Watch Trailer

The Flash [S03 : E06] with Sinhala Subtitles | සෙවනැලි භූතයා… [සිංහල උපසිරැසි සමඟ]

කතාවක් තියෙනවානේ ‘වැඩක් කරනවා නම් ඒක හරියට කරන්න, නැත්නම් ඒ වැඩේ නොකරම ඉන්න’ කියලා. ඇත්තටම පහුගිය සති කිපයේ නම් මේ සබ් වැඩේ මට හරියට කරන්න බැරි වුනා. සමහර සබ් ටිකක් පරක්කු වුනා සමහර ඒවා ගොඩක් පරක්කු වුනා, සබ් එක ගන්න ආපු අයව රස්තියාදු කරා වගේ දෙයකුත් වුනානේ. ඔය දේවල් නිසා කට්ටියට තරහා ගිහිල්ලත් තිබ…

කතාවක් තියෙනවානේ ‘වැඩක් කරනවා නම් ඒක හරියට කරන්න, නැත්නම් ඒ වැඩේ නොකරම ඉන්න’ කියලා. ඇත්තටම පහුගිය සති කිපයේ නම් මේ සබ් වැඩේ මට හරියට කරන්න බැරි වුනා. සමහර සබ් ටිකක් පරක්කු වුනා සමහර ඒවා ගොඩක් පරක්කු වුනා, සබ් එක ගන්න ආපු අයව රස්තියාදු කරා වගේ දෙයකුත් වුනානේ. ඔය දේවල් නිසා කට්ටියට තරහා ගිහිල්ලත් තිබුනා. හැබැයි විශේෂයෙන් මතක් කරන්න ඕනි ගොඩක් අය ඒ පරක්කුව ඉවසාගෙන ඉදලා තිබුනා වගේම ඒකට කමක් නෑ කියලත් තිබුනා. ඇත්තටම ඒ දේ නම් මම බලාපොරොත්තු නොවුන දෙයක්. අනිවාර්යයෙන්ම අගය කරන්න ඕනි දෙයක්. 🙂 හැබැයි ඉතින් හැමදාමත් ඔය වැඩේ කරන්න බැරි නිසා මේ සතියේ ඉදන් ආයෙමත් සුපුරුදු ට්‍රැක් එකට එන්නයි සූදානම. නිකන් නෙවෙයි වෙනස්කම් ටිකකුත් එක්කමයි. එකක් තමයි සබ් එක දෙන වෙලාව කලින්ම කියන එක. පසුගිය සතිවල එක එක වෙලාවට දුන්න ෆ්ලෑෂ් කතාවේ සබ් එක අද ඉදන් හැම සතියේම බදාදා රෑ 9ත් 12ත් අතර වෙලාවක දෙන්නම්. දවසම බලාගෙන ඉන්න ඕනි නෑ ඒ වෙලාව අතරතුර ආවම අනිවාර්යයෙන්ම සබ් එක සයිට් එකේ තියේවි. (කැම්පස් එකේ වැඩයි, ජොබ් එකේ වැඩයි එක්ක ඊට වඩා කලින් නම් දෙන්න අමාරුයි සහෝ.. :/ ).

