Watch Trailer

The Flash [S04 : E23] Sinhala Subtitles | අපි තමයි ෆ්ලෑෂ් [සිංහල උපසිරැසි සමඟ]

හොඳායි මිත්‍රවරුනි, සති දෙකක පොඩි නිවාඩුවකින් පස්සේ ආපහු ඔයාලාට උපසිරැසි අරගෙන එන්න හැකියාවක් ලැබුනා. මම වෙනුවට කලින් කොටස් දෙකට ඔයාලාට උපසිරැසි ගෙනාපු රෂීන් මන්සිල් මලයාට ගොඩාක් ස්තූතියි. මේ තමයි ෆ්ලෑෂ් 4 වෙනි කතා මාලාවේ අන්තිම කොටස. අපි එහෙනම් පෙර මතකයන් දිහාවට හැරෙමු. හතරවෙනි කතා සමය ආරම්භයේ ඉඳන…

හොඳායි මිත්‍රවරුනි, සති දෙකක පොඩි නිවාඩුවකින් පස්සේ ආපහු ඔයාලාට උපසිරැසි අරගෙන එන්න හැකියාවක් ලැබුනා. මම වෙනුවට කලින් කොටස් දෙකට ඔයාලාට උපසිරැසි ගෙනාපු රෂීන් මන්සිල් මලයාට ගොඩාක් ස්තූතියි. මේ තමයි ෆ්ලෑෂ් 4 වෙනි කතා මාලාවේ අන්තිම කොටස. අපි එහෙනම් පෙර මතකයන් දිහාවට හැරෙමු. හතරවෙනි කතා සමය ආරම්භයේ ඉඳන්ම එහෙනම් මතක් කරන්නම්.

S04E01 – නව ජවයක්

බෙරි ස්පීඩ් ෆෝර්ස් එක ඇතුලේ හිටපු කාලයේ කිඩ් ෆ්ලෑෂ්, සිස්කෝ, ජෝ සහ අයිරිස් නගරය බලාගත්තා. සාමාන්‍ය තර්ජන වලින්. කොහොමහරි එකපාරටම මේ අයට නවත්තගන්න බැරි කෙනෙක් නගරයට කඩන්පාත් වෙලා. බෙරි ආපහු නාවොත් නගරය විනාශ කරනවා කියලා තර්ජනය කලා. බෙරි ස්පීඩ් ෆෝර්ස් එකට ගියේ ලෝකය බේරගන්න. ඒත් නගරයේ අලුත් තර්ජනය නිසා ආපහු බෙරිව ස්පීඩ් ෆෝර්ස් එකෙන් එලියට ගන්න අවදානම් වැඩේට එයා අත තිබ්බා. කොහොමින් කොහොමහරි ස්පීඩ් ෆෝර්ස් එක ඇතුලට යනකොට හිටපු බෙරි නෙමෙයි එලියට එනකොට හිටියේ.

S04E02 – එක එක සලකුණු

බෙරි ටිකක් කාර්යබහුල වෙලා හිටියේ මොකද තාක්ෂණය පාලනය කරන මෙටා කෙනෙක් එක්ක ගණුදෙනු කරන අතරේ එයාගේ පුද්ගලික ජීවිතයේ ප්‍රශ්නත් විසඳන්න සිදුවීම නිසා. මොකද කිව්වොත් එයා අයිරිස්ව දාලා ස්පීඩ් ෆෝර්ස් එකට ගිහින් මාස හයක් ගිහින් තමයි ආපහු අයිරිස් ලඟට ආවේ. ස්පීඩ් ෆෝර්ස් එක සමබර කරන්න ගිහින් එයාගේ පවුල් ජීවිතය අසමබර උනා.

S04E03 – වාසනාවන්ත කෙල්ල

වාසනාව කනපිට පෙරලිලා අවාසනාව රජ කරන්න අරගත්තා. හැබැයි එක්කෙනෙක්ට හැර. ඒ තමයි නගරයේ අලුත් මෙටා. ඇය තමයි වාසනාව අල්ලේ නටවන බෙකි හසාඩ්. ඇයට වාසනාව පාදගන්න අතරේ අනික් අයට ලැබුනේ අවාසනාව. ඒ කටයුතු අතරතුරේ පලවෙනි පෘථිවියේ ඉඳන් හැරි වෙල්ස් ආවා ජෙසීගෙන් වොලීට පණිවිඩයක් අරගෙන. වොලිට ඒක සතුටුදායක පණිවිඩයක් නම් උනේ නෑ.

