අතේ තියෙන ගලෙයි. මොකද අපි වැඩිය ඇල්කමිව දැක්කේ නෑ, හැබැයි ඒ දැකපු හැම වෙලාවකම එයාගේ ලග අර කිරණ විදින ගල නම් තිබුනා.

ඒ වගේම මේ කොටසින් නිළ වශයෙන් සැවටාර් කියන දුෂ්ඨයා එලියට ආවා. ගොඩක් අය අනුමාන කරනවා එයා තමයි දෙවැනි කොටසේදි රයිවල්ව මරලා දැම්මේ කියලා. හැබැයි ඉතින් මේ සැරේ තමයි අපි තත්පර කිපයක් වුනත් එයා ගැන හොදට දැකගත්තේ. එයාගේ නිල් පාට අකුණු සැරයයි, ගොඩක් ගැඹුරු කටහඩයි එක්ක ඔයාලා හැමෝමත් එයා ගැන ගොඩක් දේවල් දැනගන්න ආසාවෙන් ඇත්තේ. හැබැයි මේ වෙලාවේ නම් එයා ගැන මොකක් හරි දෙයක් කියන්න තරම් අපිට ලොකු සාක්ෂියක් හරි විස්තරයක් හරි මීට කලින් ලැබුනේ නෑ. හැබැයි මේ යන විදියට මේ සැවටාර් කියන එක්කෙනා කලින් සිසන් එකේ හිටපු නපුර වුන සූම්ට වඩා ගොඩක්ම භයානක වෙයි වගේ.

මේ කොටසට මෙච්චර කැමති ඇයි කියලා කියන්න තවත් පොඩි පොඩි හේතු කිපයක් තියෙනවා. හැම චරිතයක් දිහා බැලුවොත්, HR වෙල්ස් ගැන වුනත්, මේ වගේ එපිසොයිඩ් එකක මේ තරම් ලොකු දේවල් වෙද්දි මේ චරිත ගොඩක් වෙනස්කම් වලට වගේම ගොඩක් ප්‍රශ්න වලටත් මුහුණ දෙනවා දකින්න පුලුවන්. ඒක අපිටත් දැනෙනවා. ඉතින් මේ හැමදේම නිසා මේ කොටස ගොඩක් විශේෂිත වගේම ගොඩක් රසිකයෝ ආසා කරපු කොටසක් බවට පත්වෙලා තියෙනවා. අන්තිමේට කියන්න තියෙන්නේ ඒ කොටසේ ගොඩක් හිතට වැදුන බෙරී කියපු වාක්‍යයක් තියෙනවා.
“අයරිස් වෙස්ට් නැතිව ෆ්ලෑෂ් කියලා කෙනෙක් නෑ”

මේ සතියෙන්… .
ගිය සතිය අවසානයේදි සිද්ධවුන දේ ඔයාලට අමතක නැතිව ඇතිනේ. කෙහොම අමතක වෙන්නද අපි නොහිතපු දෙයක්නේ සිද්ධ වුනේ. ඇල්කමිව උගුලට අල්ලාගන්න කියලා හිතාගෙන ආව වොලි අන්තිමේට අර ඇල්ගමි ලග තිබුන ගල අල්ලා කෝෂයක් වගේ එකක් ඇතුලට ගියා. ඒ විතරක් නම් මදැ අපි නොහිතපු විදියට මොකක්දෝ නිල්පාට එලියක් ඇවිත් වටේ ඉන්න හැමෝටම පහරදීලා බෙරීව අල්ලාගත්තා. ඒ වෙන කවුරුත් නෙවෙයි වේගයට අධිපති සැවටාර්. එයා ඇවිත් බෙරීව බෙල්ලෙන්ම අල්ලාගත්තානේ. ඒත් ඉතින් මේ දස මහයෝධයන්ගෙන් එක්කෙනෙක් වගේ ඉන්න සැවටාර්ගෙන් බෙරී බේරෙන්නේ කොහොමද? මීට වඩා විස්තරයක් නම් මම කියන්නෙ නෑ. මොකද එහෙම වුනොත් කතාවේ රසය නැති වෙනවනේ. කොහොම වුනත් සැවටාර් කියන්නේ කවුද කියලා ටිකක් විතර මේ කොටසේදි දැනගන්න පුලුවන්. ඒ වගේම ඇල්කමි ගැනත් ලොකු හෝඩුවාවක් දැනගන්න පුලුවන් වෙයිද මන්දා. කොහොම වුනත් ගිය සතියේ කොටසට නොදෙවෙනි මේ සතියේ කොටස ඉක්මනින්ම බලන්න. වොලිට මොකක් වෙයිද? බෙරීට සැවටාර්ගෙන් බේරෙන්න පුලුවන් වෙයිද? ඇල්කමි මොන වගේ දෙයක් කරයිද? මේ කොටස කිලර් ෆ්‍රොස්ට් කියලා නම් කරලා තියෙන්නේ මොකද? කේට්ලන් මොන වගේ නාඩගමක් නටයිද? වගේ ඔයාලගේ හිතේ තියෙන එක එක ප්‍රශ්නවල උත්තර එතකොට ලැබේවි…. . . ^_^

මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

ප.ලි. :- ඔයාලා හැමෝම දන්නවනේ ලබන සතියේ The CW ආයතනය ලොකුම ලොකු දෙයක් කරන්න යනවා කියලා. ඒ වෙන මොකුත් නෙවෙයි කොමික් කතා පදනම් කරගෙන එයාලා පෙන්වන Super Girl, The Flash, Arrow, Legends of Tomorrow කියන කතා හතරම එකතු කරලා ලොකු ක්‍රොස් ඕවර් කතාවක් ලබන සතියේ විකාශය වෙනවා. ඔයාලට මතක ඇතිනේ Flash, Arrow කතා දෙක විතරක් එකතු කරලා ක්‍රොස් ඕවර් කොටස් කලින් සීසන් වලදි ආවා කියලා. හරි ගොඩක් අයට එන ඊලග ප්‍රශ්නය තමයි මොකක්ද මේ ක්‍රොස් ඕවර් එකක් කියන්නේ කියන එක? ක්‍රොස් ඕවර් එකක් කියන්නේ මේ ටිවි සීරියස් හතරේ ලබන සතියේ යන කොටසක් එකිනෙකට සම්බන්ධවෙලා යන්නේ. ඒ කියන්නේ Super Girl කතාවේ කොටස ඉවර වෙන තැනින් තමයි The Flash කතාවේ කොටස පටන්ගන්නේ. Flash කතාව ඉවර වෙන තැනින් තමයි Arrow කතාව පටන් ගන්නේ. එහෙම වෙද්දි ඉතින් ඔයාලට තේරෙනවානේ නේද ලබන සතියේ Flash බලන්න නම් අනිවාර්යයෙන්ම Super Girl කතාව බලලා ඉන්න වෙනවා. එක බලන්නේ නැතිව ෆ්ලෑෂ් බලලා තේරුනේ නෑ කියලා අවුල් ගිහින් ෆ්ලෑෂ් බලන එක නවත්වන්න නම් හදන්න එපා හොදද. 😀

ප.ලි : – කියන්න අමතක වුනා. හෙට Arrow කතාව එන්නේ නෑ. ලබන සතියේ ක්‍රොස් ඕවර් කොටස තමයි ඊලගට එන්නේ. හෙට ඇරෝ නෑ කියලා දුක් වෙන්න එපා. ලබන සතියේ ඇරෝ කතාව ඔයාලා හිතපු නැති විදියේ පුදුමාකාර, ඔයාලා ආස කරන, කෙටියෙන්ම පිස්සු හැදෙන කොටසක් වේවි. 😉

The Flash (2014) on IMDb

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

 

The.Flash.2014.S03E07.720p.HDTV.2CH.x265.HEVC-PSA

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

18,512 downloadsDownload The-Flash-S03E07.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode>>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

18,512 downloadsDownload Subtitles30 KB

98 comments

  1. Praveen Geeshan

    Balan hitiye dana kam thanks thanks :D

  2. Praveen Geeshan

    Mam thama 1st :D

  3. kushani sanjula

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  4. prasad

    Ammo denakan balan Unne 9-12 athara idan. Hm.......... Kamak ne dunnane kese ho. tnk u very much saho ekatanam. tnx again...

  5. Kavinda

    thanks saho sub akata

  6. Gihan Iddamalgoda

    බලන් හිටියේ සබ් 1දෙනකම්.
    ගිය සතියේ සුපිරිම තැනකින් තමයි
    එපිය ඉවර වුනේ.
    සබ් 1ට තැන්ක්ස් සහෝ.

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. G.Umesh

    Niyametala lassnata lipiya liyala thiyenawaa..kiya wann kiyanwamm asa hithenawaa.sabata bohoma athuthiy

  9. Captain America

    උපසිරැසියට ස්තූතියි සහෝ!