ඒ වගේම කතාවත් එක්ක දෙන ලිපියත් පොඩ්ඩක් විතර වෙනස් කරලා දෙන්න හිතුවා. ඉස්සර නිකන් විස්තරයක් විදියටනෙ කතාව කීවේ. ඒ වෙනුවට පොඩි විචාරයක් එක්ක ලිපිය දාන්න උත්සහ කරන්නම්. මොකද එතකොට ඔයාලට වැඩිපුර දේවල් දැනගන්නත් පුලුවන් වේවිනේ. ගොඩක් දුරට පිටරට අයගේ විචාර පාවිච්චි කරලා තමයි ලිපි ලියන්න හිතාගෙන ඉන්නේ. මං හිතනවා අද ඉදන් ඔයාලා ලිපිය කියවලාම මේ සතියේ කොටස බලන්න පටන්ගනිවි කියලා. ඒ වගේ මං විතරක් නෙවෙයි ඔයාලත් මේ කතාව ගැන විචාර ලියන්න. මොන වගේ දේවල් ඉස්සරහට වෙයිද කියලා අනුමාන කරන්න. ඒ දේවල් අපිත් එක්කත් බෙදාගන්න. එතකොට තමයි කතාව තව තවත් රසවත් වෙන්නේ. ඒ වගේම තව දෙයක්. සමහර විට කවුරු හරි කමෙන්ට් එකක් විදියට මේ එපිසොයිඩ් එකේ ඩිරෙක්ට් ලින්ක් එක දාන්නත් පුලුවන්. ඒ නිසා විඩියෝ ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න කලින් කමෙන්ට් දිහාත් පොඩ්ඩක් බලන්න. 😉 එහෙනම් ඉතින් අදට පදුර වටේ තැලුවා ඇති අපි කතාව පැත්තට හැරෙමු.

පසුගිය කොටසින්.. .  .   .

ෆ්ලෑෂ් කතාව පටන් ගත්ත දවසේ ඉදන්ම ගොඩක් ලොකු කුතුහලයක් වගේම ලොකු කතාන්දරයක් ගොඩනගාගෙන ආවා. ඒත් පහුගිය සතියේ විකාශය වුන කොටසින් නම් එක දිගට වැඩිවුන ඒ රටාව එකපාරටම වෙනස් වුනාද මන්දා. ඒ කොටස නරක එකක් කියනවා නම් නෙවෙයි. හැබැයි ඉතින් ඒක පහුගිය සති 4ත් එක්ක බලද්දි සාමාන්‍ය කොටසක් විතරයි කියලයි මට නම් හිතෙන්නේ. මොකද පහුගිය කොටසේදි ඩොක්ටර් ඇල්කමි සම්බන්ධ කිසිම දෙයක් වුනේ නෑ ඒ වෙනුවට ෆ්ලෑෂ් කතාවේ ඉන්න එක එක චරිත විස්තර කරන්නයි ඒවා ඉස්සරහට ගෙනියන්නයි තමයි ගොඩක් අවධානය දීලා තිබුනේ.

මේ වැදගත් එක දෙයක් තමයි කේට්ලන් සම්බන්ධ වුන දේවල්. මොකද කේට්ලන් කිලර් ෆ්‍රොස්ට් විදියට වෙනස් වෙන එක ලස්සනට පෙන්නුවා. ඒ වගේම කේට්ලන් කිලර් ෆ්‍රොස්ට් කියලා කෙලින්ම පෙන්වන්නේ නැතිව කිලර් ෆ්‍රොස්ට් කියන්නේ කේට්ලන්ගේ ළගම යාලුවෙක් එහෙමත් නැත්නම් එයාගේම කොටසක් කියලා පෙන්වපු එක නම් ගොඩක් ලොකු කුතුහලයක්. මොකද මේ යන විදියට කේට්ලන්ට නරක කෙනෙක් වෙන්නත් පුලුවන්. එහෙම වුනොත් අපි එයා ගැන හිතාගෙන ඉන්න හැමදේම කනපිට ගහනවානේ. හැබැයි ඉතින් මේක කියන්න නම් තවම කල් වැඩියි. අපි තවම දන්නේ නෑ එයාගේ ඇගේ පාලනය තියෙන්නේ කේට්ලන්ටද නැත්නම් කිලර් ෆ්‍රොස්ටද කියලා. ඒක දැනගන්න නම් ටික දවසක් ඉන්න වෙයි වගේ. ඉතින් මේ වෙනස්කම නිසා කේට්ලන් එයාට මේ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න එයාගේ අම්මා හම්බවෙන්න ගියානේ. එතනදි කේට්ලන් ගැන අම්මා හිතාගෙන ඉන්නේ කොයි විදියටද කියලා අපි දැක්කා. එයා නම් හිතේ කිසිම තෙතමනයක් නැති කෙනෙක් වගේ තමයි හැසිරුනේ. හැබැයි ඉතින් එහෙම වෙන්න හේතුව මොකක්ද කියලත් අපිට දැනගන්න ලැබුනානේ. කොහොම හරි ඒ ගියපු වැඩෙන් නම් කේට්ලන්ට කිසිම හොදක් වුනේ නෑ. ඒක නිසා සමහර විට අපිට ආයෙමත් කේට්ලන්ගේ අම්මා මේ කතාවේදි ඉස්සරහට මුනගැහෙන්නත් පුලුවන් වේවි.