S04E04 – මගේ කෙල්ලගේ තාත්තා සෙල්ලම් නෑ

සිස්කෝගේ ගෑණු ලමයා ජිප්සි. හැබැයි ජිප්සිගේ තාත්තා නම් සෙල්ලම් නෑ. එයා තමයි බ්‍රීචර්. එයා එකපාරම කඩන්පාත් වෙනවා. වැඩ කොහොමහරි කනපිට පෙරලිලා ජිප්සිගේ තාත්තා සිස්කෝව දඩයම් කරගෙන එන තැනට වැඩ කටයුතු සිද්ධවුනා. ඒ අතරේ බෙරි යනවා එයාගේ පරණ යාළුවෙක්ව මුණගැහෙන්න. ඒ රැල්ෆ් ඩිබ්නි.

S04E05 – තනිකඩයන්ගේ සාදය

ෆෙලිසිටි එනවා අයිරිස්ගේ තනිකඩයන්ගේ සාදයට. අයිරිස්, ෆෙලිසිටි, කේට්ලන් සහ සෙසිල් සාදයට ගියපු වෙලාවේ එතනට කඩන්පාත් වෙනවා කේට්ලන් කිලර් ෆ්රොස්ට් විදියට වැඩ කරපු කෙනෙක්ගේ (ඇමියුනට්ගේ) හෙන්චයියෙක්. ඒ අතරේ සිස්කෝ සහ ජෝ බෙරිව නගරයෙන් එලියට එක්ක යනවා ටිකක් විනෝද වෙන්න. හැබැයි ඒක නම් කෙලවර උනේ කට්ටිය හිරේටත් ගිහින්. අනික් කාරණය තමයි ලව් ඩ්‍රග් මත්ද්‍රව්‍යය තියෙන මෙටාත් කේට්ලන්ගේ පරණ යාළුවා ලඟ හිටියා.

S04E06 – හැරි සහ හැරිලා සමග ඩෙවෝයි සෙවීම

මීනා චේට්න්. ඇය තමයි ඊලඟට හමුවුනු මෙටා. ඇයට පුලුවන්කම තිබුනේ පිලිම වලට පණ දෙන්න.හැමෝගේම ප්‍රධාන කාරණය උනේ බෙරිගේ පරම හතුරා ගැන හොයන එක. හැරි ඒ වැඩේට අනික් පෘථිවි වල ඉන්න හැරිලාවත් එකතු කරගත්තා මේ ගැන හොයන්න.

S04E07 – ඩෙවෝයිගේ කතන්දරේ

බෙරි සහ ඔහුගේ පරම හතුරා ඩෙවෝයි මුහුණට මුහුණ මුණගැසෙනවා.” වේගවත්ම මිනිසා ඔයා වෙන්න පුලුවන්. ඒත් වේගවත්ම මනස තියන කෙනා මමයි ” ඒ තමයි බෙරිට ඩෙවෝයි කියපු දේ.

S04E08 – නාසියන් සමඟ සටන

දන්නේම නැතුව බෙරිගේ සහ අයිරිස්ගේ විවාහ දිනයත් ආවා. හැමකෙනෙක්ම එකට එකතු වෙලා විවාහ උත්සවය ආරම්භ උනත් ඒ Earth-X වල නාසියෝ එතනට කඩන්පාත් වෙනකන් විතරයි. හැමෝම කිව්වේ ඇරෝ ටීම් එක, සුපර් ගර්ල්, ලෙජන්ඩ්ස් සහ ෆ්ලෑෂ් ටීම් එකේ කට්ටිය තමයි. මේ ටීම් ටික එකතුවෙලා නාසියන්ගෙන් ලෝකය බේරගත්තා. ඒ තමයි ක්‍රොස් ඕවර් එක.

S04E09 – දුවන්න එපා

ඇමියුනට් කේට්ලන්ව පැහැරගෙන ගිහින් මෙටා අවහිරක මාංචු දාලා එයා කිලර් ෆ්රොස්ට් වෙන එක නැවැත්තුවා. කේට්ලන්ව පැහැරගන්න ඇමියුනට්ගේ උවමනාව උනේ කේට්ලන් ලවා පොඩි ශල්‍යකර්මයක් කරගන්න. ඒ අතරේ බෙරි ඩෙවෝයිගේ උගුලකට අහුවෙනවා. ඩෙවෝයි බෙරිව හිරකරගෙන තියාගන්නවා. අයිරිස්ට අවසානයේ තීරණයක් ගන්න සිද්ධවෙනවා ස්ටාර් ලැබ් එකේ සීමිත සම්පත් එක්ක බේරගන්නේ බෙරිද නැත්නම් කේට්ලන්ද කියන එක.

