තමන්ට හතුරුකම් කරපු අය පරාජය කලාට පස්සේ ජිවිතයේ ඉතිරි කාලය සතුටින් ගත කරන්න කියලා හිතාගෙන බෙරී ඇලන් එයාගේ අම්මව මරන එකෙන් බේරාගෙන ෆ්ලෑෂ් පොයින්ට් එකක් හදලා වෙනස් අලුත්ම ටයිම් ලයින් එකක ජිවත් වෙන්න පටන් ගත්තානේ. ඒත් ඉතින් එයාට පවුලේ අය ලැබුනත් ෆ්ලෑෂ් ටීම් එකේ අනිත් හැමෝම මගහැරුනා කියලා තේරෙද්දි ගොඩක…

තමන්ට හතුරුකම් කරපු අය පරාජය කලාට පස්සේ ජිවිතයේ ඉතිරි කාලය සතුටින් ගත කරන්න කියලා හිතාගෙන බෙරී ඇලන් එයාගේ අම්මව මරන එකෙන් බේරාගෙන ෆ්ලෑෂ් පොයින්ට් එකක් හදලා වෙනස් අලුත්ම ටයිම් ලයින් එකක ජිවත් වෙන්න පටන් ගත්තානේ. ඒත් ඉතින් එයාට පවුලේ අය ලැබුනත් ෆ්ලෑෂ් ටීම් එකේ අනිත් හැමෝම මගහැරුනා කියලා තේරෙද්දි ගොඩක් කාලයක් ගිහින් ඉවරයි. ඒ නිසා ආයෙමත් කලින් තිබුන ටයිම් ලයින් එකම ගන්න හිතාගෙන එයා වෙනස් කරපු හැමදේම හරිගස්වනවා. ඒත්.. නොහිතපු විදියට ඒ ටයිම් ලයින් එකත් ගොඩක් වෙනස් වෙලා. ටයිම්ලයින් එක විතරක් නෙවෙයි මිනිස්සු, ටීම් එකේ අය, එයාලගේ හැකියාවන් මේ හැමදේම වෙනස් වෙලා. බෙරීට එයාට කරපු වැඩේ බරපතලකම එතකොටයි හරියටම තේරුනේ. ඉතින් මේ දේ ගැන ෆ්ලෑෂ් ටිම් එක දැනගත්තම එයාලත් ගොඩක් අවුල් ගියා වගේම සමහර අය බෙරිත් එක්ක තරහත් වුනා. කොහොමෙන් කොහොම හරි ඒ අවුල් ටික ලිහාගත්තට පස්සේ තමයි බෙරීට ෆ්ලෑෂ් පොයින් එක නිසා වුන ලොකුම වෙනස්කමට මුහුණ දෙන්න වුනේ.
සැවටාර්… එහෙමත් නැත්නම් වේගයේ දෙවියා කියලා කෙනෙක් සෙන්ට්‍රල් නගරයේ මතු වෙනවා. ඇත්තටම එයා දෙවියෙක් වගේ තමයි. මොකද බෙරීට එයාව අල්ලනවා තියා එයත් එක්ක තරගෙට දුවන්නවත් බෑ. ඒ තරම් එයා වේගවත් කෙනෙක්. ඉතින් නගරයේ සිද්ධවෙන අපරාධ නවත්වන එකට අමතරව මේ සැවටාර් කරන වැඩ නවත්වන්නත් මෙයාලට සිද්ද වෙනවා. ඔය අතරේ තමයි සැවටාර්ගේ ගෝලයෙක් වුන ඇල්කමි ෆිලොසිෆර් පාෂාණය කියන බලගතු පාෂාණයෙන් ෆ්ලෑෂ් පොයින්ට් එකට කලින් මෙටා බලයන් තිබුන ඒත් දැන් ඒ බලයන් නැති අයට ඒ මෙටා බලයන් ආපහු දෙන්න පටන් ගත්තේ. කොහොම හරි අවසානයේදි ඒ පාෂාණයෙන් වොලිටත් ෆ්ලෑෂ්ට වගේ වේගයෙන් දුවන්න බලය ලැබෙනවා. ඒ වගේම ඇල්කමිවත් මෙයාලා නවත්වනවා. අවසානයේ වොලි කිඩ් ෆ්ලෑෂ් විදියට නගරයට සේවය කරන්න පටන් ගන්නවා.