හැබැයි කේට්ලන් එයාගේ අම්මා හම්බවෙන්න ගියා කියලා සිස්කෝට කියන්නේ නැතිව හැංගුවා. කොහොමත් ඉතින් මේ රහසත් ඉස්සරහ සතියකදි අනිවාර්යයෙන් එලියට ඒවි කියලා ලොකු සැකයක් තියෙනවා. මොකද කලින් වුන දේවල් එක්ක බලද්දි මෙයාලා කාටවත් ඉතින් රහසක් තියාගෙන ඉන්න බෑනේ. රහස් ගැන කියද්දි ඊලගට අපිට මතක් වෙන්නෙ වෙල්ස් එහෙමත් නැත්නම් HR ගැනයි. එයා නිකන් වැඩ බැරි ටාසන් කෙනෙක් කියලා හැමෝම දැනගත්තනේ. මං හිතන්නේ HRට තේරෙන්න නැතිව ඇති 19වෙනි ලෝකයේදි ලැබ් එකේ ඉදගෙන අනිත් අයට දිරිමත් කරන්න අනං මනං කියන දේ මේ ලෝකයට ගැලපෙන්නේ නෑ කියලා. මොනවා වුනත් මේක නම් ඇත්තටම හිතුවෙවත් නැති දෙයක්. මොකද වෙල්ස් චරිතයෙන් මේ වගේ දෙයක් නම් කවුරුවත් කොහෙත්ම බලාපොරොත්තු වුනේ නෑ. ඔව් ඔව් මේ වෙල්ස් කියවන කියවිල්ලේ හැටියට මොකක් හරි අවුලක් තියෙනවා කියලා දැනුනා තමයි. ඒත් ඉතින් නිකන්ම වැඩ බැරි ටාසන් කෙනෙක් වුන එක? කැමති වුනත් අකමැති වුනත් අපිට මේ වෙල්ස්ව ටික දවසක් දකින්න ලැබෙයි වගේ. මොනවා වුනත් ඒ චරිතයෙත් අමුතුම වෙනසක් තියෙනවානේ. හැබැයි දෙවැනි ලෝකයේ වෙල්ස් ඉක්මනට එන තරමට හොදයි. මොකද වෙල්ස් කියන්නේ මේ කතාවේ ලොකු චරිතයක් වගේම ටීම් එකේ හැම වැඩකම පස්සෙන් ඉන්න කෙනෙක්. ඉතින් ඒ චරිතය නිකන්ම නිකන් නවකතාකාරයෙක් කලොත් ලොකු හානියක් වෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕනි නෑනේ. අනික ඉස්සරහට තියෙන ලොකුම ලොකු ක්‍රොස්ඕවර් එකත් ලග ලගම එන නිසා අනිවාර්යයෙන්ම දෙවැනි ලෝකයේ වෙල්ස් ඉක්මනින්ම ඒවි.