S04E10 – නඩුව

ක්ලිවර්ඩ් ඩෙවෝයි ඝාතනය සම්බන්ධ නඩුව ආරම්භ වෙනවා. බෙරි තමයි වැරදිකරු උනේ. බෙරිට හිරේට යන්න සිද්ධවෙනවා.

S04E11 – දිගැටි නයිට්වරයාගේ ආගමනය

සුපුරුදු අපරාධකාරයෙක් නගරයට පාත්වුනු වෙලාවේ රැල්ෆ්ට තමයි හැමදේම බලන්න උනේ මොකද බෙරි හිටියේ හිරේ නිසා. බෙරිට හිරේ ඇතුලේදී පොඩි පොඩි අඩත්තේටම් සිද්ධවෙන්න ගියපු එකෙන් කෙනෙක් එයාව බේරගන්නවා. ඒ තමයි බිග් සර්ව මුණගැහුන මොහොත.

S04E12 – හැකිලීම

ඕනම දෙයක් හකුලවන්න පුලුවන් මෙටා කෙනෙක්ව ෆ්ලෑෂ් ටීම් එකට මුණගැහෙනවා. සිස්කෝට සහ ඩිබ්නිට මේ මෙටාව නවත්තන්න ගිහින් ලොකු අකරතැබ්බයක් පවා සිද්ධවෙනවා. සෙසිල්ට එයාගේ හිත් කියවීමේ හැකියාව ගැන දැනගන්න ලැබෙනවා.

S04E13 – හැබෑ ස්වරූපයන්

බෙරිව තව බස් මෙටාලා හතරදෙනෙක් එක්ක හිර කරනවා ඇමියුනට් බ්ලැක්ට විකුණන්න. ඒත් හැමදෙයක්ම අවසානයේ සිද්ධවුනේ ඒ මෙටා හතරදෙනාටම ඩෙවෝයිට බිලිවෙන්න. ෆ්ලෑෂ්ට කාවවත් බේරගන්න බැරිවුනා.

S04E14 – නමවෙනි බස් මෙටා

ඩෙවෝයි ඒ මෙටා බස් එකේ හිටපු හැමකෙනෙක්ම ඉලක්ක කරනවා කියන එක අනාවරණය වීමත් එක්ක, ඩෙවෝයිව පරාද කරන්න පුලුවන් තරම බලයක් තියෙන ගැහැණු කෙනෙක්ව බෙරි හොයාගන්නවා. රැල්ෆ් තේරුම් ගන්නවා වීරයෙක් වෙන්න නොගිහින් තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න. හැබැයි රැල්ෆ්ගේ පිහිටෙන් බෙරි හිරෙන් නිදහස් වෙනවා.

S04E15 – ෆ්ලෑෂ් සහ ෆ්ලෑෂ් ටයිම්

නගරයට න්‍යෂ්ටික බෝම්බ අවදානමක් ඇතිවෙනවා. බෙරිගේ සහයට ජෙසි සහ ජෙරි ගැරික් එනවා. මේ අය ෆ්ලෑෂ් ටයිම් එකත් එක්ක සම්බන්ධ වෙලා තමයි මේ පිපිරුම නවත්තගන්නේ.

S04E16 – දුවන්න අයිරිස් දුවන්න

ෆ්ලෑෂ් ටීම් එකට අලුත් මෙටා කෙනෙක් මුණගැහෙනවා. මෙල්ටින් පොයින්ට්. එයාට පුලුවන් කෙනෙක්ගේ මෙටා බලය තවත් කෙනෙක්ගේ ඇඟට මාරු කරන්න. ඒ වැඩෙන් බෙරිගේ බලය අයිරිස්ටත් ලැබෙනවා. ඒ වැඩෙන් අයිරිස්ගේ වැඩේ බෙරිට කරන්න සිද්ධවුනා ටික වෙලාවකට හරි.

S04E17 – නල්!

තව ඉතිරිවෙලා හිටියේ බස් මෙටාලා දෙන්නයි. ඩෙවෝයිට කලින් ඔවුන්ව හොයාගන්න එක තමයි ෆ්ලෑෂ් ටීම් එකේ අදහස උනේ. ඔය අතරේ සිස්කෝව හොයාගෙන එයාගේ මාමණ්ඩියා එනවා. එයගෙන් උදව්වක් ඉල්ලගන්න.