මෙහෙම හැමදේම සිද්ධවෙද්දි එක දවසක් අහම්බයෙන් බෙරී අනාගතයේ දවසකට යැවෙනවා. හැබැයි ඉතින් ඒ සුන්දර දවසක් නෙවෙයි. ඒ තමයි සැවටාර් බෙරීගේ ජිවිතයේ ආදරය වුන අයරිස්ව මරන දවස. බෙරිගේ ඇස් ඉදිරිපිටම සැවටාර් අයරිස්ව මරලා දානවා. හැබැයි ඉතින් ඒක නවත්වන්න තරම් බෙරී වේගවත් වෙන්නේ නම් නෑ. ආපහු වර්ථමානයට ආව බෙරී ඒ සිදුවීම නවත්වන්න පුලුවන් හැමදේම කරනවා. අනාගතයේදි වෙන්න තියෙන දේවල් වෙනස් කරන්න හදනවා. එක එක පරික්ෂණ කරනවා. හැබැයි ඉතින් ඒ කිසි දේකින් ඒ වෙන දේ වෙනස් කරන්න බැරිවෙනවා වගේම එයාට අනාගතය වෙනස් කරන්නත් බැරි වෙනවා. අවසානයේදි බෙරී වගේම ෆ්ලෑෂ් ටීම් එක ඒ මොහොතට මුහුණදෙන්න සුදානම් වෙනවා. නිකන් නෙවෙයි සැවටාර්ව ස්පීඩ් ෆෝර්ස් එකේ හිර කරන්න හිතාගෙන ට්‍රේසි කියන දක්ෂ විද්‍යාඥයාගෙ උදව් ඇතිව ස්පීඩ් ෆෝර්ස් බසූකා කියන තුවක්කුව හදනවා. අවසානයේදි… ඒ දවස උදා වෙනවා. අයරිස් සැවටාර්ගේ අතින් මැරෙන දවස. ඒ මොහොත ටිකෙන් ටික ලගාවෙනවා. ෆ්ලෑෂ් ටිම් එක සැවටාර්ව හිර කරන්න හැමදේම සුදානම් කරගෙන ඉන්නවා. ඉතින් අන්තිමේට ඒ වෙලාවට එනවා. බෙරී අනාගතයට ගිහින් දැක්කා වගේම ඒ දේවල් සිද්ධ වෙනවා. හැබැයි බෙරීලග ස්පීඩ් ෆෝර්ස් බසූකා එක තියෙනවා වගේම එයා ඒකෙන් සැවටාර්ට වෙඩි තියනවා. හැමෝම සැවටාර් ස්පීඩ් ෆෝර්ස් එකේ හිරවෙනකන් බලාගන හිටියත් ඒ උත්සහයෙනුත් වැඩක් නැතිවෙනවා. සැවටාර් ෆිලෝසිපර් පාෂාණය පාවිච්චි කරලා ඒ උගුලෙන් බේරෙනවා. බෙරී වගේම එයාගේ ටීම් එකේ අයත් මෙච්චර කාලයක් පුරාවට වුන මහන්සියේ වතුර යමින් සැවටාර් අයරිස්ව එතනදි මරලා දානවා. අනාගතය වෙන්න තිබුන විදියටම බෙරීගේ අතේ අයරිස් අවසාන හුස්ම හෙලනවා.
