Watch Trailer

Timeless [S01 : E07] with Sinhala Subtitles | අපි ටිකක් ට්‍රැෆික් එකට අහුවුනා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ටයිම්ලස් 7 වෙනි කොටහත් අරගෙන ආවා. එහෙනං කලින් කොටසින් ටිකක් මතක් කරගෙන ඉමු නේද? රූෆස් ගෙදර ඉන්න අතරෙ එයාව හම්බවෙන්න මේසන් එනවා. හැබැයි මෙයා එන්නෙ තනියම නෙවෙයි. ඒ රිටන්හවුස් කියලා හදුන්වන කට්ටියක කෙනෙක් එක්ක. මේ අය කියන හැටියට ෆ්ලින් ආයිමත් මව් යානයත් අරගෙන 1972 ගිහිල්ලා. ඒ වෙන දේකට නෙවෙ…

Timeless TV-1

ඔන්න එහෙනම් ටයිම්ලස් 7 වෙනි කොටහත් අරගෙන ආවා. එහෙනං කලින් කොටසින් ටිකක් මතක් කරගෙන ඉමු නේද?

රූෆස් ගෙදර ඉන්න අතරෙ එයාව හම්බවෙන්න මේසන් එනවා. හැබැයි මෙයා එන්නෙ තනියම නෙවෙයි. ඒ රිටන්හවුස් කියලා හදුන්වන කට්ටියක කෙනෙක් එක්ක. මේ අය කියන හැටියට ෆ්ලින් ආයිමත් මව් යානයත් අරගෙන 1972 ගිහිල්ලා. ඒ වෙන දේකට නෙවෙයි. ඒ කාලෙ හිටපු ජනාධිපති කෙනෙක් වන නික්සන් ජනාධිපතිතුමා තමන්ගෙ කාර්යය මණ්ඩලයෙ ප්‍රාධානියත් එක්ක කරපු සංවාදයක් නික්සන් ජනාධිපතිතුමා රෙකෝඩ් කරලා තියෙනවා. නමුත් ඒ රෙකෝඩ් එකේ විනාඩි 18 1/2 අඩුවක් තිබුනා. ඒ එතිමාගෙ ලේකම් විසින් ඒ කොටස මකලා දාලා තිබුන නිසා. මොක වුනත් දැන් ෆ්ලින් හදන්නෙ ඒ රෙකෝඩ් එක මකලා දාන්න කලින් හොරකම් කරන්න. මතක ඇතිනෙ කලින් කොටසකදි ලුසිගෙ අම්මා එයාගෙ ඇත්ත තාත්තගෙ නම ලුසීට දෙනවා. ඉතින් ලුසී මෙයාගෙ තාත්තගෙ ගේ ඉස්සරහාට ගිහින් බලන් ඉන්නවා. හැබැයි ඒ මොහොතෙ කතා කරන්න යන්නෙ නැ.

කොහොමහරි මේ අයටත් 1972 ට යන්න වෙනවා. හැබැයි ඒ වෙනකොටත් ෆ්ලින් එහාට ග්හිල්ලා. මෙයාලටත් 1972 ට ගොඩ වැදිලා වැඩි වෙලාවක් යන්න කලියෙන් ෆ්ලින් මේ අයව අල්ල ගන්නවා. ඒ වෙනකොටත් ෆ්ලින් කලින් කියපු රෙකෝඩ් එක හොරකම් කරලා. ඒ රෙකෝඩ් එක හැමෝටම අහන්න සලස්වනවා. එතකොට තමයි දැනගන්න ලැබෙන්නෙ රිටන්හවුස් කියන දේ අදක ඊයෙක නෙවෙයි සෑහෙන කාලෙක ඉදන් පැවත එන්නක් කියලා. එතනදි ලුසීගෙ දින පොතක් ගැන වගේම ලුසියි ෆ්ලිනුයි දවසක කණ්ඩායමක් වෙන එකත් හින්දා පොඩි අවුලක් එහෙමත් වෙනවා. කොහොම වුනත් ෆ්ලින්ට මෙයාලගෙන් ඕනෙ කරන්නෙ නික්සන් ජනාධිපතිතුමා ඒ ටේප් එකේ සදහන් කරනවා ලේඛයක් ගැන. ඒක හොයා ගන්නයි. ඒක පැවරෙන්නෙ රූෆස්ට සහා ලුසීට, එතකොට වායට් තමයි ප්‍රාණ ඇපකාරයා වෙන්නෙ.