කලින් කොටසේ අභියෝගය වුනේ ලොකු ඩයිනසෝර්වයි. මං හිතන්නේ මේකෙන් තමයි මේ කොටසේ තත්වයට ගොඩක්ම හානි වුනේ. මොකද ෆ්ලෑෂ් කතා මාලාවේ ආපස්සට හැරිලා බලපුවාම හැම කතාවකම අපිට අමුතුම ආකාරයේ හතුරෙක් පෙන්වනවා. ඒ ලොකු කතාව වටේට තමයි ඉතිරි සිද්ධින් ගොඩනගලා සාර්ථක විදියට කතාව ඉවර කරන්නේ.  හැබැයි ඉතින් ගිය සතියේ නම් මේ සතුරා ගැන අවධානය ගොඩක් අඩු වුනා වගේම ඒක එච්චර දැනෙන විදියට උලුප්පලා පෙන්නුවේ නෑ. ඒ වෙනුවට බෙරියි ජුලියන් අතර සම්බන්ධය තමයි ගොඩක් මතු වුනේ. ඒ වගේම මේ ඩයිනසෝර් දැක්කම මොකක් හරි අවුලක් තියෙනවා කියලා දැනුනා. හිතපු විදියටම ඒ නිකන්ම නිකන් හොලග්‍රෑම් එකක් විතරයි. ඇත්තටම ඒක නම් මැද හරියෙදි නිකන්ම හිතෙනවා. ඒ වුනාට ඒක පාලනය කරලා තියෙන්නේ පොඩි ළමයෙක්? අනිත් අයගෙන් කොන් වුනා, ගුටි කෑවා කියලා පොඩි ළමයෙක්ට තනියම මේ වගේ ලොකු වැඩක් කරන්න පුලුවන්ද? මං නම් හිතන්නේ කතාව ලියපු අයට මීට වඩා හොද තාත්වික හේතුවක් දෙන්න තිබුනා. ඒ නිසාම ඒ ගැන තිබුන කුතුහලයත් සම්පුර්ණයෙන්ම නැති වුනා වගේ දෙයක් තමයි වුනේ.

කොහොම හරි  පහුගිය කොටසේ තිබුන වැදගත්ම දේ තමයි බෙරීයි ජුලියනුයි එකට වැඩ කරපු එක. ඒක නිසාම අපිට මේ ජුලියන් කියන චරිතය කොයි වගේ එකක්ද කියලත් ගොඩක් දුරට දැනගන්න ලැබුනා. ඇත්තටම ගිය සතිය වෙනකන් මටත් ලොකු ප්‍රශ්නයක් වෙලා තිබුනේ මේ ජුලියන් කියන්නේ කවුද ඇයි මෙයා මෙච්චරම මෙටා මිනිස්සුන්ට වෛර කරන්නේ කියලා? ඉතින් ඒ හැමදේකටම උත්තර අපිට ගිය සතියේ කොටසින් දැනගන්න ලැබුනා. පේන විදියට මේ දේවල් එලියට දාලා මෙයාගේ චරිතය වැදගත් කියලා අපිට පෙන්වන්නයි මේ කොටසින් උත්සහ කරලා තිබුනේ. හැබැයි ඉතින් මේ දේවල් විශ්වාස කරන්න තවම කල් වැඩියි. මොකද අපි දන්නේ නෑ මෙයත් එක්ක ඇල්කමිගේ සම්බන්ධයක් තියෙනවද නැද්ද කියලා. බෙරීට අකමැති වීමයි මෙටා මිනිස්සුන්ට අකමැති වීමත් එක්ක එක එක විස්තර කියලා අපිව නොමග යවනවද කියලත් වෙලාවකට හිතෙනවා. එහෙමත් නැත්නම් ජුලියන් කියන්නේ ඇත්තටම හොද කෙනෙක්ද කියන්නත් බෑ. ඉස්සරහට අපි බලමුකෝ මේ ජුලියන් මොකාටද එන්න හදන්නේ කියලා.