S04E18 – විනාශයට මුල උඩඟුකම

බෙරි සහ ෆ්ලෑෂ් ටීම් එක ඩෙවෝයිගේ තිත්පොලට යන්න විදියක් හොයාගන්න අතරේ රැල්ෆ් ඩෙවෝයිව පරාද කරන්න කියලා හිතාගෙන අවදානම් සහගත පියවරක් අරගන්නවා.හැමදේම කනපිට පෙරලෙනවා. රැල්ෆ් පවා අන්තිමේ ඩෙවෝයිට බිලි උනා.

S04E19 – හිත් තැවුල්, ලතැවුල්, නිම්නැති කඳුලැලි

රැල්ෆ්ගේ අහිමිවීම ගැන ෆ්ලෑෂ් ටීම් එකම ගොඩක් දුක්වෙනවා. ඒ අතරේ ඩෙවෝයිගේ ඉලක්කය වෙලා තිබුන බයානක මෙටා කෙනෙක් නගරයෙන් වෙනම තැනකට ප්‍රවාහනය කරන්න සහය අරගන්න බෙරි අලුත් යාළුවෙක්ගේ සහය පතනවා.

S04E20 – හමුවීම වෙන්වීම ලෝකේ හැටි

ඩෙවෝයිගේ සැලසුමකට බාධා කරන්න බෙරි සහ ෆ්ලෑෂ් ටීම් එකත් එක්ක ජිප්සි එකතුවෙනවා. ඒත් අවසානයේ ජිප්සි සහ සිස්කෝ අතර සම්බන්ධය දෙදරා යනවා.

S04E21 – ඇමියුනට් බ්ලැක්

ඩෙවෝයිගේ අවබෝධත්ව උපකරණය සම්පූර්ණ වෙන්න කිට්ටුවීමත් එක්ක, ෆ්ලෑෂ් ටීම් එක ඇමියුනට් බ්ලැක්ගේ සහය ලබාගන්නවා.

S04E22 – ඉක්මණින් හිතන්න

ඩෙවෝයිගේ උපකරණය සම්පූර්ණ කරගන්න එයා ARGUS එකට පහරදෙනවා. එයාව නවත්තන්න බෙරිට සිස්කෝගේ සහ කේට්ලන්ගේ සහය අකමැත්තෙන් උනත් ලබාගන්න සිද්ධවෙනවා.

බොහොම පොඩියට ස්වල්ප වශයෙන් හැම එපියක් ගැනම පොඩි සඳහන් කිරීමක් කලා ඔන්න එහෙනම්. සමහර ඒවා නම් කිසිම තේරුමකුත් නැතිවෙන්න පුලුවන්. ඒත් ඉතින් හැමදේම මතක් කරන්නත් බෑ එතකොට ලිපිය තව දික්වෙනවා. ඉතින් දන්නේම නැතිව හතරවෙනි කතා සමයේත් අවසානයට අපි ඇවිත් ඉන්නවා. ඉතින් කවුරුත් බලාපොරොත්තුවෙන් ඉන්නේ ඩෙවෝයිව ෆ්ලෑෂ් ටීම් එක පරාද කරයිද? එහෙම නම් ඒක කරන්නේ කොහොමද කියන එක බලන්න. ඉතින් මම ඒ ගැන කිව්වොත් හරි නැහැනේ. කතාව බලන්න ඔයාලාට බාර කරන්නම්.

ඉතින් පස්වෙනි කතා සමයේ හමුවෙන බලාපොරොත්තුවෙන් ඔයාලාගෙන් සමුගන්නම්.

” We are the Flash “

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

15,525 downloadsDownload The-Flash-S04-E23.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Nuwantha-e1509787365371.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

නුවන්ත දුලාන්

Subtitles

15,525 downloadsDownload Subtitles26 KB

129 comments

  1. madushanrfdo

    Thanks broh keep going

  2. Sulakshana

    Thank for sub

  3. chathura layantha

    Thanks bro

    1. Lmrathnayaka

      Oy meka download karada

  4. Lmrathnayaka

    Episode 1k download karanna link 1k ewannako

  5. Himantha

    Sub ekata thankzz broo

  6. Ip_su_

    thanku very much

  7. TreZii

    Thanks Machan Elma (Y)

  8. kavika supun

    Thanks saho

  9. Lakmal map

    Thanks bro

  10. Kanchana

    Thanx saho

  11. Thamira

    Subata thanks bro

  12. Gayan_madushanka_

    Thank you.