  10. sunimal

    Sub ekata godak thanks saho...sub ekak denna oyala kana katta hita gannath ba..mecchara wada asse komada karanne kiyala....sub eka dena aluth widiya godak hodai.....api wage baiskope pisso innakal me site eka wahenna denne na.....jaya wewa...

  11. sherlock galle

    Thank you

  12. Mwm

    link eka dapanko bn down krnna puluwan

  13. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට ස්තුතියි සහෝ

  14. chamath ranaweera

    sub ekata thanks bro!!!! Jaya wewa!!!

  15. එල්.සී. දමැල්

    THANKS

  16. kawinda gayashan

    Thankz

  17. Isuru Nuwan

    jayawewa machan ......

  18. Vishwa Thiranga

    thanks machan ela ela

  19. Thisara Laksitha

    tanx bro jaya

  20. Kasun Widusha

    Tnx bro Good job

  21. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
    ඒ වගේම ලිපියත් සුපිරියටම තියනව....
    ලිපිය කියවපුහාම කුතුහලය ගොඩක්ම වැඩි වෙනවා....

  22. D J Ushan Remixer

    දවසට අනිවා ads click කරලා sup එක දෙන්නම් සබට තැන්ක්ස් මචන් එලම

  23. Leoz

    Thanks machan.

  24. Kasun

    බොහොම ස්තූතියි සහෝ.....

  25. Hasintha

    Thanks BRO.................

  26. Danushka Manoj

    Thank you

  27. Lakshan

    Thanks bro.

  28. Lahiru Lakmal

    Thanks..

  29. Suu

    thank u :) :)

  30. Captain America

    උපරැසියට ස්තූතියි සහෝ!

  31. sandun kumara

    thax bro ikmanata sub eka dunnata... thada thada saho

  32. janaka Rajiw

    ada flash tath vada speed vela sub eka ..!!! niyamai thanks bro ..!! good luck ..!!!

  33. Zeal

    Thanx sub 1ta

  34. kasun kumara

    niyamai MCN. dannam tikak ikman. Eth bn release wena dawasema puluwannam hawas wenakotama danna. loku deyak e..ka. thanx mcn

  35. Ruwan Udaya Shantha

    pehedili kirima niyamai saho.... thanks sub ekata...

  36. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  37. දිලීප

    කවිදු crossover ටික නම් පුලුවන් ඉක්මනටම දෙන්න බලන්න මොකද කට්ටිය කාගෙන ඉන්නේ ඕක බලන්න මේ දවස් වල ස්තුතියි සිංහල උපසිරැසියට ජය වේවා

  38. Bratva

    Niyamai saho

  39. මධුකප්‍රිය පෙරේරා

    සබට තැන්කු වේවා..
    ලබන සතියේ තමා එහෙනම් ගේම තියෙන්නේ..
    මෙදාපොටේ ක්‍රොස්ඕවර් එක පට්ට වෙයිනෙ..
    එහෙනම් ලබන සතියේ ෆ්ලෑෂ් තුලින් හම්බවෙමු

  40. Kaviya

    Tq bro sub ekata ✌✌✌

  41. nirodha uthpala

    Thx soo much bro digatama sub demu bro

  42. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට,. ජය,.

  43. Kaazz_bat

    ලිපිය පට්ට බ්‍රෝ,. එල එලම,. ස්තූතියි සබ් එකට,. ජය.,

  44. Ravi

    super girl කීවෙනි Episode එකද Cross Over වෙන්නේ...???

    1. Sandaru Wijenayake

      Crossover eka patan ganne labana sathiye mulama ena “Supergirl [S02 : E08]” ekan bn

    2. Ravi

      ela tnx bn...

  45. Tharindu

    Thankz machn

  46. PDROX

    ස්තුති මචන්.ලබන සතිය වෙනකම් බලන් ඉන්නේ cross ඔවෙර් එකට. :D

  47. Amalka

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  48. Sanindu Lakkitha

    Thnx saho sub ekata.. labana satiya wenakam ewasan emu.. arrow neti eka tamai aula me satiye.. good luck saho...

  49. Sandaru Wijenayake

    Elaaa... :) :) Labana sathiye Crossover nisa wath Sub tikak hari kalin denna balanna.. Parakku unat aulak ne hadissi kotasak nisa English sub ekka hari balanawa. Parakku wenakan innath be ne Crossover ekadi..
    Supergirl eka nm kohomath balanawa... Supergirl kathawata eka eka katha hadapu untat labana sathiye banna wei :D
    Crossover eka patan ganne labana sathiye ena "Supergirl [S02 : E08]" ekan

  50. Vishwa dananjaya

    Thanks bro

Load more comments