හුස්ම හෙලුවට හැමෝම හිතුවේ අයිරිස් තමයි මැරුණේ කියලා. ඒත් ඇත්තටම හැමෝම දැනගන්නවා සැවටාර් ඇත්තටම මැරුවේ අයිරිස්ව නෙවෙයි කියලා. මොකද සැවටාර්ට ඕන කරපු ඉලක්කය සාර්ථක වුණේ නැති නිසා. අයිරිස් තමයි හරි නම් මැරෙන්න තිබුනේ. ඒත් කිලර් ෆ්‍රෝස්ට් සැවටාර් එක්ක කණ්ඩායම් ගැහිලා අයිරිස්ව පැහැරගත්ත වෙලාවේදී එතනට H.R. ඇවිත් හිටියනේ. ඒ වෙලාවේදී මේ දෙන්නා H.R. ගේ උපකරණයෙන් ප්‍රතිරුප මාරු කරගැනීමක් සිද්ද කරලා තිබුණා. ඇත්තටම ඒක H.R. ගේ බලහත්කාරයෙන් වුන දෙයක්. කොහොම කොහොමින් හරි අයිරිස් වෙනුවට මිය ගියේ H.R. ආපු දා ඉදන් බොරු කයිවාරු ගහපු මනුස්සයා අන්තිමේදී තමන්ගේ ජිවිතේ කැප කරලා කොහෙවත් හිටිය කළු කෙල්ලෙක්ව බේරගන්න. අන්තිම සැලසුම් ක්‍රියාත්මක කරලා බැරි කොහොමහරි සැවටාර්ව පරාද කලා ටීම් ෆ්ලෑෂ් කණ්ඩායම වගේම මෙතෙක් කාලයක් සැවටාර් එක්ක කණ්ඩායම් ගැහිලා හිටිය කිලර් ෆ්‍රෝස්ට් පවා තමන්ගේ හිත වෙනස් කරගෙනම එයා ෆ්ලෑෂ් එක්ක ආපහු එකතු වුණා සැවටාර්ට විරුද්ධව කටයුතු කරන්න. එයා විතරක්ම නෙවෙයි ජේ ගැරික්ගේ උදව් පවා ලැබුනා. මේ දේවල් වල අවසානයෙන් පස්සේ H.R.මරණයට සාධාරණයක් ඉෂ්ට කරන්න හිතාගෙන එයාව වල දාලා හැමෝම තමන්ගේ ශෝකය ප්‍රකාශ කිරීමක් කලා එක්කෙනෙක් ඇරෙන්න. ඒ කිලර් ෆ්‍රෝස්ට්. එයත් හැබැයි ඈත ඉදන් බලං හිටියා. බැරි ගිහින් කතා කලාම කිව්වා එයා තවදුරටත් කිලර් ෆ්‍රෝස්ට් නෙවෙයි වෙනනම කෙනෙක් කියලා. හරියට නිකන් ඇරෝගේ වදන් එහෙම්ම දුන්නා වගේ. එයාගේ ඒ අලුත් කෙනාව තමන්ටම හොයාගන්න ඕන කියලයි එයත් යන්න ගියේ. කතාව අන්තිමේදී දකින්න ලැබුණා ස්පීඩ් ෆෝස් එක අසමතුලිත වීම නිසාවෙන් අකුණු කුණාටුවක් මුදාහැරීමක් සිදුවුණා. එහෙම අසමතුලිත වීමක් වෙන්නේ ස්පීඩ් ෆෝස් එක ඇතුලේ සිරකරුවෙක් නැති වුණාම. ඉතින් මේකේ අඩුව පුරවන්න කියලා හිතාගෙන තමයි බැරි මේ ස්පීඩ් ෆෝස් එක ඇතුලට ගියේ. එයා මේක ඇතුලට යද්දී අයිරිස් ලවා පොරොන්දුවක් කරගත්තා දිගටම දුවන්න ඕන කියලා. දිගටම දුවනවා කිව්වේ ෆ්ලෑෂ් වෙන එක නෙවෙයි. එයා නැති ටිකේ කට්ටිය එකතු කරගෙන මේ අපරාධකාරයෝ අල්ලගෙන සිද්දවෙන අපරාධ වලින් නගරේ ආරක්ෂා කරන එකයි.