සමස්ථයක් විදියට ගත්තම පහුගිය කොටස තනි කොටසක් විදියට සාර්ථක නොවුනට ඒකෙන් ඉලක්ක වුන පැති නම් විශේෂයි. බෙරීගෙයි ජුලියන්ගෙයි බැදිම, කේට්ලන් කිලර් ෆ්‍රොස්ට් වුන එක වගේම වෙල්ස් බොරු කෙනෙක් වුන එක මෙතනදි වැදගත් නොවුනට ඉස්සරහට මේවාගෙන් ලොකු බලපෑමක් වෙයි කියලා අපිට හිතන්න පුලුවන්. මොනවා වුනත් පසුගිය සතියේ කොටස ‘Monster’ ‘මෘගයා’ කියලා නම් කරලා තිබුන එකට නම ලොකු සාධාරණයක් වුනා. මොකද එක පැත්තකින් නගරයට මෘගයෙක් ඇවිත් කරදර කරද්දි අනිත් පැත්තෙන් තමන් මෘගයෙක් වෙයි කියලා කේට්ලන් බයවෙලා හිටියානේ. ඉතින් ඒ හැමදේකින්ම පස්සේ ඒ කොටස ඉවර වුනා.

මේ සතියෙන්.. .  .   .

මට කලින් කියන්න බැරි වුනා ගිය සතියේ ෆ්ලෑෂ් කතාව විකාශය වුනේ නෑ. මං හිතන්නේ ගොඩක් දුරට ඒ ඉස්සරහට එන ෆ්ලෑෂ් පොයින්ට් එකට මේ හැම කතාවකම ගතවෙන කාලය සමාන කරන්න වෙන්න ඇති. මොකද හොදින් අවධානයෙන් හිටපු කෙනෙක්ට මතක ඇති මේ ෆ්ලෑෂ් කතාව ඇරෝ කතාවට වඩා කතාවේ කාලයෙන් සතියක් ඉස්සරහින් තමයි තිබුනේ. හැබැයි දැන් නම් හැම කතාවක්ම සමාන කාලයට ඇවිත් තියෙනවා. ඒ වගේම මේ කොටසේදි ආයෙමත් පරණ තිබුන සුපුරුදු ජවය ගොඩක් දුරට දකින්න පුලුවන්. මොකද ආයෙමත් ඇල්කමි චරිතය බෙරිගේ ජිවිතයට එනවා.

ඔයාලට මතක ඇතිනේ ෆ්ලැෂ් පොයින්ට් එක වෙන්න කලින් තිබුන ටයිම් ලයින් එකේ වොලි තමයි කිඩ් ෆ්ලෑෂ් වෙලා හිටියේ. ඒත් ඉතින් ෆ්ලැෂ් පොයින්ට් එකෙන් පස්සේ එයාට එහෙම ස්පීඩ්ස්ටර් බලයක් නැතිවුනානේ. හැබැයි ඉතින් කවුරුවත් නොහිතපු විදියට වොලිට එයාගේ පරණ ආත්මයේ වුන දේවල් මතක් වෙන්න පටන්ගන්නවා. ඔව් ඔව් ඔයාට හිතුනා හරි මේ සැරේ ඇල්කමිගේ ගොදුර වෙන්න යන්නේ වොලිවයි. හැබැයි ඉතින් අපි දන්නවනේ කලින් ඇල්කමිගේ ගොදුර වුන කවුරුවත් බලය ලැබුනට පස්සේ හොද දේවල් නම් නෙවෙයි කලේ කියලා. ඉතින් මේ නිසාම ෆ්ලැෂ් ටීම් එකේ හැමෝම බය වෙනවා වොලිත් ඇල්කමි ලගට ගිහින් බලය ලබාගෙන අර වගේ පිස්සු නටයි කියලා. ඉතින් ෆ්ලෑෂ් ටීම් එකට වොලිව ඇල්කමිගෙන් බේරාගන්න පුලුවන් වෙයිද? එහෙමත් නැත්නම් වොලිට ඇල්කමිගෙන් බලය ලැබිලා නරක කෙනෙක් වෙයිද? එහෙමත් නැත්නම් බලය තිබුනත් හොද කෙනෙක් විදියට වොලි ෆ්ලෑෂ්ට උදව් කරගෙන ඉදිවිද? මොනවායින් මොනවා වෙයිද කියලා දැනගන්න නම් මේ කොටස බලන්න. අනිවාර්යයෙන්ම අවසානය වෙද්දි ඔයාලට මේ වුනේ මොකක්ද කියලා විශ්වාස කරන්න බැරිවේවි… . . ^_^

මීළඟ උපසිරසෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

The Flash (2014) on IMDb

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

 

The.Flash.2014.S03E06.720p.HDTV.2CH.x265.HEVC-PSA

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

21,271 downloadsDownload The.Flash_.2014.S03E06.Baiscopelk.com_.zip32 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                All Episodes                      Next Episode>>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

21,271 downloadsDownload Subtitles32 KB

101 comments

  1. Ranil P.J

    බොහොම ස්තූතියි උපසි‍රැසියට

  2. kaviya

    Tq brooo ✌✌✌

  3. kent

    thanxs mchn api wenuwen ube kale waya krnwata

  4. Gusta

    Thnx bn...

  5. Damitha Ranasinghe

    ස්තූතියි Brooo

  6. Gusta

    site එක refresh කරන මං වගේ නිශාචරයෝ තව ඉන්නව කියාන්කො.... :V

  7. kalana prabod

    Thanx brooo sub ekata

  8. Imesh Udayanth Weerarathne

    Bohoma Sthuthi Sub ekata e......

  9. Lakshan

    Thanx yalooo sub ekata...

  10. Ridma

    Elama aiya th

  11. Sayuru Tharanga Lakmal

    ඇත්තමයි පැතුම් අයියා මුලින්ම කියන්න ඕනි............................අලුත් වෙනසනම් සුපිරි එලම ආයේ කියන්න කිසිම අප්සට් එකක් නෑ ඕන්...............ඒ වගේමයි අළුත් වෙනසට මන්නම් ඕන් කැමති................මට විස්වාසයි අනිත් අපේ friends ලාත් අනිවාර්යෙම්ම මේ වෙනසට කැමතී කියලා.............ආයේත් කියන්ඩ ඕනි මේ වැඩේනම් සුප්පා.................ඒ වගේමයි සහෝ අනිවාර්යෙම්ම අපි ඔයාට ගොඩක් ස්තුතිවන්ත වෙන්ඩත් ඕනි ඔයා මේ වෙන මහන්සියට................................ආයෙමත් ස්තුති ඔයාට පැතුම් අයියා..............

    ෴෴෴ඔයාට ජය෴෴෴

  12. Yohan

    Thanks for sub

  13. Sachith Harshana

    welaawatama nethath kamak na bro..puluwan welawata daanna.tnx macho

  14. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති සහෝ

  15. chamath ranaweera

    Thanks machan...ela!!!
    Jaya wewa!!!

  16. මාලින්ද

    නියමයි බ්‍රෝ. ඔහොම යං

  17. jeewantha

    තෑන්ස් සබ් 1ට.................

  18. sadee

    තැන්ක්ස් සහෝධරයා..ට්ව සිරිs වගේ නෙවේනේ උබලයි අනාගතේ ..ඉස්සෙලා අනාගතේ හදන ඉන්න එපයි..උබලට පිළුවන් වෙලාවක් දියන්න් මචන්...එක්සැම් කීයක්ද..පාඩම් කරහන්..සහෝධරයා]

  19. Chandula Ekanayake

    Thanks for the sub bro !!! …ela!!!

  20. Dishma

    elama

  21. Rusith nishen

    Thx saho sub 1k ta..

  22. Mickey

    Eka digata sub denna ubala badila nane bn. Ida thiyena welawal wala sub eka denna machan. Saub ekata thanks
    Jaya wewa.

  23. D J Ushan Remixer

    ශා කලින්ම දාල එල එල බන් අවුලක් නැ උබටත් වැඩ තිනේ එල එල

  24. Kasun

    බොහොම ස්තූතියි සහෝ.....