ඉතින් කොහොමහරි මේ දෙන්නා විවිධ අයගෙ සහයෝගය ඇතිව මේ ලේඛය හොයාගන්නවා. පස්සෙ තමයි දැන ගන්නෙ මේක ලියවිල්ලක් නෙවෙයි මනුස්සයෙක් කියලා. ඇත්තටම කාන්තාවක්. ඉතින් ඔතනදි තමයි ලුසීට දැන ගන්න ලැබෙන්නෙ රූෆස් මේ රිටන්හවුස් කියන අයත් එක්ක එකතුයි කියලා. ඉතින් රූෆස්ට ඒකට හොද පැහැදිලි කිරීමකුත් නොතිබුනාම නෙවෙයි. කොහොමහරි අවසානයේදි හොද විදිහට සිද්ද වුනා. ඒ කියන්නෙ මේ ලේඛය කියලා හදින්වපු ගැහැණු කෙනාට ප්‍රශ්නයක් වුනෙත් නැ, වායට්ට අවුලක් වුනෙත් නැ, ඒ වගේම වෙනදා වගේම ෆ්ලිනුත් බේරුණා.

ඔය මොනවා වුනත් එක දෙයක් නම් මේ තුන් දෙනාගෙම නැතිවුනා. ගොඩක්ම ඒක වායට්ට තමා වුනේ, ඒ එකිනෙකා කෙරෙහි තිබුණ විශ්වාසය. ඉතින් වායට් මේ දෙන්නව කොහොම විශ්වාස කරන්නද. මෙච්චර රහස් හංගගෙන ඉද්දි. කොහොමවුනත් වායට් රූෆස්ට කියන්නෙ දිගටම රිටන්හවුස්ලට එයාලගෙ තොරතුරු දෙන්න කියලයි. ඒ කියන්නෙ රූෆස්ට මෙතනින් ඉදිරියට ද්ත්ව නියෝජිතයෙක් විදිහට වැඩ කරන්න වෙනවා. අවසානයෙදි ලුසි තීරණය කරනවා එයාගෙ තාත්තට ගිහින් කතා කරන්න. ගිහින් හම්බවුනත් ලුසීට එයා එක්ක කතා කරගන්න බැරිවෙනවා. තව විශේෂ දෙයක් තියෙනවා ලුසීගෙ තාත්තා ගැන ඒ තමයි එයත් රිටන්හවුස්ලගෙ කෙනෙක්. ඒ කියන්නෙ කලින් රූෆස් හම්බවෙන්න ඇවිත් එයාට තර්ජනය කරපු කෙනා. ඒ ගැන ලුසීනම් දන්නෙ නැ. ඔන්න ඔය විදිහට තමයි කලින් කොටහා අවසන් වුනේ.

ඒ වුනත්, ඔයාලට නම් කොහොමද කියලා දන්නෙ නැ. මටනම් මේ කතාවෙ තැන් කිහිපයක් තියෙනවා නොතේරෙන. ඒ තමයි,

  1. ෆ්ලින්ට කොහොමද ලුසීගෙ දින පොතක් හම්බවුනේ කියන එක. මොකද කිව්වොත් ඔයාලට මතක ඇති පළවෙනි කොටසෙ, ඒ කියන්නෙ ෆ්ලින් මව් යානය හොරකම් කරන්න එනකොටත් ඒ පොත අරගෙනයි එන්නෙ. ඒත් ඒ වෙනකොටත් ලුසී ඒ පොත ලියලා තිබුන එකක් නෙවෙයි. ඒක හොදටම පැහැදිලි වෙනවා. ලුසීට තාමත් මතක නැ ඒ පොත ලියනවා. ගිය සතියෙ කොටසෙනුත් ඒ ගැන හොදහැටි පැහැදිලියි. ඉතින් ඒක මටනම් ප්‍රශ්නයක්.
  2. ඇයි මේ කතාව අස්සට වායට්ගෙ බිරිදගෙ මරණය සම්බන්ධ වෙන්නෙ. ඒ ගැනත්, වායට්ගෙ බිරිද මැරෙන්න කලින් වුන දේවල් ගැනත් ලුසීගෙ පොතේ ලියලා තියෙනවා. ඉතින් මේ මරණය කොහෙන්හරි මේ දේවල් වලට සම්බන්ධද?
  3. ඇයි මේසන් රිටන්හවුස්ලට මෙච්චර බයේ එයාලා කියන දේවල් කරන්නෙ.

 

ඕවා ඔය විදිහටම තියමුකො. මතකනෙ ෆ්ලින් කියනවා ලුසී දවසක එයත් එක්ක එකතු වෙනවා කියලා. ඉතින් එහෙම දෙයක් වෙයිද? එහෙම වෙනවනම් ඒ මොකක් හින්දද? එතකොට වායට්, හයවෙනි කොටසෙ කියන හැටියට එයාගෙ බිරිදගෙ මිණීමරුවව තාම හොයාගෙන නැ. ඉතින් ඒ කවුද? ඇයි වායට්ගෙ බිරිදව ඝාතනය කරන්නෙ? මොනා වුනත් වායට් ඒ වැඩේනම් ඇතෑරලා නැතිබව ගිය සුමානෙ කොටසෙ අවසානයට දැක ගන්න තියෙනවා. ඕවා ඉතින් මට තියෙන ප්‍රශ්න වගේම කුතුහලයන්. ඉතින් ඔයාලට හිතෙන දේවලුත් තියේනම් කියාගෙන යන්න. නිකන්ම සබ් එක අරන් බලනවට වැඩිය පොඩි කුතුහලයක් තියාගෙන ඉස්සරහට මොකද වෙන්නෙ කියලා හිත හිත කතාව බලනකොට පොඩි ගතියක් තියෙනවනෙ නේද?

