Watch Trailer

The Ghost in the Shell [S01: E10] Sinhala Subtitles | යථාර්ථයෙන් අනන්තයට… [සිංහල උපසිරසි]

The Ghost in the Shell Season 1 Sinhala Subtitles අනාගත තාක්ෂණය, සයිබර් අවකාශය සහ මිනිස් ආත්මය හෙවත් කතාවට අනුව එම ආත්මය හඳුන්වන “ගෝස්ට්” අතර තියෙන බැඳීම ගැන කතා කරන විශිෂ්ට සයිබර්පන්ක් නිර්මාණයක් තමයි 90 දශකයේදී නිමවුනු Ghost in the Shell කියල කියන්නෙ. එම කතාව Science SARU ස්ටූඩියෝව මඟින් මුල් කතා…

The Ghost in the Shell Season 1 Sinhala Subtitles

අනාගත තාක්ෂණය, සයිබර් අවකාශය සහ මිනිස් ආත්මය හෙවත් කතාවට අනුව එම ආත්මය හඳුන්වන “ගෝස්ට්” අතර තියෙන බැඳීම ගැන කතා කරන විශිෂ්ට සයිබර්පන්ක් නිර්මාණයක් තමයි 90 දශකයේදී නිමවුනු Ghost in the Shell කියල කියන්නෙ. එම කතාව Science SARU ස්ටූඩියෝව මඟින් මුල් කතාව ඇසුරින් අලුත්ම මුහුණුවරකින් රැගෙන එන නිර්මාණයක් ලෙසින් 2026 වසරේදී එන The Ghost in the Shell ඇනිමෙ කතා මාලාවේ 10 වන කොටසේ සිංහල උපසිරැසිය එක්කයි ඔබ මේ එකතු වෙන්නේ. ඒ අනුව Season 1 ට අදාළව මුළු කොටස් 10 කින් සමන්විත මේ  The Ghost in the Shell හි අවසාන කොටසයි මේ.

ත්‍රස්තවාදියෙක් මේජර් අතින් ඝාතනය වීමේ වීඩියෝ පටයක් ලීක් වීම නිසා මේජර්ට ඝාතන චෝදනා එල්ල වෙලා ඇයව අධිකරණය ඉදිරියේ මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේක මේජර් ප්‍රමුඛ 9 වෙනි අංශයට එරෙහිව දියත් වෙන රහස් දේශපාලනික කුමන්ත්‍රණයක් බව අංශ ප්‍රධානියා දැනගන්නවා. මේකෙ පිටිපස්සේ ඉන්න අයව හොයාගැනීමේ අරමුණ එක්ක මේජර්ට පැනල යන්න ඉඩ සලසනවා. මෙන්න මෙතනදි තමයි මේජර් ආයෙත් ඉලක්කයක් වෙන්නෙ. මේජර්ට දැන් මොකක් වේවිද? 9 වෙනි අංශ ප්‍රධානියාගේ සැලැස්ම මොකක්ද? මේ කුමන්ත්‍රණය පිටිපස්සේ ඉන්නේ කවුද? එකපාරටම අතුරුදන් වුනු පපට් මාස්ටර් ආයෙත් මේ අවසාන කොටසෙදි එළියට එනවා. පපට් මාස්ටර් සහ මේජර් අතර වෙන්නෙ මොකක්ද? බලන්න මේ අවසාන කොටස.

ඒත් එක්කම මේ The Ghost in the Shell Remake ඇනිමෙ කතා මාලාව අවසාන වෙද්දි මෙහි මීළඟ අදියරක් ගැන නම් තොරතුරක් නිකුත් කෙරුනේ නෑ. හැබැයි ඔයා දැනටමත් දන්නවා 1995 වසරේ නිකුත් වුනු Ghost in the Shell චිත්‍රපටයෙන් පස්සෙ Ghost in the Shell 2: Innocence නමින් දෙවෙනි කොටසක් නිකුත් වුනු බව. ඒ හා සමානවම මේ Remake Series එකෙත් දෙවෙනි අදියරක් ඇතැම් විට නිකුත් වෙන්න ඉඩ තියෙනවා. මේ Remake Series එක වෙනුවෙන් උපසිරැසිය නිර්මාණය කෙරුනේ සතිපතා නිකුත් වන අඩු ධාරිතාවයකින් උපරිම ගුණාත්මක බවක් අත්විදින්න ලැබෙන PSARips වීඩියෝ පිටපතටයි. ඒ වගේම ඔබ නරඹන ඕනෑම Web වීඩියෝ පිටපතකට මේ සිංහල උපසිරැසිය ගැලපේවි. කතාව වගේම උපසිරැසිය ගැන ඔයාගෙ අදහස් කියන්න අමතක කරන්න එපා. මීළඟට තවත් කතාවකින් හමුවෙමු.

ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ

 

• Episode Name – Brain Drain iii+Ghost Coast+Epilogue
• IMDB Rating – 8.1 (at 2026.08.12)
• Released Date – 2026.09.08 The Ghost in the Shell Season 1 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEBRip පිටපත් සඳහා වලංගු වේ.

13 downloadsDownload The-Ghost-in-the-Shell-S01-E10-Sinhala-Subtitles.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1Next BT1

Subtitles by

ලංකන් Weebs

Subtitles

13 downloadsDownload Subtitles19 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks