Watch Trailer

The Flash [S03 : E23] with Sinhala Subtitles | තරගය ඉවරයි! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ඔයාලා හැමෝම ආසාවෙන් බලපු ෆ්ලෑෂ් කතාවේ තුන්වෙනි සිසන් එකේ අවසානයටයි අපි දැන් මේ ඇවිත් ඉන්නේ. ඉතින් ගිය අවුරුද්දේ ඔක්තොම්බර් පටන් ගත්ත මේ සිසන් එක මෙච්චර කාලයක් පුරාවට මෙච්චර ඉක්මනින් විකාශය වෙලා ඉවර වුනා කියලා හිතාගන්නත් බෑ නේද? කොහොමෙන් කොහොම හරි මේ කාලය පුරාවට ඔයාලා හැමෝටම ෆ්ලෑෂ් කතාව ත…

ඔන්න ඉතින් ඔයාලා හැමෝම ආසාවෙන් බලපු ෆ්ලෑෂ් කතාවේ තුන්වෙනි සිසන් එකේ අවසානයටයි අපි දැන් මේ ඇවිත් ඉන්නේ. ඉතින් ගිය අවුරුද්දේ ඔක්තොම්බර් පටන් ගත්ත මේ සිසන් එක මෙච්චර කාලයක් පුරාවට මෙච්චර ඉක්මනින් විකාශය වෙලා ඉවර වුනා කියලා හිතාගන්නත් බෑ නේද? කොහොමෙන් කොහොම හරි මේ කාලය පුරාවට ඔයාලා හැමෝටම ෆ්ලෑෂ් කතාව තේරෙන සිංහලෙන් ආසාවෙන් බලන්න සිංහල සබ් එක පුලුවන් තරම් ඉක්මනින් වගේම ගොඩක් නිරවද්‍ය විදියට මම ඔයාලට අරගෙන ආවා. ඒ වෙනුවෙන් ගොඩක් අය මට මල් වලින් ප්‍රසංශා කලා වගේම සමහරක් අය මට ගල් මුල් වලින් පහර දීලත් තිබුනා. වැඩේ කියන්නේ මේ ලගක ඉදන් සැවටාර් බෙරිත් එක්ක කොච්චර තරහින් ඉන්නවාද ඒ තරමටම මාත් එක්ක තරහකින් හිටපු අයත් ටික දෙනෙක් පේන්න හිටියා. 😀 කමක් නෑ ඒ අයත් මට ශක්තියක්. කොහොමත් එදා ඉදන්ම ඒ වගේ දේවල් බලාපොරොත්තුවෙන් තමයි මම මේ සබ් කරන්න පටන් ගත්තේ. (ලංකාවනේ… නිකන්නෙ දෙන්නේ… එතකොට අගයක් නෑනේ… :p ) ඒ වුනාට කියන්නම ඕනි සමහර අය මගේ අම්මට තාත්තට පවා බැනලා තිබුනා. ඒ ගැන නම් ගොඩාක් ලොකු පසුතැවීමක් ඇතිවුනා. බනින්න ඕනෑ තරමක්. හැබැයි මට විතරක්. මගෙ අහිංසක දෙමව්පියෝ ගාවගන්නේ නැතිව. ඒ වගේම කියන්න ඕනිම හැමදාම වගේ ඉවසිමෙන් ඉදලා සබ් එක ඩවුන්ලෝඩ් කරපු, ඒ වගේම කමෙන්ට් කරපු, අර මට බැනපු අයට මං වෙනුවෙන් කතා කරපු ඒ වගේම බයිස්කෝප් වෙබ් සයිට් එකත් එක්ක ඉන්න ඔයාලා තමයි මගේ ලොකුම ශක්තිය. ඉතින් ඒ වෙනුවෙන් ඔයාලට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ බහුතරයක් දෙනා වෙනුවෙන් තමයි තවමත් සැලෙන්නේ නැතිව හැම කට්ටක්ම කාගෙන අපි සබ් දෙන්නේ. හරි දැන් පදුර වටේ තැලුවා ඇති නේද? කෙලින්ම කතාවට. 😀