  25. Alpha

    Niyamai saho

  26. Ajith Priyantha

    sub akata thanks wawa

  27. yumal

    thankZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!

  28. Suu

    Thank You :)

  29. මධුකප්‍රිය පෙරේරා

    උබ කොහොම දුන්නත් අපිනම් බලනවා..
    තමන්ගේ වැඩ රාජකාරි කරගන්නත් එපැයි..
    නැතුව එව්වා කරලා දෙන්ට අපි එන්න ඈ....
    අලුත් වෙනසත් එක්ක ඉස්සරහට යමු..
    සබට තැන්කු එහෙනම්..

  30. Prasad Randunu

    Sub ekata Bohoma Sthuthi Aiye. Aluth wenasa pattai. Attamai. Niyamai. 100% Niyamai.

    Last week eke Flash eka wenama pettak gehuwa predana washayen. Tikak aul una. Me alchemy kiya a character eka attatama kauru weida. Aiyoooo.... Dr.Wells Aye ei neda. S. Dekema pora hoda weddek unane.

  31. Obama_SL

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..

    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි.......

  32. kavinda

    සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .

  33. chamara

    ado elma puluwan vidihakata deepan mcn apita balanna puluwan ubala mehema hari denna hinda thnx saho

  34. Lahiru lakmal

    Thanks for sub....

  35. Chathuri Ruwanthika

    aluth wenasanm godak hodai.sub dena dwsa kyna 1nm watinawa.puluwnnm arrow,dcs legend of tomorrow eketh mea wagea sub denna.campus wada n mea hama deykma hodata krgnna labenna kyla suba pthnwa.

    Sub 1 ikmntama dunnata thnkx lot!!!!!!

  36. කසුන් II

    Sub eka download karanna be....error ekk wetenawa...khmwath hari yanne ne

  37. Dananjaya fernando

    ස්තුති බ්‍රෝ සබ් එකට .....

  38. Rithesh

    thank you saho...... කමක් නෑ පුළුවන් වෙලාවට දෙන්න.

  39. janaka

    guys ..!!! oyalage severs vala podi awlak thiyenava . me page eke samahara links valata connect venna loku kalayak yanava ..!!!! mama hithanne Serever mashin eke oyalage aluth files store vena HDD eka replace kranna vei..!!! me site eka godak vatinava api hamotama .. eka nisa eka ikmanatama hadagannooooooooo good luck machansla..!! bs

    1. janaka

      sub ekata thanks ..!!!

    2. Udara Damith B/K

      කලින්ට වැඩිය ටිකක් ස්ලෝ වගේ තමයි.
      එත් අව්ලක් නෑ

  40. silent$

    Paatttaaaaaaaaaaaa

  41. lakshan

    Thanks bro.

  42. Sanath Indika

    broo

  43. Rasitha Pradeep Somasiri

    සුපිරි ලිපිය සහෝ....
    උපසිරැසියටත් බොහොම ස්තූතියි....

  44. asan

    සිංහල උපසිරැසිය පරක්කු උනාට කමක් නැහැ. උත්සාහය ගොඩක් අගය කරනවා. අධ්‍යාපන කටයුතු හොඳින් කරන්න. ස්තුතියි සහෝ :)

  45. kasuntharu

    Sub ekata thanx sahodaraya

  46. Sanindu Lakkitha

    Thanks saho.. uba kohoma sub eka dunnat aulak ne. Et alut vidiyanam sirawatam maru.. Good Luck Saho Oyage Hema Wedakatama..

  47. Gayan

    Thanx broo

  48. Thisura hirushan

    Davasama balan hitiya saho saba gnna godak sthuthi sabata.

  49. Udara Damith B/K

    එල .අර්ද ශතකය මගේ

  50. Kaazz_bat

    ස්තූතියි බ්‍රෝ,. ජය,.

Load more comments