අර පත්තරෙන් කිව්වා වගේම බැරිගේ අතුරුදහන් වීම සිද්දවෙලා තියෙන්නේ. එයා නැතුව දැන් මාස හයකුත් වෙනවා. ඒත් අයිරිස්, වොලී, සිස්කෝ වගේම ජෝ එකතු වෙලා අපරාධ නවත්තන්න උත්සහ කරනවා. ඒත් මේ අය කතාවෙන විදිහට නම් එයාලගේ වැඩ සාර්ථක නැහැ වගේ. අයිරිස් හරියට වෙනස් වෙලා. වෙනස් වෙලා කිව්වේ සැහෙන්න දරදඩු වෙලා. හරියට නිකන් බැරි කියන්නේ එයාට සදහටම මැරුණු කෙනෙක් ගානට දාලා වගෙයි වැඩ කරන්නේ. නගරෙට වෙන කරදර වලින් නම් කිසිම අඩුවක් නෑනේ. අද නගරෙට තවත් එකෙක් කඩා වැදිලා තර්ජනය කරනවා ෆ්ලෑෂ්ව නොදුන්නොත් නගරේ විනාශ කරනවා කියලා. බැරිව කොහෙන් කියලා හොයන්නද? ආයේ එයිද? බලලම ඉන්නකෝ එහෙනම්. කතසමයන් තුනක් පුරාවටම ප්‍රධාන සතුරා වුණේ ස්පීඩ්ස්ටර් කෙනෙක්මයි. ඒත් පසුගිය අවුරුද්දේම ප්‍රකාශ කරලා තිබුනා කතාසමයන් තුනක් පුරාවටම ස්පීඩ්ස්ටර්ලව ප්‍රධාන සතුරන් කිරීම ප්‍රේක්ෂකයන්ට කතාමාලාව එපා වීමට බලපෑමක් වෙලා තියෙන නිසා මෙවර හතරවැනි කතා සමයේ ප්‍රධාන සතුරා ස්පීඩ්ස්ටර් කෙනෙක් නොවන බවට. මේ කොටස අන්තිමේදී කතාවට එන අලුත් හතුරව බලාගන්න පුලුවන්. පෙනුම හැටියට නම් මෙයා වෙන්න ඕන අලුත් හතුරා. හැබැයි ප්‍රධාන කෙනමද කියලා විශ්වාසයක් නැහැ. කොහොම නමුත් ඒ කෙනා තමයි “Thinker.” මොන වගේ කෙනෙක් වේවිද කියලා ඉස්සරහට බලාගන්න පුලුවන් වේවි. ඕනි නම් පොඩ්ඩක් අන්තර්ජාලයේ සෙවුමක් කරලා බලන්න ඕන තරම් මේ විලන් ගැන විස්තර බලාගන්න පුළුවනි.
ඔයාලගේ සුපුරුදු කෙනා නම් නෙවෙයි තමයි අද පළවෙනි කොටස අරං ආවේ. කවිදු සහෝ කාර්යබහුලයි කියලා හසා අයියා මේක කර කර ඉදලා හදිස්සියෙන්ම වගේ මේක මට දුන්නා කරන්නයි කියලා. එකක් තමයි මට නම් අවංකවම කලින් සීසන් එකේ මොනාද උනේ කියලවත් මතක නැහැ අන්තිම සිද්දීන් කිහිපය ඇරුනම. ඒ නිසාමයි මුල් ජේද තුන අවසන් ෆ්ලෑෂ් කොටසේ කවිදුගේ ලිපියෙන් උපුටලා ගත්තේ. අනික මේකේ ලයින් 200+ අධික ප්‍රමණයක් කලේ හසා අයියා. එහෙම උපසිරැසියක් තමයි තවත් කල් නොයවා අමුණලා මේ දෙන්න හදන්නේ. ලබන සතියේ ඉදන් අනිවාරයෙන්ම ඔයාලගේ සුපුරුදු කවිදුම උපසිරැසි අරං එයි. මගේ උපසිරැසි වලින් කතාවට හානියක් වුණා නම් සමාවෙන්න ඕන. මං මට පුලුවන් උපරිමෙන් තමයි මේක කලේ.
ගිහින් එන්නම්. ඊලග උපසිරැසියෙන් හමුවෙමු. ජය!
Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
24,067 downloadsDownload The-Flash-S04E01.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
120 comments
Kaviya
Lucky
Thanks saho
Ťhûshàrâ Ðîlshäñ
thanks brooo anith episode tiktath ikmnta sub demu
Gamil
Thaks bro ekam bln hitiye
Bhanuka
හම්මේ ..,බොහොම පිං ..!!
sandaru maxx
thanxxxxx brother....
pawan
Tnxs sub akata saho
Manoj
sub 1 danakam balan hitiye... ammo... athiyantam ayeth Arrow-flash awa.... sub 1ta tnx saho. kavindu flash awa wage ikmanata sub walatath enna..