තමන්ට හතුරුකම් කරපු අය පරාජය කලාට පස්සේ ජිවිතයේ ඉතිරි කාලය සතුටින් ගත කරන්න කියලා හිතාගෙන බෙරී ඇලන් එයාගේ අම්මව මරන එකෙන් බේරාගෙන ෆ්ලෑෂ් පොයින්ට් එකක් හදලා වෙනස් අලුත්ම ටයිම් ලයින් එකක ජිවත් වෙන්න පටන් ගත්තානේ. ඒත් ඉතින් එයාට පවුලේ අය ලැබුනත් ෆ්ලෑෂ් ටීම් එකේ අනිත් හැමෝම මගහැරුනා කියලා තේරෙද්දි ගොඩක් කාලයක් ගිහින් ඉවරයි. ඒ නිසා ආයෙමත් කලින් තිබුන ටයිම් ලයින් එකම ගන්න හිතාගෙන එයා වෙනස් කරපු හැමදේම හරිගස්වනවා. ඒත්.. නොහිතපු විදියට ඒ ටයිම් ලයින් එකත් ගොඩක් වෙනස් වෙලා. ටයිම්ලයින් එක විතරක් නෙවෙයි මිනිස්සු, ටීම් එකේ අය, එයාලගේ හැකියාවන් මේ හැමදේම වෙනස් වෙලා. බෙරීට එයාට කරපු වැඩේ බරපතලකම එතකොටයි හරියටම තේරුනේ. ඉතින් මේ දේ ගැන ෆ්ලෑෂ් ටිම් එක දැනගත්තම එයාලත් ගොඩක් අවුල් ගියා වගේම සමහර අය බෙරිත් එක්ක තරහත් වුනා. කොහොමෙන් කොහොම හරි ඒ අවුල් ටික ලිහාගත්තට පස්සේ තමයි බෙරීට ෆ්ලෑෂ් පොයින් එක නිසා වුන ලොකුම වෙනස්කමට මුහුණ දෙන්න වුනේ.

සැවටාර්… එහෙමත් නැත්නම් වේගයේ දෙවියා කියලා කෙනෙක් සෙන්ට්‍රල් නගරයේ මතු වෙනවා. ඇත්තටම එයා දෙවියෙක් වගේ තමයි. මොකද බෙරීට එයාව අල්ලනවා තියා එයත් එක්ක තරගෙට දුවන්නවත් බෑ. ඒ තරම් එයා වේගවත් කෙනෙක්. ඉතින් නගරයේ සිද්ධවෙන අපරාධ නවත්වන එකට අමතරව මේ සැවටාර් කරන වැඩ නවත්වන්නත් මෙයාලට සිද්ද වෙනවා. ඔය අතරේ තමයි සැවටාර්ගේ ගෝලයෙක් වුන ඇල්කමි ෆිලොසිෆර් පාෂාණය කියන බලගතු පාෂාණයෙන් ෆ්ලෑෂ් පොයින්ට් එකට කලින් මෙටා බලයන් තිබුන ඒත් දැන් ඒ බලයන් නැති අයට ඒ මෙටා බලයන් ආපහු දෙන්න පටන් ගත්තේ. කොහොම හරි අවසානයේදි ඒ පාෂාණයෙන් වොලිටත් ෆ්ලෑෂ්ට වගේ වේගයෙන් දුවන්න බලය ලැබෙනවා. ඒ වගේම ඇල්කමිවත් මෙයාලා නවත්වනවා. අවසානයේ වොලි කිඩ් ෆ්ලෑෂ් විදියට නගරයට සේවය කරන්න පටන් ගන්නවා.