  13. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    Krypton ඉතිරි කොටස් 03 සබ් පුලුවන්නම් දාන්න සහෝ...
    ජය

  14. 100

    Sub eakata thanx

  15. Prasad Randunu

    bohoooooooooma Pin... Nxt season eken hamuwemu...jaya wewa

  16. Janith Ramanayaka

    Thanks saho

  17. lahiru sadaruvan

    thank you so much brother

  18. janith_vimukthi_kahagalla

    thanks macho ilaga season ekath oyama karanna

  19. Kavisachi

    Thanks Bro

  20. chanukabandara

    කවුරු කොම කිවුවත් පට්ට.... එලම සහො....

  21. Sahan Sulakkhana

    thanaks for a sub bro

  22. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි.
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  23. Vinoth Rockz

    thx session 5 hamu vemu

  24. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  25. Udara shamintha5

    Jaya wewa

  26. Subhash13

    We are the venom

  27. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..ඒ වගේම කතා මාලාව අවසාන වෙනකම් උපසිරස ලබා දුන්නටත් බොහොම ස්තූති. ඊලග කතා මාලාවෙන් හමුවෙමු..බුදුසරණයි..ජය වේවා!

  28. Jeewaka Sandaruwan Perera

    Thanks for every episodes ! keep go on man.

  29. Pathum Winchester

    බොහොම ස්තූතියි උපැසිරස වෙනුවෙන් සහෝ

  30. RKO

    Thanks bro

  31. nike_11

    Thx brother

  32. Eranga23

    Gdk sthuthi ikmt dunnata..
    Next season ekatath sub denna
    Oyge sub niyamai..
    Gd luck..

  33. Pavanwijesooriya

    Nuvantha nuba nisa thamai me season akath balagaththe sub aka dunnata thanks brother

  34. Gayandushanka

    Thanks......

  35. Buddhi Jayasanka

    tnx sabata saho

  36. Kushan Charuka

    Flash S4 - සබ් දුන්නට thanks නුවන්ත සහෝ.. ඔයාගෙ සබ් එක්ක තමයි මුළු season එකම බැලුවෙ.කලින් episode දෙකට සබ දීපු රශින් සහෝටත් thanks .. ජය වේවා..

  37. Lakshan

    Thanks Bro.

  38. Artha De Silva

    Aiya godak thanks oyata
    Oya flash wage porak iye
    Awe video eka ada sub eka dunna
    Thanks lot bro

  39. M.D.P.Fernando

    Thanks***

  40. sashan

    Aiye godak Thanks oyata Oya welawatama sub eka denawa Thanks ekata. Oya puluwannam Anith tv seris walatath sub dennako Aiye. Oya hariyatama welawata sub deno Ekata godak Thanks Aiye. Oyata jaya weva Aiye.

  41. kalana prabod

    THanx bro jaya

  42. Gihan Hirantha

    Thank Bro..

  43. nimanaka

    thanks brother..

  44. Thiran Madumal

    Thanks sho..mcn puluwan nm blacklist eke anthima epi dekta sub dapanko..plz mcn..

  45. MXORMajoR

    ගොඩක් වැඩ තියාගෙන හැම sub එකක්ම පුළුවන් ඉක්මනට අරන් ආපු එකට ගොඩක් ස්තුතියි ...! Season 5 වලින් මුණගැහෙමු ..!

  46. @abey

    ස්තූතියි සහෝ මේක වෙඩි වගේ දුන්නට..
    මුළු s4 එකම බැලුවෙ ඔයගෙ සබ් එක හින්ද තමයි.
    s5 එකත් ඔයාම කරන්න සහෝ..
    ඒක එනකන් මේ වගේ එලම සීරීස් එකක් ගොඩ දාල දෙන්න සහෝ..
    ජය වේවා...

  47. s.s.m

    Tz sub ekata.....

  48. anuka

    Thanx bro

  49. tharidu sagara

    ස්තූතියි සහෝ
    ඒ වගේම කතා මාලාව අවසාන වෙනකම් උපසිරස ලබා දුන්නටත් බොහොම ස්තූති. ඊලග කතා මාලාවෙන් හමුවෙමු..බුදුසරණයි..ජය වේවා!
    s5 එකත් ඔයාම කරන්න සහෝ..
    ඒක එනකන් මේ වගේ එලම සීරීස් එකක් ගොඩ දාල දෙන්න සහෝ..
    ජය වේවා…
    කලින් episode දෙකට සබ දීපු රශින් සහෝටත් thanks

  50. Dilshan madushanka

    ela

Load more comments