Watch Trailer

Legion [S02 : E08] Sinhala Subtitles | ගවේෂණය… [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය හත්වැනි කොටස ගැන මතක් කරනවානම් ගිය සතිය පාදක වෙලා තිබුණේ මුලාව හා පීඩනෝත්මාදය ගැනයි. ඒවගේම සදාචාර සම්පන්න බයක වගේම මිනිස්සු කොහොමද බයට ප්‍රතිචාර දක්වන්නේ කියලා. කතාව පටන් ගත්තෙ ෆරූක් වගේම ඩේවිඩ් දෙන්නා මනෝ ලෝකයක එකිනෙකා දිහා බලාගෙන සංවාදයක යෙදෙන සිද්දියකින්. ඒවගේම ඒමිව එහෙමත් ටික වෙලාවකට පස්…

පහුගිය හත්වැනි කොටස ගැන මතක් කරනවානම් ගිය සතිය පාදක වෙලා තිබුණේ මුලාව හා පීඩනෝත්මාදය ගැනයි. ඒවගේම සදාචාර සම්පන්න බයක වගේම මිනිස්සු කොහොමද බයට ප්‍රතිචාර දක්වන්නේ කියලා. කතාව පටන් ගත්තෙ ෆරූක් වගේම ඩේවිඩ් දෙන්නා මනෝ ලෝකයක එකිනෙකා දිහා බලාගෙන සංවාදයක යෙදෙන සිද්දියකින්. ඒවගේම ඒමිව එහෙමත් ටික වෙලාවකට පස්සේ දැක්කා. ඔයාලට ඒමිව මතක ඇතිනේ නෙහ්? මොකද මුල් කතාසමයෙන් පස්සේ අපිට ඩේවිඩ්ගේ සහෝදරියව දකින්න ලැබුනෙම නැහැ. ඩේවිඩ් බය වුණා ඒමිට කරදරයක්ද කියලා. නමුත් එයා කෑ ගහලා තියෙන්නේ නින්දෙදි කියලත් අපිට බලාගන්න ලැබුණා. තාමත් මේ අමාල් ෆරූක් එයාට පාඩුවේ ඉන්න දෙන පාටක් නම් පේන්න නැහැ. මේ අස්සේ තමයි ප්ටෝනී තුන් දෙනෙල් නිදියන් ඉද්දි එයාලගේ එහා පැත්තෙන්  බිත්හ්රයක් තියෙන්නේ. සිඩ්, කේරි වගේම ක්ලාක් තුන්දෙනා පස්සේ අර බිත්තරේ ඇතුලේ හිටිය සත්වයාගේ පරපෝෂිතයො තුන්දෙනෙක් බවට පත්වුණා. පස්සේ මේ තුන්දෙනා එකතු වෙලා තෙවැනි කොට්ටාශයට පහර දෙන්න පටන් ගත්තා. කේරි කේරි වගේම ප්ටෝනී දෙන්නා එකතු වෙලා ඇන්ඩ්‍රොයිඩ් රොබෝලාට පහර දෙන්න ගත්තා. ඒ අයට බුද්ධිය තිබුනට කිසිම ශක්තියක් තිබුණේ නැහැ. කේරිගේ පොරෝ පහරින් වගේම ප්ටෝනී වෙඩි පහරවලින් එකා ගානේ මැරෙන්න ගත්තා.

සීඩ් වගේම ක්ලාක් දෙන්නා ගියෙ තෙවන කොට්ටාශය පාලනය කරන කරන කෙනා වෙච්චි අද්මිරාල් ෆුකියාමාව මුණගැහෙන්න. මෙච්චර දවසක් ගිහිල්ලත් වට්ටියක් ඔලුවේ නවන් හිටිය අද්මිරාල්ගේ සැබෑ ස්වරුපය පහුගිය කොටස තුලින් දැකගන්න ලැබුණා. ඒ මුහුණ හරියට නිකන් කුකුලෙක්+මකුළුවෙක්+කටුස්සෙක් කියන තුන්දෙනෙක්ගෙන් එක්කාසු වුනු රාක්ෂයෙක්ගේ වගේ. කොහොම නමුත් ක්ලාක් හැදුවේ එයාව විනාශ කරලා දාන්න. ඒත් එක්කම ඩේවිඩ් එතනට ඇවිල්ලා සිඩ්ගෙයි, ක්ලාක්ගෙයි දෙන්නගේ නළල හරියේ හිටිය අර පරපොෂිතයො දෙන්නව ඇදලා අරන් විනාශ කරලා දැම්මා. කොහොම කොහොමින් හරි ඇන්ඩ්‍රොයිඩ් රොබෝලාට හැකියාව ලැබිලා තිබුණා ප්ටෝනීව අල්ලගෙන අරන් එන්න. හැබැයි ඒ වෙද්දීත් එයාගේ ඇග ඇතුලට රිංගපු පරපෝෂිතයා ප්ටෝනීගේ ඇග ඇතුලෙන් පෝෂණය වෙලා හරියට නිකන් පිටසක්වල ජීවින්ගේ පරපොෂිතයො (ඔව් ඔව් සෙනමොර්ෆ් කෙනෙක් මිනිහෙක්ගේ මුණට පැනලා පෝෂණය වෙලා එලියට පනිනවා වගේ තමයි) වගේ මේ කතාවේ පරපෝෂිතයින් ප්ටෝනීගෙනුත් පෝෂණය වෙලා ලොකුම ලොකු රාක්ෂයෙක් වෙලා එලියට පැන්නා. දකින්න ඇතිනේ ඔය ඔය ලෝ බජට් කතාවල රාක්ෂයෝ වගේ නෙවෙයි ඒකෙ හිටිය ලොකු රාක්ෂයා. සෑහෙන වියදමක් යන්න ඇති. පස්සේ ඩේවිඩ් ඒ සත්වයාගේ පස්සෙන් ගිහින් වෙනම මානයකට අරන් ඌව හුගාක් පොඩි කරලා විනාශ කරලා දැම්මා. ෆරූක් සැරින් සැරේ එයා වෙනම මානයකට අරන් යන්න ඩේවිඩ්ව විතරක් නෙවෙයි කියලා පහුගිය කොටසදී දකින්න ලැබුණා. මොකද එයා මේකට සිඩ්වත් ඇදලා අරන්. ඒ විතරක් ඈ එයාට සිඩ්ගෙන් දැනගන්න ලැබෙනවා අනාගතයේදී සිද්දවෙන විනාශයට වගකිවයුත්තා ඩේවිඩ් කියලා. ඒ දෙන්නගේ කතාව හැටියට මේ දෙන්නා හදන්නේ ලෝකේ බේරගන්න. හැබැයි පටලවගන්න එපා ඒ හිටියෙ වර්තමානේ ඉන්න ඩේවිඩ් ගැන වදවෙන සීඩ් නම් නෙවෙයි හොදේ. මොකද එතන හිටියෙ අනාගත සීඩ්. අර කලින් ඩේවිඩ්ට මුණ ගැහුවේ අන්න එයා. 