මෙහෙම හැමදේම සිද්ධවෙද්දි එක දවසක් අහම්බයෙන් බෙරී අනාගතයේ දවසකට යැවෙනවා. හැබැයි ඉතින් ඒ සුන්දර දවසක් නෙවෙයි. ඒ තමයි සැවටාර් බෙරීගේ ජිවිතයේ ආදරය වුන අයරිස්ව මරන දවස. බෙරිගේ ඇස් ඉදිරිපිටම සැවටාර් අයරිස්ව මරලා දානවා. හැබැයි ඉතින් ඒක නවත්වන්න තරම් බෙරී වේගවත් වෙන්නේ නම් නෑ. ආපහු වර්ථමානයට ආව බෙරී ඒ සිදුවීම නවත්වන්න පුලුවන් හැමදේම කරනවා. අනාගතයේදි වෙන්න තියෙන දේවල් වෙනස් කරන්න හදනවා. එක එක පරික්ෂණ කරනවා. හැබැයි ඉතින් ඒ කිසි දේකින් ඒ වෙන දේ වෙනස් කරන්න බැරිවෙනවා වගේම එයාට අනාගතය වෙනස් කරන්නත් බැරි වෙනවා. අවසානයේදි බෙරී වගේම ෆ්ලෑෂ් ටීම් එක ඒ මොහොතට මුහුණදෙන්න සුදානම් වෙනවා. නිකන් නෙවෙයි සැවටාර්ව ස්පීඩ් ෆෝර්ස් එකේ හිර කරන්න හිතාගෙන ට්‍රේසි කියන දක්ෂ විද්‍යාඥයාගෙ උදව් ඇතිව ස්පීඩ් ෆෝර්ස් බසූකා කියන තුවක්කුව හදනවා. අවසානයේදි… ඒ දවස උදා වෙනවා. අයරිස් සැවටාර්ගේ අතින් මැරෙන දවස. ඒ මොහොත ටිකෙන් ටික ලගාවෙනවා. ෆ්ලෑෂ් ටිම් එක සැවටාර්ව හිර කරන්න හැමදේම සුදානම් කරගෙන ඉන්නවා. ඉතින් අන්තිමේට ඒ වෙලාවට එනවා. බෙරී අනාගතයට ගිහින් දැක්කා වගේම ඒ දේවල් සිද්ධ වෙනවා. හැබැයි බෙරීලග ස්පීඩ් ෆෝර්ස් බසූකා එක තියෙනවා වගේම එයා ඒකෙන් සැවටාර්ට වෙඩි තියනවා. හැමෝම සැවටාර් ස්පීඩ් ෆෝර්ස් එකේ හිරවෙනකන් බලාගන හිටියත් ඒ උත්සහයෙනුත් වැඩක් නැතිවෙනවා. සැවටාර් ෆිලෝසිපර් පාෂාණය පාවිච්චි කරලා ඒ උගුලෙන් බේරෙනවා. බෙරී වගේම එයාගේ ටීම් එකේ අයත් මෙච්චර කාලයක් පුරාවට වුන මහන්සියේ වතුර යමින් සැවටාර් අයරිස්ව එතනදි මරලා දානවා. අනාගතය වෙන්න තිබුන විදියටම බෙරීගේ අතේ අයරිස් අවසාන හුස්ම හෙලනවා.

ඉතින් හැමදේම විනාශ වුනාට පස්සේ බෙරී වගේම අනිත් අය මේ දේට කොහොම මුහුණ දෙයිද? සැවටාර් සදහටම ජීවත් වෙයිද? මේකද ෆ්ලෑෂ්ගේ අවසානය? මම මොකුත් කියන්නේ නෑ. මේ ගැන දැනගන්න මේ කොටස බලමු…. . . ^_^

මීලඟ උපසිරසියෙන් හමුවෙන තුරු ඔබට ජය… . . !

ප.ලි :
ආරංචි විදියට CW නාලිකාව ෆ්ලෑෂ් කතාවේ 4වෙනි සිසන් එකකුත් එවන්න තිරණය කරලා තියෙනවා. ගොඩක් දුරට 4වෙනි සීසන් එක ඔක්තොම්බර් මාසයේදි විතර විකාශය වෙන්න පටන් ගනිවි. මොනවා කරන්නද ඉතින් ඒ වෙනකන් ඔයාලට ඉවසා වදාරා ඉන්න වෙනවා. 😀

ප.ප.ලි:
ආයෙමත් කියන්න ඕනි සබ් ඩවුන්ලෝඩ් කරපු වගේම කමෙන්ට් කරපු හැමෝටම බොහොම ස්තුතියි. මගේ වැඩත් එක්ක ඒ කමෙන්ට් වලට රිප්ලයි කරන්න නම් බැරි වුනා. ඒ වුනාට ඒ හැම කමෙන්ට් එකක්ම මම අනිවාර්යයෙන්ම කියවනවා. මොකද ඔයාලගේ එය පුංචි රිප්ලයි එක නිසා තමයි අපිට අපි මේ සල්ලි, කාලය නාස්ති කරගෙන කරන වැඩේ ගැන ආඩම්බරයක්, වටිනාකමක් වගේම සතුටක් දැනෙන්නේ. එහෙනම් ඉදිරියටත් ඒ විදියටම සයිට් එකත් එක්ක එකතු වෙලා ඉන්න. ජය… !