අද කොටස ගැන කියනවනම්,

අදකට්ටියට ගොඩක් කරදර වලට මුහුණ දෙන්න වෙනවා. ඒ වගේම අද ෆ්ලින් පස්සෙන් නම් නෙවෙයි පන්නන්නෙ. ඉතිං වැඩිය කියන්න යන්නෙ නැ. කොහොම නමුත් රූෆස්ටනම් අද හොද දවසක් වෙනවා අවසානයෙ. එහෙනම් ඊලග කොටසින් හම්බවෙමු. කොමෙන්ට් එකක් දාගෙන යමු. මොකද නැත්නම් මටත් එපා වෙනවානෙ. කට්ටිය සහයෝගයක් දෙන්නකො අප්පා. එපා වෙනවනෙ.

ජය වේවා!

Timeless on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Timeless.S01E07.HDTV.x264-KILLERS

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

2,118 downloadsDownload Timeless.S01E07.Baiscopelk.com_.zip27 KB

 

  https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

  << Previous Episode                All Episodes                      Next Episode >>

Subtitles

2,118 downloadsDownload Subtitles27 KB

40 comments

  1. Ruwan Udaya Shantha

    ela ela saho niyameta liyala thiyenawa.... thanks.......

  2. Kàvindu Yàsàs

    Thnx bro...

  3. Zeal

    Ela Ela Digatama denna

  4. Chanu

    Man hitannea nam flin kiyanna atta,3denawa andala යටිකූට්ටු gemak gahanna mission eka karana kattiya

  5. praneeth madu

    ela mcn

  6. prasad randunu

    THaNK YALUWA... enkn bln unne.heki ikmnta dnnta tnx...

  7. පසිදු අමරසිංහ

    Elama

  8. rangana welgama

    tnx bro,,,,,,,,,,,

  9. ishara

    mama nikan baluwe meka
    dan okkoma episode tiika bawa

    Supiri kathawa bro
    Digatama Sub demu

  10. Kaazz_bat

    ස්තූතියි සහෝ සබ් එකට,. ජය,.

  11. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ........

  12. lakshyan

    Thanx bro

  13. shehan

    thanks brooo......... kochchara kiwvat sub aka vitharak aran yana kattiya thamai godak inne ... aa unth api venuven vatha .... ivasanna maii deiyoo

  14. Udara Damith B/K

    ගොඩක් ස්තූතියි
    ගොඩක් ස්තූතියි
    ගොඩක් ස්තූතියි
    ගොඩක් ස්තූතියි

  15. එල්.සී. දමැල්

    උපසිරසට ස්තුතියි සහෝ...
    කමෙන්ට් නැත්නම් පොඩ්ඩක් පරක්කු කරල දෙන්න ඒතකොට තමයි අගේ දැනෙන්නෙ...
    මීළඟ කොටසින් ලබන සතියේ හමුවෙමු...

  16. yumal

    thankZZZZZZ bro!!!!!!!!!!!!

  17. Rasindu V. Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...එනකන් හිටියේ...

  18. Isu

    Thnx bro...ela

  19. Kasun Widusha

    Tnx bro Good Job

  20. PRASANNA

    thank u very much..........

  21. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  22. Brother007

    api blmune saho........ khomunth subta gdk sthuthi.....

  23. කවින්ද බුද්ධික

    ස්තූතියි සහෝ.. ජය වේවා..

  24. Udara Damith B/K

    සමහර විට ලුසිත් රිටන් හවුස් එකේ වැඩ කරන්ඩ ඇති පස්සේ මොකක් හරි සීන් එකක් ගිගින් එයාගේ මතකේ රිටන් හවුස් එකේ අය නැති කරන්ඩ ඇති

  25. gaya

    good job thanks

  26. Amil Gamage

    Thanks Machao Sub Ekata..

  27. sherlock galle

    Thanks

  28. Ushan

    Sub ekta thanks

  29. Danu21510

    Elama brooo

  30. Maithree

    Thanks

  31. lahiru

    sub ekata sthuthi puthi..... jayi jayima weewa....

  32. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. sherlock galle

    Thank

  34. Udara Damith B/K

    අට නැතෙයි

  35. Manoj Hemantha

    patta machan. digatama denna

  36. naveendya

    Sub ekata thkz bokka..

  37. Gayan_madushanka_

    Thanks bro

  38. mdarshana1997

    Thanx

  39. Ishara_sw

    බොහොම ස්තූතියි සබ් එකට....

  40. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.