Lushan
Subata thanks bro...
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
කතාවට මොන හානියක් වෙන්නද සහො. එහෙම වෙනවා මං මේ සබ් එක කලානම්.උබලා මේ පුරුදු වෙන්න කරන වැඩ නෙමෙයිනේ. හසන්ත අයියටයි,චාමර සහෝටයි බොහොම ස්තුතියි.. ආයෙත් CW සිරිස් ටික පටන් ගත්තා කියන්නේ පුල් මාර්වල්ස් තමයි..
******************බුදුසරණයි******************isuru
පුල් මාර්වල්ස් නෙවෙයි බ්‍රෝ පුල් DC.. හඃ හඃ හා
Gathsara Umesh Kumara
Bhoooooooooooooooooooooooooooooooooooooooooooooooooom
Sthuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuthiyi.Krishan NiShalya
patta digatama me wage denna bro ..
thankz sub ekata ☺☺isuru
අනේ හම්මේ ෆ්ලෑෂ් අවා යකොව්. තැන්ක්ස් වේවා බ්‍රෝ සබට
Shadow
Elamaaa...thanx
Mahesh
Sub ekata thanx
piyumal sanjeewa
උපසිරැසියට බෝහොම තුති සහෝ
Hasitha
torent aka ganna bene
එල්. සී. දමැල්
බොහොම ස්තුතී ෆ්ලෑෂ් වගේ සබ් එක දුන්නට
Carlton Bandara
Ela bro
KAVINDA GAMAGE
සුබපැතුම් නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.tharangani
thanx
ඉෂාන්
උපසිරැසියට බෝහොම ස්තුති සහෝ
ඉෂාන්
චාමර සම්පත් ම දිගටම මේකට සුබ් දෙන්නකෝ ...කවිදු සහෝ සුබ දෙද්දී පරක්කු වෙනවා ඒකයි ..පුලුවන්නම් ඔයාම දිගටම මේකට සුබ් දෙන්න
Gayan
ස්තුතියි
Dilshan
thanks
Ajith Priyantha
sub akata thanks wawa
Kushan
Thanks චාමර සහෝ sub වලට flash එනකල් බලන් හිටියේ
Udara Damith B/K
මොන හානිද
කවිදු අයියා ගේ සබ් වගේම ඔය තියෙන්නේ
යස අගේට
කවිදු අයියත මතක් කරා ඔන්න
මන් ගියෝFlash
Supiri
peasad randunu
Ado pissuda.. tnk bn sub eka dunnata. ube sub patta ah. jaya wewa..!
Nirodhauthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
dsk
bro .. sub ekata thanks. eth ai ban mulu kathawa uba me post eke liyuwe ?
නලින් පෙරේරා
හප්පේ... පිං සිද්ද වෙනවා ආයුබෝවන්ඩ!
Osanda
Thanks
Ikamninma sub eka denna kiyala illanwaKasun Widusha
Tnx mchoo
Isuru Sky
Kathawta kisima haniyak na saho...thank you.
mindika
Thanks !!!!!!!!!!!!
Thiwanka
Ado lokka thanq bn...
Enakan balan hitiye udee idan
Thank you again....Kasun
බොහොම ස්තුතියි සහෝ......
SULAKSHANA MIHIRANGA
Thank for sub
Ishanka
Thanks bro
Dhanuka
Kolla page not found kiyala watenne sub eka download karanna ba...:(
Dhanuka
Aulak na mama eka hadagatta... Sub ekata Thanks Brother...:)
sadeesha supunprabudda
link aka na neda bro....
thisura godage
Linck ekk dennako kawruhri plz
Tharaka Lahiru
Tnq mcn
Bhagya
Thanks
Malith Rubasinghe
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ...
D.Chamara
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජය …!!oshanda
උපසිරැසියට බොහෝම ස්තූතියි සහෝ…
Sanjaya
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
ජය වේවා..!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Tq bn✌