 

NEW

 

The Flash (2014) on IMDb

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

 

The.Flash.2014.S03E23.720p.HDTV.2CH.x265.HEVC-PSA

ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

25,951 downloadsDownload The-Flash-S03E23.zip26 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/KavinduGimhanaNew2-e1477619758745.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1All BT1Next BT1

Subtitles

25,951 downloadsDownload Subtitles26 KB

215 comments

  1. Janishan

    අවසාන කොටසේ පළවෙනියා මං....

  2. Lahiru Ruwanga

    mn ada 1st...godak tnx..jaya

  3. dhana91

    ela machan thanx for the sub,

  4. Supun

    elaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaama
    thanxxxx yaluwane..

  5. Rusiru Dilsara

    බොහොම ස්තූතියි...

  6. Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    උබනම් සිරාවට එලම පොරක් බන්. මොකා මොන ගොන් කතාව කිවුවත් උබ උබේ ගමන නැවැතුවේ නෑ. නවත්වන්නත් එපා සහෝ. කවුරු මොනවා කියුවොත් හැමදාම උබලා කරන සේවය අගය කරන ලොකු පිරිසක් ඉන්නවා. මාත් ඒ අතරින් එකෙක්. එහෙනම් සහෝ ඊලග season එකත් ඔයාගේම සබ් එකෙන් බලන්න බලාපොරොත්තු වෙනවා. මේ season එකට අඩු පාඩුවක් නොකර ලස්සනට සබ දාල දුන්නට ආයෙත් සැරයක් බොහෝම ස්තුතියි සහෝ..! ඔයාගේ හැම වැඩ කටයුත්තක්ම සාර්තක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා..
    ~~බුදුසරණයි..ජය වේවා~~

  7. Nishshankamal

    ඔන්න මුලින්ම downlod කරේ මම.........යාළුවා ඔයාට සුභ පතනවා මෙච්චර කාලයක් අප වෙනුවෙන් කරපු සේවයට.........ගොඩාක් ස්තුතියි සහෝදරයා........ඔයාට ගොඩාක් පින්.......නැවතත් ඉක්මනින්ම හමුවේමු..........බුදු සරණයි......ජේසු පිහිටයි........

  8. udaya asinka

    elama . good luck mchn ubata

  9. Thiwanka

    Tnx saho.

  10. madhawa supun

    thank you apita sub karala denawata. good luck.

  11. dinuka

    thanks machan subekata enakam balan hitiye

  12. Nandun Benaragama

    Fahara saho..!! Bohoma isthuthi..!!

  13. Samitha

    Ela mchn.arrow sub ekth dpn puluwn ikmnta

  14. Ajith Priyantha

    balpu katha set akama iawariy .................
    sub akata thanks wawa

  15. charith

    anthima epiya wenakan sub dunnata tnx bn.

  16. Malinda

    uba kapu me katta api wenuwen. thanks kiwwata hithata madi bro.

  17. Imalka Dias

    Ela. sub akta tnxxxxxxx >>>>>>>>>>>>>>>

  18. isuru

    Sub එකට ස්තුතියි මචෝ......season4 එකෙන් හම්බෙමු හෙනන්....ජය වෙිවා...

  19. Chamod sasitha

    සිරා ම කියන්නම් උබ නම් පට්ටම පොරක්. උබ මෙච්චර කාලෙකට කරපු සේවය, අපිට හුඟාක් වටිනවා. ඒක වචනයෙන් විස්තර කරන්න අමාරුයි.ඒත් උබ මෙ season එක පුරාම අපිට දුන්න subtitle එක නිසා තමයි අපි මේක මෙච්චර හොඳට බැලුවේ. ඒකෙ කිසිම රහසක් නෑ.
    කවුරු මොනා කිව්වත් උබ සැලෙන්න එප.උබට අපි හැමදාම ඉන්නවා උදව්වට.
    උබ මේ අපිට දුන්න sub එකත් එක්කම මේකට එකතු වෙච්ච ගොඩාක් දෙනෙක් ඉන්නවා. මාත් ඇතුළුව.
    උබට ඉදිරියටම යන්න පුළුවන්. අනිවාර්යයෙන් උබ ඉදිරියටම යන්න ඕනෙ.උබට ජයග්‍රහණය වෙනුවෙන් සුබපැතුම් එකතු කරනවා සහෝ...

  20. sunimal

    mecchara kalayak apita sub dunna apita meka teren sinhalrn balanna chance eka dunnata godak thanks..... flash iwara wena eka gana nam podi dukak tyenawa aya enakal iwasan imu.... thanks... goda...

  21. Chalana

    thnx bro...