ඉතින් එහෙම පැටලුන මානයක තමයි අද මම ඔබ වෙත 8 වැනි කොටස අරගෙන එන්නෙ. මුලින්ම ස්තුතියිවන්ත වෙන්න ඕන අපේ චාමර සොහොයුරාට මෙතෙක් කතාව පිළිබඳව බරසාර අදහක් ලියල දුන්නට. ඇත්තටම ඉතින් බලන පිරිසට පැහැදිලි ඇති නෙව මේක බොහොම මනස කළඹන කතාවක් බව අද නම් තවත් අවුල් වේවි පළමු විනාඩි කිහිපය තුලම.

අද කතාව –

ෆාරුක්ගේ සිරුර සොයාගැනීම සඳහා ඩේවිඩ්ගේ උත්සහයක් එක්ක තමයි අද කතාව ගෙවිල යන්නෙ. නමුත් ඉතින් භික්ෂුව මිය ගිය එකේ ඒ වැඩේ ලේසි වෙන්න හැටියක් නැහැ නෙව, නමුත් මෙතෙක් මැරුණයි කියල හිතා උන් මිතුරෙක් අද කතාව තුල අපිට ඒ හෝඩුවාව ලබා දෙනවා. ඉතින් ඩේවිඩ් ඒ හෝඩුවාව එක්ක සිරුර සොයාගෙන යන හැටි වගේම ඒ තුලින් ඔවුන්ගේ එක අනාගතයකුත්… ඔහු සිඩ් මේ වැඩේට සම්බන්ධ කර නොගැනීම නිසා ඇයගේ සිතේ ඇතිවෙන දුකක් වගේම තවත් දේ ගොඩක් දැකගත හැකි වේවි… නමුත් මේ සිරුර සොයා යන එකම කෙනා ඩේවිඩ් විතරක් නෙමෙයි, තවත් වැදගත් දෙන්නෙක් වෙනත් මාර්ගයකින් මේ සිරුර සොයා යනවා. මේ සිරුර තියන ආරාමය නිකම්ම එකක් නෙමෙයි ඒ වෙත ලගා වෙන්න හැමෝටම බැහැ, ඔබට හැම විටම එය දකින්නත් බැහැ… ඉතින් මොකක් වේවි ද? ඩේවිඩ් වාසනාවන්ත වේවි ද? සිඩ් කුමක් කරනු ඇති ද? මේ සැලසුමට කවුරු සම්බන්ධ වේවි ද? වුන්ගේ භූමිකා කොහොම වේවි ද ? මේ අනික් පාර්ශවය කවුද ? ආ ඒ වගේම අද පොඩි පැති මාරුවක් එහෙමත් සිද්ධ වෙනවා දැකගත හැකි වේවි.

එහෙනම් ඊලග කොටසත් අපේ සහෝදරයෙක් ඔබ වෙත ගෙන ඒවි. අපි දැන් මේ කතා සමයේ අවසානයට බොහොම ආසන්න වෙලා ඉන්න නිසා මේ කතාවෙත් ඉදිරිය ගැන ඔබට අහන්න ලැබෙන්න ඇති නෙව… ඒ තෙවැනි කතා සමයක් ලෙසින්… ඉතින් ආයෙත් උපසිරසක් එක්ක හමුවෙමු. එතෙක් ඔබට ජය වේවා ! 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම HDTV පිටපත් සඳහා වලංගු වේ.

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/03/28616527_1854152187963064_3150036820179633625_o-e1520102326421.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

11 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් හමු වෙමු
    ජය

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Kasun A.

    upasiresiyata thuthi sameera saho.jaya!

  4. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ
    ජය..!

  6. ranga11112

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…

  7. විමා

    සබට තුති සැමි
    මෙන්න ගන්නෝ

  8. Rasindu Perera

    නියමයි....සබ් එකට තැන්ක්ස්....

  9. Viraj

    sub ekata thanks saho. jaya wewa!!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.