  22. Lasantha

    Ade godak thanks ada wenakn baluwe nikn dena sub eka nikan dwn krla tama... api banin na bn kawadawath.. nikn dena deta banina unta apie baninne.. amma thaththata bannata owa wadin na saho salenna epa... api oya ekka bro season kiykda enne e hama ekedima api oyath ekka... pin mcho... thnks...

  23. tharusha rupasinghe

    Tnx bn sub ekata

  24. Gathsara Umesh Kumara

    Kathwa nathr karakmm sub eka rmmii sahoo..nawaththn epaa

    Bohoom sthuthiy sub ekta shoo...

  25. shehan

    thanks machan sub 1kata ilaga season 1ken hambemu

  26. Kasun Widusha

    Elama mchoo tnx .Season 4 ekat ubenma oone..........Jaya wewaa

  27. Lahiru

    Ela mchn..
    Thanks...

  28. Ashan Herath

    ela kollo me dana palaveni comment eka antima sub ekata danne mcn godak thankz kiyanna vachana na uba hinda danna sinhalen s03 baluva on godak pin ..........

  29. Niroshan DreamzZz

    Thanks Saho........

  30. Sahan

    Thank u pathum ayye oyaya godak goddak pin

  31. Dinusha

    Elama tnz mcn

  32. kushani sanjula

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට....
    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  33. Manoj

    anthima epiyen hari ape kolla kalin seson 1 wage ikamanata sub 1 dunna 1 nam loku deyak. mokada kalin epi godak dawas late unu nisa tikak kenthi giyath sup 1 denna comment nokara giye nette ubala api wenuwen karana de nisa. anthimedi flash wage anthima epiyata ikmanata sub dunnu uba me parath flash widiyatama wede dunna. arrow 1tath ikmanata heta sub 1 diyan machan. octomber walath flash wagema sub 1 ikmanata diyan machan. ela kiri. baiscopelk 1ta tnx karana gaman mechchara kal asawen balapu flash ta thawakalika samudimak denna wena 1 gena nam pattama apset

  34. diehardfan

    ආසම් . දැන් පොඩි විවේකයක් හම්බුන එකේ පුලුවන් නම් ලුසිෆර් සබ කරන සහෝට සප් එකක් දෙන්න කියල ඉල්ලනව.. පීස්ස්

  35. Kelum

    ස්තුතියි.....

  36. Anton Perera

    godak sthoothiy saho sub ekata. oyalata kiyalath pudgalika jiwithayak wada rajakari nathuwa nemeine saha oyalata sathayakwath hambakaraganna karana deyak nemeine meka. e nisa e kapakirima gana wataheemak nathi sulu pirisak parakku wunama saha eka eka adupadu pennala dewal kiyawi. me wagema idiriyatath ewata salennepa. jaya wewa!!

  37. Rashi Iddamalgoda

    Tnx, saho
    ...

  38. ඉස්මත්

    බොහෝම ස්තුතියි සබ් එකට සහෝ . . . .!!

  39. tharuka

    comment nodammata season 3ma sub gatta saho
    thank you sooooomuchhhhhhhh
    digatama sub denna

  40. Ranil P.J

    බොහොම ස්තූතියි සහොදරයා. ඔයාටත් බයිස්කෝප් කණ්ඩායමටත් ජයෙන් ජය...!!

  41. krishan Gayantha

    ගොඩක් ස්තුතියි සහො

  42. piyumal sanjeewa

    බොහෝම ස්තූතියි සහෝදරය.. ජයවේවා.

  43. Wolwerine.

    Thank you for giving sinhala sub for the whole season 3 completly!

  44. Janith.K.B.

    සුපිරි ලිපිය සහෝ.......
    බොහොම ස්තූතියි

  45. Dinakshee Sehansa

    Thank You Bro.. Mechchara kalayak sub dunnata

  46. Rasitha Pradeep Somasiri

    උපසිරසියට බොහොම ස්තූතියි සහෝ....

  47. Tharindu Madhuranga

    බොහෝම ස්තුතියි උපසිරසියට !!!

  48. Isuru Savithmalka Deshaaranga Liyanage

    Thank you bro ,mechchara kalayak sub dunnata, meka amaru wadak kiyala api dannawa... Thanx

    Theruwan Saranai !

  49. Gayan Madushanka

    බොහෝම ස්තුතියි සහෝ….

  50. Palinda Madubashana

    thanks brother...

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.